වෛද්‍ය අධ්‍යාපනය සහ උගත් දේ භාවිතය

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    වෛද්‍ය අධ්‍යාපනය සහ උගත් දේ භාවිතය



    පොඩි කතාවකින් පටන්ගමු...
    [මුලින්ම කියන්නම් මේක දිග ලිපියක් අකමැතිනම් නොකියව ඉන්න]
    ඔන්න අම්මයි තාත්තයි දරුවෙකුයි....
    [අම්මා දෙවෙනි දරැව ලැබෙන්න ආසන්නයි]
    තව ඔනිනම් සියයි ආච්චිත් එක්ක කට්ටිය ට්‍රිප් එකක් යනවා
    යන්නෙ මොකේද කියලද අහන්නේ
    මෙහෙමයි සල්ලි ගොඩක් තියන පවුලක් නම් බෙන්ස් එකේ
    මැද පන්තියේ මිනිස්සූ ලාන්සර් එකේ හරි ත්‍රීවිල් එකේ
    සමහර විට කන්ඩායමක් එක්ක බස් එකක
    යන්නෙ කොහෙද?
    දකුනු පලාතේ කියමුකෝ
    කට්ටියම කිරින්ඳ මුහුදෙ රැල්ල පාගද්දි
    දරුව පය පැටලීමකින් මුදේ ගිලෙනව
    [හරි හරි අමානුශිකයි තමයි ඒත් මෙහෙම දෙයක් වෙන්න බැරි නෑනේ]
    පීනන්න දන්න කෙනෙක් දරුවව බේරගෙන කිරින්ඳ ප්‍රාදේශීය රෝහලට ගෙනියනව
    මේ අතරෙම අම්මටත් අමාරු වෙනව දරැව ගිලේද්දි බේරගන්න ගිහින් අම්මත් වැටිල බඩේ ඉන්න දරුපැටියට හානියක් වෙලාද කියල ආපු කට්ටිය බයේ කට්ටියම අම්මත් ලගම තියෙන කිරින්ද රෝහලට ගෙනියනව...
    මෙන්න මේව තමයි හදිසි වෛද්‍ය ප්‍රතිකාර (emergency medical attention) ඔනි වෙන අවස්ථා
    මේ වගේ දෙයක් ඉහත මුලින් සදහන් කල ඔනිම පව්ලකට වෙන්න පුලුවන්
    කෝයිතරම් සල්ලි තිබුනත් ප්‍රධාන පෙළේ රෝහලකට යන්නවත් රට යන්නවත් තෝරගන්න ඔබට වෙලාවක් නෑ
    එකම හව්හරන ලගම තියෙන රජයේ ප්‍රාදේශීය රෝහල
    එතනදි රෝහලේ ඉන්නේ එක වෛද්‍යවරයයි (එයා රජයේද . සයිටම්ද. පිටරටද.ඇපෝතිකරද කියල හෝයා බලල යන්න පුලුවන් අවස්තාවක් නෙවෙයි මේක ] එක හෙදියයි කනිශ්ඨ කාර්ය මණ්ඩලයේ දෙන්නයි
    මෙතනදී වෛද්‍යවරයට බෑ දරුවට කරනදේ පොතෙන් හරි ඉන්ටනෙට් එකෙන් බල බල ඉන්න අඩුම තරමේ යලුවෙක්ට කෝල් කරල නැත්තම් ජේශ්ඨ වෛද්‍යවරයෙක් ගෙන් උදව් ගන්න
    ඒ අතරතුරේ දරුවගේ අම්මත් විලිරුදාවෙන් කෑගහමින් රෝහලට ඇතුල් වෙනව...
    දැන් වෙනස්ම විදියෙ ප්‍රශ්ණ දෙකක්
    [ ඔන්න ඔතන තමයි වෛද්‍ය අධ්‍යාපනය සහ උගත් දේ භාවිතය medical education & application අනෙක් අධ්‍යාපනයන් එක්ක වෙනස් වෙන්නේ]
    වෛද්‍යවරයගේ කරමත තමයි ලෙඩ්ඩු දෙන්නම
    ආ අමතක උනා ඇයි අලුතින් ලෝකෙ එලිය දකින්න හදන දරු පැටිය
    තුන්දෙනාගෙම ජීවිත..
    වෛද්‍යවරයා මොනාහරි කරන්න ඔනි තුන්දෙනා බේරගන්න
    කොයිතරම් පොත් කියවල දැනුම ලැබුනත් ඒ වෙලාවට මතක් වෙන්නේ කලින් එහෙම සිදු විමකදි කරපු විදිය හෝ නිතර භාවිතා කරපු දෙයක්
    ( අපිට පිරිත් ඔක්කොම මතක නැති උනාට පන්සිල් පද පහ තේරුම නොදැන උනත් මතකේන් කිව්වැකි නේ)
    අඩුම තරමේ එහෙම සිදුවීමක්
    දැකලවත් නැත්තම් බොරුවක් කරල අහිංසක පව්ලක තුන්දෙනෙක් ගේ ජීවිත නැතිකරල තාත්තව ලෝකෙ තනි කරන්න හැකියාවක් වෛද්‍යවරයට තියෙනව
    ඒ වගේම අර ලෙඩ්ඩු ගෙනාපු සෙට් එකෙන් බඩකට පුරෝල කන්නත් පුලුවං
    [මෙතනදි තමයි නිසි පරිදි ශික්ෂණ රෝහලක සායනික පුහුනු ව වැදගත් වෙන්නේ]
    බැලුවම පොර ටෝකක් වගේ පෙනෙයි ඒත් කල්පනාකරල බැලුවම තේරේයි ඇත්ත මොකද්ද කියල
    දැන් එමු මාතෘකාවට
