සූර්ය බලයෙන් ඔබේ විදුලි බිල සුන් කල හැකිද? &#3

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    සූර්ය බලයෙන් ඔබේ විදුලි බිල සුන් කල හැකිද? &#3

    සූර්ය බලයෙන් විදුලිය ලබාගැනීම ගැන කතා ඇහෙන්නේ අද ඊයෙක ඉඳන් නෙවෙයි. හැබැයි විදුලි බිල මාසේ අන්තිමට කටේ කෙළ හි‍ඳෙන ගාණට එනකොට මිනිස්සු පොඩ්ඩක් විකල්ප බලශක්ති ක්‍රම ගැන හොයන්න යොමුවෙලා කියලා පේනවා. හැබැයි ඉතින් මේකත් දැනගෙන කරන්න ඕන වැඩක්. මොකද ඔය සෝලාර් පැනල් දෙනවා කියන පිරමිඩ් වලට නැත්නම් ගෙවල් වලට ඒජන්ට්ලා එවන අද තියෙන හෙට අතුරුදන් වෙන කොම්පැණි වලින් බොරු කරලා ඇ‍ඟේ ගහන සෝලාර් කිට් වලට අහුවෙනවා කියන්නේ සල්ලි ග‍ඟේ මූදේ දැම්මා වගේ තමයි.

    1. සූර්යබල සංග්‍රාමයට එකතු වෙමුද?

    161xok5.jpg


    දැන් රජයත් මේ වැඩේට අතගහලා තියෙන්නේ. ‘සූර්යබල සංග්‍රාමය‘ කියලා වැඩපිළිවෙලකුත් තියෙනවා. මේකෙන් කියන විදියට සාමාන්‍යයෙන් මාසෙකට විදුලි ඒකක 120 කට වැඩියෙන් පාවිච්චි කරන පාරිභෝගිකයෙක්ට සූර්ය බල විදුලි උත්පාදන ක්‍රමයකට යන එක වාසිදායකයි. අහන්න ලැබෙන විදියට මෙහිදී වැඩියෙන්ම යන මූලික වියදම වෙනුවෙන් බැංකු ණය පහසුකම් පවා ලබාගැනීමේ හැකියාව තියෙනවා. මූලික වියදම වැඩි වුනත් හරියට කරනවා නම් තමන්ගේ ගෙදර විදුලිබල අවශ්‍යතාවයන් ඉ‍ටුකරගෙන ජාතික පද්ධතියටත් විදුලිය ලබාදෙන්න පුලුවන්. ඒ කියන්නේ මීටරේ කැරකෙන්නේ අනික් පැත්තට. එතකොට ඉස්සරහට හඳුන්වලා දෙන්නට නියමිත Net Accounting ක්‍රමය (එහෙමත් නැත්නම් නැත්නම් “Net Metering”) හරි ගියොත් විදුලි බිල ගෙවනවා වෙනුවට අපිට ගෙවීමකුත් ලැබෙනවා.

    Net Accounting හරහා විදුලි බිල කණපිට හරවමුද?

    mbjuaf.jpg


    “Net Accounting” ශුද්ධ ගිණුම්කරණ ක්‍රමයට අවුරුදු 7 ක් යනකල් ඒකකයකට රුපියල් 22 ගාණේ අපිට ගෙවනවා. 8 වෙනි අවුරුද්දේ ඉඳන් අවුරුදු 20 ක් යනකල් ඒකකයකට රුපියල් 15.50 ක් ගෙවනවා කියලා තමයි කියන්නේ.

    හරියටම කියනවා නම් මෙතනදී පාරිභෝගිකයා නිවසේ වහලය මත සවි කර ගන්නා සුර්ය බලශක්ති පැනලය මගින් දිවා කාලයේ නිපදවන විදුලි අතිරික්තය, ජාතික විදුලිබල ජාලයට ලබාදෙනවා. වැඩිපුර විදුලිබල පාවිච්චි වන සන්ධ්‍යා හා රාත්‍රී කාලයේ තම පරිභෝජනය සදහා ජාලයෙන් විදුලිය ලබා ගන්නවා. මාසය අවසානයේ මුදල් ගෙවිය යුත්තේ තමන් වැඩිපුර භාවිත කර ඇති ඒකක ගණන සදහා විතරයි.

    තව ක්‍රම දෙකක් තියෙනවා. ශුද්ධ මනුකරණ ක්‍රමය නැතිනම් Net Accounting. ඒකෙන් වෙන්නේ සොලාර් පැනල් වලින් ජනනය කරන විදුලි ඒකක ගාණ, පාවිච්චි වෙන ඒකක ගාණට අඩු නම් ඒ හිඟය විතරයි පාරිභෝගිකයා ගෙවන්න ඕන. හැබැයි පාවිච්චි කරන ඒකක ගාණ උපද්දවන ඒකක ගාණට අඩු නම් අතට සල්ලි ලැබෙන්නේ නෑ. ඒක අපිට ඉදිරියට පාවිච්චි කරන්න පුලුවන් විදියට ශේෂය ඉදිරියට අරන් යනවා.

    නෙට් ප්ලස් (Net Plus) ක්‍රමයේදී අර උඩ කියලා තියෙන විදියටම සෝලාර් පැනල් මගින් ජනනය කරන විදුලි ඒකක ප්‍රමාණයට අපිට සල්ලි ගෙවනවා. හැබැයි පුරුදු විදියට අපි ගෙදර මීටරේට අනුව හැදෙන බිල විදුලිබල මණ්ඩලේට ගෙවන්න ඕන.

    මේකෙන් ආස කරන විදියක් ‍තෝරගන්න තමයි තියෙන්නේ ඕං


    2. මොන පැනල්ද හරියන්නේ?

    2dh68gw.jpg


    සූර්ය බල පද්ධතියකට යන්න කලින් තමන්ට ඕන මොනවද කියලා දැනකියාගෙන ඉන්න එක වටිනවා. මුලින්ම සූර්ය කෝෂ වර්ග දෙකක් තියෙනවා. එකක් පොලික්‍රිස්ටලයින් අනික සින්ගල් ක්‍රිස්ටලයින්. මෙතනදී සාමාන්‍යයෙන් කියවෙන්නේ නිර්දේශිත පරිසර තත්ව යටතේදී සින්ගල් ක්‍රිස්ටලයින් පැනල් වඩාත් කාර්යක්ෂමතාවයෙන් වැඩ කරනවා කියලා. මොකද අඩු උෂ්ණත්වයකට වුනත් ඒවා සංවේදී නිසා. ඒත් සෝලාර් පැනල් පාවිච්චි කරන සමහරු කියනවා ලංකාව වගේ අවුරුද්දේ වැඩි කාලයක් අධික හිරු එළියක් ලැබෙන රටකට පොලික්‍රිස්ටලයින් පැනල් හොඳයි කියලා. ඒවා මිලෙනුත් අඩුයි. ඒ කොහොම වුනත් ඔබ ඉන්නා ප්‍රදේශය හා ස්ථානය අනුව ඔබ ‍තෝරගන්න සෝලාර් කිට් සවිකරන ආයතනයේ උපදේශනය මේ සම්බන්ධයෙන් ලබා ගැනීම වඩාත් නුවණට හුරුයි.

    3. ගෙදර ඕනෑම විදුලි උපාංගයකට ඔට්‍ටුද?

    2d0lxd1.jpg


    සාමාන්‍යයෙන් සෝලාර් පැනල් එකකට හිරු එළිය වැටීමෙන් නිෂ්පාදනය වෙන්නේ DC ධාරාවක්. ඒ කියන්නේ ඔය ඉස්සර තිබුණු කළු සුදු ටීවී, DC කරන්ට් එකට වැඩ කරන ලයිට් එහෙම වැඩකරන්න පුලුවන්. ඒත් ගෙදර දොරේ තියෙන AC විදුලියෙන් ක්‍රියාත්මක වෙන සාමාන්‍ය විදුලි උපකරණ පාවිච්චි කරන්න නම් මෙහෙම බෑ. ඒකට ඉන්වර්ටර් එකක් ඕන වෙනවා.

    4. දැන් ඔය ඕනම සෝලාර් කිට් එකක් හරියනවද?

    2vnlugp.gif


    මෙහෙමයි. මුලින්ම දැනගන්න ඕන කාරණා දෙකක් තියෙනවා. එකක්, ඔබ මිලදී ගන්න සෝලාර් පැනල් කිට් එකේ ප්‍රතිදාන වොට් අගය. පැනල් නං වොට් 1 ඉඳන් වොට් 300 වගේ ඉහළට වුනත් ගන්න පුලුවන්. හැබැයි ඔබේ විදුලිබල පරිභෝජනය ගැන හිතලා හරියන වොට් අගයක පැනල් එකක් ගන්න එක හොඳයි. අනෙක් වැදගත්ම කාරණය තමයි වෝල්ටීයතාවය. ඒ කියන්නේ සෝලාර් පැනල් එකට සවි වෙන ඉන්වර්ටර්, චාර්ජ් කොන්ට්‍රෝලර් වගේ උපාංගයන් වල වෝල්ටීයතාවය සහ මේ සෝලාර් පැනල් එකේ වෝල්ටීයතාවය ගැලපෙන්න ඕන. හැබැයි පිළිගත් ආයතනයකින් මේ වැඩේ කරගන්න එකේ වාසිය තමයි මේ විශේෂඥ උපදෙස් ඔවුන් ලබාදෙන එක.


    5. ප්‍රධාන විදුලි පද්ධතියට සම්බන්ධ වෙන්නම ඕනද?

    2b1u3b.jpg


    දැනට නම් දෙන්න තියෙන උත්තරය නැහැ. ක්‍රම දෙකකට ඔබේ සූර්ය බල පද්ධතිය එකලස් කරගන්න පුලුවන්. එකක් ප්‍රධාන විදුලි පද්ධතියට සම්බන්ධ කිරීම. එතකොට තියෙන්න ඕන සම්මතයන් හා ප්‍රමිතීන් ගැන පොඩ්ඩක් කතා කරලම දැනගන්න පුලුවන්. අනෙක් අතට ඕන නම් ප්‍රධාන විදුලි පද්ධතියට සම්බන්ධ නොවන ස්වාධීන පද්ධතියක් විදියට ඔබේ සූර්ය බල ශක්ති පද්ධතිය හදාගන්නත් පුලුවන්. හැබැයි මෙතනදී රාත්‍රී කාලයට විදුලිය භාවිතා කිරීම සඳහා බැටරි කට්ටල එහෙමත් අමතරව ලබාගන්න වෙනවා. ඕන නම් මෙහෙම ස්වාධීන පද්ධතියකින් විදුලිය ලබාගන්නා අතරම ජාතික පද්ධතියෙනුත් විදුලිය ලබාගන්න කිසිම තහනමක් නෑ!

    6. මිළ ගණන් සසඳන්න

    2i1hzz5.jpg


    වෙළෙඳපොළේ එක් එක් මිල ගණන් වලට සෝලාර් පැනල් ගන්න තියෙනවා. සමහරුන්ට ගෙදරදීම සූර්ය බලශක්ති පද්ධතියක් එකලස් කරගන්නත් පුලුවන් අවශ්‍ය මූලික දැනුම තියෙනවා නම්. හැබැයි ඔබට ඒ සඳහා තාක්ෂණික දැනුම නැතිනම් හොඳම දේ තමයි පිළිගත් ආයතනයක් හරහා ඔබේ නිවස පරීක්ෂාකරවාගෙන ගැලපෙන විදියට සූර්යබල ශක්ති පද්ධතියක් මිලදී ගැනීම.

    කිලෝ වොට් 1 ක ජාලගත සූර්ය බලශක්ති පද්ධතියකින් මාසෙකට විදුලි ඒකක (kWh) ඒ කියන්නේ සාමාන්‍යයෙන් මාසෙකට යුනිට් 120 ක් විතර පාවිච්චි වෙන ගෙදරකට කිලෝ වොට් 1 ක පද්ධතියක් ඇති. එයින් යුනිට් 110 – 130 දක්වා නිපදවා ගන්න පුලුවන්. ඊට යන මුදල එක් එක් ආයතනයෙන් ආයතනයට වෙනස් වෙනවා. හැබැයි අපිට කියන්න පුලුවන් මේ ගණන ආසන්න වශයෙන් කිලෝ වොට් 1 ක පද්ධතියකට රු. 350,000/- ඉඳන් 500,000/- දක්වා වෙනවා කියලා. (මේ ගණන් අඩු වැඩි වීම් විය හැකි බව කරුණාවෙන් සලකන්න.) ඒ හින්දා තමයි මේ සඳහා බැංකු ණය පහසුකම් ලබාදෙන්න සහ අමතරව ජාතික පද්ධතියට එකතු කරන විදුලියට පාරිභෝගිකයින්ට ගෙවන්න ක්‍රමවේද හදාගෙන යන්නේ. එතකොට ෂේප් එකේ බැලන්ස් කරගෙන ගිහින් අවුරුදු හත අටක් ගියාට පස්සේ හොඳ මුදලක් උපයාගන්නත්<පුලුවන්.


    7. ඉතින් වෙන වාසි මොනවද?

    2zq7fhe.jpg


    මූලික වියදම ඉතාම වැඩි වුනත් මේ ඉස්සරහට එන ණය ක්‍රමය යටතේ ඒ ගාණ ෂේප් කරගන්න පුලුවන් කියලා කිව්වනේ. ඉතින් එතකොට ගෙදර විදුලි බිල දැකලා මාසෙන් මාසෙට පොඩියට හාට් ඇටෑක් හැදෙන්නේ නැති එකම ලොකු වාසියක්. ඊට පස්සේ ඉතින් මාසෙකට අමතර ගාණක් අතටත් එනවනේ.

    වැඩි වාසිය වැඩි බිලටයි

    මෙහි ඍජුවම වැඩි වාසි හිමි වන්නේ යුනිට් 1කට රු. 45/- ගානේ CEB එකට ගෙවන මාසෙකට යුනිට් 180කට වැඩි ප්‍රමාණයක් භාවිතා කරනා පාරිභෝගිකයන්ටයි. සූර්ය කෝෂ පද්ධතිය සවි කිරීමට ලබාගත් ණය හෝ පහසු ගෙවීම් ක්‍රමයට අයත් මාසික වාරිකය කවර් කරගන්න තරං ප්‍රමාණයක් සූර්ය කෝෂ භාවිතයෙන් විදුලි බිලෙන් අඩු වේවි. ඇත්තටම අදටත් සූර්ය කෝෂ භාවිතයෙන් දවස පුරා AC දාගෙන, Leaf වාහන චාජ් කරගෙන විදුලි බිල 0ට ගෙන ආ කට්ටියක් ලංකාවෙ ඉන්නවා කියන එක බොරු නෙවෙයි.

    මීට සාපේක්ෂව යුනිට් 1කට රු. 7.50 ගානේ ගෙවන මාසෙකට යුනිට් 1 – 30 දක්වා භාවිතා කරනා පාරිභෝගිකයන්ට මින් අත්වන වාසිය අඩුයි. ඊට හේතුව, සූර්ය කෝෂ භාවිතයෙන් මේ අයගේ විදුලි බිලෙන් අඩු වන අය කිරීම ආරම්භක කුඩා සූර්ය කෝෂ කට්ටලයක් වුවත් සවි කිරීමට වැය වන රු. 200,000/-ක පමණ මුදල හා සැසඳූ විට වැඩි වාසියක් නොපෙනීමයි. එහෙත් මෙහිදී විශේෂයෙන් සැලකිල්ලට ගත යුත්තේ, භාවිතය අඩු පාරිභෝගිකයෙකුට, තමාගේ සූර්ය කෝෂ පද්ධතියෙන් නිපදවා භාවිතයට නොගෙන ජාතික පද්ධතියට එකතු කරනා යුනිට් ප්‍රමාණයවැඩි වෙද්දී NetAccounting ක්‍රමයට උපයා ගත හැකි මුදලත් වැඩි වන බවයි.


    අනෙක් වාසි

    තවත් වාසියක් තමයි නියම ප්‍රමිතියට සකස් කල සූර්ය කෝෂ කට්ටල නඩත්තු කරන්න කරදරයක් නැති එක. හොඳ සූර්ය පැනල පද්ධතියක් අවුරුදු 20 ක් 25 ක් වත් කල් පවතිනවා කියලා තමයි විශේෂඥයෝ කියන්නේ. අනික මතක තියාගන්න, ඔබ සමාජයට වගේම පරිසරයටත් ලොකු උදවුවක් කරන්නේ කියලා.

    අවාසි

    අවාසි ගැන කියනවා නං කියන්න තියෙන්නේ එකයි. ඒ තමයි රෑට ඉර පායන්නේ නැති කම. ඉතින් ඒකට කරන්න දේවලුත් උඩ කියලා තියෙනවනේ. ස්වාධීන පද්ධතියක් නම් බැටරි පැක් එකකට ආයෝජනය කරන එක. ජාතික පද්ධතියටම සම්බන්ධ නම් කිසිම අවුලක් නෑ.

    8. කොහොමද පටන් ගන්නේ?

    30dji8p.jpg


    සරලයි. පොඩ්ඩක් අන්තර්ජාලේ හොයල බලන්න. දැනටමත් සූර්ය කෝෂ පද්ධති නිවසටම ඇවිත් සවි කරන පිළිගත් පුද්ගලික ආයතන පවතිනවා. ඒ හැරෙන්නට ජාතික මට්ටමින් කෙරෙන සූර්ය සංග්‍රාම වැඩපිළිවෙල සහ එයින් පහසුකම් ලබාගන්නේ කොහොමද කියන එක මේ පහළ සඳහන් කරලා තියෙන ආයතන හරහා විස්තර ඇතුවම දැනගන්න පුලුවන්!

    9. සුර්ය බලය ලබාගැනීමට පෙර !!!

    සේවා සැපයුම් ආයතනයක් ‍තෝරා ගැනීමේදී ලංකා විදුලි බල මණ්ඩලය සහ ලංකා විදුලි පුද්ගලික සමාගමේ නිර්දේශනය්ට සහ ප්‍රමිතීන්ට ආනුකූලව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය යටතේ ලියාපදිංචි සුදුසුකම් ලත් ආයතනයක්ද කියලා බලන්න.

    සූර්යබල පද්ධතියක් ස්ථාපනය කරනකොට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය හඳුන්වලා දීලා තියෙන ප්‍රමිති කාර්ය සංග්‍රහයට අනුකූලව ප්‍රමිතියකින් යුතු සූරය පැනල, ඉන්වර්ටර් ඇතුළු උපාංග සපයන, ඒ වගේම පළපුරුදු තාක්ෂණික නිලධාරීන් ඉන්න ආයතනයක් ‍තෝරාගන්න.



    සූර්යබල සංග්‍රාමය ගැන තොරතුරු ලබාගන්න පුලුවන් ආයතන මේවායි:

    ලංකා විදුලිමල මණ්ඩලය සහ ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාල
    අංක 50, ශ්‍රී චිත්තම්පලම් ඒ ගාඩිනර් මාවත, කොළඹ 02
    දුරකථන: 0112324471
    වෙබ්: www.ceb.lk



    ලංකා විදුලි පුද්ගලික සමාගම සහ ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාල
    අංක 411, ගාලු පාර, කොළඹ 032
    දුරකථන: 0112371600
    වෙබ්: www.leco.lk


    ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය
    5 වන ගොඩනැඟිල්ල, පළමු මහල, BMICH, බෞද්ධාලෝක මාවත, කොළඹ 07
    දුරකථන: 0112697375
    වෙබ්: www.energy.gov.lk


    ගත්තෙ මෙතනින් - www.Aniwa.lk
    (වැදගත් වෙයි කියල හිතුන හින්ද දැම්ම :yes::yes:)
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,853
    2,158
    113
    Galle
    "අවාසි ගැන කියනවා නං කියන්න තියෙන්නේ එකයි. ඒ තමයි රෑට ඉර පායන්නේ නැති කම"
    meka witharak nam kochchara hondaida



     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    "අවාසි ගැන කියනවා නං කියන්න තියෙන්නේ එකයි. ඒ තමයි රෑට ඉර පායන්නේ නැති කම"
    meka witharak nam kochchara hondaida




    :rofl::rofl: aduma gaane poddak research ekakwath karala liyanawanam kochchara hondada ban.
     

    priyantha3d

    Member
    May 14, 2009
    52
    9
    0
    when net metering going to implement

    Now it's been more than 2 months. Still ceb has no idea when to pay for customers who hv accounting...
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    "අවාසි ගැන කියනවා නං කියන්න තියෙන්නේ එකයි. ඒ තමයි රෑට ඉර පායන්නේ නැති කම"
    meka witharak nam kochchara hondaida

    hehe aka nam atta bn



    :rofl::rofl: aduma gaane poddak research ekakwath karala liyanawanam kochchara hondada ban.
    :yes::yes:


    machan meke inverter eka godak ganan neda? eka giyoth daanna keeyak withara yanawada??
    math mchn meka ussapu article ekak. kattiyata monawa hari danaganna puluwan wei kiyala hithala damme. but oya numbers walata katha karoth wadi wistara danaganna puluwan wei :yes:



    subscribed



    Now it's been more than 2 months. Still ceb has no idea when to pay for customers who hv accounting...
    :shocked::shocked:

    TFS..REP+




    කෝරලේමහත්තයා;21071998 said:
    Thanks machan



    thanx mchnla. rep iwarai adata. heta salakannam :D:D
     
    Nov 27, 2009
    2,139
    107
    0
    lankawe godak solar system wala thiyena awasiya thamai off-grid system nathikama. off grid kiyanne thanikara solar panel+battery pack walin witharak current eka ganna eka. lankawe danata thiyena on-grid ewa main current nathnam solar system ekath off wenawa (inverter off wenawa).