Battleship සහ Destroyer අතර වෙනස

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,873
    11,626
    113
    Battleship සහ Destroyer අතර වෙනස

    මචන්ලා මම කලින් එළකිරියේ දාපු aviation ත්රෙඩ් ගොඩක් කට්ටිය බලලා ඇති කියලා මම හිතනවා. මේ ත්රෙඩ් එක පටන් ගන්න කලින් කියන්න ඕනේ මම මේක ලියන්නේ films/TV series බලලා ඒවගේ හම්බෙන දන්නේ නැති දේවල් ගැන එවෙලේම internet එකේ ආසාවට වැඩි විස්තර කියවලා බලලා දැනගත්ත දේවල් වලින් මිසක් maritime ගැන ඉගෙනගෙන නෙමේ. ඒ හින්ද ක්ෂේස්ත්රයේ ඉන්න අයගෙන් මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා කොතැනක හරි වැරද්දක් තියෙනවනන් ඒක පෙන්නලා දෙන්න කියල. :)

    මම හිතනවා උඹලා "Bismark " ෆිල්ම් එක බලලා ඇති කියලා (Bismark කියන්නේ Battleship එකක්). ඒක බැලුවට පස්සේ තමා මට නැව් ගැන ආසාවක් ඇති උනේ. පස්සේ ඒ ආසාව ටිකක් යටපත් වෙලා ගියත් ආයේ "Battleship" ෆිල්ම් එක බැලුවට පස්සේ තමා මට මේ ගැන හොයන්න ආසාව ඇති උනේ. මම මුලින්ම පිස්සුවෙන් වගේ ආස වෙලා හිටියේ Battleship වලට. මේ ලඟදි "The Last Ship" TV series එක බැලුවට පස්සේ මගේ ආසාව Destroyers පැත්තට ඇදිල ගියා. ;)


    battleship-movie-poster-jpg.jpg


    670



    දැන් කට්ටියට ප්රස්නයක් ඇති වෙනවා ඇති Battleship එකක් සහ Destroyer එකක් අතර තියෙන වෙනස මොකක්ද කියලා :confused:


    USS_Iowa_-_USS_Hallyburton_-_Ocean_Safari_85_-_DN-ST-86-02523.jpg



    දැක්ක ගමන් ලොකු වෙනසක් පේනවා නේද? :shocked:
    ලොකු එක Battleship එකක් පොඩි එක Destroyer එකක්.


    Battleship


    දිගින් වැඩි (200m වලට වැඩි)
    ඉතා ශක්තිමත් ගනකම් සතුරු වෙඩි ප්රහාර වලින් ලෙහ්සියෙන් සිදුරු නොවන බඳක් ඇත
    ඉතා විශාල දුරක් ගමන් කිරීමට හැකියාව හැක (high range)
    අඟල් 16 සහ ඊට අඩු දැවැන්ත කාල තුවක්කු විශාල ගණනකින් සමන්විතෛ
    39Km පමණ දුරකට ප්රහාර කල හැක
    ගුවන් යානා නාශක අවි වලින් සමන්විතෛ
    පසුකාලීනව මිසෛල පවා සවිකර ඇත
    සාමාන්යෙන් බොහොමයක් Battleship වලට පහර දිය හැක්කේ තමාට පෙනෙන ඉලක්කයකට පමණි.


    දැන් උඹලා කල්පනා කරනවා ඇති මු මොන මගුලටද මෙච්චර සුපිරි පත සෛස් Battleship තියෙද්දී හිච්චි සෛස් Destroyer ගැන කතා කරන්නේ කියල. ඒකට හේතුව තමා දැන් Battleship එකක්වත් ලෝකේ පාවිච්චි වෙන්නේ නැහැ. ඒකට හේතුව මේවා නඩත්තුවට ඇති විශාල මුදලක් වැයවීම. මේවා කෙලින්ම දෙවෙනි ලෝක යුද්දෙට මුහුණට මුහුණ සටන් කරන්න මුළු රටේම තියෙන ධනය යොදවලා හදපු යෝධ නැව්. ඉතින් ඒ වගේ නැව් නඩත්තු කරන එක ආර්ථික වශයෙන් ඉතාමත් පාඩුඉ. මේ නිසා මේවා බාවිතයෙන් ඉවත් උනා. :(

    ප්රසිද්ද Battleship කිහිපයක් නම් :- Yamato, Iowa, King George V, Bismark
    (ආසාවක් තියෙනවනන් මේවා ගැන internet එකේ search කරලා බලන්න)


    කොහොමද ගැහිල්ල ඇඩෙනවා නේද? :shocked:

    cce2c03a1e0185ddbb129341e60e7829.jpg
    37056506.cms



    එහෙනං දැන් බලමු Detroyer ගැන


    Detroyer නිපදවා ඇත්තේ ඉතා විශාල නැව් වලට ආරක්ෂාව ලබා දීමට වේ. මේවා Battleship වලට සාපේක්ෂව වැඩි වේගයකින් හැසිරවිය හැකි අතර විශාල විවිදත්වයකින් යුතු ප්රහාරක හැකියාවකින් යුක්තෛ. නැව්, සබ්මැරීන,ගුවන්යානා, ගොඩබිම් ඉලක්ක, මිසෛල/රොකට්, මුහුදු පීඩන බෝම්බ, ටෝර්පිඩෝ, එකී මෙකී,නොකී සෑම ඉලක්කයකටම ප්රහාර එල්ල කිරීමේ සුවිශේෂ හැකියාවක් මෙම Detroyer වලට ඇත. :cool:

    අද මම උදාහරනෙකට ගන්නේ Battleship ෆිල්ම් එකේ USS John Paul Jones නමිනුත් The Last Ship TV series එකේ USS Nathan James නමිනුත් පෙන්වන ඇති සුපිරි destroyer එකක් වන Arleigh Burke-class Destroyer (ආර්ලෙය් බර්ක් ක්ලාස්) එක. දැනට ලෝකේ වැඩියෙන්ම තියෙන්නේත් මේ ජාතියේ ඒවා තමා. මෙන්න බඩු :)


    burke_6-ts600.jpg



    220px-Arleigh_Burke_1951.jpg



    දෙවෙනි ලෝක යුද්දෙ කාලේ Chief of Naval Operations හිටපු Admiral Arleigh Burke ට කරන ගවුරවයක් ලෙස ඔහුගේ නමින් මෙය නම් කොට තියෙනවා. :yes:


    Image1.png



    DDG-120stretchdTTdepolyed.png



    FlightIII-Concept2-Ann.jpg
    [


    මේ නැව තනිකරම electronic warfare තමා පාවිච්චි කරන්නේ. satellite මගින් ඉලක්ක නිවැරදිව ගෙන ප්රහාර එල්ල කිරීමේ හැකියාව මෙයට තිබෙනවා.


    පහලින් දක්වා ඇත්තේ මෙහි ඇති අඟල් 5 විෂ්කම්බයකින් යුතු කාලතුවක්කුව, ස්ව්යන්ක්රීය ගුවන් යානා නාශක අවිය සහ ටෝර්පිඩෝ විදිනයඉ.
    මෙහි ඉලක්ක 100% නිවැරදි වන්නේ අති නවීන Aegis Combat System එක නිසාවෙනි.
    මෙහි ඇති ඇති භයන්කරම අවිය වන්නේ Tomahawk cruise missile වේ.


    140323-N-NE138-349-1024x554.jpg
    [


    phalanx.jpg



    main-qimg-e0dccd56353a8d49f59c5d424598648b-c



    ඊට අමතරව මෙහි ක්ෂණික විහිදුම් බෝට්ටු බලකා, ප්රහාරක හෙලිකොප්ටරයක්, UAV (නියමුවන් ගුවන් යානාවක්) ආදියෙන් සමන්විත වේ. එමගින් Battleship වලට මෙන් නොව ඉතා ඈතින් ඇති ඉලක්ක සතුරාට නොදැනෙන ලෙස නිරීක්ෂණය කර ඇති ප්රබල ප්රහාර එල්ල කිරීමට මෙම Arleigh Burke-class Destroyer එකට හැකියාවක් ඇත.

    දැන් උඹලට තේරෙනවනේ පෙනෙන තෙක්මානයකවත් නැති Battleship එකකට සුනුවිසුණු වෙන්න ගහන්න පුළුවන් කියල Destroyer එකකට. හබෛ පුතේ Battleship එකට අහුවෙන සීමාවට ආවොත් Destroyer එකට අබ සරනෛ. :rofl:

    දැන් එහෙනං වැඩි විස්තර කට්ටියට අවස්ථාව තියෙනවා මග හැරිච්ච කරුණු එකතු කරන්න. උඹලගේ අදහස් සහ යෝජනා වලට දැන් අවස්ථාව



    සිංහල ජාතියට ජය වේවා !!!





    Please_Thank_You.gif



    A1TUtiA.gif
     
    Last edited:

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,339
    6,768
    113
    හෙල බිමේ
    දැන් එතකොට uss ronald ragen, uss abram lincoln වගේ පත නැව් destroyer කැටගර් එකටද වැටෙන්නේ????
    .
    last ship එකේ uss nathan james ඇත්තම නැවවක්ද බං???.
    .
    You must spread some Reputation around before giving it to SHEHAN_GIWANTHA again
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,873
    11,626
    113
    දැන් එතකොට uss ronald ragen, uss abram lincoln වගේ පත නැව් destroyer කැටගර් එකටද වැටෙන්නේ????
    .
    last ship එකේ USS Nathan James ඇත්තම නැවවක්ද බං???.
    .
    You must spread some Reputation around before giving it to SHEHAN_GIWANTHA again

    300px-USS_Abraham_Lincoln(CVN_72).jpg


    na ban uss ronald ragen & uss abram lincoln kiyanne Nimitz-class aircraft carriers. ewa escort karanna thama destroyers yane. :)

    na ban USS Halsey (DDG-97) kiyana Destroyer eka thama USS Nathan James wenuwata aran tiyenne :)
     

    ruwanz

    Active member
  • Dec 9, 2009
    267
    45
    28
    b͎̣̫͈̥̗͒͌̃͑̔̾ͅu̟͎̲͕̼̳͉̲ͮͫͭ̋ͭ͛ͣ̈m̘͈̺̪͓ͩ͂̾ͪ̀̋p̱̱̬̻̞̩͎̌ͦ̏