නිදහස

modara

Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    [සුද්දා අපෙන් නිදහස් වීම සමරමු...!!!




    නිදහස් චතුරස්සරේ ගාව උදේට රජවරු බිසෝවරු වැහි වහැලා. එකසිය ගානට පොටෝ ෂූට්. ඒ අස්සේ නිකන් අමුතු ජාතියේ කපල් එකක් එකක් එනවා ආර්කේඩ් එක පැත්තෙන් අත් අල්ලගෙන. ගෑණු කෙනා නම් උඩරට විදියට ඇඳලා. ඒත් මනමාලයා පුල් සූට් ගහලා බ්‍රෙස්ට් කෝට් එකකුත් ඇඳලා ආප්පයක් ගැරැප්පුවේ ගහගෙන රවුම් කන්නාඩි දෙකක් දාලා.

    ඇක්ස්කූස්මී සෑර් පොටෝ ෂූට් එකක්ද?

    ෂූට් කියපු වචනේ අහපු ගමන් මෑන් බය උනා. "නෝ මෙන් වී ආ හැවින් ඒ මීටින්" කියපු ගමන්, සික්කට තේරුනා සීන් එක.

    ආ මීටින් සෑර්.... හියර් නෝ මීටින්... අදර්සයිඩ් මීටීන්... කියලා සික්කා ඩී ඇස් ප්‍රතිමාව පැත්ත පෙන්නුවා.

    සෑර් කව්ද සෑර්.... කියලා බොහෝම බය පක්ෂපාතව සික්කා ඇහුවාම..

    මම තමයි අයිසේ සොලම්න් වෙස්ට් රිජ්වේ ඩයස් බන්ඩාරණායක කියලා අර මහත්තයා පපුව ඉස්සරහට දාලා කිව්වා.

    අම්මට හුඩු මූත් සුද්දෙක්නේ යකෝ කියලා තමාටම කියා ගත්තු සික්කා,

    සෑර් මේ අපේ නිද්හස වෙනුවෙන් පයිට් කරලා තියෙන්නෙ ඔක්කොම සුද්දෝ නේ සෑර්... උදේම ආවා සර් ජෝන් කියලා සුද්දෙක්. පිජාමා සරමක් හෙම ගහලා, ඒක එක අතකින් උස්සගෙන. ඒ යකාට සෑර් කිව්වේ නැතෙයි කියලා මට අම්බානක කෙලලා ගියේ..

    ආ... එයැයිගෙ හැටි එහෙම තමයි. ඕන එකෙක්ට කෙලිනවා... ගනන් ගන්න එපා අයිසේ... තව කව්ද ආවේ...?

    තව ආවා සෑර්.... හාමුදුරු කෙනෙක් ..

    හාමුදුරු කෙන්ක් කිව්වම, ආයෙත් දෙන්නම බය උනා.

    මොකාද බුද්ධරක්කිතයද...?

    බුද්ධා රකින එකෙක්ද..., ධම්මා රකින එකෙක්ද මන්දා..., උන්නාන්සෙත් සුද්දෙක් සෑර්... දොන් ඩේවිඩ් කියලා.

    ආ මේ අපේ අනගාරික නේ. ඔය යකා එකසිය ගානට පිස්සු කෙලින කොට, මමයි ඩී එසුයි තම්යි ඕකට ගේම දුන්නේ.., ඒ පාර තමයි මහණ උනේ.

    ඒවා නම් මම දන්නේ නෑ සෑර්... ඥානසාර හාමුදුරුවෝ කොච්චර හොඳද කියලා හිතුනා උන්දැ මට කතා කොරපු විදියට...

    තව ආවා සෑර් ඩොන් ඉස්ටීවන් කියලා සුද්දෙක්... ටෙල් කෝට් එකක් එහෙම ගහලා... උහ තොප්පියක් එහෙම දාලා... එයත් එක්ක ෆ්‍රෙඩ්‍රික් රිචර්ඩ් කියලා එයාගේ මල්ලියි, ඩඩ්ලි කියලා සුදු මහත්තයෙකුයි.

    ඉතින් සෑර්..., මම දන්න විදියට සෑර් රෙදි බැනියන් නේද අඳින්නේ...

    ආ... ඒ මම හරක් ගාල බලන්න එනකොට නේ.. නත්නම් ඉතින් ගෙදරට ඇඳලා ඉන්නෙ මෙහෙම..

    ආප්ප කන්නෙත් ගරැප්පුවෙන්ද සෑර්..

    ඔව් ඔව් අයිෂේ.. අපි අපේ දේ අගය කරන්න එපාය නේ..