    සයිටම් එකේ වෛද්‍යවරයින්ට මේ දැනුම තියෙනවද නැතිනම් ඒයාලා මිනිස්සු මරයිද කියල තීරනය කරන්න කල් වැඩී
    හැබැයි එයාල
    දැනුම තියෙනව එහෙම නොකරනව කියල ඔප්පු කරනකන් ඔබ ජීවිත බයකින් ජීවත් විය යුතුයි
    [සායනික පුහුණුව වැදගත් වෙන් නෑ කියනවනම් ඒක ඔබේ ප්‍රශ්නයක්]
    දැන් අහන්නෙපා එයාලට ඇයි එහෙනම් රජයේ රෝහල් වල පුහුනුව දෙන් නැත්තෙ කියල
    මම පෞද්ගලික රියදුරු පාසලක් පටන් අරන් [ලනර්ස් කියමුකෝ] මගේ බස් රථ හොඳ නැති නිසා
    මගේ පුහුනු සිසුන් ලංගමේ පුහුනුව ඉල්ලනව
    ලාබේ මගේ අතේ
    පුහුනුව රජයෙන්
    මටනම් ඒක පට්ට විහිළුවක්
    ඒක ඉතින් රජය සහ අන පනත් හදන මිනිස්සු බලා ගනී
    ඔව් මම දන්නව ඊලග ප්‍රශ්ණය
    රජයේ වෛද්‍ය පීඨ වෛද්‍යවරුන්ගෙ අතින් මිනිස්සු මැරෙන් නැද්ද
    නෑ මැරෙන්න පුලුවන්
    එතන තියෙන්නේ සම්භාවිතාව සම්බන්ධ ප්‍රශ්ණයක්
    අඩුම තරමේ මෙහෙම ලෙඩෙක් දැකපු කෙනෙක් සහ ලෙඩෙක් දැකල නැති කෙනෙක් අතර තියෙන සම්භාවිතාවක්
    තීරනය ඔබේ අතේ
    උසස් පෙල සමත් වෙලා වෛද්‍ය පීඨ යකට ගිය පලියට
    තවත් කෙනෙක්ගේ අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය තීරනය කිරිමට මට අයිතික් නෑ
    සල්ලි තියෙන හෝ නැති හෝ
    උසස් පෙල සමත් හෝ අසමත්
    රජයේ හෝ පෞද්ගලිකව
    ඔන කෙනෙක් වෛද්‍ය අධ්‍යාපනය ලැබීම මට ගැටලුවක් නෑ
    හැබැයි ඔහු හෝ ඇය
    මට හෝ මගේ කෙනෙක්ට ප්‍රතිකාර කිරීම කරන තැනදි තමයි මට ගැටලුවක් වෙන්නෙ
    ඔහු වෛද්‍යවරයෙක් වීමට සුදුසුද
    වෛද්‍යවරයෙක් ලෙස සේවය නිවැරදිව කරනවද යන්න තීරනයට බලය ලබා දුන් ආයතනය තමයි
    SLMC ( sri lanka medical council) නැත්තම්
    මෙඩිකල් කව්න්සිල් කියන්නෙ අපේ ආයතනයක් නෙවෙයි
    ඒක ඔබේ (GMOA එක කියන්නෙ වෛද්‍ය වෘතිය සමිතිය GMOA සහ SLMC පටලවගන්නෙපා)
    කොටින්ම කිව්වොත් අපෙන් වෙන වැරදි වලින් ඔබව බේර ගැනීමට සහ අපට දඩුවම් කිරීමට තියෙන ආයතනයක්
    ඉතින් ඒ ආයතනයට මජර දේශපාලන බල පෑම් එනවනම්
    ඒ ආයතනයේ ස්වාධීනත්වයට ගහනවනම් වදිනේ ඔබට
    ඊලග තර්කය සයිටම් සිසුන්ගේ දැනුම බැලිමට විභාගයකට වාඩිකරවීම
    ඔබ හිතනවනම් රටේ සියලුම අංශ අලුගුත්තේරු දේශපාලුවන් සහ බලය ඇතිවුන් විසින් කා දාමා කුණු වී ඔජස් ගලමින් ගද ගහමින් තියෙන රටක
    මේ තියන විභාගය සර්ව සාදාරණ අමුතුම එකක් වෙයි කියල හරි
    මෙකෙන් නියම දැනුම තියෙන එකා විතරක් තේරෙයි කියල
    ඔබ ඉන්නෙ ලංකාවෙ පොලවෙ පය ගහල නෙවෙයි
    ( රජයේ කැම්පස් වල ඔව හරියට නියාමනය වෙනවද අහන අයට එක උදාහරනයක් පෙන්වන්නම්
    රජයේ උසස් ඇමති පුතෙක් වෛද්‍ය පීඨ දෙවන විභාගය එක පිට එක ෆේල් වෙලා පීඨයෙන් දොට්ට දාලා තාත්ත එක්ක දැන් දේශපාලනේ කරනව)
    අන්න ඒ නිසා
    මම / අපි සයිටම් විරෝධී කියන තැන එකහෙලාම හිටගන්නවා
    ඒ වෙන මොකවත් නිසා නෙවෙයි මුලින්ම කිව්ව ට්‍රිප් ගිය පවුල
    මගේ පවුල වෙන්න පුලුවන් නිසා
    තවත් සම්භාවිතා ගානක් මෙතනදි කියන්න වෙනව වෛද්‍යවරයෙක් විදියට මට ඒ අවස්ථාවට මුහුන දෙන්න උනොත් මගේ දැනුමෙන් හරි මොනව හරි කරල බේරගන්නීමට උත්සහයක් කරන්න පුලුවන් මුකුත් නොදන්න ඔබ සිද්දියේදි සම්භාවිතාව
    ඒ ගැන සිතන්න ඔබටම භාරයි.

