කොන්ඩම් FACTS

jodubaba

Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    ඕන වෙලාවක රටේ තියෙන ලිංගික අපයෝජන ගැන ගත්තොත් අපි සෙක්ස් එඩියුකේෂන්, නැත්තං ලිංගික අධ්‍යාපනය තියෙන්න ඕන කියලා පැනපු ගමන් කියනවනේ. හැබැයි කොන්ඩම් ගැන කතා කරපු ගමන් ගොඩක් දෙනා ඇඹරෙන රටක් මේක බ්‍රෝ. හරි, කොන්ඩම් මැජික් නොවෙන කෙල්ලෝ කොල්ලෝ ඉන්නවා තමයි. හැබැයි වැඩිහරියක් කොල්ලෝ වුනත් ෆාමසියකට ගිහින් කොන්ඩම් එකක් ඉල්ලන්න ඇඹරෙනවා. සමහර කෙල්ලෝ නං කලන්තෙ දායි ෆාමසියකින් කොන්ඩම් එකක් ගේන්න කිව්වොත්. හරි, අපි එල කොල්ලෝ කෙල්ලො වගේ කෙලින් කතා කරමු කොන්ඩම් ගැන.

    1. කොන්ඩම් කියන්නේ මොනාද, පුම්බලා බලමුද?



    About-Condom-Use-aniwa-01-768x403.jpg


    ඔය කොන්ඩම් කියන්නේ මොන මගුලක්ද කියලා නොදන්න සෑහෙන්න පොඩි කාලේ නං අහම්බෙන් හරි කොන්ඩම් එකක් හම්බුනහම කරන්නේ ඒකට බැලුමකට වගේ වතුර පුරෝනවා වගේ විකාර තමයි. හැබැයි දන්න කාලෙට එනකොට කොන්ඩම් කියන්නේ මොනවද කියලා දළ අදහසක් හරි ඕන එකෙක්ට තියෙන්න ඕනනේ.
    කොන්ඩම් කියන්නේ ආරක්ෂිත ලිංගික එක්වීම් වලට හදපු ප්‍රඩක්ට් එකක්. ඒ කියන්නේ ලිංගික එක්වීමකදී පුරුෂයාගේ ශුක්‍රාණු ස්ත්‍රියකගේ යෝනිමාර්ගයට යන්නෙ නැති වෙන්න, තව පුළුල් අදහසකින් කිව්වොත් තරල හුවමාරුවක් නොවෙන්න හදපු දෙයක් තමයි කොන්ඩම් කියන්නේ. සරල බාසාවෙන් කියනවා නං, අනවශ්‍ය ගැබ් ගැනීම් 98% ක සම්භාවිතාවක් දක්වා වලක්වන, සමාජ රෝග හුවමාරුව සෑහෙන දුරට වලක්වන දෙයක් කොන්ඩම් කියන්නේ. මේක මේ අද ඊයෙ හොයාගත්තු සීන් එකකුත් නෙවෙයි.



    2. කොන්ඩම් ගන්නේ කොහෙන්ද, ෆාමසියෙන්ද?



    About-Condom-Use-aniwa-02.gif


    කොන්ඩම් ගන්න තියෙන ලේසිම තැන් තමයි එක්කෝ ෆාමසියක් නැත්තං සුපර් මාකට් එකක්. ගමේ මිඩ්වයිෆ් නෝනගෙන් වුනත් ඉල්ල ගන්න පුලුවන්. හැබැයි ලංකාවේ කොන්ඩම් භාවිතය ගැන තියෙන ප්‍රධානම ගැටළුවක් තමයි ෆාමසියකට ගිහින් කොන්ඩම් එකක් ඉල්ලන්න තියෙන ලැජ්ජාව. හරි. වයස අඩු පොඩි එකෙක් ෆාමසියකට ගිහින් කොන්ඩම් ඉල්ලන එක කේස් එකක් තමයි. හැබැයි මේ පුත්තලං බූරුවො දෙන්නෙක්ගෙ තුන්දෙනෙක්ගෙ වයස් අයියලත් ෆාමසියට ගිහින් කොන්ඩම් තියෙන තැන බල බල පැනඩෝල් ඉල්ලනවා, සිද්ධාලේප ඉල්ලනවා, අන්තිමට ප්‍රාණජීව තෛලේත් ඉල්ලනවා. ඉතින් රුපියල් සීයේ කොන්ඩම් පැකට් එකක් ගන්න රුපියල් දාහක බෙහෙත් බඩු ගන්නවා. එහෙම ලැජ්ජ වෙන්න එපා. කොන්ඩම් හදලා තියෙන්නේ අපිට පාවිච්චි කරන්නනේ. අනික ෆාමසියෙ අයියා අහන්නෙ නෑනේ කොන්ඩම් ගෙනියන්නේ ලිංගික එක්වීමකටද නැත්තං වතුර දාලා පුම්බන්නද කියලා. ආන්න ඒ නිසා කොන්ඩම් මිලදී ගන්න තියෙන බොරු චකිතය අයින් කරගන්න එක සෑහෙන වැදගත්. මොකද ඒ ලැජ්ජාව නිසාම අනාරක්ෂිත ලිංගික එක්වීම් ලංකාවේ සෑහෙන්න වෙනවා කියන එක කියන්න වෙනවා.



