එදා මෝටර් උණ්ඩ බෝම්බ වලින් ගිඟුන් නාද දුන් මුතූර් පරිසරය අද නිසලය.
වෙනදා බියෙන් සිටි ජනතාව දැන් සැහැල්ලුවෙන් සතුටින් දිවි ගෙවන්නේ අභීත රණවිරුවන්ගේ අපරිමිත කැපවීම නිසාය.
වසර විසිදෙකට වැඩි කාලයක් මුතූර්, ක්නද නගර්, 59 කණුව පිහිටි හමුදා කඳවුර එකළ සෙබළුන් රැසකට රුදුරු යුද්ධයේදි නවාතැන් දුන් ස්ථානයකි. ඒ නිසාම මෙහි සෙබළුන් විසින් අලංකාර බුදු කුටියක් තනා වන්දනාමාන සිදු කරන ලදී. මෙම ඉඩම මෙහොමඩ් මහරුෆ් මහතාට අයත් ඉඩමක් විය.
වසර ගණනක යුද්ධය නිමා වීමෙන් පසු මුතූර් හමුදා කඳවුර ඉවත් කිරීමට කටයුතු කෙරුනි. මෙහිදි හමුදා නිළධාරීන් මෙම ඉඩමේ පිහිටි බුදු කුටිය ඉවත් කිරීමට මුස්ලිම් ඉඩම්හිමියාගෙන් විමාසා ඇත.
එවිට ඔහු හමුදා නිලධාරින්ට පවසා ඇත්තේ එය ඉවත් නොකරන ලෙසය. ඒ අනුව බුදු කුටිය පමණක් එම ඉඩමේ ඉතිරි වියඑහෙත් එය කැලෑවට යට වීමට ඉඩ නොදී එදා සිට මෙහොමඩ් මහතා සිය බිරිඳ සමඟ එක්ව දිනපතාම මෙම බුදු කුටිය අවට අතුගා ශූද්ධ පවිත්ර කර එය පිරිසිදුව තබා ගැනීමට කටයුතු කරනු ලබයි.