    ඒක ඇත්ත සෑර්.., ඒ උනාට අත් අල්ලගෙන නම් යන්න දෙන්න බෑ..

    එහෙම කොහොම්ද අයිෂේ අත නැතිව... අපි දෙන්නටම මක්කත් කොරන්න බෑ..

    ඒ උනාට සෑර්..., අත අල්ලගෙන ගියාම මෙතන එන කොල්ලො කෙල්ලෝත් ඕක පටන් ගන්නවා. අන්තිමට හනිමූන් එකත් මෙතන කරන්න සෙට් වෙන්නේ. ඒ නිසා එතනට යනකන් වත් අත අතඇරලා යන්න සෑර් පින් සිද්ද වෙයි..

    සික්කා එහෙම කිව්වට දෙන්නා අත් අල්ලගෙනම ඩී එස් පිළිමේ පැත්තට යන්න ගියා. ගැරැප්පුවෙන් ආප්පෙත් කකා.

    ඒ දෙන්නා ගිහින් ටික වෙලාවකින් ගයිඩ් කෙනෙක් එනවා සුද්දෙක් එක්ක. ගයිඩා කොන්ඩෙ ක්‍රේල් නිකන් අයියා කෙනෙක් වගේ. සුද්දා හයේ හතරේ මෑන්. නැෂනල් එකක් ගහලා නලල ඔළුවේ පිටිස්සටම යනකන් වගේ තියෙනවා. ළඟට ආවම ගයිඩා ටිකක් දැකලා පුරුදුයි වගේ නිසා, සික්කා ගයිඩගෙන් ඇහුවා, තමුසෙ මම කොහේදි හරි දැකලා තියෙනවා ඒත් හරියටම නිච්චියක් නැතෙයිය කියලා.

    තමුසේ... තමුසේ... අඩෝ උක්තෝ තෝ දන්නවද උක්තෝ මම කව්ද කියලා... මම තමයි ගෝනවල් සුනිල්..

    අම්මට හුඩු ලොක්කා උඹත් ජාතික වීරයෙක්ද..

    ඒවා වැඩක් නෑ ඩෝ.... කොහෙද මීටම තියෙන්නේ....? කියලා සික්කගෙ යුනිෆෝම් එකේ කොලර් එකේ කිළුටු තියෙනවද කියලා බලන්න හදන කොටම, සුද්දා සිගන්ල් එකක් දුන්නා අරූට පැත්තකට වෙන්නේ කියලා..

    මේ තරුණයා අපි දැණුවත් කොරන්න ඕන.. මේ තරුණයා දැන ගන්න.. මම තමයි ජූනීයස් රිචඩ්.. මට පුළුවන් ඔහේව ඕනා නම් ගෑණියෙක් කොරන්න..

    අම්මට හුඩු තවත් සුද්දෙක්.. අනේ සෑර් අහලා තිබුනට දැක්කේ අදයි.. මොකක්ද සෑර් දැන් ඔය ඔතන වෙන්නේ..

    තරුණයා දැන ගත යුතුයි.. එතන ජාතික වීරයන්ගේ සාකඡ්චාක් පවත්වනව කියලා..

    එහෙම කියපු ඒ සුද්දත් අර අයියත් එක්ක ඒ පැත්තටම යන්න ගියා. සික්කා දැක්කේ නැති උනාට සුද්දොම විතරක් නෙමෙයි. තලප්පාවල් බැඳපු දෙමෙල්ලුයි, තුර්කි තොප්පි දපූ තම්බිත් ඇවිත් උන්නා. ඒ අස්සේ ටයි කෝට් ඇඳන් මිටියක් ගත්ත එකෙකුත් උන්නා. ඩොන් බාරොන් කියලා සුද්දෙක්, සපත්තුවක් ගලවගෙන මොකක්ද පිස්සුවක් නටනවා.

    මේ ඔකොම එකතුවෙලා , සෝල්බරි සාමී, ලෝඩ් ඩොනමෝර් කියන සුද්දෝ දෙන්න වටකරගෙන අඬනවා. අඬන්නෙයි කියන්නෙයි ඉන්ගිරිසියෙන්..

    ඩොන් ස්ටීවන් කියන සුද්දා අඬනවා... අපි කිව්වනේ සාමි අපිට ඕන නිදහසක් නෑතෙයිය, අපිව දාලා යන්න එපාය කියලා. ඇහුවේ නෑ නේ සාමි. අපි කිව්වනේ සාමි සාමිලා ගියාම අපි අනාතයි කියලා ඇහුවේ නෑ නේ සාමී කියලා..

