පෙම්බර මධූ (1977) සිංහල ෆිල්ම් Pembara Madu (1977) Sinhala Film

asksajee

Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    පෙම්බර මධූ (1977) සිංහල ෆිල්ම් Pembara Madu (1977) Sinhala Film

    image.jpg
    220px-Pembara_Madu.jpg


    පෙම්බර මධූ (1977)

    Cast & Crew
    * Vijaya Kumaratunga
    * Malini Fonseka
    * Tony Ranasinghe
    * Geetha Kumarasinghe
    * Ravindra Randeniya
    * Shanthi Lekha
    * Denawaka Hamine
    * Somasiri Dehipitiya

    Director, Lyricist; Sugathapala Senarath Yapa
    Composer: Original Song(s); Premasiri Khemadasa
    Music Arranger; P. L. A. Somapala
    Cinematographer; Sumitta Amarasinghe
    Film Editor; Jayatissa Dillimuni
    Playback Singers; H. R. Jothipala, Angeline Gunathilake, Victor Ratnayake


    Songs
    * මුහුද ගලා ඒනම් - එච්.ආර්. ජෝතිපාල/ ඇන්ජලින් ගුණතිලක (පී. එල්. ඒ. සෝමපාල
    * පෙම්බර මධූ මගේ – වික්ටර් රත්නායක
    * හද කිරුළු දරන් - ඇන්ජලින් ගුණතිලක (තනුව - ප්‍රේමසිරි කේමදාස)
    * ආදරේ සයුරු තෙරේ තනි වෙලා - සනත් නන්දසිරි(තනුව - ප්‍රේමසිරි කේමදාස)
    * දෙනුවන් බිගුන් - එච්.ආර්. ජෝතිපාල / ඇන්ජලින් ගුණතිලක (පී. එල්. ඒ.සෝමපාල)
    * සීතයි ගත වෙව්ලනවා - ඉන්ද්‍රාණි පෙරේරා (පී. එල්. ඒ. සෝමපාල)


    විශේෂතාව
    * සිංහල සිනමාවේ අවසානයන් දෙකක් සහිත ප්‍රථම චිත්‍රපටය මෙය වේ. එකල මෙම අවසානයන් දෙක, දිනක් හැර දිනක් එක් අවසානයක්ද ඊළග දින අනෙක් අවසානයද ලෙස අවසානයන් දෙකක් සහිතව සිනමාශාලා තුළ තිරගත විය. (Krzysztof Kieślowski අධ්‍යක්ෂනය කළ "The Double Life of Veronique" විශ්ව සිනමාවේ මෙවන් ආකාරයේ අවසානයන් දෙකක් සහිතවූ චිත්‍රපටයකි.)

    Pembara_Madhu_1977_DVDRip_720p_H264_AAC_Ak47_mp4.jpg


    මෙන්න ලින්ක එක
    https://openload.co/f/fiBZ_X5XUXQ/Pembara.Madhu.1977.DVDRip.720p.H264.AAC-Ak47.mp4

    මචෝ හතරවටේ ලින්ක් එක share කරන්න එපා. එලකිරියෙන් පිට දෙනවනම් usb එකකින් share කරගනින්.

    මචං Download කරලා තියාගත්තට කමක් නෑ බං හෝල් වලට ගිහින් සිංහල ෆිල්ම් බලපං නැත්තං හොද ෆිල්ම් හැදෙන් නැතුවම නැතිවෙලා යයි. මම නම් මචං වේදිකා නාට්‍ය සිංහල ෆිල්ම් හෝල්වලට ගිහින් බලනවා බං ඒවලට තියෙන ආසාව නිසායි සල්ලි දීලා අරන් ලග තියාගන්නේ.

