වසර 68 කට පසු මෙවර පුර පසළොස්වක පොහොය දිනයේදී හඳ ඉතා විශාලව දැක ගැනීමේ අවස්ථාව පථිවිවාසීන්ට උදාවන බව ශ්රී ලංකා ග්රහලෝකාගාරය පවසයි.
මෙලෙස විශාලව දිස්එ වන හඳ හඳුන්වනු ලබන්නේ, සුපිරි හඳ ලෙසිනි.
මෙම අවස්ථාවේදී සඳ 14%ක ප්රමාණයකින් විශාලව දිස්වන අතර 30% ක ප්රමාණයකින් දීප්තිය වැඩි වී දැකගත හැකි බව ද ශ්රී ලංකා ග්රහලෝකාගාරය පවසයි.
මීට පෙර සුපිරි සඳ දිස්වී ඇත්තේ 1948 වසරේදී වන අතර නැවතත් මෙවැනි සුපිරි හඳක් පෘථිවිවාසීන්ට දැකගත හැකි වන්නේ 2034 වසරේ නොවැම්බර් මස 25 වැනිදා ය.
ශ්රී ලංකා ග්රහලෝකාගාරය පැවසුවේ චන්ද්රයා පෘථිවිය වටා ඉලිප්සාකාර ගමන් මාර්ගයක ගමන් කරන අතර එම ගමන් මාර්ගයේ පෘථිවියට ආසන්නයෙන් ගමන් කරන අවස්ථාවකදී එදින පුරපසළොස්වක පොහොය දිනයක් වුවහොත් මේ ආකාරයට චන්ද්රයා විශාලව දිස්වනු ඇති බව ය.
එමෙන් ම මෙම අවස්ථාවේදී සූර්යයා පෘථිවිය සහ චන්ද්රයා යන ආකාශ වස්තූන් තුන ම එක ම රේඛාවක පිහිටයි.
ඒ අනුව ලබන 14 වන දා චන්ද්රයා පෘථිවියට ආසන්න වීම හේතුවෙන් උදම් රළ වැඩිවීමක් ද සිදුවිය හැකි බව ග්රහලෝකාගාරය සඳහන් කළේ ය.

අද දවසටම නිව්ස්වත් බලන්ඩ බැරි උනා...
මොකෝ මචන් වෙලා තියෙන්නේ 

කාටවත් අනතුරක්නම් වෙන්ඩ එපා...