සිංහල රොක් ගීත 7 ඔබත් දන්නවාද?

namak nathi eka

Well-known member
  • Aug 31, 2016
    2,034
    3,727
    113
    සිංහල රොක් ගීත 7 ඔබත් දන්නවාද?

    ලංකාවෙන් බිහිවුණු මේ විශිෂ්ට සිංහල රොක් ගීත 7 ඔබත් දන්නවාද?

    රොක් කියලා කිව්ව ගමන් ගොඩක් දෙනෙක් හිතන්නේ ගිරිය යටින් කෑ ගහන, කණ පැලෙන සද්දෙන් වාදන භාණ්ඩ ප්ලේ කරන සංගීතයක් කියලා. ඒ කිව්වේ රොක් දන්නෙ නැති සහ රොක් වලට අකමැති අය. හැබැයි ඇත්තටම රොක් සංගීතය කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. අපි මේ ලිස්ට් කරන්න යන්නේ ලංකාවෙන් බිහිවුණු සුවිශිෂ්ට සිංහල රොක් ගීත කීපයක්. හැබැයි දැන් ඇවිත් අහන්න එපා ඇයි අරක දැම්මෙ නැත්තෙ මේක දැම්මෙ නැත්තෙ කියලා. ලිස්ට් එකේ තියෙන්නේ රොක් සිංදු හතක් වුනාට ඊට වඩා ලංකාවෙන් බිහිවෙලා තියෙනවා කියල අපි දන්නවා. ඒත් පුලුවන් තරම් ගොඩක් දෙනෙක් නොදන්න, ඊයෙ පෙරේදට වඩා පරණ රොක් සිංදු 7 ක් ‍තෝරගන්න තමයි අපි උත්සාහ කලේ.​

    1. අපි කවුරුද -සේනක බටගොඩ

    ලංකාවේ බහුතරයක් දෙනා අපි කවුරුද කියන සිංදුව දන්නේ සංගීත් වික්‍රමසිංහ ප්‍රමුඛ වායෝ කණ්ඩායම කියන සිංදුවක් විදියටනේ. හැබැයි ඒක වැරදියි. මේ ගීතයේ මුල් අයිතිකාරයා වෙන්නේ ලංකාවෙන් බිහිවුණු අතිදක්ෂ ගායකයෙක් සහ සංගීතඥයෙක් වුණු සේනක බටගොඩ තමයි.




    2. නදී ගංගා – චිත්‍රාල්

    ලෝකෙම දන්න රෙගේ ගායකයෙක් වුණු ජිමී ක්ලිෆ් ගායනා කරනවා Many Rivers to Cross කියලා ගීතයක්. මේක ලෝකෙ පුරාම ජනප්‍රිය වෙනවා. දැන් මේකේ ලංකාවේ වර්ෂන් එකක් අපිට අහන්න ලැබෙනවා හැමෝම දන්න ලංකාවෙන් බිහිවුණු රත්තරන් වොයිස් එකක් වුණු චිත්‍රාල් “චිටී” සෝමපාලගේ හඬින්. බියර් ඇඩ් එකක් විදියට මුලින් හඳුනගත්තත් පහුවෙනකොට ඒක ලංකාවේ හැමදෙනාම ආස කරන ගීතයක් වෙනවා. මේක නියමම රොක් ආකෘතියේ නැති වුනත් අපි මේකත් ලිස්ට් එකට දානවා.




    3. හිරු සඳු මැකිලා – ක්ලැරන්ස් විජේවර්ධන

    ඉංග්‍රීසි සිංදු වලට ආස ගොඩක් දෙනෙක් දන්න සිංදුවක් තමයි සයිමන් සහ ගාෆන්කල් කියන ගායකයෝ දෙන්නා කියපු “The Sound of Silence” කියන සොෆ්ට් රොක් සිංදුව. හැබැයි ලංකාවේ සංගීතයේ හැරවුම් ලක්ෂ්‍යයක් වුණු ක්ලැරන්ස් විජේවර්ධනයන් මේ ගීතයේ මුල් තනුවම යොදාගෙන “හිරු සඳු මැකිලා” කියන ගීතය නිර්මාණය කරනවා. ගොඩක් දෙනෙක් මේක ඉංග්‍රීසි සිංදුවක ලෝකල් වර්ෂන් එකක් කියලා දැක්කට ඇත්තටම ක්ලැරන්ස් එතන වෙනම ගීතයක් නිර්මාණය කරල තියෙනවා කියලයි අපිට හිතෙන්නේ.




    4. එක මොහොතක – ස්ටිල් වෝටර්

    සේනක බටගොඩ ගැන අපි කලිනුත් කිව්වනේ. සේනක බටගොඩ හදපු ස්ටිල් වෝටර් කියන බෑන්ඩ් එකත් එක්ක කරපු ගීතයක් තමයි “එක මොහොතක බැඳුණු සිතින්” කියන්නේ. ගොඩක් දෙනෙක් ස්ලෝ රොක් ගීතයක් කියලා නොදැන අහපු ගීතයක් කියන්න පුලුවන්.



    5. චකිතය – නෙමෙසීස්

    සිංහල රොක් ගීත නිර්මාණයට වැඩි බරක් දුන්නු තවත් සංගීත කණ්ඩායමක් තමයි Nemesis කියන්නේ. මේ අය නිර්මාණය කරපු මේ චකිතය ගීතය දශක ගාණක් පරණ නැති වුනත් අපේ ලැයිස්තුවට එකතු වෙනවා.



    6. හමනා සුළ‍ඟේ – ඉන්ද්‍රචාප ලියනගේ

    ඉන්ද්‍රචාප ලියනගේ කියන්නේම ලංකාවේ ඉන්න අග්‍රගණ්‍ය රොක් ගායකයෙක් කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නෑ. විශේෂයෙන්ම ඉන්ද්‍රචාප ගායනා කරන්නේම රොක් ගීත තමයි. ඉන්ද්‍රචාප ලියනගේ ගේ අපි ආදරය කරන රොක් ගීත ගණනාවක්ම තිබුණත් අපි චාපාගේ මුල් කාලේ සිංහල රොක් ගීතයක් ලිස්ට් එකට දානවා.



    7. සලා දෙනෙත් යුග – නිශාන්ත ප්‍රදීප්

    මේකත් දශකයක්වත් පරණ නැති ගීතයක් වුනාට බොහෝමයක් දෙනෙක් සිංහල රොක් ගීතයක් විදියට ආදරයෙන් වැළඳගත්තු ගීතයක්! සිංදුව වගේම මේකේ මියුසික් වීඩියෝ එකත් සෑහෙන්න ප්‍රසිද්ධ වුනා.



    මේ ලැයිස්තුවට අපි කැමතියි තව රොක් ආකෘතියට නිර්මාණය වුණු විශිෂ්ට සිංහල රොක් ගීත කීපයක් ගරු සඳහන් කිරීම් විදියට එකතු කරන්න.

    නිල් අහසට – දිමුතු කාලිංග
    නතාෂා – කසුන් කල්හාර සහ ඉන්ද්‍රචාප ලියනගේ
    මතකයන් – කෙෂාන් ශෂීන්ද්‍ර
    ඔබ මගෙයි කියු කාලේ අවසානයි – සත්‍යජිත් ජයසිංහ
    සුභ ප්‍රාර්ථනා අවසන් – ස්කිට්සෝ


    Source:aniwa
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    avatar375343_179.gif