    3. කොන්ඩම් පාවිච්චි කරන්නේ කොහොමද?



    About-Condom-Use-aniwa-03-768x394.jpg


    කොන්ඩම් පාවිච්චිය නොදන්න වැඩිහිටි පිරිමි, වැඩිහිටි ගැහැණු අපේ රටේ ඕන තරං ඉන්නවා. අහලා ඇතිනේ අර පවුල් සෞඛ්‍ය සංවිධානෙකින් එක ගමකට කොන්ඩම් බෙදල දීලා, ඒක පාවිච්චි කරන හැටි කොසු මිටකට දාලා පෙන්නුවට පස්සේ ගමේ ගෑණු ඔක්කොම ලිංගික කර්තව්‍යට කලින් ගෙදර කොහු මිටට කොන්ඩම් එක දාලා වෙනද විදියටම ලිංගික කර්තව්‍යය කරපු විහිළු කතාව. ඒක විහිළු කතාවක් වුනාට මේක විහිළුවක් නෙවෙයි.
    මූලිකවම කොන්ඩම් එකක් ගත්තු ගමන් බලන්න ඕන කල් ඉකුත් වෙලාද කියලා. කල් ඉකුත් වෙලා නැත්තං ගැටළුවක් නැතුව පාවිච්චි කරන්න පුලුවන්. පැකට් එක කඩනකොටත් එහෙන් මෙහෙන් හිල් කරන්න යන්න එපා. අයිනකින් අල්ලලා පැකට් එක ඉරන්න.
    ඊලඟට, කොන්ඩම් එක ශිෂ්ණයට පළඳවන එක පිරිමි ළමයි වගේම ගෑණු ළමයිනුත් දැනගෙන හිටියට කාරි නෑ. ඇත්ත කතන්දරේ තමයි තාමත් කොන්ඩම් එක දිග ඇරලා දාගන්න සෑහෙන්න අයියලා මල්ලිලා අපි අතරෙම ඉන්නවා කියන එක.
    කොන්ඩම් එක අතට ගත්තට පස්සේ පොඩ්ඩක් තෙල් ගතියක් වගේ තියෙනවා. ගණං ගන්න කාරි නෑ. එහෙම ලිහිසි ද්‍රව්‍යයක් එක්ක තමයි කොන්ඩම් හදලා තියෙන්නේ. දැන් බලන්න ඕන කොන්ඩම් එක රෝල් කරලා තියෙන්නේ කොයි අතටද කියලා. ඒක බලන්න ලේසිම ක්‍රමේ තමයි කොන්ඩම් එකේ උඩු පැත්තේ තමයි අර පොඩි ගැටිත්තක් වගේ තියෙන්නේ. දැන් ඒක උඩට හිටින්න ශිෂ්ණ මුණ්ඩය උඩින් කොන්ඩම් එක තිබ්බහම වටේට රෝල් වෙලා තියෙන කොටස පහතට දිග අරින්න පුලුවන්. හැබැයි ඊට කලින් අර කොන්ඩම් එක මුදුනේ තියෙන ගැටිත්ත හොඳට ඇඟිලි දෙකකින් මිරිකලා අල්ල ගන්න. ඕන නං කොන්ඩම් එක දාන්න කලින් ලිහිසිකාරක ද්‍රව්‍යයකින් බිංදුවක් කොන්ඩම් එක ඇතුලට දාන්නත් පුලුවන්, පළඳවන්න ලේසි වෙන්න. හැබැයි ඔය බේබි ඔයිල් අනන් මනන් නෙවෙයි පුතාලා. ෆාමසියෙන්ම ගන්න තියෙන KY Jelly වගේ ලිහිසිකාරක ද්‍රව්‍යයක් තමයි හරියන්නේ. හරි, දැන් තියෙන්නේ කොන්ඩම් එකේ මුදුනේ ගැටිත්ත ඇඟිලි දෙකකින් මිරිකගෙන කොන්ඩම් එක සෘජු ශිෂ්ණය දිගේ පහතට දිග අරින එක. සම්පූර්ණයෙන් පහතට ගියාට පස්සේ ඕනවට වඩා අදින්න යන්න එපා. කොන්ඩම් එක යකඩ නෙවෙයිනේ. අනික කොන්ඩම් එක ගොඩක් දුරට ශිෂ්ණය ආවරණය වුනාට පස්සෙත් ශිෂ්ණය මුල තවත් දිගට රෝල් කරපු හරිය ඉතුරු වෙයි. ගණන් ගන්න එපා, උස්සගෙන ඉන්නෙ නෑනේ.