    From the wall of dr.sampath weeerasingha .....

    16387431_1552443604785817_7093612090630993645_n.jpg


     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ‍ලෙඩ්ඩු මැරෙන එක සම්බාවීතාව ගැන ප්රස්නයක්? මිනිස් ජීවිතයක වටිනාකමක් දන්නෙ නැති උන් ද බන් මේ දොස්තරල වෙලා තියෙන්නෙ.... තූ නොදකින්...
     

    Katayaa

    Banned
    Jan 31, 2017
    241
    21
    0
    ‍ලෙඩ්ඩු මැරෙන එක සම්බාවීතාව ගැන ප්රස්නයක්? මිනිස් ජීවිතයක වටිනාකමක් දන්නෙ නැති උන් ද බන් මේ දොස්තරල වෙලා තියෙන්නෙ.... තූ නොදකින්...

    gov campus wala degree karapu doctors la athin leddu marilama nathuwa aythine :rofl::rofl:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    රාජිතගේ වැරදි ඇති මචන්, හැබැයි මිනිහා ආවට පස්සේ තමා බේත්වල ගනන් අඩු උනේ. ඒක නම් ඇත්ත. බාගෙට බාගයක් වගේ බේත් ගනන් අඩුයි. පෙනඩොල් පෙත්තේ ඉදන් හාට් ප්‍රොබ්ලම් වලට ගන්න ටැබ්ලට් වෙනකන් අඩු කලා. ඒක නම් ලොකු දෙයක්.
     
    Jul 5, 2012
    1,773
    265
    0
    මේ වගේ අර ජෙප්පෝ පිං කැට හොලව හොලව බස් ස්ටැන්ඩ් වල කියන දෙකයි පනහේ කතා අහලා ඇති වෙලා බං. බෝරීං..... බොරුවක් කියන කොට අඩුගානේ නවතාවයකින් ඉදිරිපත් කරපං..ආහ් සොරි මට වැර්දුනා..උඹ අර පිං විස්ස විජ්ජාල වෙනුවෙන් මරාගෙන මැරෙන්න සූදනම් එකෙක්නේහ්?
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    දැන් අහන්නෙපා එයාලට ඇයි එහෙනම් රජයේ රෝහල් වල පුහුනුව දෙන් නැත්තෙ කියල
    මම පෞද්ගලික රියදුරු පාසලක් පටන් අරන් [ලනර්ස් කියමුකෝ] මගේ බස් රථ හොඳ නැති නිසා
    මගේ පුහුනු සිසුන් ලංගමේ පුහුනුව ඉල්ලනව
    ලාබේ මගේ අතේ


    mehemai mun loku ganak deelane me course eka karnne.Gov hosplte walata eka loku amount ekak deela Gov teaching hostples ekka agreemnet ekak gahuwa nm clinicals denna kiyala wade harine bn.

    boruwata oya prasne kiyawa kiyawa hitiyata wadak nane.
    practically karanna puluwn deyak kala nm iwarai.

    mn me kiwwe ekak thawa kochchara scenario adda me wage?
     
    Jul 5, 2012
    1,773
    265
    0



    දැන් අහන්නෙපා එයාලට ඇයි එහෙනම් රජයේ රෝහල් වල පුහුනුව දෙන් නැත්තෙ කියල
    මම පෞද්ගලික රියදුරු පාසලක් පටන් අරන් [ලනර්ස් කියමුකෝ] මගේ බස් රථ හොඳ නැති නිසා
    මගේ පුහුනු සිසුන් ලංගමේ පුහුනුව ඉල්ලනව
    ලාබේ මගේ අතේ
    පුහුනුව රජයෙන්
    මටනම් ඒක පට්ට විහිළුවක්



    එක රැයින් එළි දුටු අරුම පුදුම වෛද්‍ය විද්‍යාලය

    ස්ථිර ගොඩනැගිලි, අධ්‍යාපන අනධ්‍යයන කාර්ය මණ්ඩල, ශික්ෂන රෝහල්, පුස්තකාල, රසායනාගාර නොමැති මෙම අරුම පුදුම වෛද්‍ය විද්‍යාලය එක රැයින් එළි දකින්නේ ගෝඨාභය රාජපක්ෂගේ ආනුභාවයෙනි. පසුගිය වනචර දශකයේ ගෝඨාභයලාට කළ නොහැකි දෙයක් නොවීය. මෙම අරුම පුදුම වෛද්‍ය පීඨය ද එවැනි නිර්මාණයකි. රුහුණු විශ්ව විද්‍යාලය සමග ඇති කර ගන්නා අවබෝධතා ගිවිසුමක් මත ගෝඨාභයගේ වෛද්‍ය පීඨය බිහිවිය. ඒ අනුව කොතලාවල අරුම පුදුම වෛද්‍ය විද්‍යාලයේ පළමු ශිෂ්‍ය කණ්ඩායම් දෙක (කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ 27 වන සහ 28 වන කණ්ඩායම්) අධ්‍යාපනය ලබන්නේ රුහුණු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ හෙවත් කරාපිටිය වෛද්‍ය පීඨයේ ය. මෙම කණ්ඩායම් දෙක දෙවන එම්බීබීඑස් විභාගය දක්වා කරාපිටියේ අධ්‍යාපනය හදාරන අතර ඉන්පසුව කොතලාවල ආරක්ෂක විද්‍යාලයට එක්වෙයි. මෙම ශිෂ්‍ය කණ්ඩායම් දෙක කරාපිටියේ ඉගෙනුම ලබන කාලය තුල කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ නව වෛද්‍ය පීඨය සඳහා ගොඩනැගිලි වේරහැර ප්‍රදේශයේ ඉදිකිරීමටත්, අනධ්‍යයන කාර්ය මණ්ඩල බඳවාගෙන පුහුණු කිරීමටත්, වෛද්‍ය පීඨයේ අනෙකුත් මූලික අවශ්‍යතා සපුරා ගැනීමටත් නියමිත විය.

