ලිසිං කළ වාහනක්
උපුටා ගැනීමකි
ලීසිං කළ වාහනයක් විකුණුවහොත් මොකද වෙන්නේ ?…………
ජූනි 29, 2012 ශ්‍රී ලංකා නිතිය හැදින්වීම .
එදිනෙදා ජීවිතයේදී පුද්ගලයෙක් වාහනයක් මිලට ගැනීමට අවශ්‍ය වුවහොත් සාමාන්‍යයෙන් සම්පුර්ණ මුදල එකවර ගෙවා වාහනය මිලට ගන්නේ කලාතුරකිනි.එයට හේතුව සම්පුර්ණ මුදල එකවර ගෙවීමට නොහැකි වීමත්, අනෙක් අතට සම්පුර්ණ මුදල එකවර ගෙවීම තුල මතුවන අදායම් බදු ප්‍රශ්න නිසාවෙනි. බොහෝ අවස්ථාවල වාහනය මිලට ගන්නේ ලිසිං සමාගමක සහයෝගයෙනි.වාහනයක් ලිසිං පහසුකම් මත ලබා ගැනීමේදී බලපාන ලංකාවේ නීතිය වන්නේ 2000 අංක 56 දරණ කල්බදු මුල්‍ය කරන පනත වේ.
ලිසිං පහසුකම් මත වාහනයක් ලබා ගැනීමේදී වාහනයේ අයිති කරුවන් දෙදෙනෙක් නීතියේ විග්‍රහ කරයි.එනම් ,
(අ).වාහනයේ ලියා පදිංචි අයිතිකරු (Registered owner ) (ආ)වාහනයේ පරම අයිතිකරු (Absolute owner)
වාහනයේ සෑම් අවස්ථාවකවම ලියා පදිංචි අයිතිකරු වන්නේ ලිසිං පහසුකම මත වාහනය ලබාගත් තැනැත්තා වන අතර ලිසිං පහසුකම් ලබාදුන් සමාගම එම වාහනයේ පරම අයිතිකරු වේ.
ලිසිං පහසුකම අදාල සමාගම ලබාදෙන්නේ ලිසිං සමාගම සහ වාහනය ලබාගන්නා අතර ඇතිකරගනු ලබන කලබදු ගිවිසුමක් දෙපාර්ශවය විසින් අත්සන් තැබීමෙනි.එසේ සකස්කරනු ලබන කල්බදු ගිවිසුමට ඇප කරුවන් දෙදෙනෙකුද බොහෝ අවස්ථාවල අත්සන් තැබීමට සිදුවේ.එයට හේතුව ලිසිං පහසුකම ලබා ගන්නා අය කිසියම් අවස්ථාවක එකී වාරික මුදල් ගෙවීමට අසමත් වුවහොත් එකී වාරික මුදල් ගෙවීම ඇපකරුවන් වෙත විතැන් කිරීමටයි.
ලිසිං පහසුකම යම් කිසි කාල පරිච්ඡේදයයකට ලබාදෙන අතර බොහෝ අවස්ථාවල එම කාල සිමාව වසර හතරක් හෝ පහක විය හැක. එම කාලසීමාව තීරණය වන්නේ අදාල සමාගම සහ වාහනය ලබාගන්නා අතර ඇතිවන එකඟතත්වය මතයි.කෙසේ නමුත් එම කාල සිමාව සෑම අවස්ථාවකම වසරකට වඩා වැඩි වියයුතු බව පනතේ සඳහන්වේ.
ලිසිං වාරික එකක් හෝ කිහිපයක් පැහැර හැරියහොත් අදාල කල්බදු ගිවිසුම අවසන් කරන බවට ලිඛිත දැනුම්දීමෙන් පසු, එකී වාහනය තම සන්තකයට ලබාගැනීමට ලිසිං පහසුකම ලබාදෙන සමාගම සතු නීතිමය අයිතියකි.එසේ වාහනය තම සන්තකයට බලෙන් ලබාගැනීමට අධිකරණ නියෝගයක් අවශ්‍ය නැත.එසේ වාහනයේ සන්තකය ලබාගෙන හෝ ලබානොගෙන සිය මුදල් සහ අලාභ වාහන අයිතිකරුට සහ ඇපකරුවන්ට විරුද්ධව දිසා අධිකරණයේ නඩු පවරා අයකරගැනීමට ලිසිං සමාගම් වෙත නීතිමය අයිතිය ඇත.