    ඒ අස්සේ ආරුමුගම් අරුණාචලම් අඬනවා..., යේක අප්පිට පනාට පනාත් නේ (50-50) තුනෙන් එකත් නේ සාමී.... කියන කොටම සෝල්බරි සාමි කියපි, දැන් තුනම නෑ නේද කියලා... ඒකට ඩොන් ඩේවිඩි හේවාවිතාරණට මැරෙන්න හිනා. අනික් ලෝකල් සුද්දෝ ටිකත් හොරෙන් හිනා උනා. සිරාමාවෝ නම් සාරි පොටෙන් කට වහ ගත්තා...

    ඒ අස්සේ තුවාන් බදුර්දීන් අඬනවා..., අයියා පලන්න සාමි.... යේක අපිලට නේනසාර තමා කානවා... යේක යප්පිලා මෙරනවා... යෙපි එනාතයි සාමි... කියලා.. ඒකට නම් සාමි කිව්වේ, අපිට ඒකට කරන්න දෙයක් නෑ දැන් අපිත් අහුවෙන තැන උඹලට නෙලනවා... අල්ලට කියලා බලහන් කියලා.

    ඊට පස්සේ එක එකාගේ අඳෝනාවල් ටික අහවර උනාම සෝල්බරි සාමිගේ ඉස්පීච් එක.

    අර තමුසෙලගේ උනුත් විරුද්ධ වෙද්දි, කන්නන්ගර ඔක්කෝටම අජ්ජාපනේ දෙන්න ගියා... වැද්දන්ට මොන අජ්ජාපනේද... වැද්දන්ට අජ්ජාපනේ දෙන්න කලින් උන්ව මිනිස්සු කරන්න ඕන.... නැත්නම් අජ්ජාපනේ බල්ලට යනවා. කිසිම දෙයක් ෆ්‍රී දෙන්න නරකයි... ඒකේ අගයක් නැති වෙනවා. පස්සෙ ඔක්කෝම නොමිළේ ඉල්ලනවා.. කාළකන්නි වෙනවා..

    අපි තමුසෙලට කිව්වා ඔය ඡන්ද බලේ හැම එකාටම දෙන එකත් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න කියලා. මොකෝ මී හරක්ට ඕවා දුන්නම් උන් පිස්සු කෙලිනවා කියලා අපි ඒ කාළෙම දැන් ගත්තා.

    තොපි මහා කම්මැලි ජාතියක්. වෙනස් වෙන්න කැමතිම නෑ. කැළේම ඉන්න තමයි කැමති. ඒකනේ වතුවල වැඩ කරන්න ඉන්දියාවෙන් ගෙනාවේ. අපි දීලා ගිය ටිකවත් තොපිට රැක ගන්න බැරි උනා.

    තේ ඉවරයි. පොල් ගිනි ගනන්. රබර් ඇදෙන්නේ නෑ. 72 ජනරජ ව්‍යවස්ථාවක් ගෙනත් ඉල්ලගෙනම කෑවා. කොල්වින් කියලා බූරුවෙක් තොපි නැත්තටම නති කළා. ආගමත් කොන්ස්ටිටියුසොන් එකේ එල්ල ගත්තා. දැන් උන් කියන විදියට නටන්න ඕන. නැත්නම් අඩු ගානේ උඹලා ගැන පොඩ්ඩක් හරි බලන්න තිබ්බා.

    තොපි වෙනස් කරන්න හරි අමාරුයි. අපිටත් උඹලා ගැන දුකයි. ඒත් කොරන්න දෙයක් නෑ.

    හැබයි අපිට එක සංතෝසෙකුත් තියෙනවා.

    ඒ තමයි..., තොපි වගේ කාළකන්නි ජාතියකින් අපි නිදහස් වීම... කියපු ඩොනමෝර් සාමි සිරිමාවෝ එක්ක බෝල් රූම් ඩාන්ස් එකකට සෙට් උනා.

    බන්ඩාරනායක මහත්තයා අප්පුඩි ගහුවා.

    සර් ජෝන් සරම කරට අරගෙන සෝල්බරි සාමිගේ නෝනට ඇහැක් ගැහුවා.

    ඩී එස් අස්සයෙක් අල්ලන්න තිංලගගේ බුකියක් හොයාගෙන ගියා.

    ලව්ස්පීකරෙන් සිරිසේන එයාගේ නිදහස් බයිලා කියනවා ආකෙඩ් එක පැත්තෙ ලව්ස්කීපරේකින් ඇහුනා..

    රණවිරුවෝ පැරෂුට් වලින් පැන්නා..

    ඒක බලන්න ඔක්කෝම කට ඇරගෙන උඩ බැලුවා..