    වසර 2014 දී කොතලාවල වෛද්‍ය විද්‍යාලයේ 3 වන ශිෂ්‍ය කණ්ඩායමට (29 කණ්ඩායම) වේරහැර අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට හැකි වනු ඇති බව ඔවුන්ගේ තක්සේරුව විය.

    ඒ අනුව වසර 5 කට ආසන්න කාලයක් මේ අපූරු වෛද්‍ය විද්‍යාලය කරාපිටිය වෛද්‍ය පීඨයේ සිට ක්‍රියාත්මක වෙයි. කොතලාවල වෛද්‍ය විද්‍යාලයේ සිසුහු නාරාහේන්පිට හමුදා රෝහලේ, ශ්‍රී ජයවර්ධන පුර ජාතික රෝහලේ සහ කරාපිටිය ශික්ෂන රෝහලේ සායනික පුහුණුව ලබති. අවසාන වසරේ වෘත්තීය පත්වීම් සඳහා ඔව්හු කරාපිටිය සහ ශ්‍රී ජයවර්ධන පුර රෝහල් වලට යොමු කරති.

    වසර 5 කට වඩා කාලයක් පුරා මේ අරුම පුදුම වෛද්‍ය විද්‍යාලය ක්‍රියාත්මක වූයේ මේ ආකාරයට ය. මෙම කොතලාවල වෛද්‍ය පීඨයට සිසුන් බඳවා ගත්තේද අරුම පුදුම ආකාරයකට ය. එහි සිසුන් සියළු දෙනාම කෙඩෙට් නිලධාරීන් නොවුනු අතර මුදල් ගෙවා අධ්‍යාපනය ලබන විදේශ සිවිල් සිසුන් විශාල පිරිසක් ද ඒ අතර වූහ. ඔවුනට මෙය තවත් එක් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් පමණක් විය.

    වසර 5ක් නැට්ට දෙපර හැන්ද අස්සේ

    වසර 5 කට අධික කාලයක් පුරා ක්‍රියාත්මක වූ ස්ථිර ගොඩනැගිල්ලක්, ආචාර්ය මණ්ඩලයක්, ශික්ෂන රෝහලක් නොමැති වූ මෙම අරුම පුදුම වෛද්‍ය පීඨය පිලිබඳ සහ එහි ප්‍රමිතිය පිලිබඳ කිසිවෙක් ප්‍රශ්න නොකළහ. නිදහස් අධ්‍යාපනය සුරැකීම වෙනුවෙන් මරාගෙන මැරීමට අද සූදානම්ව සිටින ජවිපෙ සහ පෙරටුගාමී ෆැසිස්ට්වාදීහු වසර 2014 අවසන් වන තෙක් නැට්ට දෙපර හැන්ද අස්සේ ගසාගෙන සිටියහ.

    මේ පිලිබඳ විරෝධය පල කිරීමට සූදානම් වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාර පුත්‍ර පාදෙණියට ගෝඨාභය රාජපක්ෂ ලබා දුන් එක දුරකථන ඇමැතුමෙන් එම විරෝධතා දියවී ගියේ ය. අද මාලාබේ වෛද්‍ය විද්‍යාලයේ ප්‍රමිතිය සායනික පුහුණුව ගැන අවලාද කියන කිසිවෙකු ගෝඨාභයගේ අරුම පුදුම වෛද්‍ය විද්‍යාලය ගැන වචනයක් කතා නොකරති. කොතලාවල වෛද්‍ය පීඨයේ කෙඩෙට් සිසුන්ගේ ප්‍රවේශ විභාග ප්‍රතිඵල ගැන ප්‍රශ්න නොකරති. එම කෙඩෙට් නිලධාරීන් වෛද්‍ය පීඨයට ඇතුලු වී මහා අනර්ඝ ‘එම්බීබීඑස්‘ උපාධිය ලබා ගන්නේ කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ මූලික ප්‍රවේශ පටිපාටිය අනුව මිස රටේ සෙසු සිසුන් රජයේ වෛද්‍ය පීඨයන්ට ඇතුලත් වන ‘ඉසෙඩ්‘ ලකුණු ප්‍රමාණය මත නොවේ. ( අපට ඒ ගැන ප්‍රශ්නයක් නැත) විදේශ සිසුන්ගේ කඩ ඉම් ලකුණු පිලිබඳ ප්‍රතිපත්තිය අපැහැදිලිය. එහෙත් මාලාබේ වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ගේ ප්‍රවේශ විභාග ප්‍රතිඵල ගැන ව්‍යාජ අවලාද නගන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාර පුත්‍රයන් හා දේශපාලන අපතයන් කොතලාවල ගැන අදටත් කටක් අරින්නේ නැත. ඒ රාජපක්ෂ රෙජීමයට පවතින අසීමිත ලැදියාව හෝ බිය නිසා ය.

    රජයේ වෛද්‍ය පීඨයන්ට ඇතුළු වීමට අවම අවශ්‍ය වන්නේ සාමාන්‍ය සාමාර්ථ 3 ක් වුවද මාලාබේ වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වීමට අවම වශයෙන් සාමාන්‍ය ‘එස්‘ සාමාර්ථ දෙකක් සහ ‘සී‘ සාමාර්ථයක් අවශ්‍ය බව මෙම පිරිස් නොදන්නවා නොවේ. ඒ අනුව මාලාබේ වෛද්‍ය විද්‍යාල ප්‍රවේශය රජයේ වෛද්‍ය පීඨයන්ට වඩා ඉහළය.

    අහිගුණ්ඨික ගෝඨා පීඨය

    කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ගොඩනැගිල්ල වේරහැර විවෘත කරන ලද්දේ වසර 2014 නොවැම්බර් 19 වෙනිදා ය. එතෙක් මේ අපූරු වෛද්‍ය විද්‍යාලය පැවැතියේ අහිගුණ්ඨිකව ය. එහි ශික්ෂන රෝහලක් ඉදිකිරීම ආරම්භ කර ඇති අතර එහි කටයුතු තවම නිම වී නැත. ලෝකයේ ශික්ෂණ රෝහලක් නොමැති දැනට වසර 6 ක් පැරණි වෛද්‍ය විද්‍යාලයක් තිබේ නම් ඒ මේ අරුම පුදුම කොතලාවල ‘ගෝඨා පීඨය‘ යි.

    අද මෙම වෛද්‍ය පීඨයේ සිසුන්ගෙන් 70% ක් පමණ මුදල් ගෙවා ඉගෙනුම ලබන සිවිල් විදේශ සිසුන් ය. එම සිසුන්ට සායනික පුහුණුව ලබා දෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර ඇතුළු රජයේ රෝහල් වලය. මුදල් ගෙවා ඉගෙනුම ලබන මෙම වෛද්‍ය සිසුන්ට රජයේ රෝහල් වල සායනික පුහුණුව ලබා දීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පාදෙණිය-හේරත්-සොයිසා මාර පුත්‍රයන්ගෙන් කිසිදු විරෝධයක් නැත. එහෙත් මාලාබේ වෛද්‍ය සිසුන්ට රජයේ රෝහල් හි සායනික පුහුණුව ලබා දීමට මෙකී මාර පුත්‍රයන් විරුද්ධ වෙති. අවම වශයෙන් මුදල් ගෙවා හෝ එම පුහුණුව ලබා ගැනීමට මාර පුත්‍රයෝ ඉඩ නොදෙති. එහෙත් විදේශ සිසුන් රජයේ ශික්ෂන රෝහල්හි නොමිලේ සායනික පුහුණුව ලැබීම ගැන මාරපුත්‍රයන්ගේ විරෝධයක් නොමැත. එමෙන්ම ශික්ෂන රෝහලක් නොමැතිව කොතලාවල වෛද්‍ය පීඨය වසර 5 කට අධික කාලයක් පුරා පැවතීම ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මුනිවත රකී. රාගම හෝ මාලාබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ශික්ෂන රෝහලක් නොමැතිව සිය කටයුතු ආරම්භ කෙළේ නම් මෙම මාර පුත්‍රයන් පොළොවේ පස් කනු නොඅනුමාන ය. එහෙත් කොතලාවල ගෝඨා පීඨයට එවැනි ප්‍රශ්නයක් නොමැත.

    මාලාබේ අරහං කොතලාවල ඉස්තරං තියරිය

    අදටත් තමන්ට අයත් ශික්ෂන රෝහලක් නොමැති වෛද්‍ය විද්‍යාලයක ප්‍රමිතිය කුමක්ද..? ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ මහාචාර්ය කාලෝ ෆොන්සේකාට කොතලාවල වෛද්‍ය පීඨයට ශික්ෂන රෝහලක් නොමැති වීම ප්‍රශ්නයක් නොවේ. මාලාබේ වෛද්‍ය විද්‍යාලයේ ප්‍රමිතිය ගැන ප්‍රශ්න කරන මාර පුත්‍රයන්, ජවිපෙ, පෙරටුගාමී නියැන්ඩතාල් දේශපාලන අපතයන්ට මෙන්ම අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය නමැති ෆැසිස්ට් කල්ලියට තමාට කියා ගොඩනැගිල්ලක් පවා නොමැතිව ක්‍රියාත්මක වූ කොතලාවල ‘ගෝඨා පීඨය‘ ගැන ප්‍රමිති ප්‍රශ්නයක් නොමැත. මෙම කණ්ඩායම්හි දෙබිඩි ප්‍රතිපත්ති සම්බන්ධයෙන් දිය හැකි හොඳම උදාහරණය කොතලාවල වෛද්‍ය පීඨයයි. මේ සියලු දෙනාටම මාලාබේ අරහංය. කොතලාවල ඉස්තරම් ය.

    අපට කොතලාවල වෛද්‍ය පීඨය සමග කිසිදු ආරෝවක් හෝ එය වසා දමන ලෙසට හෝ කියා සිටින්නේ නැත. එහෙත් එම වෛද්‍ය පීඨය අපි උදාහරණයට ගන්නෙමු. කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ වෛද්‍ය පීඨයට අමතරව ඉංජිනේරු, නීති, කළමණාකරණ ඇතුළු පීඨ කිහිපයක් ඇත. එහි බඳවා ගැනීම් සහ ප්‍රමිතිය පිලිබඳව මේ ආකාරයෙන් විස්තර ඉදිරිපත් කළ හැකිය.

