Gastritis - pls help machan

Roamstar

Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    ඉදිරියේ රාළ;21104590 said:
    සිංහල බේත් කඩේ තියෙනවා ක්‍රිමිරාජ කැස්ස පැණිය කියල තැඹිලි පාට බෝතලයක් - ඒ බෝතලේ ගහල තියෙන විදියට බිව්වාම ගාණට ලස්සනට සෙම උණ දෙකම බස්ස ගන්න පුළුවනි :yes:
    ඒක මම ගත්ත මචන්. පිළිවෙලකට බිව්වේ නම් නෑ. කොහොමත් මොන බේතවත් අහන එකක් නෑ බන් ඇඟේ උෂ්නේ අඩු වෙනකන්. දැන් මේ මාසේ අග ගිහින් ඔක්කොම විස්තරේ කියලම බේත් ගන්නවා. මම අහපු එකට පොඩ්ඩක් උත්තරයක් දියන්කෝ. අපේ immune system strong විදියට එක තියාගන්න මොනවද කරන්න ඕනේ කියල.
     
    tewera

    Well-known member
  • Jun 5, 2010
    1,523
    198
    63
    cmb
    Gastritis hadila endorscopy ekak karala thiyanwada umbalage

    ara cable ekak kata athulen daala ?

    ridenwada ? kohomada ?

    mata gastrities hadila consultant kenek gen beheth gattha beheth bona kota honda una but nawatthapu gaman apahu awa... pora kiuwa apahu awoth endorscopy ekak karan enna kiyala

    bayai ban karanna

    mekata wena visadumak nadda

    pls help

    බටේ පුකෙන් නේද දාන්නෙ බන්
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    බටේ පුකෙන් නේද දාන්නෙ බන්

    ඒ colonoscopy කරද්දී. ගුද මාර්ගය,මහ බඩවැල නිරීක්ෂණය කරන්ඩ ඒක කරන්නේ.
    මේක endoscopy එකක්. මේකට බටේ දාන්නේ කටින්.
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    imaging-fda-approval.jpg

    මේ ගැජට්එක ලංකාවේ නැද්ද? ගිලපුහම මුළු අහාර මාර්ගේම photo ටික වැදිලා එන එව්වා.
     
    Dark9t

    Active member
  • Apr 12, 2014
    505
    143
    43
    Colombo
    imaging-fda-approval.jpg

    මේ ගැජට්එක ලංකාවේ නැද්ද? ගිලපුහම මුළු අහාර මාර්ගේම photo ටික වැදිලා එන එව්වා.

    ඔය test එකට ලක්ෂ ගානක් යනවා
     
    lasantha79

    Active member
  • Jun 20, 2008
    126
    96
    28
    Colombo
    වයස අවු හතලිහට වැඩිද, ගොඩක් සිගරට් අරක්කු බුලත් විට පාවිච්චි කරනවද, නැත්නම් ලේ නෑ යන්ට පිලික එහෙම තියෙනවද? එහෙනම් එන්ඩොස්කොපි අනිවාර්යයි. ඔයා තරුණ නම් ඉහත ඒවා මොනවත් නැත්නම් ගස්ට්‍රිටිස් වලට ප්‍රධාන හේතුව helicobacter pylori කියන බැක්ටීරියාව ආමාශයේ බිත්තියේ ආසාදනය වීමයි. මේක සදහා europyle kit කියන බෙහෙත සතියක් බීල RABEPRAZOLE කියන පෙත්ත දිනකට එක වරක් අවුරුද්දක් ගන්න ඕනේ. හැදෙන අමාරු වෙලවට gaviscone කියන සිරප් එක ගන්න ඕනේ. එන්ඩොස්කොපි කරලා ගැස්ට්‍රයිටිස් තියෙනවා කියලා හොයා ගත්තත් ඕවා තමයි දෙන්නේ. මේ නිසා ඔයාගේ පවුලේ වයිද්යවරයා හම්බ වෙලා සාකච්චා කරලා මේ බහෙත් ලියවා ගන්න. සිංහල බෙහෙත් කීයටවත් කරන්න එපා.
     