    [මෙහි අධ්‍යක්ෂක සුගතපාල සෙනරත් යාපා මහතා හා ඔහුගේ සිනමා භාවිතාව පිළිබදව වූ විස්තර වගයක් දැම්මා. ඒකත් කියවලා බලන්න. හැමදාම අපි කරන්නේ ෆිල්ම් බලන ඒක ඒත් ඒවා කියවන්න පුලුවන්...... අලුතින් යමක් එකතුවේවි ජීවිතයට]
     
    Last edited:

    asksajee

    Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    ඓතිහාසික අසාධාරණයට ලක්වූ සිනමාකරුවා

    සුගතපාල සෙනරත් යාපාගේ ප්‍රථම වෘත්තාන්ත චිත්‍රපටය වූ ‘හන්තානේ කතාව‘ තිරගත වූයේ 1969 දීය. ඒ සමගම ඔහු නිර්මාණය කළ පර්යේෂණාත්මක කෙටි චිත්‍රපටය වූ ‘මිනිසා සහ කපුටා’ 1969 දෙසැම්බර් මස නවදිල්ලි නුවර පවත්වන ලද අන්තර්ජාතික සිනමා උලෙළේ දී හොඳම කෙටි චිත්‍රපටය සඳහා වන රජත මයුර සම්මානය දිනා ගත්තේය. එම ජූරියේ සභාපතිත්වය දැරුවේ ජගත් කීර්තියට පත් නෙදර්ලන්ත ජාතික සිනමාකරුවෙක් වූ බර්ට් හන්ස්ත්‍රාය.

    කෙටි චිත්‍රපටකරණය කෙරෙහි දැඩි උනන්දුවක් නොතිබුණු යුගයක ‘මිනිසා සහ කපුටා’ චිත්‍රපටයට රජත මයුර සම්මානය හිමිවීම මෙරට කෙටි චිත්‍රපට ක්‍ෂේත්‍රයේ නව ප්‍රබෝධයකට හේතුකාරක වූ සිදුවීමක් විය. සුගත් විචාරකයන් විසින් නිර්දය ලෙස බැහැර කරන ලද සිනමාකරුවෙකි. ‘හන්තානේ කතාව‘ ශ්‍රී ලාංකේය තරුණ නව සිනමාවක ආරම්භය සනිටුහන් කරන ලද කෘතියකි. සරසවි සිසු ජීවිතය ඊට ප්‍රස්තුත විය. ‘අහස් ගව්ව‘ නිර්මාණය වූයේ ඉන්පසුවය. නමුත් සිනමා සම්මාන ප්‍රදානය කළ ජූරි සභා කීපයකින්ම ‘හන්තානේ කතාව‘ නොසලකා බැහැර කරන ලදී.

    1969 වර්ෂයේ තිරගතවුණු චිත්‍රපට සඳහා 1970 පැවැති 7 වැනි ‘සරසවිය’ සම්මාන උලෙළේ දී මෙම චිත්‍රපටය කිසිදු අංශයක් සඳහා සැලකිල්ලට හසු නොවීය. වර්ෂයේ හොඳම චිත්‍රපට ත්‍රිත්වය ලෙස ජූරිය තෝරා තිබුණේ ‘බිනරමලී’ ‘නාරිලතා’ හා ‘සෙනෙහස’යි. මෙම ජූරි සභිකයින් අතර ආචාර්ය සරත් අමුණුගම, එවකට ඇමෙරිකානු ප්‍රවෘත්ති සේවයේ ප්‍රවෘත්ති නිලධාරියා වූ ඉන්ද්‍රා ද සිල්වා හා එච්.එම්.ගුණසේකර ද වූහ. ලංකා චිත්‍රපට විචාරක හා ලේඛක සංගමය විසින් 1970 දී පවත්වන ලද තෙවැනි විචාරක සම්මාන උලෙළේ දී හොඳම රංගනය සඳහා ටෝනි රණසිංහ සම්මාන ලැබූව ද ‘හන්තානේ කතාව‘ නොසලකා හැර ඇත.

