ඔබාමා

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ආයුබෝවන් ඔබාමා !



_93681552_161102025926_president_barack_obama_976x549_getty.jpg


නායකයෙකු ලෙස ඍජු පුද්ගලයෙකු වූ ඔබාමා නිහතමානී චරිත ලක්‍ෂණ ඔස්සේ තරුණ පරපුර තුළ සටහන් වූ 'නව නායකත්ව සලකුණක්' බවට පත්විය

බරක් ඔබාමා යනු ඇමරිකානු ජනාධිපති පදවියට පත් පළමු අප්‍රිකානු - ඇමරිකානු ජාතිකයා විය.
වසර 1961 අගෝස්තු මස හවායිහිදී උපත ලද බරක් හුසේන් ඔබාමා කොලොම්බියා සහ හාවර්ඩ් විශ්ව විද්‍යාලවලින් උසස් අධ්‍යාපනය ලැබීමෙන් පසු දේශපාලනයට පිවිස 2008 වසරේදී ඩිමොක්‍රටික් පක්‍ෂයේ ජනාධිපති අපේක්ෂකයා බවට පත් විණි.
2009 වසරේ ජනවාරි 20 වෙනිදා ඇමරිකාවේ 44 වෙනි ජනාධිපතිවරයා ලෙස බරක් ඔබාමා ප්‍රථම වරට ධූරයේ දිවුරුම් දෙද්දී ඇමරිකානු ජනතාව තුළ දැල්වුණු නව බලාපොරොත්තුව වූයේ මින් ඉදිරයට 'සුදු ඇමරිකාවක්' හෝ 'කළු ඇමරිකාවක්' නොව සැමට උරුමවූ එක්සත් ඇමරිකාවක් ඇතිවනු දැකීමය.





_93681555_170117125021_obama_640x360_bbc_nocredit.jpg


ඔබාමාගේ චතුර කථිකත්වය කොතරම් දුරට ජනතා හදවත් තුළ ඔහු වෙනුවෙන් ඉඩක් වෙන්කළේද යත් ඔබාමා පවසන දෙයට වඩා ඔහු යමක් පවසන ආකාරය තුළින් නව බලාපොරොත්තු ඇතිකරගැනීමට තරම් ජනතාව ඔහු පිලිබඳ විශ්වාසය තැබුහ.
බුෂ් පාලනයේ දුර්වලතා පිළිබඳ කලකිරී සිටි ඇමරිකානු ජනතාවට නව බලාපොරොත්තුවක් ඇතිකිරීම සඳහා ඔබාමා තමන් සතු පැහැදිළි සම්පුර්ණ වාක්‍යවලින් යුතු ප්‍රකාශන ශෛලිය යොදාගත්තා පමණක් නොව ඔහු සැබවින්ම බුෂ් විරෝධී අදහස් දරන්නෙක් විය.
ජනාධිපති පදවියට පත්වී වැඩි කලක් ගතවීමට පෙර 2009 වසරේදී බරක් ඔබාමා නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබීමට හේතුවූයේ ද ලෝක සාමය පිළිබඳව ඔහු දැරූ ධනාත්මක ආකල්පයන්ය.

_93681556_161123095127_cn_presidential_medal_of_freedom_976x549_epa.jpg


බරක් ඔබාමා ඇමරිකානු ජනාධිපතිවරයා ලෙස බලයට පත්වෙද්දී ඇමරිකාව ගල්ෆ් යුද්ධයෙන් සහ ඇෆ්ගනිස්ථානයේ පැවති යුද්ධයෙන් පැහැදිලි ජයග්‍රහණයක් ලබාගැනීමට අපොහොසත්ව සිටියේය. ලෝකයේ සෙසු රටවල් අතර ඇමරිකාව පිළිබඳව සතුටුදායක ආකල්පයක් නොතිබුණි. එසේම ආර්ථික වශයෙන් පසුබසිමින් සිටි ඇමරිකාව ගමන්කරමින් සිටි දිශාව නිවැරදි යැයි කලපනා කළේ සමස්ත ඇමරිකනුවන්ගෙන් 13% ක් පමණි.
අපේක්ෂා භංගත්වයට පත්වසිටි ජනතාවට නව බලාපොරොත්තු ඇතිකරමින් 'ඔබාමා කෙයා' නමින් නව සෞඛ්‍ය සහන සේවා ක්‍රමයක් ඇරඹීම මෙන්ම බදු සහන සහ අයවැය පාලන සම්මුතිය වැනි ජනතා සහන හරහා ඔහු ජනතාව තුළ නව බලාපොරොත්තු ඇතිකළේය.
කෙසේවුවද 2012 දී ඔබාමාගේ පළමු වසර හතර නිමාවෙද්දී ජනතාව තුළ පැවති ආකල්පය වූයේ අපේක්ෂා කළ වෙනස්කම් අපේක්ෂා කළ වේගයෙන් සිදු නොවූ බවය. එසේවුවද සුපුරුදු චතුර කථිකත්වයෙන් පැවති දුර්වලතා සාධාරණීකරණය කරමින් ඇමරිකානු ජනතාව තුළ නව බලාපොරොත්තුවක් ඇති කිරීමට සමත්වූ ඔහු 2013 වසරේදී දෙවෙනි වරටත් ඇමරිකාවේ ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට සමත්විය.