    • Like
    Reactions: redundent

    lasantha79

    Active member
  • Jun 20, 2008
    126
    96
    28
    Colombo
    imaging-fda-approval.jpg

    මේ ගැජට්එක ලංකාවේ නැද්ද? ගිලපුහම මුළු අහාර මාර්ගේම photo ටික වැදිලා එන එව්වා.

    මේක කැප්සියුල් එන්දොස්කොපි එක . ගැස්ට්‍රයිටිස් වලට කරලා වැඩක් නැහැ. කුඩා බඩවැලේ ගැටළු වලට තම කරන්නේ. :)
     
    වයස අවු හතලිහට වැඩිද, ගොඩක් සිගරට් අරක්කු බුලත් විට පාවිච්චි කරනවද, නැත්නම් ලේ නෑ යන්ට පිලික එහෙම තියෙනවද? එහෙනම් එන්ඩොස්කොපි අනිවාර්යයි. ඔයා තරුණ නම් ඉහත ඒවා මොනවත් නැත්නම් ගස්ට්‍රිටිස් වලට ප්‍රධාන හේතුව helicobacter pylori කියන බැක්ටීරියාව ආමාශයේ බිත්තියේ ආසාදනය වීමයි. මේක සදහා europyle kit කියන බෙහෙත සතියක් බීල RABEPRAZOLE කියන පෙත්ත දිනකට එක වරක් අවුරුද්දක් ගන්න ඕනේ. හැදෙන අමාරු වෙලවට gaviscone කියන සිරප් එක ගන්න ඕනේ. එන්ඩොස්කොපි කරලා ගැස්ට්‍රයිටිස් තියෙනවා කියලා හොයා ගත්තත් ඕවා තමයි දෙන්නේ. මේ නිසා ඔයාගේ පවුලේ වයිද්යවරයා හම්බ වෙලා සාකච්චා කරලා මේ බහෙත් ලියවා ගන්න.
    එතකොට ඒ බැක්ටීරියාව එතන අසාදනය වෙන්න හේතුව මොකක්ද ? :nerd:
    සිංහල බෙහෙත් කීයටවත් කරන්න එපා.
    සිංහල බේත් වලින් ගැස්‍රයිටිස් නිට්ටාවටම සුව වුණ ලෙඩ්ඩු ඔනෑ තරම් ඉද්දි, තාම හරියට ගැස්රයිටිස් දොස්තර කමින් හොද කරගන්න බැරුව තියෙද්දි , ඇයි සිංහල බේත් කරන්න එපා කියන්නෙ ? :nerd:
     
    lasantha79

    Active member
  • Jun 20, 2008
    126
    96
    28
    Colombo
    ඉදිරියේ රාළ;21106355 said:
    එතකොට ඒ බැක්ටීරියාව එතන අසාදනය වෙන්න හේතුව මොකක්ද ? :nerd: සිංහල බේත් වලින් ගැස්‍රයිටිස් නිට්ටාවටම සුව වුණ ලෙඩ්ඩු ඔනෑ තරම් ඉද්දි, තාම හරියට ගැස්රයිටිස් දොස්තර කමින් හොද කරගන්න බැරුව තියෙද්දි , ඇයි සිංහල බේත් කරන්න එපා කියන්නෙ ? :nerd:

    ඒ විසබීජය ආහාර හරහා එන්නේ. අමාශයේ බිත්තිය ආසාදනය කරනවා.
    බටහිර වෙදකමෙන් ගස්ට්‍රිටිස් හොඳ වුන අය ඕන තරම් ඉන්නවා. සුළු ප්‍රතිශතයක් සුව වෙන්න කල් ගන්නවා. හරියට බෙහෙත් කලොත් ගොඩ. සිංහල වෙදකම් කරන වේද මහත්වරු කරන්නේ omeprazole ,rabeprazole , වගේ බටහිර බෙහෙත් අරන් ගිහින් ඉතා විශාල මාත්‍රා වලින් ගුලි,කලක වාගේ ඒවාට මිශ්‍ර කරලා ලෙඩාට දෙනවා. බොරු නම් ෆාමසි එකකින් අහන්න වේද මහත්වරු බටහිර බෙහෙත් තොග පිටින් ගෙනියන හැටි. ඇරත් ඔබ කියන විදියට මම නම් දැකලා නැහැ සිංහල වෙදකමෙන් ඉතා සාර්ථක ප්‍රතිකාර කරනවා.
     