    1947 – 1997 දක්වා වූ පනස් වසරක කාල පරිච්ඡේදය තුළ හොඳම චිත්‍රපට 25 තෝරා ගැනීම සඳහා සිනමා විචාරකයන් 32 දෙනෙකුගේ ඡන්දය ලබාගත් අතර ‘හන්තානේ කතාව‘ ද එම චිත්‍රපට 25ට අයත් විය. පෙර දී අසාධාරණයට ලක්වුණු ‘හන්තානේ කතාව‘ 1997 වන විට ඉතිහාසයේ ප්‍රථම 50 වසර තුළ හොඳම චිත්‍රපට 25 අතරට ගැනුණේ එය තේරූ විචාරක පිරිස අතර තරුණ විචාරකයන් බොහෝ දෙනෙකු ද ඇතුළත් වූ නිසාය.

    ’හන්තානේ කතාව‘ නිර්මාණය කර වසර ගණනාවකට පසු යාපා 1977 දී ‘පෙම්බර මධු’ හා 1981 දී ‘ඉන්දුට මල් මිටක්’ අධ්‍යක්ෂණය කළේය. සුගත් පසු කාලයක චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වශයෙන් රජයේ චිත්‍රපට අංශයට බැඳුණේය. එම අංශයට ඔහු වාර්තා චිත්‍රපට 23ක් අධ්‍යක්ෂණය කරන ලද අතර ඒවායින් සමහරක් ජගත් සිනමා උත්සවයන්හිදී සම්මානයට පාත්‍ර වී ඇත. සුගත් පමණක් නො ව ඔහුගේ බිරිය ද ඔවුන් ගත් ප්‍රගතිශීලී දේශපාලන ගමන් මඟ නිසා විවිධ පළිගැනීම්වලට හා අසාධාරණයන්ට ලක්වූවාය. එහෙත් මෙරට විවිධ සිනමා උත්සව මඟින් ප්‍රදානය කෙරෙන ‘රණ තිසර’, ’ස්වර්ණ සිංහ’ හෝ “Lifetime Achievement Award” වැන්නකින් ගෞරවයක් ලැබීමට තරම් ඔහු මෙතෙක් වාසනාවන්ත වී නොමැත.
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    meka nam patta film eka wije ge...mama 2 parak baluwa...pembara madu song eka nam patta....
     

    asksajee

    Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    හන්තානේ කතාව රිදී තිරයට ගෙනා; සුගතපාල සෙනරත් යාපා

    p66.jpg


    සිංහල චිත්‍රපට කර්මාන්තය ආරම්භ කර විසිදෙවසරකට පසු රිදී තිරයට පැමිණි "හන්තානේ කතාව" තුළින් හාදුව හඳුන්වා දුන්නේය. විශාල අන්දොaලනයකට තුඩුදුන් මෙම සිද්ධිය නොබියව සිනමාව මගින් ඉදිරිපත් කළේ අධ්‍යක්‌ෂ සුගතපාල සෙනරත් යාපාය.

    පුවත්පත් වලින් ඇතැම් විචාරකයන් සුගතපාල සෙනරත් යාපාට පන්න පන්නා පහර දුන්නද ඔහු ඉන්ද්‍ර‚ලයක්‌ සේ නොසෙල් වී සිටියේය.

    1969 දෙසැම්බර් 30 වැනිදා හන්තානේ කතාව තිරගතවූයේ 205 වැනි චිත්‍රපටය ලෙසිනි. එය විවේචනය කළ ඇතැම් විචාරකයන්ට ඔහු පිළිතුරු දුන්නේ දෙවරක්‌ තහනම් කර නැවත පෙන්විමට අවසර දුන් "පෙම්බර මධු" චිත්‍රපටයේ සම්පූර්ණ නිරුවත් දර්ශණයක්‌ ඉදිරිපත් කරමිනි. පරීක්‌ෂක මණ්‌ඩලය එය කපා දැමුවේ නැත. 1977 අප්‍රේල් 22 "පෙම්බර මධු" ප්‍රදර්ශණය කළේ 353 වන චිත්‍රපටය ලෙසිනි.


    p6.jpg


    සුගතපාල සෙනරත් යාපා "හන්තානේ කතාව"ට පසුව අධ්‍යක්‌ෂය කළේ "මිනිසා සහ කපුටා" කෙටි චිත්‍රපටය 4 වැනි නවදිල්ලි ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ "රජත මයුර" සම්මානය ලැබුණා.

    කම්කරු දෙපාර්තමේන්තුවේ පළමු ශ්‍රේණියේ ලිපිකරුවෙක්‌ ලෙස සිටියදී මෙම චිත්‍රපටය නිර්මාණය කිරීම ඇතැමුන්ට නයාට අඳුකොළ මෙන් විය. "ඉන්දුට මල් මිටක්‌" මෙන්ම "පියා සහ දරුවෝ" යන අර්ධ වෘත්තාන්තයද යාපාගේ අධ්‍යක්‌ෂණයකි. හොඳ නිර්මාණකරුවකු වූ සුගතපාල සෙනරත් යාපා බලවත් ලෙස රෝගාතුර වී රාගම බටුවත්ත නාරංගොඩපාළුව තම නිවසට වී හුදකලාව කාලය ගත කරයි.

    "කලාවට ප්‍රවිෂ්ඨ වූ අයුරු ඔබට මතක්‌ කළ හැකිද?

    පාසල් නාට්‍යවල රඟ පෑවා. "සුදොaසුදු" "පින්බත්" වැනි පාසල් නාට්‍ය නිෂ්පාදනය කළා. මම අධ්‍යාපන කටයුතු ආරම්භ කළේ රක්‌වානේ මහා විද්‍යාලයෙන්. අධ්‍යාපන කටයුතු අවසන් කළේ පැල්මඩුල්ල මධ්‍යම මහ විද්‍යාලයෙන්. අද ජනප්‍රියත්වයේ මුදුනේ සිටින කලාකරුවන් කිහිප දෙනෙක්‌ මා ගිය පාසලට ගියා. රාජා සුමනපාල, රත්නා සුමනපාල, නිශ්ශංක දිද්දෙනිය මට වඩා ඉහළ පන්තිවල ඉගෙනීම කළේ. ඒ වුනාට අපිට එකතුවෙලා කලා කටයුතු කරන්නට ඉඩ ප්‍රස්‌ථාව ලැබුණා. අම්මයි, තාත්තයි මිය ගියායින් පස්‌සෙ මාවයි නංගිවයි බලාගත්තේ ආච්චි අම්මා. ආච්චි අම්මාට මගේ නේවාසික ගාස්‌තුගෙවීමේ ප්‍රශ්නය මතු වූ නිසා යළි රක්‌වානේ පාසලට ඒමට වුණා. එතකොට මට පාසල් යන්න උවමනාවක්‌ තිබුණේ නැහැ. මේ අතර එල්. එම්. පෙරේරා මාව කොළඹ එක්‌කරගෙන ආවා. චිත්‍රපට ආයතනයක චිත්‍රපට භාරව කටයුතු කළ ඔහුට මට රැකියාවක්‌ ලබා දීම සුළු ප්‍රශ්නයක්‌.

    ටෙන්ට්‌ ගහලා චිත්‍රපට පෙන්වන යුගේ ආරියපාල තියටර් කියලා එකක ටිකට්‌ අලෙවිකරු ලෙස රැකියාව කළා. ඔහෝම සිටියදී මගේ උනන්දුව මත කම්කරු දෙපාර්තමේන්තුවේ පරීක්‍ෂණයකට පෙනී සිට ලිපිකරු තනතුර ලැබුණා. කම්කරු දෙපාර්තමේන්තුව කලාකරුවන්ගේ තෝතැන්නක්‌ වගේ. වික්‌ටර් මිගෙල්, ජී. වී. වික්‍රමසිංහ, ජී. ඩී. එල්. පෙරේරා වැනි අය හඳුනාගැනීමට ලැබුණා. අපේ අංශ ප්‍රධානි අසෝක පීරිස්‌ මහත්මයා "කුවේණි" කියලා නාට්‍යයක්‌ කළා. ඒකෙ ශ්‍රියානි අමරසේන රඟ පෑවා. මමත් චරිතයක්‌ කළා. මෙතැනදි වික්‌ටර් මිගෙල් මහතා මගේ හැකියාව තේරුම් අරගෙන ගුවන් විදුලි නාට්‍යවලට සහභාගි කරවූවා. රත්නාවලී කැකුණවල, නෙතලි නානායක්‌කාර හේමත් රඟ පෑවා.

    ඔය අතරේ පී. වැලිකල වේදිකා නාට්‍යයක්‌ නිර්මාණය කළා. ඒකේ මටත් චරිතයක්‌ දුන්නා. ඒ අතර ජී. ඩී. එල්. පෙරේරා නාට්‍යයක්‌ කළා. අපි සියලුම දෙනා එකතු වෙලා "කලා පෙළ" සංවිධානය බිහි කළා. මෙහිදී මාධ්‍යවේදී ආතර් යූ. අමරසේන මහතා හඳුනාගැනීමට ලැබුණා. ඒක අපිට ලොකු ශක්‌තියක්‌ වුණා.

    විජය ධර්ම ශ්‍රී , සෝමපාල ලැනරෝල්, ගුණසේන ගලප්පත්ති "කලා පෙළ" ට එකතු වුණා. චිත්‍රපටයක්‌ හදමු යන යෝජනාව කලා පෙළ තුළින් මතුවුණා. ජී. ඩී. එල්. "සාමා" චිත්‍රපටය කළා. මම සිංදු ලිව්වා. රඟ පෑවා. ඊට පස්‌සෙ විජය ධර්ම ශ්‍රී කිව්වා "සුගත් අපිත් එකතුවෙලා චිත්‍රපටයක්‌ හදමු" කියලා.

    එවැනි භාරදුර කටයුත්තකට අත පොවන්න භය හිතුනේ නැද්ද?

    මොන භයද? තරුණ කාලෙනෙ. සිනමාවේ වෙනසක්‌ දකින්න යමක්‌ කරමු කියලා අපි සාකච්ඡා කළා. විජය ධර්ම ශ්‍රී නිෂ්පාදකවරු කිහිපදෙනෙක්‌ සොයා ගත්තා. නවතාවයකින් යුතුව කතාව අපි ගොඩනැඟුවා. පත්තරේ දැන්වීම් දාලා නළු නිළියෝ තෝරා ගත්තේ. විජය කුමාරතුංග, අමරසිරි කලංසූරිය, දයා තෙන්නකෝන්, ධර්මසේන පතිරාජ ඒ අනුව තෝරා ගත් ශිල්පීන්. ලක්‍ෂ තුනක්‌ වියදම් කරලා මාස තුනක්‌ ඇතුළත චිත්‍රපටය නිම කළා. ඇතැම් විචාරකයෝ හාදූ දර්ශනය ගැන මාව පට්‌ට ගැහුවා. මම ඒවා ගණන් ගත්තෙ නැහැ. ඊට පස්‌සේ 1969 "මිනිසා සහ කපුටා" අධ්‍යක්‍ෂණය කරලා නවදිල්ලි ජාත්‍යන්තර චිත්‍රපට උළෙලට ඉදිරිපත් කළා "රජත මයුර" සම්මානය දිනා ගත්තා. මේ සමඟ මට විරුද්ධව ප්‍රබල ජන මතයක්‌ එක්‌ පිරිසක්‌ ගොඩනැඟුවා. සුගතපාල ලිපිකරුවෙක්‌. ලිපි කරුවකුට පුළුවන්ද චිත්‍රපට අධ්‍යක්‍ෂණය කරන්න කියලා. පුදුම ලෝකයක්‌. නිර්මාණයක්‌ කරන්නට ඔහු කලාකරු වෙක්‌ම විය යුතුද? මම ඒවාට උත්තර දුන්නේ තවත් චිත්‍රපට කිහිපයක්‌ නිර්මාණය කරලා. නමුත් චිත්‍රපට සංස්‌ථාව මගින් තේරූ අධ්‍යක්‍ෂවරු 10 දෙනා අතරට මාව තේරුවේ නැහැ. මම පෙම්බර මධූ චිත්‍රපටය කළා. සම්පූර්ණ නිරුවත් දර්ශන සමග දෙවරක්‌ තහනම් කළා අන්තිමේ පෙන්වීමට දුන්නා. "ඉන්දුට මල් මිටක්‌" කළා.

    සිනමා කර්මාන්තයෙන් ඔබ ඉවත් වුනේ එතැනදී ඇති වූ කලකිරීම කින්ද ?

    චිත්‍රපට කර්මාන්තයේ පැවැත්ම අපහැදිලි බව මට පෙනී ගියා. ඒ අතර රජයේ චිත්‍රපට අංශයට අධ්‍යක්‍ෂකවරයෙක්‌ අවශ්‍ය වුණා. සම්මුඛ පරීක්‍ෂණයෙන් මාව තේරුණා. හැබැයි මම කරගත් මෝඩකම තේරුනේ පසුව. එහි රැකියාව කරන තුරු පිටස්‌තර නිර්මාණ කිරීම තහනම්.

    "ගරුඬ ගල", "මහ සයුරෙන් දිය දොaතක්‌", උඩවැඩියා මල්", "ශ්‍රී මහා බෝධීන් වහන්සේ", "දළදා වහන්සේ" ආදී චිත්‍රපට නිර්මාණය කළා. ඇතැම් ඒවාට සම්මානත් ලැබුණා. 1989 රූපවාහිනී සංස්‌ථාවේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂක තනතුරට. 1990 නොවැ. 17 මම විශ්‍රාම ගත්තා. 2002 එ.ජා.ප. රජය යටතේ රජයේ චිත්‍රපට උපදේශක තනතුරට පත්වුණා.


    [දිවයින]
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,777
    6,352
    113
    ගග අද්දර
    මචන් මේ අවසානයන් දෙකක් කියන එක පැහැදිලි කරපන්කෝ. මොකක්ද මේකේ අවසානයන් දෙකේ වෙනස?
     

    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    බොහොම ස්තූතියි චිත්‍රපටිය දුන්නට! :love:
    මේකෙ නිරුවතින් තේ වත්තක් මැද්දෙන් දුවගෙන යන දර්ශනයට හිටියා කියලා චිත්‍රපටිය තිරගත වුණු කාලෙ ගීත කුමාරසිංහට චෝදනා එල්ල වුණාලු. :P
    ඒත් ගොඩක් කාලෙකට පස්සෙ ගීතා කුමාරසිංහ කිව්වලු චිත්‍රපටියෙ පොඩි පොඩි වැඩ කරන්න ආපු කොල්ලො දෙන්නෙක් ව ඒ කොටසට ගත්තා කියලා. :rofl:
     
    Last edited:

    asksajee

    Well-known member
  • Nov 27, 2006
    670
    339
    63


    meka nam patta film eka wije ge...mama 2 parak baluwa...pembara madu song eka nam patta....

    patta machan

    බොහොම ස්තූතියි චිත්‍රපටිය දුන්නට! :love:
    මේකෙ නිරුවතින් තේ වත්තක් මැද්දෙන් දුවගෙන යන දර්ශනයට හිටියා කියලා චිත්‍රපටිය තිරගත වුණු කාලෙ ගීත කුමාරසිංහට චෝදනා එල්ල වුණාලු. :P
    ඒත් ගොඩක් කාලෙකට පස්සෙ ගීතා කුමාරසිංහ කිව්වලු චිත්‍රපටියෙ පොඩි පොඩි වැඩ කරන්න ආපු කොල්ලො දෙන්නෙක් ව ඒ කොටසට ගත්තා කියලා. :rofl:

    thanks machanla ;);););):lol::lol::lol:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බොහොම ස්තූතියි චිත්‍රපටිය දුන්නට :)
    ගොලු හදවත ෆිල්ම් එක හොයා ගන්න නෑ නේද?
     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    සිංහල සිනමාවේ අවසානයන් දෙකක් සහිත ප්‍රථම චිත්‍රපටය මෙය වේ. එකල මෙම අවසානයන් දෙක, දිනක් හැර දිනක් එක් අවසානයක්ද ඊළග දින අනෙක් අවසානයද ලෙස අවසානයන් දෙකක් සහිතව සිනමාශාලා තුළ තිරගත විය.

    8.gif