_93681558_161117172816_obama_merkel_640x360_epa_nocredit.jpg


දෙවෙනි ධුර කාලය ආරම්භයේදී ම ඔබාමා තම විදේශ ප්‍රතිපත්තිය තුළින් වැඩි ජනතා ප්‍රසාදයක් දිනාගත්තේය. ඇමරිකාවේ ජාතික ආරක්‍ෂාවට තර්ජනයක්ව සිටි ඔසාමා බින් ලාඩන් මරණයට පත්වීම, ඉරාකයේ හමුදා මෙහෙයුම්වලින් ඇමරිකාව ඉවත්වීම පමණක් නොව විශේෂ වශයෙන් සඳහන් කළ හැකි ආකාරයේ යුද ගැටුම්වලට මැදිහත් නොවීම සහ විනාශයන්ට තුඩුදෙන වැරදි තීරණ නොගැනීම තුළින් තමා කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය ප්‍රමාණවත් ලෙස ආරක්ෂාකර ගැනීමට ඔබාමාට හැකිවිය.
කෙසේනමුත් ක්‍රමයෙන් ලෝක දේශපාලනය තුළ ඇමරිකානු ආධිපත්‍යය පෙන්නුම් කරමින් ඇෆ්ගනිස්ථානයේ සිටින ඇමරිකානු හමුදා භට සංඛ්‍යාව වැඩිකළ ඔබාමා ලිබියාවට එරෙහිව හමුදා මෙහෙයුමක් දියත්කළේය. ඔබාමාගේ දෙවන ධුර කාලය තුළ ගත් කැපීපෙනෙන ධනාත්මක තීරණ වන්නේ සමලිංගික ප්‍රජාවට ඇමරිකානු සමාජය තුළ පිළිගැනීමක් ලබාදීමට කටයුතු කිරීම සහ පාසල් කිහිපයක සිදුවූ වෙඩි තැබීම්වලින් පසු ගිනි අවි පාලනය සඳහා නව නීති හඳුන්වා දීමය.
කියුබාව සමග තානාපති සබඳතා වර්ධනය කරගැනීමට කටයුතු කළ ඔහු ඉස්ලාම් රාජ්‍ය කණ්ඩායමට එරෙහිව ඉරාකයේ හමුදා මෙහෙයුම් දියත් කළේය. ඉරානය සමග න්‍යෂ්ඨික ගිවිසුමක් ඇතිකරගැනීම සඳහා මැදිහත්කරුවකු ලෙස කටයුතු කළ ඔහු ඇමරිකානු ජනාධිපතිවරයා ලෙස මැදිහත්වූ ඉතා වැදගත් කටයුත්තක් වන්නේ ගෝලීය උණුසුම පිළිබඳව 2015 වසරේ ඇතිකරගත් පැරිස් සම්මුතියට නායකත්වය දීමය.


_93687002_161111065956_donald_trump_barack_obama_meeting7_976x549_epa_nocredit.jpg


බරක් ඔබාමා ධූරයෙන් ඉවත්ව යන්නේ ලෝකය පුරා වැඩිපිරිසකගේ ප්‍රසාදය දිනාගනිමිනි. නායකයෙකු ලෙස ඍජු පුද්ගලයෙකු වූ ඔබාමා නිහතමානී චරිත ලක්‍ෂණ තුළින් තරුණ පරපුර තුළ සටහන්වූ 'නව නායකත්ව සලකුණක්' විණි. බරක් ඔබාමා පමණක් නොව ඔහුගේ බිරිඳ මිෂෙල් ඔබාමා සහ දියණියන් දෙදෙනා ද ඇමරිකාව තුළ පමණක් නොව ඇමරිකාවෙන් පිටත ලෝකය තුළත් වැඩි පිරිසකගේ ආදරයට සහ ජනප්‍රියත්වයට පත්වූ දේශපාලන පවුල වූ බව නොරහසකි.