    ඒ විසබීජය ආහාර හරහා එන්නේ. අමාශයේ බිත්තිය ආසාදනය කරනවා.
    ආමාශයික ශ්‍රාව වල pH අගය 1.5ත් 2ත් අතරෙ තියෙද්දි එච්චර උග්‍ර ආම්ලික මාධ්‍යයක් ගෑවෙන ආමාශ බිත්තියෙ බැක්ටීරියා හැදෙන්නෙ මොන විද්‍යාවට අනුකූලවද මහත්තයෝ ?
    බටහිර වෙදකමෙන්
    බටහිර "වෙදකමක්" නෑ, තියෙන්නෙ දොස්තර කම , ඒක හොඳට මතක තියා ගන්න.
    ගස්ට්‍රිටිස් හොඳ වුන අය ඕන තරම් ඉන්නවා.
    එහෙනම් එළකිරියෙත් අඩුම තරමින් 50%ක් වත් ඉන්න ඔනෑනේ ගැස්ට්‍රික් හොඳ කරගත්තු අය, නමුත් ලෙඩ ගැන කතා කරන අයගෙන් එක්කෙනෙක් වත් තාම බටහිර දොස්තර කමෙන් gastritis හොඳ කරගෙන නෑ - ඇයි ඒ ?
    සුළු ප්‍රතිශතයක් සුව වෙන්න කල් ගන්නවා. හරියට බෙහෙත් කලොත් ගොඩ. සිංහල වෙදකම් කරන වේද මහත්වරු කරන්නේ omeprazole ,rabeprazole , වගේ බටහිර බෙහෙත් අරන් ගිහින් ඉතා විශාල මාත්‍රා වලින් ගුලි,කලක වාගේ ඒවාට මිශ්‍ර කරලා ලෙඩාට දෙනවා.
    පට්ටපල් බොරු කියන්න එපා. අම්ලපිත්ත රෝගය නිට්ටාවටම සුවකරන දේශීය වෛද්‍යවරු ගුලි කල්ක අම්ල පිත්ත රෝගයට නියම කරන්නෙත් නෑ :lol::lol:
    බොරු නම් ෆාමසි එකකින් අහන්න වේද මහත්වරු බටහිර බෙහෙත් තොග පිටින් ගෙනියන හැටි.
    ප්‍රවීණ පිළිගත් දේශීය වෛද්‍යවරු ෆාමසි වලින් බේත් ගන්නෙ නෑ. ෆාමසියෙන් බේත් ගන්න අයට ඔයා වෙද මහත්තුරු කියන්නෙ වැරදීමකින් හෝ ඔනෑ කමින් පාඨකයා මුලා කරන්නයි.
    ඇරත් ඔබ කියන විදියට මම නම් දැකලා නැහැ සිංහල වෙදකමෙන් ඉතා සාර්ථක ප්‍රතිකාර කරනවා.
    එහෙනම් ඔය නොදන්න ගොඩක් දේවල් තියෙනවා . ඒවා ගැනත් දැනුවත් වෙන්න :D
     
