මෙතන ප්‍රශ්ණයක් වෙලා තියෙන්නේ මෙඩිසින් වලට ගන්න කෝටා එක ඉතාම අඩු වීම. ඔන්න බයෝ කරලා අවම බී 3ක් තියෙන හැමෝම මෙඩිසින් යන්න පුළුවන් තත්වයක් තියේ නම් මේ ගැන කවුරුවත් ප්‍රශ්ණ කරන් නෑ. එහෙනම් බයෝ කරන ඕනේ කෙනෙකුට අවම බී 3 ක රිසාල්ට් දාලා මෙඩිසින් යන්න පුළුවන් නිසා කාගෙවත් අවස්ථා නැති වීමක් වෙන්නේ නෑ.දැනුම , service එක නාස්ති වෙන එක හරි . . හැබැයි වෙන එකෙක්ගේ චාන්ස් එකක් ගත්තා කියන එක හරි නෑ
හැබැයි මෙතෙනදි ලංකාවේ වෙන්නේ විශේෂ සුදුසුකම් මත විශ්වවිද්‍යාල වලට ඇතුලු වීම. උදා හරනෙකට බදුල්ලෙන් බී 2යි සී 1යි තියෙන ළමයෙක්ට මෙඩිසින් යන්න පුලුවන් වෙන්න පුලුවන්. හැබැයි කොළබ ඒ රිසල්ට් එකට මෙඩිසින් යන්න බෑ. එහෙම බැලුවාම කොළඹ ළමයාට අසාධාරනයක් වෙලා තියෙනවා.
එතකොට ඒ විදියට අඩු රිසාල්ට් වලින් මෙඩිසින් ඇවිල්ලා ඒ උපාධිය අවසන් නොකරනවා නම් හරි, ඒ උපාධිය කරලා අදාල අංශයේ රැකියාවක් නොකිරීම තුලින් සිද්ද වෙලා තියෙන්නේ සම්පත් නාස්ති කිරීමක්.