    ඒ වෙලාවම එතනින් නිදහසේ පියඹාගෙන ගිය, කොහෙන්දෝ ඇවිත් කොළඹ ලැයිට් කණු ආක්‍රමණය කරගෙන ඉන්න අර පත ෆෙලිකන් සෙට් එකක්, උන්ගේ කක්කා බර, අර ජාතික වීරයන්ගේ කටට නිදහස් කලා..:angry::D:eek::confused::love::cool:
    SIZE="4"][/SIZE]උපුටා ( කොපි කිරීම ) ගැනීම මාතලන් සින්ඩිය බ්ලොගෙන්
     
    • Like
    Reactions: KDH

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,624
    1,473
    113
    වයබ පාලාතේ
    ඒ අස්සේ ජාතික ගීය දෙමලෙන් ගැහුවා.......

    ++++

    නිදහස ලැබුණා මල්ලි, නිදහස ලැබුණා
    තළුමරන්ට මිහිරි අකුරු හතරක් ලැබුණා
    ගීයක් ලැබුණා ජාතික කොඩියක් ලැබුණා
    එළිවෙනකොට නිදහස අහසින් ගෙට වැටුණා......

    කොඩිය සුද්දගේ මල්ලි, සිංහයා අපේ
    ලනුව සුද්දගේ වුනත් කොඩිගහ අපගේ
    නෑ බැට කෑවේ නේරු පාතෙල් වාගේ
    නෑ දිවි දුන්නේ මහත්ම ගාන්ධි වාගේ......

    ලේ හැලුනෙ නෑ සුද්දා තරහ වුනෙත් නෑ
    යන්ට ගියෙත් නෑ නොගිහිං හිටියෙත් නෑ
    අදත් බොමු ඒ නිදහස් පානේ සුමිහිරි
    තවත් සුමිහිරියි අද ඒ පානේ මිතුරිනි

    හිතන්ට නිදහස- ලියන්ට කියන්ට නිදහස- බනින්ට නිදහස ඇති රට- මේ උත්තම රට
    බයිල කියා පුදදෙමු අප ස්වෛරී සිරිලක- නිවන් දකිත්වා අපගේ ජන නායක කැල

    :baffled::baffled:

    happy independence day

    ;)
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    sri-lanka-national-day-2017-5705623262986240-hp.gif
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    OLD EDUCATION EKE VENAS VENNA ONA DEYA[SUDDDHAGE MA IDEAS VALIN]

    employers are dissatisfied with applicants’ skills: 27 percent reported that they have left a vacancy open in the past year because they could not find anyone with the right skills. One-third said the lack of skills is causing major business problems, in the form of cost, quality, or time. Counterintuitively, employers from countries where youth unemployment is highest reported the greatest problems. So why is it that young people are not getting the skills that employers need? One reason is the failure of employers, education providers, and young people to understand one another. To cite our 2012 report, they operate in “parallel universes.”
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    In Europe, 74 percent of education providers were confident that their graduates were prepared for work, but only 38 percent of youth and 35 percent of employers agreed. The different players don’t talk to one another and don’t understand one another’s expectations and needs. Only in Germany and the United Kingdom did most employers report that they communicate with education providers at least several times a year. In Portugal, only a third did. And only in Spain did most employers report that their interactions with providers were actually effective.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නිදහස ලැබුණා මල්ලි, නිදහස ලැබුණා
    තළුමරන්ට මිහිරි අකුරු හතරක් ලැබුණා
    ගීයක් ලැබුණා ජාතික කොඩියක් ලැබුණා
    එළිවෙනකොට නිදහස අහසින් ගෙට වැටුණා......

    කොඩිය සුද්දගේ මල්ලි, සිංහයා අපේ
    ලනුව සුද්දගේ වුනත් කොඩිගහ අපගේ
    නෑ බැට කෑවේ නේරු පාතෙල් වාගේ
    නෑ දිවි දුන්නේ මහත්ම ගාන්ධි වාගේ......

    ලේ හැලුනෙ නෑ සුද්දා තරහ වුනෙත් නෑ ??
    යන්ට ගියෙත් නෑ නොගිහිං හිටියෙත් නෑ
    අදත් බොමු ඒ නිදහස් පානේ සුමිහිරි
    තවත් සුමිහිරියි අද ඒ පානේ මිතුරිනි

    හිතන්ට නිදහස- ලියන්ට කියන්ට නිදහස- බනින්ට නිදහස ඇති රට- මේ උත්තම රට
    බයිල කියා පුදදෙමු අප ස්වෛරී සිරිලක- නිවන් දකිත්වා අපගේ ජන නායක කැල

    :baffled::baffled:


    happy independence day

    ;)

    වීර පුරං අප්පුල වයසට ගිහිංද මැරිල තියෙන්නෙ ? :confused: :confused: