ෆුල්_සූට්_ගැන_ඔබ_දැනගත_යුතු_දේ
සුද්දා අපේකම කෑවයි කිව්වට ඉතින් මගුල් දාට අපේ අය බහුතරය අඳින්නෙම ෆුල් සූට්. කොටින්ම මලාට පස්සෙ වළලන්නෙත් ෆුල් සූට් පිටින්. අද මේ කියන්න යන්නෙ මගුලටයි මරණෙටයි වැදගත්කම පෙන්නන්න අදින ෆුල් සූට් ගැන අඳින කට්ටිය දැනගෙන ඉන්නම ඕන දේවල් ටිකක් ගැන.
ෆුල් සූට් එකක් කියන්නේ මොකද්ද?
ෆුල් සුට් කියලා කියන්නේ සරලව කියනවා නම් කොටස් දෙකකින් යුතු ඇඳුමක්. ප්‍රධාන වශයෙන්ම කලිසම සහ ජැකට් එක වශයෙන් තමයි මේ කොටස් දෙක නම් වෙන්නේ. මෙයට අමතරව 2 piece suite, 3 piece suite යනාකාරයෙන් අනු වර්ග වලට බෙදෙන මේ ඇඳුම. මුලින්ම භාවිතා වුනේ යුරෝපියානු රටවල් වල ව්‍යාපාරික සහ සාමාන්‍ය හමුවීම් සඳහායි.
ලංකාව යටත් විජිත රටක් නිසා නිදහස ලැබීමට පෙර සරමට මේස් බැනියම ඇඳ උඩින් කබාය දමා යුරෝපියානු ඇඳුමට දේශීයත්වයක් දෙන්නට උත්සහ කලත්, බහුතර ජනතාව සම්ප්‍රදායික ෆුල් සූට් එකට මනාප නිසා, නිදහස ලැබීමත් සමඟම සරම සහ කබාය සහිත ඇඳුම අපෙන් වෙන් වී ගියා.
පසුව විවිධ වෙනස් කම් වලට ලක් වෙලා සමාජ ගත වුනත් ෆුල් සූට් එකේ සාම්ප්‍රදායික පෙනුම වෙනස් වුයේ නැහැ. ඒ වගේම එයට තියෙන වටිනා කමත් වෙනස් වුනේ නැහැ.
1. ෆුල් සුට් වර්ග මොනවද?
ෆුල් සුට් වර්ග දෙකයි ප්‍රධාන වශයෙන්ම. ඒ තමා 2 piece suite, 3 piece suite වර්ග දෙක. මෙයිනුත් 2 piece suite එකට අයිති වෙන්නේ කලිසම සහ ජැකට් එකයි. එයින් 3 piece suite එකට අයිති වෙන්නේ කලිසම සහ ජැකට් එකට අමතරව වෙයිස්ට්කෝට් එකයි.
Single breasted සහ Double breasted
සිංගල් බ්‍රෙස්ටඩ් කියන්නේ එක පෙලට තනි තීරුවට බොත්තම් අල්ලා තිබෙන කබාය වර්ගයට. සාමාන්‍ය 2 piece සහ 3 piece ජැකට්ටුවට මේ සිංගල් බ්‍රෙස්ටඩ් බොත්තම් රටාව යෙදෙනවා.
ඩබල් බ්‍රෙස්ටඩ් කියලා කියන්නේ බොත්තම් තීරු දෙකක් තිබෙන කබාය වර්ගයකට. කබායේ එක පළුවක් අනෙක් පළුව මතට එකතු වෙන ආකාරයට සැකසී ඇති මේ ඇඳුම් වර්ගය වඩා ජනප්‍රිය වුනේ 1930-50 සහ 1980-2000 අතර කාලවල කියා කිවහොත් නිවැරදියි.
2. මොකක්ද වඩාත්ම ජනප්‍රිය ?
වැඩියෙන්ම ජනප්‍රිය වෙලා තියෙන්නේ සිංගල් බ්‍රෙස්ටඩ් 2පීස් ෆුල් සුට්ස් තමා. ඒවා වුනත් සැකසෙන්නේ වර්තමානයේ ජනප්‍රිය ස්ලිම්ෆිට් විලාසිතාවන්ට අනුකුල වන ලෙසටයි.
3. තියෙන සූට් එක ආපහු අඳින්න පුලුවන්ද?
ඔබ සතුව ටික කලකට කලින් මිලදී ගත්ත ඔබේ ශරීර ප්‍රමාණයට වඩා වැඩි ෆුල් සුට් එකක් තියෙනවා නම් බය නැතුව ටේලර් කෙනෙක් ගාවට ගිහින් ඔබේ සිරුරේ මිමි වලට සකසා ගන්න. එය ඔබට පහසුවෙන් ම කරන්නට හැකියාව තියෙනවා වගේම ඔබේ සාක්කුවටත් හරිම පහසුවක් වේවි.
එසේ කල හැක්කේ ඔබ ඉස්සර දැනට වඩා මහතට සිටියානම් තමයි. හැබැයි ඔබ කලින් කෙට්ටුවට සිට දැන් පොඩ්ඩක් මහත් වෙලා නම් අපි කියන්නේ අලුත් ඇඳුමකට ඇනවුමක් දෙන්නයි කියලා. ඒ ඇනවුම කරනකොට ටේලර් මහතාට කියන්න පොඩි වෙනස් කමකට එහා මෙහා කරගන්නෙ පුළුවන් වෙන විදියට ඇඳුම සැලසුම් කරන්න කියලා.
4. කලිසම්
ඔබේ සුට් එකේ ජැකට් එක ස්ලිම් නම් කලිසමත් අනිවා සලිම් වෙන්නට උවමනා වෙනවා. මෙය ඔබ අඳින්නේ ඔබේ සුට් එකේම කලිසම නම් අවුලක් නැහැ. හැබැයි ඔබ two tone විලාසිතාවක් අනුගමනය කරනවා නම් සැලකිලිමත් වෙන එක වටිනවා.
මොකද්ද two tone කියන්නේ?
two tone කියන්නේ ජැකට් එකේ වර්ණයට හාත් පසින්ම වෙනස් වර්ණයක කලිසමක් සුට් එකට ගැලපීමයි.
5. අතිරේක විලාසිතා
ලේපල්ස්
ෆුල් සුට් එකක ලේපල්ස් වලින් මුලු ඇඳුමේ ම පෙනුම වෙනස් කරන්නට හැකියාව ලැබෙනවා. එහෙත් අපි නම් අවවාද කරන්නේ සාම්ප්‍රදායික ලේපල් එකම විවිධ ප්‍රමාණවලට වෙනස් කර අඳින එක නුවණැති බවයි. වර්තමානයේ සිහින් ලේපලය වඩාත් ජනප්‍රිය බව අන්තර්ජාලයේ තිබෙන ෆොටෝ වලින් දකින්නට පුළුවන්.
ඉහතින් අපි කියාපු two tone රටාවට අනුව කලිසමේ වර්ණයට ඔබේ ජැකට්ටුවේ ලේපල්ස් සකසන්නට හැකි නම් අමුතුම රටාවක් ඔබේ සුට් එකට ගෙන දේවි.
කමිසය
සුට් එකට අඳින කමිසයෙන් බොහොම ලස්සන විලාසිතා මවන්නට හැකි බව ඔබ දකිනවා ඇති. විශේෂයෙන්ම ජැකට් එක කැපී පෙනෙන ආකාරයට කමිසය ඇඳිය යුතු අතර, නිදසුන් ලෙස ජැකට් එක කළු නම් කමිසය සුදු හෝ ඒ හා ආසන්න ලා පාටක් ගත යුතු වෙනවා.
ඒ වගේම සම්ප්රදායක් ලෙස කොටු සහිත රටා ඇති කමිස වලට ටයි දමන්නේ නැති බව කිව්වත් වර්තමානයේ සම්ප්‍රදායන් බිඳහෙලමින් විලාසිතා කරන අයුරු දකින්නට පුළුවන්.
කමිස කොලරයත් මේ කොටසට අයත් වෙන වැදගත් කොටසක් වෙනවා. කොලරයේ හැඩය අනුව පැළඳිය යුතු අවස්ථා වෙනස් වෙන අතර. කොළර විලාසිතා ප්‍රධාන වශයෙන් 6ක් පෙන්වා දෙන්නට පුළුවන් ඒ මේ ආකාරයෙන්.
පොකට් ස්ක්වෙයා
පොකට් ස්ක්වෙයා කියන්නේ තමන්ගේ ලේන්සුව සුට් එකේ ජැකට් එකෙන් උස්ව සිටින ලෙස පෙනෙන විදියට නවා දමා ගැනීමයි. අතීතයේ නම් ඇත්තටම මෙය ලේන්සුවක් විදියට භාවිත කලත් වර්තමානයේ පොකට් ස්ක්වෙයා එක භාවිතා වෙන්නේ විලාසිතාවක් ලෙසට පමණයි. සූට් එක සහ ජැකට් එකේ වර්ණය අනුව පොකට් ස්ක්වෙයා එකේ වර්ණය වෙනස් වෙනවා.
හොඳටම ෆැෂන් කරන අය පොකට් ස්ක්වෙයා එකට සහ ටයි එකට වෙනම කලර් මැච් කරලා අඳින ආකාරය දකින්නට පුළුවන්. ඇඳුමින් ඇඳුමට පොකට් ස්ක්වෙයා එක නවන ආකාරය වෙනස් වෙන අතර ඒ වෙනස් කම් මේ ලින්ක් එක හරහා කියවලා බැලුවට කිසිම වරදක් නැහැ.
සපත්තු
කලිසම/ ලේපල්ස් සහ කලිසම් ඉණ පටියේ වර්ණයට ගලපලා සපත්තු තෝරාගන්නට හැකියාව තියෙනවා නම් ඔබේ ඇඳුමට කදිම වෙනසක් කරන්නට පුළුවන් වේවි.
ෆුල් සුට් අඳිනකොට හතරැස් ටෝ එක සහිත සපත්තු වලට වඩා රවුම් ටෝ එක තිබෙන සපත්තු වඩා ගැලපෙන්නට ඉඩ තියෙනවා.
ඔබේ සුට් එකට තවත් ගැලපෙන දේවල් දැනගන්න මේ අනිවා ආටිකල් එකත් කියවලාම බලන්නකෝ.
6. සුට් ගැන පොඩි පොඩි ටිප්ස් 10ක්
සිංගල් බ්‍රෙස්ටඩ් ජැකට් එකක් අඳිනකොට බට්න් එක දමා අඳින්න. බොත්තම් දෙකක් ඇතිවිට උඩ බොත්තම පමණක්ද, බොත්තම් 3ක් ඇතිවිට මැද බොත්තම පමණක්ද දැමීම සුදුසුයි. ඒ වගේම ඉදගන්නකොට බට්න් එක ගලවන්න මතක තබාගන්න. ජැකට් එකේ බට්න් ගලවන්නේ නැතුව ඉඳගෙන හිටියොත් ඔබව තරබාරු පෙනුමෙන් පෙනෙන්නට ගනීවි.
වෙස්ට්කෝට් එකක් අඳිනවා නම් පහතින්ම තිබෙන බට්න් එක ගලවලා හිඳගන්න. එතකොට ඉඳගෙන ඉන්න පහසුවේවි.
සමහර රෙඩිමේඩ් ෆුල්සුට් ගන්නකොට අපේ ජැකට් අතේ බ්‍රෑන්ඩ් එක ටැග් එකක් ලෙස මසා තිබෙනවා දකින්නට පුළුවන්. (ඔබ එමරල්ඩ් බ්‍රෑන්ඩ් එකේ සිග්නේචර් ෆුල් සුට් එකේ මේ ටැග් එක දකිනට පුළුවන්.) ඒ සියල්ලම ඉවත් කරගන්න.
ජැකට් හෝ කලිසම් වල නුල් ඇදිලා එහෙම තියෙනවා නම් සිංගල් බ්ලේඩ් රේසරයක් අරගෙන ජැකට් හෝ කලිසම් රෙද්දේ මතුපිට ට ලංකර කපාගන්න. මොනම වෙලාවකවත් නුල ඇදලා කඩන්න උත්සහ කරන්නෙපා. එතකොට ඔබේ කලිසම් හෝ ජැකට් එකේ රෙද්ද ඇකිලෙන්නට ගනීවි.
සුට් එක ඇඳලා අවසාන වුනු පසුව පුලුවන්නම් ඇඳුම ඉක්මනින්ම ඩ්‍රයි ක්ලීන් කරන්න, එහෙමත් නැතිනම් ෆැබ්රික් බ්‍රෂ් එකකින් බ්‍රෂ් කරගන්න.
බෙල්ට් එක හෝ සස්පෙන්ඩර් දෙකෙන් එකක් තෝරා ගන්න, මොනම වෙලාවකවත් දෙකම එකට පළඳින්න එපා. මේ දෙකම ඇන්දත් ලංකාවට වඩාත් ගැලපෙන්නේ බෙල්ට් එක තමා කියලා මතක තියාගන්න.
රෙඩිමේඩ් ජැකට් එකක් මිලදී ගන්නවා නම් සුට් එකේ උරහිස් වල විශාලත්වය ගැන සැලකිලිමත් වෙන්න. මොනම වෙලාවක වත් ෆිට්ඔන් කරන්නේ නැතුව ඇඳුම් ගන්න එපා.
ටයි පටිය අත්‍යාවශ්‍ය නැහැ. අවස්තාව අනුව ටයි පටිය පළඳින්න හෝ නොපලඳින්න කිසිම තහනමක් නැහැ. එහෙත් අවස්තාව අනුව කියන කාරණය ගැන සැලකිලිමත් වෙන්න. ටයි ගැන වැඩි විස්තර අපේ මේ අනිවා ආටිකල් එකෙන් දැනගන්න පුළුවන්.
කළු පාට සුට් අඳින්නේ සන්ධ්‍යාවන්ට සහ මළගෙවල් වලට කියල තමා බටහිර පොත පතේ තියෙන්නේ, ඒ වුනාට පළඳින ටයි එකේ පාට වෙනස් කරා නම් වෙඩිමකට වුනත් වරදක් නැතිවෙයි ලංකාවේ නම්.
සුට් අඳිනකොට සපත්තු වලට දිග මේස් දමන්නට සැලකිලිමත් වෙන්න. කිසිවෙකුට අවශ්‍ය නැහැ ඔබේ දෙපා වල මයිල් බලන්න.
Source:aniwa.lk

Last edited: