සුරා_කෑම

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මේ ත්‍රෙඩ් එක දේශපාලන මතයක් හෝ කිසිඳු දේශපාලන පක්ෂයකට සහය දැක්වීමක් නොවන බව සලකන්න.

මම 2004 - 2010 දක්වා අධ්‍යාපනය වෙනුවෙන් විදේශ රටක වාසය කලෙමි. විදේශ අධ්‍යාපනය ලබන අතර කාලය තුල අනෙක විදි දුක් විඳිමින් අධ්‍යාපනය හදරුවෙමි. මගේ රක්ෂාව වුයේ අවන්හලක පිගන් සේදීමය. අවහන් හලේ ලැබෙන පඩිය තමන්ගේ පොකට් මනි සඳහා පමණක් සෑහේ. අනෙකුත් මුදල් සියල්ල ගෙදරින් ගෙන්නවා ගත්තෙමි.

එකල මා සුළු වැටුපක් ලැබුවත් දුක් නොවූයෙමි. මන්ද මා පැමිණ ඇත්තේ අධ්‍යාපනය වෙනුවෙන්ය. නමුත් සතුටට පත්වූ තවත් කාරණයක් විය. මා මෝටර් රථයක් මිලදී ගත්තෙමි. මා රටට පය තබා මුල් වසර ඇතුලත සෙකන්ඩ් හෑන්ඩ් Volkswagen Beetle Turbo වර්ගයේ මෝටර් රථයක් මිලට ගත්තෙමි. එය ඩොලර් 3000 පමණ විය. පසුව වට්ටමක් සමග එය ඩොලර් 2950 කට හිමි විය. එම මුදල සම්පුර්නයෙන්ම ගෙවා මා මෝටර් රථය පැදගෙන උජාරුවෙන් ගෙදර ගියෙමි. එරට පුර වැසියෙකුනම් ලංකාවේ රූපවාහිනියක් මිළයට ගන්නාක් මෙන් පොලිය රහිතව වසර දෙකකින් ගෙවා නිමකිරීමට එරට රජය විසින් මහජනතාවට අවස්තාව උදා කර දී ඇත. නමුත් එම වරප්‍රසාදය මට හිමි නොවුනි මන්ද මා විදේශිකයෙකු වන බැවිනි.

නමුත් ඩොලර් 2950 කට භාවිතා කල නවීන මෝටර් රථයක්. ? අදහා ගත නොහැකිය. අත උඩින් ලාබය. එක්කෝ මේ වාහනේ අවුලක් වත් ද , නැතිනම් ලංකාවේ කියන ආකාරයෙන් පොත වත් නැති වෙච්ච වහනයක් ද. එක්කෝ උස්සපු වහනයක් ද ? නැත නැත. එම රටවල වාහන මිල ඉතා අඩුය. විශේෂයෙන් භාවිතා කරන ලද වාහන මිල පවතින්නේ විශාල අඩු අගයකි. බොහෝ දියුණු රටවල මෝටර් රථයක මිල ජනතාවට දරා ගත හැකි අයුරින් පහල අගයක ඇත. අලුතින් ගිය අපිට මෙය මැජික් එකක් විය.

silver_rear1.jpg

මා එකල මිලට ගත් මෝටර් රථයේ සාම්පල් චයරුපයක්.

දැන් තමයි මගේ කතා වස්තු බිජයට පැමිණෙන්නේ. ලංකාවට පැමිණි පසු මා මෝටර් රථයක් මිලට නොගත් අතර 2012 වසර වෙනකන් ත්‍රිවිල් සහ පොදු ප්‍රවාහන සේවය භාවිතා කලෙමි. මට සැබවින්ම වාහනයක අවශ්‍යතාවය නොදැනුනි. කාර්යාලයේ වැඩට යාම සඳහා ඔෆිස් වැන් රථයක් භාවිතා කලෙමි. මාසෙකටම වැන් රථයේ රියදුරා අපෙන් අය කලේ රුපියල් 4300 ක මුදලකි. නමුදු කාර්යාලයේ සියලුම දෙනා හට මෝටර් රථ අති බැවින් සහ මාගේ තත්වය ආරක්ෂා කරගනු වස් පසුගිය 2013 වර්ෂයේ ඇක්වා වර්ගයේ හයිබ්‍රිඩ් මෝටර් රථයක් මිලට ගත්තෙමි. එය එකල මුදලින් ලක්ෂ 33 ගෙවා ගත්තෙමි. ( ජපානයෙන් ආනයනය කරගත්තෙමි. )

LOLC සමාගමෙන් වසර හතක කාලයක් සඳහා වාහන ණය පදනම මත මිලට ගත්තෙමි. එකල මට ඔවුන් zero down payment ආකාරයෙන් මෝටර් රථය මිලට ගැනීමට අවශ්‍ය මුල්‍ය පහසුකම ලබාදුන්නේය.

මාසික වාරිකය රුපියල් 62500 පමණ වේ. මේ වාරික මුදල් හැම මසකම වෙලාවට ගෙවුවත් පසුගිය මාස කිහිපයක ඇරියස් විය. මා වෙනත් ව්‍යාපාරයකට මුදල් යොදවන්නට සිදුවූ බැවින් මෙය වෙලාවට පියවා ගත නොහැකි විය. අද වන විට මගේ සම්පුර්න ඇරියස් මුදල රුපියල් දෙලක්ෂ තිස් දෙදාහක මුදලකි.

අද දින මට පඩිය සහ ව්‍යාපාරයෙන් යම් මුදලක් ලැබෙන අතර එම හිඟ මුදලෙන් ලක්ෂ දෙකක පමණ මුදලක් පියවීමට සිදු වේ. එය අද දින දහවල් 2 - 3 වෙනකොට පියවිය යුතුය. අතට ලැබෙන මුදල අද දින මාගේ මුල්‍ය සමගම වෙනුවෙන් පුද දීමට සිදුවීම කොතරම් අභාගයක් දැයි මා විසින් සිත සිතා වැලපෙමි.

ලංකාවට මේ වහනය ආනයනය කිරීමේදී ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ හතක හෝ දහයක් අතර මිලක් විය.

රජය සහ මුල්‍ය සමාගම් ලංකාවේ මිනිසුන්ව හුරා කන්නේ පහත සඳහන් අයුරින්ය. ගොඩක් මිනිසුන්ට මෙය නොතේරේ . මන්ද ඔවුන්ට විදේශ රටවල වාහන මිල ගණන් පිළිබඳව අවබෝධයක් නොමැති බැවිනි.

1 රජය විසින් 400 % පමණ බදු පනවා වාරයේදීම අහිංසක මිනිසුන්ව හුරා කයි. මේ බදු ප්‍රතිශතය වැරදි නම් නිවැරදි කරන්න.
2 මුල්‍ය සමාගම් විසින් රජයට නොදෙවිනි ලෙස මිනිසුන්ගේ රිරිමංශය උරා බෝයි.
3. රක්ෂණ සමාගම් විසින් හුරා කයි.

ජපානයෙන් ආනයනය කල හයිබ්‍රිඩ් වහනය වෙනුවෙන් මා රුපියල් ලක්ෂ 25 ක පමණ බදු මුදලක් ගෙවා ඇත.

මුල්‍ය සමාගමට ලක්ෂ 20 සහ ප්‍රමාද ගාස්තු
( ඇරියස් පොලිය ) වශයෙන් ගෙවා ඇත. ශ්‍රී ලංකාවේ 90 % කටත් වඩා මුල්‍ය සමාගම් දිනකට එකතු කරන ප්‍රමාද ගාස්තුව අති විශාලය. දල වශයෙන් රුපියල් ලක්ෂ විසි 26 වත් අවසානයේ එකතු වනු ඇත.

රක්ෂණ සමාගම් ද යම් ප්‍රමාණයක් සුරා කන නමුදු මේ හා සා මුදල් ප්‍රමාණයක් රජය සහ මුල්‍ය සමාගම් විසින් සුරා කනු දැකීම තුලින් මෙය
නොසැලකිය හැකිය.

මාගෙන් රජය සහ මුල්‍ය සමාගම්විසින් සුරා කන මුළු මුදලේ වටිනාකම රුපියල් ලක්ෂ 56 කට ආසන්නය

ඉතින් මේ ගසා කෑම් නවතින්නේ කවදාද . රජය විසින් 50 % අවම මුලික ගෙවීමක් යටතේ ලිසින් පහසුකම් ලබාදීමට නියෝග කර තිබීමද එක්තරා මට්ටමක යහපත් ක්‍රියාවකි. එමගින් ජනතාව මුල්‍ය සමාගම් විසින් සුරා කෑම මද පමණකට හෝ අඩු වුනු ඇත.

Last edited:
  • Like
Reactions: [email protected]

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,845
    2
    54,510
    113

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    සිංහලු ඕනෙවට වඩා ඉදිමෙන්න ගියාම ඕක තමයි වෙන්නේ. මූලිකම කාරණේ වෙන රටකට ගිය උන් හිතන්නේ ඒ රටවල් වල වාහන මිල විතරක් මෙහෙත් මිල වෙන්න ඕන කියලා. එහෙම බලනවා නම් සිංගප්පූරුවට ගිහින් සසඳපන්. මෙහෙ ටැක්ස් හොඳටම වැඩියි තමයි. ඒක නම් මේ කාලකන්නි මොන වේසිගේ ආණ්ඩුව ආවත් අඩු කරන්නේ නෑ. එක විදියකට තියන්නේ නෑ. එහෙමයි කියලා තැන තැන දුක්ගැනවිලි කීවට වැඩක් නෑ. තමන්ට දරන්න පුළුවන් ප්‍රමාණෙන් වැඩ කරගන්න ඕන. අතේ පිච්චියක් තියන් ලක්ෂ 35ක 40ක වාහන ගන්න යනවා. බලපන් ලීසිං උපරිම දාන්නේ අවුරුදු 5කට. ඒකත් හෙන පොලියක් එනවා අතින් 30% දුන්නත් පහුගිය කාලෙ. හද්දම ගොංකමක් අවුරුදු 6කට දාන එක. දාන්න බෑ ඇත්තටම. නමුත් ලීසිං සක්කිලි දාලා දෙනව ක්‍රමයකට. මාසෙට 65ක් විතර ගෙවනවා කීවම ඕන හරකෙක්ට තේරෙනවා ඒ වගේ වාරික 72ක් ගෙවන්න ඕන බව.

    අනික "ලොල්සී" ලීසින් කියන්නේ හොම්බෙන්ම යන්න වෙන ලීසින්. ලොල්සී පටන් ගද්දි ඉර දෙන්නම් හඳ දෙන්නම් කියලා අන්තිමට කෙලවෙනවා ගෙවාගෙන යද්දි. මගදි සල්ලි ටිකක් වැඩියෙ දැම්මත් පොලිය අඩු කරන්නේ නෑ. පීපල්ස් ලීසින් දැනට හොඳයි. ඕන එකෙක් එක්ක කම්පෙයා කරපන් පීපල් ලීසින් පට්ටම පට්ට. නැතිනම් බෑන්ක් එකකට යන්න ඕන. තමන්ට දරන්න පුළුවන් තරමට වැඩ කරපල්ලා බං. අදට වඩා හෙට හොඳ වෙන් නෑ ලේසියෙන් මේ යන විදියට. අනික ඔය ගණන් කම්පෙයා කරද්දි අනික් දේවලුත් කම්පෙයා කරහන්. පොදු ප්‍රවාහන සේවයේ මිල ගණන්, වැඩ කරන පැයකට කෙනෙක්ට ගෙවන්න ඕන ගාණ, ගෙවල් ඉඩම් වල ගණන් එහෙම. වාහනයක් ගන්නකොට හොයලා බලලා ගණින්. ලීසින් කාරයෝ කියන්නේ අම්බ කපටියො රැලක්. ලේසියෙන් අවන්ක උන් නෑ. උන්ගේ මාසෙට ටාගට් එකට මිනිස්සුන්ව අන්දලා කොහොමහරි ඩැහැගන්න බලන්නේ. අනික වාහන ගන්නකොට තැන් කීපෙකින් බලලා මිනිස්සු එක්ක කතා කරලා දැනගනින් වාහනයක් ගන්නකොට බලන්න ඕන දේවල්, ගණන් මිමි, හැප්පිච්ච තැලිච්ච එව්වද, මීටර් කරකෝලද අරක මේක. මේ ලඟදි එකෙක් විසෙල් එකක් අරන්. ගද්දි මයිලේජ් එක හෙන අඩුයිලු. දැන් ඩෑශ්බෝඩ් එකේ ලයිඩ් එකක් එනවා ! මාක් එක වගේ. බැලින්නම් ඉස්සරහා බ්‍රේඩ් ගෙවිලා නැතිවෙන්න. මීටර් කරකෝපු ජරාවකට අහු වෙලා. ජායි ජැවික් එහෙම ඔන්ලයින් චෙක් කරලා ගනිව් යකුනේ ගන්නකොට.
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543

    Well said machan.

    Sinhapore wala apita wada ganan wahana. Habai ithin in he public transport hodai ne.

    Ape ewun wahana ganna status eka pennanna. Ape witharai newei Indian ewun ge th thiyenawa oya trait eka.

    Mage yaluwek prius ekak gaththa 95,000k set wuna lease eka. Paan kiyaganna baruwa inne. Leasing karayo karanneth business ekak. Lease eke issaralama gewenne interest eka. E nisa awurudu 3k gihin settle karanne yanawa eka paadui. Hoyala balanneth nathuwa hadissiyakata lease daala anaganna ewun godai.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    සිංහලු ඕනෙවට වඩා ඉදිමෙන්න ගියාම ඕක තමයි වෙන්නේ. මූලිකම කාරණේ වෙන රටකට ගිය උන් හිතන්නේ ඒ රටවල් වල වාහන මිල විතරක් මෙහෙත් මිල වෙන්න ඕන කියලා. එහෙම බලනවා නම් සිංගප්පූරුවට ගිහින් සසඳපන්. මෙහෙ ටැක්ස් හොඳටම වැඩියි තමයි. ඒක නම් මේ කාලකන්නි මොන වේසිගේ ආණ්ඩුව ආවත් අඩු කරන්නේ නෑ. එක විදියකට තියන්නේ නෑ. එහෙමයි කියලා තැන තැන දුක්ගැනවිලි කීවට වැඩක් නෑ. තමන්ට දරන්න පුළුවන් ප්‍රමාණෙන් වැඩ කරගන්න ඕන. අතේ පිච්චියක් තියන් ලක්ෂ 35ක 40ක වාහන ගන්න යනවා. බලපන් ලීසිං උපරිම දාන්නේ අවුරුදු 5කට. ඒකත් හෙන පොලියක් එනවා අතින් 30% දුන්නත් පහුගිය කාලෙ. හද්දම ගොංකමක් අවුරුදු 6කට දාන එක. දාන්න බෑ ඇත්තටම. නමුත් ලීසිං සක්කිලි දාලා දෙනව ක්‍රමයකට. මාසෙට 65ක් විතර ගෙවනවා කීවම ඕන හරකෙක්ට තේරෙනවා ඒ වගේ වාරික 72ක් ගෙවන්න ඕන බව.

    අනික "ලොල්සී" ලීසින් කියන්නේ හොම්බෙන්ම යන්න වෙන ලීසින්. ලොල්සී පටන් ගද්දි ඉර දෙන්නම් හඳ දෙන්නම් කියලා අන්තිමට කෙලවෙනවා ගෙවාගෙන යද්දි. මගදි සල්ලි ටිකක් වැඩියෙ දැම්මත් පොලිය අඩු කරන්නේ නෑ. පීපල්ස් ලීසින් දැනට හොඳයි. ඕන එකෙක් එක්ක කම්පෙයා කරපන් පීපල් ලීසින් පට්ටම පට්ට. නැතිනම් බෑන්ක් එකකට යන්න ඕන. තමන්ට දරන්න පුළුවන් තරමට වැඩ කරපල්ලා බං. අදට වඩා හෙට හොඳ වෙන් නෑ ලේසියෙන් මේ යන විදියට. අනික ඔය ගණන් කම්පෙයා කරද්දි අනික් දේවලුත් කම්පෙයා කරහන්. පොදු ප්‍රවාහන සේවයේ මිල ගණන්, වැඩ කරන පැයකට කෙනෙක්ට ගෙවන්න ඕන ගාණ, ගෙවල් ඉඩම් වල ගණන් එහෙම. වාහනයක් ගන්නකොට හොයලා බලලා ගණින්. ලීසින් කාරයෝ කියන්නේ අම්බ කපටියො රැලක්. ලේසියෙන් අවන්ක උන් නෑ. උන්ගේ මාසෙට ටාගට් එකට මිනිස්සුන්ව අන්දලා කොහොමහරි ඩැහැගන්න බලන්නේ. අනික වාහන ගන්නකොට තැන් කීපෙකින් බලලා මිනිස්සු එක්ක කතා කරලා දැනගනින් වාහනයක් ගන්නකොට බලන්න ඕන දේවල්, ගණන් මිමි, හැප්පිච්ච තැලිච්ච එව්වද, මීටර් කරකෝලද අරක මේක. මේ ලඟදි එකෙක් විසෙල් එකක් අරන්. ගද්දි මයිලේජ් එක හෙන අඩුයිලු. දැන් ඩෑශ්බෝඩ් එකේ ලයිඩ් එකක් එනවා ! මාක් එක වගේ. බැලින්නම් ඉස්සරහා බ්‍රේඩ් ගෙවිලා නැතිවෙන්න. මීටර් කරකෝපු ජරාවකට අහු වෙලා. ජායි ජැවික් එහෙම ඔන්ලයින් චෙක් කරලා ගනිව් යකුනේ ගන්නකොට
    .

    ඔව් උබ කියන එක ඇත්ත ඕනවට වඩා සමාජ තත්වය ආරක්ෂා කරගන්න ගියාම ඕක වෙනවා. සිංගප්පුරුව වගේ රටක මිනිස්සුන්ගේ ආර්ථික තත්වය ලංකාවට වඩා ගොඩක් ඉහලයි. එක නිසා ටැක්ස් වැඩියි.

    ලංකාවේ මුල්‍ය සමාගම් මොන එක ගත්තත් වෙනස් වන්නේ සුළු වශයෙන්. මම මෙතන අදහස් කලේ මුල්‍ය සමාගම් හෝ වේවා නැතිනම් බැංකු වේවා ලිසින් සඳහා අයකරන් පොලිය ඉතා විශාලයි. ඔන්න ඔය දේ තමයි මම පෙන්වන්න උත්සහ කලේ.

    LOLC ආයතනයෙන් කරන තවත් කපටි වැඩක් තමයි සල්ලි තියන වෙලවට පොඩි මුදලක් හරි දාන්න නොදෙන එක. LOLC එකට කුට්ටි පිටින් මුදල් ඕනේ.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,152
    8,839
    113
    Dubai
    ලංකාව ගැන කල්පනා කරනකොට මාර විදියට කලකිරෙනවා බන්. අහින්සක මිනිස්සුන්ගේ චන්දෙ වලින් පාර්ලිමේන්තුවට ගිය කාලකන්නි සක්කිලි දේශපාලකයෝ අහින්සක මිනිහාවම මරාගෙන කනවා. ඩුබායි වල හොද තත්වයේ තියෙන පාවිච්චි කරපු කාර් එකක් ඩිරාම්ස් 3000කට ගන්න පුලුවන්. ඒ කියන්නේ ලංකාවේ මුදලින් නම් 120000ක් වගේ. පාවිච්චි කරපු ත්‍රීවීල් එකක්වත් ඒ ගානට ලංකාවේ ගන්න පුලුවන්ද බලපන්. ඒ ගානට පාවිච්චි කරපු කාර් එකක් ගන්න පුලුවන්නම් අලුත්ම බ්‍රැන්ඩ් නිව් කාර් එකක් මෙහේ කීයක් වෙයිද කියලා හිතා ගන්න පුලුවන්නේ. කිසිම පොලියක් නැතුව මාසික වාරික ගෙවන විදියට Cadillac, Chevrolet, Mercedes-Benz, BMW වගේ අධි සුඛෝපභිගී කාර් එකක් උනත් ගන්න පුලුවන් වාතාවරනයක් මෙහේ තියෙන්නේ. හිතපල්ලා සිංහලුනේ අපේම පර සිංහල දේශපාලකයෝ රටේ මිනිස්සුන්ව රවට්ට රවට්ට ගසා කන ගසා කෑම... තවමත් අපේ රටට කිසිම සුගතියක් නැත්තේ කැපුවත් කොල කැපුවත් නිල් කියාගෙන උද්දච්ච කමෙන් ඉන්න ජාතිය ගැන ලොකුවට පාරම් භාන අපේම එවුන් නිසයි
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Monawa karannada ban Sri Lanka kiyanne 3 weni loke ratak ne? 1st world country ekaka dena pahasukam balaporoththu wenna ba.

    Math loku ganak deela (nearly 2 million) 20 years old Car ekak gaththa 'status' thiyaganna :lol:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ලංකාව ගැන කල්පනා කරනකොට මාර විදියට කලකිරෙනවා බන්. අහින්සක මිනිස්සුන්ගේ චන්දෙ වලින් පාර්ලිමේන්තුවට ගිය කාලකන්නි සක්කිලි දේශපාලකයෝ අහින්සක මිනිහාවම මරාගෙන කනවා. ඩුබායි වල හොද තත්වයේ තියෙන පාවිච්චි කරපු කාර් එකක් ඩිරාම්ස් 3000කට ගන්න පුලුවන්. ඒ කියන්නේ ලංකාවේ මුදලින් නම් 120000ක් වගේ. පාවිච්චි කරපු ත්‍රීවීල් එකක්වත් ඒ ගානට ලංකාවේ ගන්න පුලුවන්ද බලපන්. ඒ ගානට පාවිච්චි කරපු කාර් එකක් ගන්න පුලුවන්නම් අලුත්ම බ්‍රැන්ඩ් නිව් කාර් එකක් මෙහේ කීයක් වෙයිද කියලා හිතා ගන්න පුලුවන්නේ. කිසිම පොලියක් නැතුව මාසික වාරික ගෙවන විදියට Cadillac, Chevrolet, Mercedes-Benz, BMW වගේ අධි සුඛෝපභිගී කාර් එකක් උනත් ගන්න පුලුවන් වාතාවරනයක් මෙහේ තියෙන්නේ. හිතපල්ලා සිංහලුනේ අපේම පර සිංහල දේශපාලකයෝ රටේ මිනිස්සුන්ව රවට්ට රවට්ට ගසා කන ගසා කෑම... තවමත් අපේ රටට කිසිම සුගතියක් නැත්තේ කැපුවත් කොල කැපුවත් නිල් කියාගෙන උද්දච්ච කමෙන් ඉන්න ජාතිය ගැන ලොකුවට පාරම් භාන අපේම එවුන් නිසයි

    මොන දේශපාලන පක්ෂයත් එක්කයි. හැම එකාම මිනිස්සුන්ව ගසා කනවා. එකෙන් උන් සුර සැප විඳිනවා.

    සුර සැප විඳින්නේ දේශපාලකයින් සහ මහා මුල්‍ය සමාගම්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,157
    113
    Gotland
    කතාව ඇත්ත බං
    ලංකාවේ බයික් එකක් ගන්නහ්හ් ගානෙන් වෙන රටවල හොඳ වාහනයක් ගන්න පුළුවන්. ඒ රටවල වාහන හැදුව හෝ නැතා ටැක්ස් හෙන අඩුයි. ලංකාවේ ඉතිං දැන් අස්ම්බල් කරත් ඕකට ටැක්ස් ගහයි.

    ඒ මදිවට ලිසිං පොලි.. අනිත් එක නීති හදල තියෙන්නේ කොම්පැනි වලට වාසි වෙන විදිහට.

    උඹ කොහෙද ඉගෙන ගට්ට රට ?
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    කතාව ඇත්ත බං
    ලංකාවේ බයික් එකක් ගන්නහ්හ් ගානෙන් වෙන රටවල හොඳ වාහනයක් ගන්න පුළුවන්. ඒ රටවල වාහන හැදුව හෝ නැතා ටැක්ස් හෙන අඩුයි. ලංකාවේ ඉතිං දැන් අස්ම්බල් කරත් ඕකට ටැක්ස් ගහයි.

    ඒ මදිවට ලිසිං පොලි.. අනිත් එක නීති හදල තියෙන්නේ කොම්පැනි වලට වාසි වෙන විදිහට.

    උඹ කොහෙද ඉගෙන ගට්ට රට ?

    ඔව් මහා පරිමාන මුල්‍ය සමාගම් වලට පවතින රජයන් ඕන ඕන හැටියට ගසා කන්න ඉඩ දෙනවා. එවැනි මුල්‍ය සමාගම් දේශපාලකයින්ට හොඳට සලකනවා.

    සජින්වාස් ට LOLC විසින් රුපියල් ට්‍රිලියනයක නය මුදලක් ලබා දීම හොඳ උදාහරණයක්. දැන් සජින්වාස් ණය මුදල ගෙවල ත් නැහැ. එක LOLC සමාගම විසින් අත ඇරලා දාලා.
    States වල හිටියේ.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,152
    8,839
    113
    Dubai
    මොන දේශපාලන පක්ෂයත් එක්කයි. හැම එකාම මිනිස්සුන්ව ගසා කනවා. එකෙන් උන් සුර සැප විඳිනවා.

    සුර සැප විඳින්නේ දේශපාලකයින් සහ මහා මුල්‍ය සමාගම්

    වැඩක් නෑ බන් ඒ ගැන කතා කරලා. මේ රටවල් දවසින් දවස දියුනු වෙන හැටි දැක්කාම මාර දුකක් එන්නේ ලංකාව ගැන.. වැඩිය ඕනේ නෑ ගොඩක් දුරට ඩුබායි Sheikh යන්නේ එයාගේ බෙන්ස් ජීප් එක එයාම ඩ්‍රැව් කරගෙන. ස්කොඩ් එකට යන්නේ පොලිස් ජීප් එකක් නැත්නම් දෙකක්. සමහරවිට තනියමත් යනවා. ඕනම කලර් ලයිට්ස් වල නතර කරලා මාර්ග නීති අනුව වාහනේ පදවගෙන යන්නේ. මම මගේ ඇස් දෙකටම දැකලා තියෙනවා. එහෙමද ලංකාවේ? නොදකින් කියලා හිතෙනවා අපේ රටේ දේශපාලුවෝ යන හැටි දැක්කාම..ඉතින් රටක් හැදෙයිද කියපන්
     
    Last edited:

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    වැඩක් නෑ බන් ඒ ගැන කතා කරලා. මේ රටවල් දවසින් දවස දියුනු වෙන හැටි දැක්කාම මාර දුකක් එන්නේ ලංකාව ගැන.. වැඩිය ඕනේ නෑ ගොඩක් දුරට ඩුබායි Sheikh යන්නේ එයාගේ බෙන්ස් ජීප් එක එයාම ඩ්‍රැව් කරගෙන. ස්කොඩ් එකට යන්නේ පොලිස් ජීප් එකක් නැත්නම් දෙකක්. සමහරවිට තනියමත් යනවා. ඕනම කලර් ලයිට්ස් වල නතර කරලා මාර්ග නීති අනුව වාහනේ පදවගෙන යන්නේ. මම මගේ ඇස් දෙකටම දැකලා තියෙනවා. එහෙමද ලංකාවේ? නොදකින් කියලා හිතෙනවා අපේ රටේ දේශපාලුවෝ යන හැටි දැක්කාම..ඉතින් රටක් හැදෙයිද කියපන්

    එක අපේ පෙර කරුමයක් වෙන්න ඇති බන්. වෙනත් රටවල බෙන්ස් , BMW , පොශේ වගේ වාහන ලක්සරි වාහන ලෙස සලකන්නේ නැහැ. ඒවා අපි පාවිච්චි කරන සාමාන්‍ය ජපන් වාහන වගේ.

    අපිත් එක එකාව බලයට පත් කරනවා. කවුරුවත් අපි වෙනුවෙන් ඉන්නේ නැහැ. මචන් මේක තනිකරම මහා මංකොල්ලයක්.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ai ban lankawata awe

    කොහෙගියත් ලංකාව වගේ නැති නිසා අවා ඉතින්. අපිත් එක්ක හිටපු උන් දැන් හොඳට සේටල් වෙලා ඉන්නේ. මගේ කරුමෙට මම අයෙත් ලංකාවට ආවා. ඒකාලේ හිටපු කෙල්ලගේ නහයෙන් ඇඩිල්ලටම ආවේ. දැන් මට කෙල්ලත් නැහැ රටත් නැහැ. දැන් මට ආයෙත් යන්න හිතෙනවා. ඒත් ඒක කරන්න බැහැ. ගියොත් ආයේ මුල ඉඳලම හැදෙන්න වෙනවා. ඉස්සර යුනිවර්සිටි යන කලේ වගේ කඩවල පිගන් හෝදන්න ආයේ බැහැ.

    ඔසී මයිග්රේෂන් නම් දාල තියෙන්නේ. එකනම් දැන් 90 % වඩා සාර්ථක වෙලා. බොහෝදුරට ඔසී යන්න පුළුවන් වෙයි. එහෙම උනොත් බැඳලා ගෑනිත් එක්කම යනවා.
     
    Last edited:

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    කොච්චර උනත් ශ්‍රී ලංකාවේ වහනයක් තියනකොට පොලිස් කාරයෙක් උනත් සලකනවා. මිනිස්සුන්ගෙන් ලැබෙන සලකිලිත් වැඩියි. පිට රටකදී වහනයක් තිබ්බ කියලා වහනය වෙනුවෙන් විශේෂ තැනක් හිමි වෙන්නේ නැහැ.

    ඔන්න ඔතන තමයි අපිට වැරදුනේ. ලෝකෙට පෙන්න පොෂ් එකට ඉන්න ගියාම ඇනෙනවා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,845
    2
    54,510
    113
    කොච්චර උනත් ශ්‍රී ලංකාවේ වහනයක් තියනකොට පොලිස් කාරයෙක් උනත් සලකනවා. මිනිස්සුන්ගෙන් ලැබෙන සලකිලිත් වැඩියි. පිට රටකදී වහනයක් තිබ්බ කියලා වහනය වෙනුවෙන් විශේෂ තැනක් හිමි වෙන්නේ නැහැ.

    ඔන්න ඔතන තමයි අපිට වැරදුනේ. ලෝකෙට පෙන්න පොෂ් එකට ඉන්න ගියාම ඇනෙනවා.

    නමුදු කාර්යාලයේ සියලුම දෙනා හට මෝටර් රථ අති බැවින් සහ මාගේ තත්වය ආරක්ෂා කරගනු වස් පසුගිය 2013 වර්ෂයේ ඇක්වා වර්ගයේ හයිබ්‍රිඩ් මෝටර් රථයක් මිලට ගත්තෙමි. එය එකල මුදලින් ලක්ෂ 33 ගෙවා ගත්තෙමි. ( ජපානයෙන් ආනයනය කරගත්තෙමි. )

    අර සිගරට් හිඟ වෙච්ච කාලෙ බීඩි මිටියක් තියල පොටෝ එකක් ගහල තිබ්බ ඇක්වා එක නේද? :D

    මේ දවස් වල සිගරැට් නැහැ යකෝ. අද කිලෝමීටර් 10 විතර ගියා සිගරට් හොයන්න. බැරිම තැන බීඩි මිටියක් ගත්තා. :no:

    ලජ්ජාවෙන් කඩේට ගිහින් බොරුවට ෆෝන් එක අරන් " අහ බසුන්නහේ මොනවද බීඩි නේද ඕනේ " කියල ගෙදර මේසන් බාස් ට ගෙනියන්න වගේ බිඩි මිටිය ගත්තා.

    බිඩි දෙකක් බිවුවා. ගන්දස්කාරේ බැහැ යකෝ. සෙම වැක්කෙරෙන්න ගත්තා.

    ivXOrKr.jpg
     
    Last edited:
    • Like
    Reactions: KDH