බොහෝ අවස්ථාවල ලිසිං පසුකම් ලබාගෙන වාහනය ලබාගන්නා පුද්ගලයාට අදාල වාරික මුදල් ගෙවීමට නොහැකි වීම මත වාහනය කුවිතාන්සයක් මත හෝ ඇටෝර්නි බලපත්‍රයක් මත වෙනත් පුද්ගලයෙකුට විකුණනු ලබන අවස්ථා ලංකාවේ සුලබව දක්නට ලැබේ. ලිසිං සමාගම සහ වාහනය ලබාගත් පුද්ගලයා අතර ඇතිකරගත් ගිවිසුම අවසන් නොකර වාහනය විකිණීම සම්පුර්ණයෙන්ම් නීතිවිරෝධී වේ.කිසියම් අවස්ථාවක එසේ කලබදු ගිවිසුම අවසන් නොකොට වාහනය විකුණුවහොත් සහ එසේ වාහනය පසුව ලබාගත් පුද්ගලයා නිසි පරිදි ලිසිං වාරික ගෙවීම පැහැර හැරියහොත් වගකීමට ලක්වන්නේ ගිවිසුමෙන් බැඳී සිටි වාහනයේ පෙර අයිතිකරු සහ ඇපකරුවන් බව මතක තබාගැනීම වැදගත්වේ.ඒ අනුව නඩුව පැවැරෙන්නේ පෙර වාහනයේ අයිතිකරුට සහ ඇපකරුවන්ට එරෙහිවය.නඩුවේදී අදාල ලිසිං වාරික මුදල් ගෙවීමට පෙර අයිතිකරුට සහ ඇපකරුවන්ට එරෙහිව අධිකරණය විසින් තීන්දුවක් ලබා දුනහොත් අදාල මුදල් සහ පොලි මුදල් ගෙවීමට පෙර අයිතිකරු සහ ඇපකරුවන් ගෙවිය යුතු අතර ගෙවීම පැහැර හැරියහොත් සිය දේපල අධිකරණය මිගින් තහනමට ගෙන පිස්කල් වෙන්දේසියේ විකුණා මුදල් අයකර ගැනීම සිදුවේ.අදාල පුද්ගලයන් රජයේ හෝ වෙනත් පෞද්ගලික සේවයේ නියුක්ත වුවෙකු ඔහු ලබාගන්නා වැටුපෙන් රුපියල් 500 මුදලක් හැරෙන්නට අනෙක් සියලු වැටුප් අයකරගැනීමට නීතියෙන් ඉඩකඩ ඇත.
බොහෝ අවස්ථාවල ලිසිං වාහනයක් විකිනීමට ලිසිං පහසුකම ලබාගත් පුද්ගලයා සමාගම වෙත දැන්වුවද අදාල ලිසිං සමාගම එම ගිවිසුම අවසන් කිරීමට කැමැත්තක් නොදක්වයි.එයට හේතුව අදාල ගිවිසුම වෙනස් කිරීමේදී ගෙවිය යුතු වැට් බද්ද සහ නැවත ලේඛන සකස් කිරීමට ඇති අකමැත්තයි.
මේ නිසා ලිසිං කළ වාහනක් විකිණීමේදී,
1.ලිසිං සමාගම සමග ඇති ගිවිසුම අවසන් කොට ඉන්පසු වාහනය ලබාගන්න නමින් එකී ගිවිසුම අලුත්කිරිම වැදගත්වේ.
2.තම නමින් ගිවිසුම අවලංගු නොකට වාහනය විකිණීමෙන් වලකින්න
3.ඇටෝර්නි බලපත්‍රයක් මත වාහනය විකිණීම නීති විරෝධී කටයුත්තකි .
4.අදාල කල්බදු ගිවිසුම අවලංගු කිරීමේදී සහ වෙනස් කිරීමේ වැට් බද්ද ගෙවීමට ඔබට සිදුවුවද එයින් ඔබට ලැබෙන නීතිමය ආරක්ෂාව එම මුදලින් තක්සේරු කළ නොහැක.
එසේම මතක තබාගත යුතු අනෙක් කරුණ වන්නේ වෙනත් අයෙකුගේ නමින් ඇති ලිසිං මිලදී ගැනීමෙන් එකී වාහනයේ නීතිමය අයිතිය ඔබට නොලැබෙන බවයි .
නීතිඥ මාධව ලොකුසූරිය