    4. කොන්ඩම් දාන්න ඕන මොන වෙලාවටද?


    About-Condom-Use-aniwa-04-768x403.jpg


    මේ කොන්ඩම් එක්ක තියෙන තව ගැටළුවක්. ගොඩක් දෙනා කියනවා කොන්ඩම් දාලා ලිංගික සංසර්ගය කරන එක හරියට දැනෙන්නෙ නෑ බ්‍රෝ කියලා. සමහරු අහනවා ටො‍ෆියක් කොලේ එක්ක කනවා වගේ නෙවෙයිද කියලා කොන්ඩම් දාලා සංසර්ගය කරන එක. හරි ඉතින්, ආසාවට කොන්ඩම් දාන්නෙ නෑනේ. කොන්ඩම් දාන්නේ ආරක්ෂිත ලිංගික ඇසුරකට. තමන්ගේ නෝනා මහත්තයා එක්ක නං ලිංගික ඇසුර තියෙන්නේ ඔන්න යන්න පුලුවන් වෙන උපත් පාලන ක්‍රමේකට. හැබැයි එහෙම නැතුව කොන්ඩම් දාලා නං ලිංගික ඇසුර සිද්ධ වෙන්නේ, තමන්ට ඕන ඕන විදියට නැතුව හරි විදියට කොන්ඩම් පාවිච්චි කරන්න වෙනවා.
    සෑහෙන්න දෙනෙක් කොන්ඩම් පාවිච්චි කරනකොට කරන වැ‍රැද්දක් තමයි ලිංගික සංසර්ගය යම් තාක් දුරකට සිදුකරලා, ඉන් පස්සේ ශුක්‍ර මෝචනයට කලින් කොන්ඩම් එක පැළඳගන්න එක. ඒකට හේතුව විදියට දක්වන්නේ අර හරි හැටි ආතල් නෑ කියලා කියන හේතුව තමා. මේක තේරුමක් නැති වැඩක්. එකක් තමයි සමාජ රෝග වලක්වන්න නං තරල හුවමාරුව/තරල ස්පර්ෂය වලක්වන්න ඕන. ඉතින් ඒකට පස්සේ කොන්ඩම් එක දාගත්තා කියලා කොන්ඩම් එක ජීවං කරලා නෑනේ බ්‍රෝ. අනික අනවශ්‍ය ගැබ් ගැනීම් වලක්වන්න වුනත් ලිංගික සංසර්ගයට කලිනුයි කොන්ඩමය පළඳින්න ඕන. මොකද ශුක්‍ර මෝචනයට කලින් වුනත් ගොඩක් දෙනෙක්ට තරලය පිට වෙනවා පොඩ්ඩක් හරි. මේ තරලයේ ශුක්‍රාණු අනිවා තියෙන්න පුලුවන්. ඉතින් බොරුවට රිස්ක් ගන්න ඕන නෑනේ බ්‍රෝ!



    5. හරි කොන්ඩම් දාලම වැඩේ ගොඩදැම්මා, ඊට පස්සේ?