    අප පෙර ලිපි වලින් පෙන්වා දුන් අන්දමට රට තුළ පෞද්ගලික විශ්ව විද්‍යාල නිර්මාණය වීමෙන් රාජ්‍ය විශ්ව විද්‍යාලයන්හි අවස්ථා අහිමි වූ මෙරට සිසුන්ට විදේශගත උපාධියක් ලබා ගැනීමට වියදම් කිරීමට සිදුවන මුදලින් අඩක් පමණ වැය කර මෙරට පෞද්ගලික විශ්ව විද්‍යාලයකින් උපාධියක් ලබා ගැනීමට හැකිය. එමගින් අඩු මුදලකට උපාධියක් ලබා ගැනීමේ අවස්ථාවක් මෙරට සිසුන්ට හිමි වන අතරම එම මුදල් විදේශ විනිමය වශයෙන් වෙනත් රටවලට ඇදී යෑම වැළකී රට තුල සංසරණය වනු ඇත. එය රටේ ආර්ථිකයට ධනාත්මක බලපෑමක් කරනු ඇත. පෞද්ගලික විශ්ව විද්‍යාල යනු රටේ අධ්‍යාපනය ලැබීමේ අවස්ථා වඩාත් පුළුල් වීමක් මිස නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමක් නොවේ.

    දෙවනුව ධනවත් දෙමාපියන් සිය දරුවන් පෞද්ගලික විශ්ව විද්‍යාල වලට යොමු කිරීම ගැන අප සතුටු විය යුතුය. ධනවත් දෙමාපියන්ගේ දරුවන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනය නොමිලේ ලැබිය යුතු නැත. එවැනි දෙමාපියන්ගේ දරුවන්ට නිදහස් අධ්‍යාපනය ලබා දීම යනු ඔවුනගේ අධ්‍යාපන පිරිවැය ද අසරණ පොදු ජනතාව මත පැටවීමකි. ලෝකයේ බොහෝ රටවල විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා දීමේ දී දෙමාපියන්ගේ සහ පවුලේ ආර්ථික ශක්තිය පිළිබඳ තක්සේරු වාර්තාවක් ලබා ගන්නේ එබැවිනි. පවුලේ ආදායම නිශ්චිත සීමාවකට වඩා පහළ මට්ටමක තිබෙන පවුල් වල දරුවන්ට බොහෝ විට නොමිලේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබෙන අතර ඉතිරි කණ්ඩායම් වල ආදායම් මට්ටම අනුව විශ්ව විද්‍යාල සඳහා ගෙවීම් කළ යුතුය. මෙය ‘නිදහස් අධ්‍යාපනය‘ විනාශ කිරීමක් වශයෙන් කෙනෙකුට තර්ක කළ හැකිය. එහෙත් මෙය නිදහස් අධ්‍යාපනය ලැබිය යුතු සමාජ කණ්ඩායම් වලට ලබා දීමේ ප්‍රවේශයකි.

    :D:D
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ජිංතක ජිල්ලබකිට;21209752 said:
    එක රැයින් එළි දුටු අරුම පුදුම වෛද්‍ය විද්‍යාලය

    ........

    :D:D

    මේකෙන් අහන්නේ SAITM වහනව නම් KDU වහන්න ඕනි කියන එකද?
    KDU කට්ටිය බාගෙට ඉගෙන ගෙන ලංකාවේ සාමාන්‍ය මිනිස්සුන්ට බේත් දෙනවා කියන එකද?

    එකෙක් එක වැඩක් වැරදියට කළා කියල තව එකෙක් වැරදි වැඩක් කලොත් ඒක හරි වැඩක් වෙනවද ?

    මට තේරෙන්නේ නෑ KDU එකයි SAITM එකයි අතර තියන සම්බන්ධෙ
    :baffled::baffled:
     
    Jul 5, 2012
    1,773
    265
    0
    මේකෙන් අහන්නේ SAITM වහනව නම් KDU වහන්න ඕනි කියන එකද?
    KDU කට්ටිය බාගෙට ඉගෙන ගෙන ලංකාවේ සාමාන්‍ය මිනිස්සුන්ට බේත් දෙනවා කියන එකද?

    එකෙක් එක වැඩක් වැරදියට කළා කියල තව එකෙක් වැරදි වැඩක් කලොත් ඒක හරි වැඩක් වෙනවද ?

    මට තේරෙන්නේ නෑ KDU එකයි SAITM එකයි අතර තියන සම්බන්ධෙ
    :baffled::baffled:

    මාලාබේ අරහං කොතලාවල ඉස්තරං තියරිය

    අදටත් තමන්ට අයත් ශික්ෂන රෝහලක් නොමැති වෛද්‍ය විද්‍යාලයක ප්‍රමිතිය කුමක්ද..? ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ මහාචාර්ය කාලෝ ෆොන්සේකාට කොතලාවල වෛද්‍ය පීඨයට ශික්ෂන රෝහලක් නොමැති වීම ප්‍රශ්නයක් නොවේ. මාලාබේ වෛද්‍ය විද්‍යාලයේ ප්‍රමිතිය ගැන ප්‍රශ්න කරන මාර පුත්‍රයන්, ජවිපෙ, පෙරටුගාමී නියැන්ඩතාල් දේශපාලන අපතයන්ට මෙන්ම අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය නමැති ෆැසිස්ට් කල්ලියට තමාට කියා ගොඩනැගිල්ලක් පවා නොමැතිව ක්‍රියාත්මක වූ කොතලාවල ‘ගෝඨා පීඨය‘ ගැන ප්‍රමිති ප්‍රශ්නයක් නොමැත. මෙම කණ්ඩායම්හි දෙබිඩි ප්‍රතිපත්ති සම්බන්ධයෙන් දිය හැකි හොඳම උදාහරණය කොතලාවල වෛද්‍ය පීඨයයි. මේ සියලු දෙනාටම මාලාබේ අරහංය. කොතලාවල ඉස්තරම් ය.
    අද මෙම වෛද්‍ය පීඨයේ සිසුන්ගෙන් 70% ක් පමණ මුදල් ගෙවා ඉගෙනුම ලබන සිවිල් විදේශ සිසුන් ය. එම සිසුන්ට සායනික පුහුණුව ලබා දෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර ඇතුළු රජයේ රෝහල් වලය. මුදල් ගෙවා ඉගෙනුම ලබන මෙම වෛද්‍ය සිසුන්ට රජයේ රෝහල් වල සායනික පුහුණුව ලබා දීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පාදෙණිය-හේරත්-සොයිසා මාර පුත්‍රයන්ගෙන් කිසිදු විරෝධයක් නැත. එහෙත් මාලාබේ වෛද්‍ය සිසුන්ට රජයේ රෝහල් හි සායනික පුහුණුව ලබා දීමට මෙකී මාර පුත්‍රයන් විරුද්ධ වෙති
    :D:D

    Its the double standards of the SLMC, IUSF, GMOA, and ignorant doctors that's highlighted here
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ජිංතක ජිල්ලබකිට;21209998 said:
    මාලාබේ අරහං කොතලාවල ඉස්තරං තියරිය

    අදටත් තමන්ට අයත් ශික්ෂන රෝහලක් නොමැති වෛද්‍ය විද්‍යාලයක ප්‍රමිතිය කුමක්ද..? ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ මහාචාර්ය කාලෝ ෆොන්සේකාට කොතලාවල වෛද්‍ය පීඨයට ශික්ෂන රෝහලක් නොමැති වීම ප්‍රශ්නයක් නොවේ. මාලාබේ වෛද්‍ය විද්‍යාලයේ ප්‍රමිතිය ගැන ප්‍රශ්න කරන මාර පුත්‍රයන්, ජවිපෙ, පෙරටුගාමී නියැන්ඩතාල් දේශපාලන අපතයන්ට මෙන්ම අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය නමැති ෆැසිස්ට් කල්ලියට තමාට කියා ගොඩනැගිල්ලක් පවා නොමැතිව ක්‍රියාත්මක වූ කොතලාවල ‘ගෝඨා පීඨය‘ ගැන ප්‍රමිති ප්‍රශ්නයක් නොමැත. මෙම කණ්ඩායම්හි දෙබිඩි ප්‍රතිපත්ති සම්බන්ධයෙන් දිය හැකි හොඳම උදාහරණය කොතලාවල වෛද්‍ය පීඨයයි. මේ සියලු දෙනාටම මාලාබේ අරහංය. කොතලාවල ඉස්තරම් ය.
    අද මෙම වෛද්‍ය පීඨයේ සිසුන්ගෙන් 70% ක් පමණ මුදල් ගෙවා ඉගෙනුම ලබන සිවිල් විදේශ සිසුන් ය. එම සිසුන්ට සායනික පුහුණුව ලබා දෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර ඇතුළු රජයේ රෝහල් වලය. මුදල් ගෙවා ඉගෙනුම ලබන මෙම වෛද්‍ය සිසුන්ට රජයේ රෝහල් වල සායනික පුහුණුව ලබා දීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පාදෙණිය-හේරත්-සොයිසා මාර පුත්‍රයන්ගෙන් කිසිදු විරෝධයක් නැත. එහෙත් මාලාබේ වෛද්‍ය සිසුන්ට රජයේ රෝහල් හි සායනික පුහුණුව ලබා දීමට මෙකී මාර පුත්‍රයන් විරුද්ධ වෙති
    :D:D

    Its the double standards of the SLMC, IUSF, GMOA, and ignorant doctors that's highlighted here

    කොතලාවල ඉස්තරං කියල තියෙන්නේ කොහෙද බන් මේකේ :oo::rolleyes:
     
    Jul 5, 2012
    1,773
    265
    0
    කොතලාවල ඉස්තරං කියල තියෙන්නේ කොහෙද බන් මේකේ :oo::rolleyes:

    Dude Don't try to play "බබා" here.

    කොතලාවල පීඨයට වෙනම හැන්දකින් බෙදමින් එය පවත්වාගෙන යාමට අනුබල දීම නඩු තීන්දුවෙදීත් SLMC යට එරෙහිව කියවුන වැදගත් සාධකයක්.