BBC - Sandeshaya
 
Last edited:
  • Like
Reactions: Welusumana

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සාම ත්‍යාගය ලැබීමට සුදුසුකම්


    ලිබියාව වැනසීම

    ISIS නිර්මාණය කිරීම

    සිරියාව ඇවිලවීම

    යේමනය කෙලවීම

    .
    .
    .
    .
    .
    .
    ..
    .
    .
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    සාම ත්‍යාගය ලැබීමට සුදුසුකම්


    ලිබියාව වැනසීම

    ISIS නිර්මාණය කිරීම

    සිරියාව ඇවිලවීම

    යේමනය කෙලවීම

    .
    .
    .
    .
    .
    .
    ..
    .
    .

    Ammo..:lol::lol::lol:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සාම ත්‍යාගය ලැබීමට සුදුසුකම්


    ලිබියාව වැනසීම

    ISIS නිර්මාණය කිරීම

    සිරියාව ඇවිලවීම

    යේමනය කෙලවීම

    .
    .
    .
    .
    .
    .
    ..
    .
    .

    :lol::lol::lol:

    දැන් මු අඩ අඩා යන එකට මොකවත් කියන්නේ නැද්ද හිටන් ?:lol::rofl::rofl:

    කොටින්ට පුක දුන්න හිලරි එක්ක එකගේ කාපු මුව මටනම් පෙන්න බැ:dull:
     

    Tharutani San

    Member
    Dec 11, 2014
    589
    41
    0
    homagama
    බරක් ඔබාමා පමණක් නොව ඔහුගේ බිරිඳ මිෂෙල් ඔබාමා සහ දියණියන් දෙදෙනා ද ඇමරිකාව තුළ පමණක් නොව ඇමරිකාවෙන් පිටත ලෝකය තුළත් වැඩි පිරිසකගේ ආදරයට සහ ජනප්‍රියත්වයට පත්වූ දේශපාලන පවුල වූ බව නොරහසකි.

    LOL puka tama
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අඩේ මටත් ලෝක සාමය ඇති කිරීම පිළිබඳ හොඳ ආකල්ප තියෙනවා.මටත් නොබෙල් සාම ත්‍යාගය ලබාගන්න පුලුවන් වෙයිද?
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මොනා උනත් මු ලිබියාවට නම් කලේ €රිම වැඩේ.


    ඇයි ලිබියාවේ හිටියේ සත් ගුණවත් මහත්තයෙක් ද ? ගඩාෆි කියන්නේ අමුම අමු අන්තවදියෙක් , මිනිමරුවෙක් ඒකාධිපතියෙක්.
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    ඇයි ලිබියාවේ හිටියේ සත් ගුණවත් මහත්තයෙක් ද ? ගඩාෆි කියන්නේ අමුම අමු අන්තවදියෙක් , මිනිමරුවෙක් ඒකාධිපතියෙක්.

    WHAT ABOUT POINL ? >>>>> Isn't he a FAG ?
     

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    ගඩාෆි කියන්නේ අමුම අමු අන්තවදියෙක් , මිනිමරුවෙක් ඒකාධිපතියෙක්.

    USA goverment ekata one widiyata duwana media wala kiyana ewa umba ehemama kiyanawa wage..... :rolleyes:

    qaddafi.jpg


    gadafi kiyanne uge minissu wenuwen wada karapu ekek :rolleyes:.
    http://www.globalresearch.ca/libya-ten-things-about-gaddafi-they-dont-want-you-to-know/5414289


    USA un wena wena uwamanaawalata thamai okata gahuwe. nathuwa u naraka nisa newei.

    he is not that bad as media tells.
    same goes to Hitler.

    therunaada pute :rolleyes:

    obama was just a another puppet of USA shadow government like meany others.
    there is nothing special about him. :dull:
     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    USA goverment ekata one widiyata duwana media wala kiyana ewa umba ehemama kiyanawa wage..... :rolleyes:

    qaddafi.jpg


    gadafi kiyanne uge minissu wenuwen wada karapu ekek :rolleyes:.
    http://www.globalresearch.ca/libya-ten-things-about-gaddafi-they-dont-want-you-to-know/5414289


    USA un wena wena uwamanaawalata thamai okata gahuwe. nathuwa u naraka nisa newei.

    he is not that bad as media tells.
    same goes to Hitler.

    therunaada pute :rolleyes:

    obama was just a another puppet of USA shadow government like meany others.
    there is nothing special about him. :dull:
    ගඩාෆි කියන්නෙ ප්‍රජාතන්ත්‍රවාදයක් නැති අන්තවාදියෙක්. හරියට ප්‍රභාකරන් වගේ. එහෙම එකෙක්ව තමා මේ මැරුවෙ. දැන් ලිබියාවට මොනා නැතත් ප්‍රජාතන්ත්‍රවාදය තියනව. මිනිස්සුන්ට පාරෙ බැහැල යන්න පුලුවන් බය නැතුව.