    About-Condom-Use-aniwa-05-768x403.jpg


    මෙන්න මේක කොන්ඩම් භාවිතයත් එක්ක එන තවත් දරුණු ගැටළුවක්. දරුණුයි කිව්වේ පරිසරයට දරුණු ගැටලුවක්. හරියට කොන්ඩම් එකක් ඉවත් කරන්න දන්නෙ නැතිකම. දැං ඔය පාරවල් වල වාහනේක එහෙම, ගල්කිස්සේ ගල් අස්සේ එහෙම ප්‍රේමයේ ඵල නෙලන කට්ටිය ඉන්නවනේ. හරි ප්‍රේමයේ ඵල නෙලුවට කමක් නෑ, හැබැයි පු‍තෝ ලෙලි හැමතැනම දාලා යන එක වැරදියි. සමහර වෙලාවට ඔය කුරුල්ලෝ, සත්තු ඕවා කාලා මැරිලා ගියපු අවස්ථා ඕන තරමට තියෙනවා. කොහොම කලත් පරිසර දූෂණයක්නේ පුතාලා.
    කොන්ඩම් එකක් පාවිච්චි කලාට පස්සේ ඒකෙ ඇතුළේ තියෙන දේවල් හැලෙන්නෙ නැති වෙන්න කට ගැටහන්න. දැන් ටොයිලට් පේපර් එකක නැත්තං ටිෂූ එකක හොඳට ඔතලා ඩස්ට්බින් එකට දාන්න. වැසිකිළි වල ඇතුළට දාන්න එපා බැරිවෙලාවත්, අන්තිමට ඩ්‍රේන් එක බ්ලොක් වෙලා තව මගුලක් වෙන්නේ.



    6. කොන්ඩම් එක ඕන වෙලාවක පර්ස් එකේ තිබුණට කමක් නැද්ද?



    About-Condom-Use-aniwa-06-768x403.jpg


    කොන්ඩම් එකක් අපේ ගොඩක් අයියලා හැමවෙලාවකම පර්ස් එකේ දාගෙන ඉන්නවා සූදානම් ශරීරේ කියලා. ආන්න ඒක හොඳ වැඩක් නෙවෙයි. ඒ කියන්නේ ඔය සදාචාරෙට එහෙම මොකුත් වෙන්නෙ නෑ තමන් ලඟ කොන්ඩම් එකක් තිබුණට. හැබැයි කොන්ඩම් එකට හොඳ නෑ පර්ස් එකක දාලා තියෙන එක. කොන්ඩම් එකේ තත්වේ බහිනවා. තත්වෙ බහිනවා කියන්නේ පාවිච්චියෙන් සීයෙට අනූඅටේ ප්‍රතිඵලේ නොලැබෙන්න තියෙන ඉඩ සෑහෙන්න වැඩි වෙනවා.
    පාවිච්චි කරපු නැති කොන්ඩම් කවදාවත් අර පැකට් එකෙන් කඩලා තියන්න එපා. වැඩක් නෑ. තියෙනවනං තියන්න ඕන පැකට් එක ඇතුළේම තමයි. ඒකත් ගොඩක් රස්නේ හරි ගොඩක් සීතල හරි තැන්වල තියන්න එපා. ඒ කියන්නේ කෙලින්ම ඉර එලිය වැටෙන ජනෙල් පඩිය උඩ වගේම ෆ්‍රිජ් එකේ දාන්නත් එපා කියන එක තමයි. කොන්ඩම් තියන්න ඕන කාමර උෂ්ණත්වයේ. ඒ කියන්නේ ඔය සත්තු එන්නෙ නැති කබඩ් ලාච්චුවක දාලා තියන්ඩ මචංලා.
    කොන්ඩම් එකක් හැමවෙලාවකම අතේ තියෙන්න ඕන නම් ඒක බෑග් එකේ ඇතුළු පොකැට් එකක දාලා තියන්න. බෑග් ගෙනියන්නෙ නැත්තං ඒ මොහොතට විතරක් කොන්ඩම් එකක් ගෙනියන්න. හැමවෙලාවේම කලිසමේ පිටිපස්සෙ සාක්කුවේ දාන වොලට් එකේ හරි, නිකම්ම කලිසම් සාක්කුවේ හරි කොන්ඩම් එකක් තියාගෙන ඉන්නවට වඩා හොඳයි විසි කරලා දාන එක. ඇයි, කොන්ඩම් එක ජීවං කරල නෑනේ. කොන්ඩම් එකෙන් වැඩක් වෙන්න නං කොන්ඩම් එක හරි කොලිටියෙන් තියෙන්න ඕන.