    lasantha79

    Active member
  • Jun 20, 2008
    126
    96
    28
    Colombo
    ඉදිරියේ රාළ;21108220 said:
    ආමාශයික ශ්‍රාව වල pH අගය 1.5ත් 2ත් අතරෙ තියෙද්දි එච්චර උග්‍ර ආම්ලික මාධ්‍යයක් ගෑවෙන ආමාශ බිත්තියෙ බැක්ටීරියා හැදෙන්නෙ මොන විද්‍යාවට අනුකූලවද මහත්තයෝ ?
    බටහිර "වෙදකමක්" නෑ, තියෙන්නෙ දොස්තර කම , ඒක හොඳට මතක තියා ගන්න.
    එහෙනම් එළකිරියෙත් අඩුම තරමින් 50%ක් වත් ඉන්න ඔනෑනේ ගැස්ට්‍රික් හොඳ කරගත්තු අය, නමුත් ලෙඩ ගැන කතා කරන අයගෙන් එක්කෙනෙක් වත් තාම බටහිර දොස්තර කමෙන් gastritis හොඳ කරගෙන නෑ - ඇයි ඒ ?
    පට්ටපල් බොරු කියන්න එපා. අම්ලපිත්ත රෝගය නිට්ටාවටම සුවකරන දේශීය වෛද්‍යවරු ගුලි කල්ක අම්ල පිත්ත රෝගයට නියම කරන්නෙත් නෑ :lol::lol:
    ප්‍රවීණ පිළිගත් දේශීය වෛද්‍යවරු ෆාමසි වලින් බේත් ගන්නෙ නෑ. ෆාමසියෙන් බේත් ගන්න අයට ඔයා වෙද මහත්තුරු කියන්නෙ වැරදීමකින් හෝ ඔනෑ කමින් පාඨකයා මුලා කරන්නයි.
    එහෙනම් ඔය නොදන්න ගොඩක් දේවල් තියෙනවා . ඒවා ගැනත් දැනුවත් වෙන්න :D

    helicobacter බැක්ටීරියාව urease කියලා එන්සයිම් එකක් පාවිච්චි කරලා යුරිය amonia කියන ප්‍රබල බශ්මයට පරිවර්තනය කරලා අම්මශයේ අදික ආම්ලිකතාවයට මුහුණ දෙනවා.
    To survive in the harsh, acidic environment of the stomach, H. pylori secretes an enzyme called urease, which converts the chemical urea to ammonia. The production of ammonia around H. pylori neutralizes the acidity of the stomach, making it more hospitable for the bacterium.

    ඔබගේ අනිත් ප්‍රශ්න වලට පිළිතුරු දීම කාලය කා දැමීමක්. ඔබ කැමති නම් ඕන වෙදෙක් ගාවට ගිහින් සනීප කර ගන්න. මම අවවාද කරන්නේ බටහිර වයිද්යවරයෙක් ගාවට ගිහින් ප්‍රතිකාර ගන්න කියයි. මම කායික රෝග පිළිබද විශේෂඥ ව්යිද්යවරයෙක්. මම මගේ ලෙඩ්ඩු ඕනේ තරම් සනීප කරලත් තියෙනවා. දේශීය වයිදයවරුන්ගෙන් බෙහෙත් අරන් අමාරුව වැඩි වෙච්ච ය ඕන තරම් දැකල තියෙනවා. එළකිරියේ කියන දේවල් සහ සැබැ ලෝකයේ තත්වය ගොඩක් වෙනස් මහත්මයා . ඔබට දේශීය වෙදකම හොදයි කියනවා නම් මට එය වාද කරමින් වෙනස් කරන්න ඕනේ නැහැ. අපි ගියා. ජය වේවා
    .!
     
    • Like
    Reactions: Starry Night

    lasantha79

    Active member
  • Jun 20, 2008
    126
    96
    28
    Colombo
    තව දෙයක් . මට රාජ්‍ය ඔසුසලේ නියෝජිත ෆර්මසියක් තියෙන යාලුවෙක් ඉන්නවා. එයා කියනවා වේද මහත්වරු දියවැඩියාවට දෙන මෙට්ෆොර්මින් ඩයෝනිල් , ඒ වගේම අන්ටිබයොටීච්ස් , ප්රෙද්නිසලෝන් වගේ ගොඩක් සර බෙහෙත් තොග පිටින් අරන් යනවා කියල. ඒවා අරන් ගිහින් අහිංසක මිනිස්සුන්ට අබරලා දෙනවා. හයි ඩෝසස් නිසා ටක් ගාල අමාරුව අඩු වෙනවා. නමුත් පස්සේ කිඩ්නී ලෙඩ වෙනවා. මේ ටික කියන්නේ දැනුවත් වෙන්න.
     
