e mokatada? complain ekakatada?
ඔව් ඉන්ෆො එකටයි ඔම්බුස්මන්ටයි විතර්යි මේල් හම්බුනේ
මහත්මයාණෙනි , මහත්මියනි ,
WP KN **** අංකය දරන මෝටර් රථය 2016-08-25 දින වත්තල ප්‍රදේශයේදී අනතුරට ලක්වූ අතර ඒ අවස්ථාවේදී මාගේ රියදුරු විසින් අදාළ රක්ෂණ නියෝජිතයා දුරකථන ඇමතුමක් දී අදාළ ස්ථානයට කැදවූ අතර මා හටද ඒ පිළිබඳ දැනුම් දෙනු ලැබීය.
එම ස්ථානයට පැමිණි රක්ෂණ නියෝජිතයා අනතුරට ලක්වූ වාහනය රූපගත කර ඇති අතර සියලු විස්තර සටහන් කර ගැනීමෙන් අනතුරුව 12767 අංකය දරණ ෆෝරමය ( 1 )රියදුරුට බාර දී පොලිස් වාර්තාවක් සමග එම ෆෝරමය නැවත ඔවුන්ට ලබාදෙන ලෙස දන්වා ඇත.
ඉන් අනතුරුව මාගේ රියදුරු , අනතුරට ලක්වූ අනික් වාහනයේ රියදුරු වත්තල පොලීසියට එම අවස්ථාවේ ගොස් ඇත. පොලිස් රථවාහන අංශයට ගොස් මේ පිලිබදව කරුණු දක්වා පොලිස් වාර්තාවක් ලබාගැනීමට අවශ්‍යබව එම ස්ථානයේ සිටි පොලිස් නිලදාරියාට දන්වා ඇත. එවිට එහි සිටි පොලිස් නිළධාරී මහතා දන්වා ඇත්තේ ඔවුන්ට එම අවස්ථාවේ නඩුවක් ලෙස ඒ පිළිබද සටහන් කර ගැනීමට සිදුවන බවත් ඔබට අවශ්‍ය නඩුවක් ද යන්න විමසූ බවයි . එවිට රියදුරු මහත්වරුන් පවසා ඇත්තේ අපට අවශ්‍ය වන්නේ රක්ෂණ සමාගමට ඉදිරිපත් කිරීමට පොලිස් වාර්තාවක් පමණක් බවත් නඩුවක් නොවන බවයි. පොලිස් වාර්තාවක් ලබාගැනීමට නම් එම අවස්ථාවේ ඔවුන්ට නොහැකි බවත් එම කටයුත්ත සදහා පසුදා එනම් 2016.-08-26 දින උදේ නැවත රියදුරුට වාර්තා කරන ලෙස දන්වා ඇත.
ඒ අනුව පසුදා උදේ වත්තල පොලිසියේ රථවාහන අංශයට ගොස් පොලිස් වාර්තාව රියදුරු විසන් ලබාගන්නා ලදී (2 ). ඒ අනුව අදාළ සියලුම ලියකියවිලි රක්ෂණ සමාගමට බාර දෙන ලද අතර ඔවුන් තවත් ලිපියක් එවන ලදී (3 )එතැන් පටන් මාසයක් පමණ කාලයක් ගතකර රක්ෂණ සමාගම ප්‍රකාශ කරසිටියේ පොලිස් වාර්තාව ප්‍රමාණවත් නැති බවයි , තවද ඔවුන් පවසා සිටියේ 25 වන දින පොලීසියට වාර්තා නොකර 26 ගොස් වාර්තාව ලබා ගෙන ඇති බැවින් මෙය ගෙවීමෙන් අත්සිටුවන බවයි . (4)
අදාළ සියලුම ලියකියවිලි නිසියාකාරව තිබියදී පවා රක්ෂණය නොගෙවීමට තීරණය කලේ කුමක් පදනක් කරගෙන දැයි මේ සමබන්ධයෙන් ඉක්මනින් පිළිතුරක් බලාපොරොත්තුවෙන් නැවත ඉල්ලා සිටීමේ ලියමනක් ඔවුන්ට ලබාදෙන ලදී (5).
නැවත වරක් ඔවුන් එය ප්‍රතික්ෂේප කර අපවෙත ලිපියක් එවන අතර (6) වාචිකව ප්‍රකාශ කර සිටියේ හැකිනම් පොලීසියට ගොස් අප 25 වන දින පොලීසියට වාර්තා කල බවට ඔප්පු කිරීමෙ ලිපියක් ලබා දෙන ලෙසයි.
ඒ අනුව අප පොලීසියට ගොස් එම ලිපියද ලබා ගන්නා අතර (7), මෙම සියලු කරුණු සම්පුර්ණ ඇති වට පිටාවකද අදාළ රක්ෂණ සමාගම මුදල් ගෙවීම පැහැර හැර ඇත. මා විසින් අතින් ලක්ෂ 4 පමණ මුදලක් වියදමින් වාහනය අලුත් වැඩියා කරගත් අතර . මේ වන විට විශාල ආර්ථික අපහසුතාවකටද මුහුණ දීමට සිදුවී ඇත .
මේ පිළිබද සලකා බලා මා හට සාධාරණක් ඉටු කර දෙන මෙන් මෙයින් දන්වා සිටිමි.
මෙහි 1 සිට 7 දක්වා වූ ලිපිවල පිටපත් අමුණා ඔබගේ ඊ මේල් ගිණුමට හා ඉන්සුවරන්ස් ඔම්බුස්මන් වරයාට පැමිණිලි කර ඇත