    නඩුකාරවරු වෛද්‍ය සභාවේ රෙදි ගලවති

    ශ්‍රී ලංකා වෛද්‍ය සභාව “ගෝඨා පීඨය“ හෙවත් කොතලාවල වෛද්‍ය පීඨයට සහ මාලාබේ වෛද්‍ය විද්‍යාලයට (සයිටම්) එකිනෙකට වෙනස් හැඳි වලින් සලකා ඇති බව පසුගියදා අභියාචනාධිකරණය දුන් තීන්දුවේ සඳහන් කර තිබේ.
    ‘ගෝඨා පීඨයේ‘ ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා මහාචාර්ය රිෂ්වි ෂෙරීෆ්, මහාචාර්ය රංජනී ගමගේ ඇතුළු සිව් දෙනෙකුගෙන් සමන්විත පරීක්ෂණ කණ්ඩායමක් ගොස් ඇති අතර එම පරීක්ෂාව අවසානයේ පිටු දෙකකින් යුතු ඉතා කෙටි වාර්තාවක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ඉදිරිපත් කර තිබේ.
    “ මෙම පරීක්ෂණ චාරිකාවේ දී ඉදිරිපත් කළ කරුණු සහ කොතලාවල වෛද්‍ය පීඨයේ පහසුකම් සැළකිල්ලට ගන්නා පරීක්ෂණ කණ්ඩායම මෙම ආයතනයට නිසි තත්ත්වයෙන් යුතු හමුදා වෛද්‍යවරුන් බිහි කිරීමට හැකිය. මෙම වෛද්‍ය පීඨය ‘ඉතාම ඉහළ මට්ටමේ‘ පුහුණුවක් ලබා දෙන අතර වසර 2015 දී මෙම වෛද්‍ය පීඨයට අයත් වන රෝහල් ඉදි කිරීම් සම්පූර්ණ කළ පසුව හමුදා වෛද්‍ය උපාධිධාරීන් ට එහි දී පුහුණුව ලබා ගත හැකිය“ යනුවෙන් එම පිටු දෙකේ වාර්තාවේ සඳහන් වේ.
    අභියාචනාධිකරණ විනිසුරන් වන විජිත් මලල්ගොඩ සහ එස්.තුරෙයිරාජා යන මහත්වරුන් ලියා ඇති දීර්ඝ නඩු තීන්දුවේ සඳහන් කරන ආකාරයට වෛද්‍ය සභාවේ පරීක්ෂක කණ්ඩායම ඉදිරිපත් කරන පිටු දෙකේ වාර්තාවේ කොතලාවල වෛද්‍ය පීඨයේ පහසුකම් පිලිබඳ විස්තර දක්වා ඇත්තේ ඡේද දෙකක් පමණක් බවත් එමගින් මෙම වෛද්‍ය සිසුන් ‘ඉතාම ඉහළ මට්ටමේ‘ පුහුණුවක් ලබා දෙන බවට නිගමනයකට එළැඹ ඇති නමුත් ඒ වන විට එම වෛද්‍ය පීඨය සතු වනවා යැයි කියන ඇඳන් 700 කින් යුත් ශික්ෂණ රෝහලේ ඉදි කිරීම් කටයුතු පවා නිමාකර නොතිබුණු බවයි.
    සයිටම් ආයතනයේ ප්‍රමිතිය සහ පහසුකම් නිරීක්ෂණය කළ වෛද්‍ය සභාවේ කණ්ඩායමේ නායකයා වූයේ ද මහාචාර්ය රිෂ්වි ෂෙරීෆ් ය. එම කණ්ඩායමට ද මහාචාර්ය රංජනී ගමගේ මහත්මිය ඇතුලත් විය.
    අභියාචනාධිකරණය මෙම වාර්තා දෙක පරීක්ෂා කිරීමේ දී සයිටම් සහ කොතලාවල වෛද්‍ය පීඨය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව එකිනෙකට වෙනස් ප්‍රමිතීන් දෙකක් යොදාගෙන තිබෙන බව පැහැදිලි යයි විජිත් මලල්ගොඩ සහ එස්. තුරෙයිරාජා මහත්වරුන් සිය නඩු වාර්තාවේ අවධාරණය කරති. ( පිටු 28-29)
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ජිංතක ජිල්ලබකිට;21210046 said:
    Dude Don't try to play "බබා" here.

    කොතලාවල පීඨයට වෙනම හැන්දකින් බෙදමින් එය පවත්වාගෙන යාමට අනුබල දීම නඩු තීන්දුවෙදීත් SLMC යට එරෙහිව කියවුන වැදගත් සාධකයක්.

    දැන් ඔය කියන විදියට SLMC එක හොදයි කියන එක නරක නිසා නරකයි කියන එක හොදයි කියලද කියන්න හදන්නේ :baffled:
     
    Jul 5, 2012
    1,773
    265
    0
    දැන් ඔය කියන විදියට SLMC එක හොදයි කියන එක නරක නිසා නරකයි කියන එක හොදයි කියලද කියන්න හදන්නේ :baffled:
    හින්ගල තෙරිය මා? නැත්නම් බැහැ වගේ ඇක්ටින්ද?

    වෛද්‍ය සභාවට, අන්තරේට, ඩොකාලට, "ගෝටා පීඨය" බිල්ඩින් නැතුව, ශික්ෂන රෝහල් නැතුව, විදේශ සිවිල් සිසුන්ගෙන් මුදල් අරන් අවුරුදු ගනන් පවත්වගෙන යනකොට ඔය දැන් කතා කරන ප්‍රමිතිය තිබ්බේ අහවල් එකේ හිරවෙලාද? එතකොට කොතලාවල නිරීක්ෂණය කරන්න ඇවිල්ලා රිස්වි ශෙරිෆ් "ඉස්තරම් අද්‍යාපනයක්" ලැබෙනවා කියල සහතික කලා! කොතලාවල 70% විදෙස් සිසුන් ගෙන් මුදල් අරන් රජයේ රෝහල් වල සායනික පුහුනුව කලා. කාටවත් ප්‍රශ්නයක් නැහැ- "අනේ හරි චෝයි මෙයා" මාලබේ සයිටම් කොරනකොට "අනේ හරි චීයා මෙයා"
    :D