    helicobacter බැක්ටීරියාව urease කියලා එන්සයිම් එකක් පාවිච්චි කරලා යුරිය amonia කියන ප්‍රබල බශ්මයට පරිවර්තනය කරලා අම්මශයේ අදික ආම්ලිකතාවයට මුහුණ දෙනවා.
    !
    ඔය න්‍යාය පදනම් කරගෙන තමා රාළගෙ තිබුණ අම්ලපිත්ත රෝගයටත් ඔය විශේෂඥයි කියාගන්න අය ප්‍රතිකාර කළේ, ඔය ඔයා කියල තියෙන පෙතිත් බිව්ව්, අවුරුද්දක් විතර බිව්වා., ඔය කියන බැක්ටීරියාව විනාස කරන්නයි කියල අදාළ ප්‍රතිජීවක (antibiotic) බිව්වා සති දෙකෙන් දෙකට වෙනස් කර කර. හොඳ වෙනව තියා අඩු වීමක් වත් තිබුණේ නෑ.

    ඔය තියරිය හරි නම් ඒ ප්‍රතිකාර වලින් අම්ලපිත්ත ලෙඩේ හොඳ වෙන්න එපැයි නිට්ටාවටම. කෝ ඒත් එහෙම වුණේ නෑනේ.

    ඔහෙලා අසරණ රට්ටු හම්බු කරන තුට්ටු දෙකෙන් ගන්න බදු සල්ලි වලින් ඉගෙන ගෙන, ඒකෙන් පඩි කාල ආතල් අරගෙන , අර ඔහෙලට ඉගෙනගන්නයි පඩි කන්නයි බදු ගෙවන අසරණයින්ට සද්දත් දාගෙන , මේකට හරි හමන් විසදුමක් හොයාගන්න බැරි වෙන්නම ඔය දොස්තර මොන්ටිසෝරිය කියන අම්බලමේදි සුද්දා ඔහෙලගෙ මොළේ හෝදලා කියල කියන කාරණේ දැන්වත් වටහා ගන්න බලන්න.

    ඔහේ ඔය කියල තියෙන අම්ලපිත්ත රෝගයට හේතුව සුද්දො කියන එකක්. ඒක කිසිම වගවිභාගයකින් තොරව උන් කියන එකම අරගෙන ඒ විදියටම ගිරව වගේ දෙඩවිල්ලෙන් පේන්නෙ පොඩ්ඩක් වත් තවත් ගැඹුරට කල්පනා කරගන්න බැරිවෙන්නම සුද්දා දොස්තර මොන්ටිසෝරියෙදි ඔහේගෙ මොළේ හෝදල කියන එකයි.

    සිංහල වෙදකමේදි ඔය හේතුවට නෙවෙයි , වෙනින් හේතුවකටයි ප්‍රතිකාර කරන්නේ, ඒකට ප්‍රතිකාර කළාම අම්ලපිත්ත රෝගය නිට්ටාවටම සුව වෙනවා, ආයේ අවුරුදු කීපයකින් රෝගය ඉස්මතු නොවෙන තරමට සුව වෙනවා.

    ඔහෙලගෙ වගේ නවීන විද්‍යාත්මක විද්‍යානුකූල දියුණු උගත් බුද්ධිමත් ප්‍රෝඩාවල් කරලා ඔහෙලට ඉගෙන ගන්නයි පඩි කන්නයි බදු ගෙවපු අසරණයින්ව ඔහොම ගොනාට අන්දවන්නෙ නෑ සිංහල වෙදකමේ.

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    ඔය test එකට ලක්ෂ ගානක් යනවා
    බොරු නොකිය හිටු. රුපියල් 12000ක් යන්නේ. හේමාස් එකේ තියෙනවා. හැබැයි 10000ක refundable deposit එකක් ගන්නවා. :P
     
    lasantha79

    Active member
  • Jun 20, 2008
    126
    96
    28
    Colombo
    :D
    ඉදිරියේ රාළ;21108747 said:
    ඔය න්‍යාය පදනම් කරගෙන තමා රාළගෙ තිබුණ අම්ලපිත්ත රෝගයටත් ඔය විශේෂඥයි කියාගන්න අය ප්‍රතිකාර කළේ, ඔය ඔයා කියල තියෙන පෙතිත් බිව්ව්, අවුරුද්දක් විතර බිව්වා., ඔය කියන බැක්ටීරියාව විනාස කරන්නයි කියල අදාළ ප්‍රතිජීවක (antibiotic) බිව්වා සති දෙකෙන් දෙකට වෙනස් කර කර. හොඳ වෙනව තියා අඩු වීමක් වත් තිබුණේ නෑ.

    ඔය තියරිය හරි නම් ඒ ප්‍රතිකාර වලින් අම්ලපිත්ත ලෙඩේ හොඳ වෙන්න එපැයි නිට්ටාවටම. කෝ ඒත් එහෙම වුණේ නෑනේ.

    ඔහෙලා අසරණ රට්ටු හම්බු කරන තුට්ටු දෙකෙන් ගන්න බදු සල්ලි වලින් ඉගෙන ගෙන, ඒකෙන් පඩි කාල ආතල් අරගෙන , අර ඔහෙලට ඉගෙනගන්නයි පඩි කන්නයි බදු ගෙවන අසරණයින්ට සද්දත් දාගෙන , මේකට හරි හමන් විසදුමක් හොයාගන්න බැරි වෙන්නම ඔය දොස්තර මොන්ටිසෝරිය කියන අම්බලමේදි සුද්දා ඔහෙලගෙ මොළේ හෝදලා කියල කියන කාරණේ දැන්වත් වටහා ගන්න බලන්න.

    ඔහේ ඔය කියල තියෙන අම්ලපිත්ත රෝගයට හේතුව සුද්දො කියන එකක්. ඒක කිසිම වගවිභාගයකින් තොරව උන් කියන එකම අරගෙන ඒ විදියටම ගිරව වගේ දෙඩවිල්ලෙන් පේන්නෙ පොඩ්ඩක් වත් තවත් ගැඹුරට කල්පනා කරගන්න බැරිවෙන්නම සුද්දා දොස්තර මොන්ටිසෝරියෙදි ඔහේගෙ මොළේ හෝදල කියන එකයි.

    සිංහල වෙදකමේදි ඔය හේතුවට නෙවෙයි , වෙනින් හේතුවකටයි ප්‍රතිකාර කරන්නේ, ඒකට ප්‍රතිකාර කළාම අම්ලපිත්ත රෝගය නිට්ටාවටම සුව වෙනවා, ආයේ අවුරුදු කීපයකින් රෝගය ඉස්මතු නොවෙන තරමට සුව වෙනවා.

    ඔහෙලගෙ වගේ නවීන විද්‍යාත්මක විද්‍යානුකූල දියුණු උගත් බුද්ධිමත් ප්‍රෝඩාවල් කරලා ඔහෙලට ඉගෙන ගන්නයි පඩි කන්නයි බදු ගෙවපු අසරණයින්ව ඔහොම ගොනාට අන්දවන්නෙ නෑ සිංහල වෙදකමේ.

    Haha... ඔබතුමාට මට පෙන්නේ තියෙන්නේ දොස්තරලා එක්ක තරහක් . යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ බදු වලින් ඉගෙන ගත්තලු. ඔව් බදු වලින් ඉහලටම ගත්ත තම. එකේ වැරැද්ද මොකද්ද? මිනිස්සුන්ගෙන් සල්ලි ගසා කන වෙද්දු ඕන තරන් ඉන්නවා. අර එළකිරි එකේ කව්ද ඩිම්බ කෝෂ ගෙඩි වලට මොකරන්නේ කියලා ඇහුවම ඔයා දීපු උත්තරෙන්ම ඔයාගේ දැනුම පේනවා.. ඔයා කැමති නම් ඕන වෙදකමක් කර ගන්න . මම උත්තර දුන්නේ අදාළ ලෙඩේ තියෙන කෙනාටයි. ඒ මට සුදුසු කම් උපරිම ලෙස තියෙන නිසයි. ඔයාට තියෙන සුදුසු කම් මොනාද? නිකම් ගොඩේ වෙදකන් උගන්වන්නේ නැතුව ඉන්නවා හලෝ.
     
    • Like
    Reactions: vmsgamer

    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    ''කඩු පහර'' කියලා පොඩි පැළයක් තියෙනවා. ඒවා හදලා කාපන්. ඉක්මනට හොඳ වෙනවලු...