    7. කොන්ඩම් ගැන තව කියන්න දේවල් තියෙනවද?



    About-Condom-Use-aniwa-07-768x403.jpg


    අපොයි තියනවා. ලේසියට අපි කරුණු ලිස්ට් එකකට දාගමු.


    • දැන් ඔය ඇඳ උඩ ගහන මැච් එක අතරෙදි පොඩි විවේකයක් එහෙම ගන්නවා නං කොන්ඩම් එක හරියට තියෙනවද කියලා චෙක් කරලා බලන්න. සාමාන්‍යයෙන් වෙන්න පුලුවන් දෙයක් තමයි එහෙම ගන්න බ්‍රේක් එකක් අතරෙදි ශිෂ්ණයේ ප්‍රාණවත් ගතිය නැතිවෙනකොට කොන්ඩම් එකත් ලිහිල් වෙලා වැටෙන එක. අන්න එතකොට කරන්න දෙයක් නෑ, අලුත් කොන්ඩම් එකක් දාගන්න වෙනවා.
    • කොන්ඩම් එක සමහර විට ලිංගික සංසර්ගය අතරතුරදී ඉරෙන්න පුලුවන්. එහෙම වෙලා කියලා තේරුණොත් වෙනත් හදිසි උපත් පාලන ක්‍රමයක් අනුගමනය කරන එක කෝකටත් හොඳයි.
    • එකම කොන්ඩම් එක ආයි ආයි පාවිච්චි කරන්න බෑ කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ, ඕවා කොමන් සෙන්ස්.
    • දැන් යෝනි සංසර්ගයට පාවිච්චි කරපු කොන්ඩම් එක පිටින්ම ගුද සංසර්ගයට යනවා වගේ කම්මැලි වැඩ කරන්න එපා. (එහෙම ඕනනං අපි කියන්නේ) හැම වෙලාවකම කම්මැලි නොවී අලුත් කොන්ඩම් එකක් පාවිච්චි කරන්න.
    • යෝනි සංසර්ගයට සමහර වෙලාවටත්, ගුද සංසර්ගයට අනිවාර්යයෙනුත් ලිහිසි ද්‍රව්‍ය පාවිච්චි කරනවනේ. හරිනං ලිහිසි ද්‍රව්‍ය විදියට හිතෙන හිතෙන දේවල් දාලා හරියන්නෙ නෑ. නියමාකාරයෙන් ජලය බේස් කරගෙන හදපු ලුබ්‍රිකාන්ට් තියෙනවා ෆාමසි වල. ආන්න ඒකක් ගන්න ඕන. එහෙම නැතුව ඔය තෙල් ජාති අනන් මනන් දානවා කියන්නේ ලේටෙක්ස් කොන්ඩම් එකකට හානි වෙන්න තියෙන ඉඩ සෑහෙන්න වැඩියි.
    • දැන් එක එක රස වර්ග වලින් විතරක් නෙවෙයි, ගැටිති තියෙන, දාර තියෙන වගේ එක එක විදියට ලිංගිකාශ්වාදය වැඩි කරන්න පුලුවන් කොන්ඩම් වර්ග තියෙනවා. එතකොට මෝචනය යම් තරමකට ප්‍රමාද කරන්න පුලුවන් රසායනික ද්‍රව්‍ය අඩංගු කොන්ඩම් වර්ග තියෙනවා. ලාබදායීම කොන්ඩම් වර්ගේ “ප්‍රීති” තමයි. හැබැයි අනික් කොන්ඩම් වර්ගත් ට්‍රයි කරලා බැලුවට වැ‍රැද්දක් නෑ.


    http://www.aniwa.lk/2016/12/27/1612273-things-you-should-know-about-condom-use/





     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    රුපියල් 100 පැකට් එකක කියක් තියේද බන්. :rofl:
    You must spread some Reputation around before giving it to jodubaba again.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,343
    113
    ඩස්බින් එකට දැම්මට පස්සෙ ඒක කොහෙට යයිද ? :rolleyes: