මොනෑෂ් ඇදුරාගේ කොට කලිසම

Jul 5, 2012
1,773
265
0
මොනෑෂ් ඇදුරාගේ කොට කලිසම

Sri_Lankan_University_Students_Struggle.jpg


ඉතාම දිගු කාලයකට පසුව මම පසුගිය ඉරිදා සවස මා ඉගෙනගත් ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයට (එකල එය ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයේ විද්යෝදය මණ්ඩපය නම් විය) ගියේ අතීතයේ පෙර දවස මා විඳි එම තාරුණ්‍යයේ යොවුන් මතකයන් යලි මතක් කර ගැනීමේ අරමුණින් සහ මගේ නැණැස පෑදූ එම උත්තරීතර ආයතනය යලි දැක බලා ගැනීමටය. ශ්‍රී සෝරත මාවතේ විශ්ව විද්‍යාල බිම පටන් ගන්නා තැන සිට රතු පැහැති රෙදි වල ලියන ලද සයිටම් විරෝධී සටන් පාඨ වලින් මුළු පෙදෙසම වැසී ගොස් ඇති බව දුරටම මම දුටුවෙමි. ප්‍රධාන දොරටුව අභියස රතු රෙදිවලින් තැනුන කුඩාරමක් වූ අතර එය වටා විවිධ සටන් පාඨ වලින් පුරවා තිබුණි. දොරටුවෙන් ඇතුළු වී සුමංගල ශාලාව දක්වා ඇවිදගෙන ගිය මට දැක ගත හැකි වුයේ විශ්ව විද්‍යාලයේ එකල ඵල බරව අලංකාරව පෙලට තිබු අඹ ගස් වලින් කීපයක් පමණක් තවමත් තිබුනත් වැඩිකලක් එම ගස් ජීවත් නොවෙන ලකුණුය. මට සිතට සියුම් දුකක් දැනුනේ එම අඹ ගස් යට තිබෙන අසුන් මත හිඳ ගෙන මිතුරු මිතුරියන් සමග එකල ගත කළ ඒ සුන්දර සමය සිතට දැනුනු බැවිනි. අප වටා සිටි සුන්දර යෙහෙලියන්ගේ සිනහ හඬ සහ විහිලු තහළු යලි මා මනසට නැගෙමින් අතීතයට මා පාවී ගියේ පුළුන් රොදක් මෙනි. හදිසියේම කවුදෝ කතා කරන හඬින් මා යලි වර්තමානයට ආවෙමි. විශ්ව විද්‍යාල සිසුවෙක් මා අභියස සිටි.

"මේ මහත්තය, කොට කලිසම් ඇඳගෙන මේක ඇතුලට එන්න තහනම් බව දන්නේ නැද්ද?"

මා මගේ කලිසම දෙස බැලුවෙමි.

"මේක එච්චරම කොට නැහැනේ. දන හිසෙන් පහලටම තියෙනවා නේ" මම කීවෙමී.

"ෂෝර්ට් ඒවා සහ ත්‍රී ක්වාර්ටර් ඒවා ඇඳගෙන ඇතුලට එන්න පුළුවන් රෑ අට හමාරෙන් පස්සේ විතරයි. ප්‍රශ්න ඇති කර ගන්නේ නැතුව එලියට ගියොත් හොඳයි."

"ඒ මොකද එහෙම අලුත් නීතියක්?" මම ඇසුවෙමි.

"අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්නේ නැතුව එලියට ගියානම් හොඳයි" කියූ සිසුවා යන්න ගියේ විශ්ව විද්‍යාලයේ ආරක්ෂක නිලධාරියෙක් අප දෙසට එනු පෙනුන නිසා විය හැක.

"මම මේ ආවේ කතා කරනවා දැකල. කොට කලිසම් ඇඳගෙන මේක ඇතුලට එන්න තහනම් කරල තියෙන්නේ. මහත්තයා ගේට්ටුවෙන් ඇතුලට එනවා මම දැක්කේ නැහැ." ආරක්ෂක නිලධාරියා මට කිවේය.

"පරිපාලනයෙන්ද මේ නීතිය දාල තියෙන්නේ?"

"අපොයි නැහැ මහත්තය"

" එහෙනම් ආරක්ෂක අංශයෙන්ද?"

"නැහැ මහත්තය මේක අපේ නීතියක් නොවෙයි."

"එහෙනම් කාගේ නීතියක්ද?"

"මේක ළමයින්ගේ නීතියක්. අපට කියල තියෙන්නේ පොලිස් ඇඳුම් ඇඳගෙන එන අයට සහ කොට කලිසම් ඇඳගෙන එන අයට මේ ගේට්ටුවෙන් ඇතුලට එන්න දෙන්න එපා කියල. ඉතින් ඒ ගොල්ල කියන දේවල් කළේ නැත්නම් අපට කරදර වෙනවා. ඒ නිසා අපි ඒ ගොල්ල කියන විදියට තමයි පාලන කටයුතු කරන්නේ. මහත්තය දැන් එලියට ගියා නම් හොඳයි නේද?"

ඉර බැස යන්නට ආසන්නය. සෝරත හිමියන්ගේ නිසල පිළිරුව මේ කිසිවක් තේරුම් ගත නොහැකිවා මෙන් පාර දෙස බලා හිඳී. අතීතයට ගොඩ වැදී ඒ සුන්දර යුගය මනසින් හෝ යලි විඳ ගැනීමේ බලාපොරොත්තු මා දෙනෙත් අබියස එලෙසින් සුන් වී යද්දී යලිත් වරක් සුමංගල ශාලාව දෙස හැරී බැලු මම ගේට්ටුවෙන් එලියට පියමන් කලෙමි.

ආචාර්ය පියදාස එදිරිසුරිය විසිනි
මොනෑෂ් විශ්ව විද්‍යාලය
මෙල්බර්න්, ඕස්ට්‍රේලියා.
 
  • Like
Reactions: monson

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    ජිංතක ජිල්ලබකිට;21226590 said:

    ඉර බැස යන්නට ආසන්නය. සෝරත හිමියන්ගේ නිසල පිළිරුව මේ කිසිවක් තේරුම් ගත නොහැකිවා මෙන් පාර දෙස බලා හිඳී. අතීතයට ගොඩ වැදී ඒ සුන්දර යුගය මනසින් හෝ යලි විඳ ගැනීමේ බලාපොරොත්තු මා දෙනෙත් අබියස එලෙසින් සුන් වී යද්දී යලිත් වරක් සුමංගල ශාලාව දෙස හැරී බැලු මම ගේට්ටුවෙන් එලියට පියමන් කලෙමි.

    ආචාර්ය පියදාස එදිරිසුරිය විසිනි
    මොනෑෂ් විශ්ව විද්‍යාලය
    මෙල්බර්න්, ඕස්ට්‍රේලියා.


    පියදාසයට හොදවැඩේ!!! ඉන්න තැනක වැදගත් විදිහට ඉන්නේ නැතුව යනවා ගුබ්බෑයන් ඇතුලේ රිංගන්න ....:rofl::rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: BonziBUDDY

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    පියදාසයට හොදවැඩේ!!! ඉන්න තැනක වැදගත් විදිහට ඉන්නේ නැතුව යනවා ගුබ්බෑයන් ඇතුලේ රිංගන්න
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උබලේ ඉස්කෝලවලට කොට කලිසම් ඇදන් යන්න දෙනවද?
    අපේ නම් නෑ
    ඒ හින්ද ඒ වේ දෙයව්ක්වත් තේරෙන්නේ නැති ගොඩයෝන්ට ඔය වගේ දෙයක්වත් කියල දෙන්න ඕනා
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොට කලිසම එපා කීවට නං කමක් නෑ ඕක අන්තිමට හැම එකාම එක එක ජාති අඳින්න ගන්නව කැම්පස් ඇතුලෙ, හැබැයි දැන් වෙලා තියෙන්නෙ මනුස්සයෙක්ට හදිස්සියකටවත් කොට කලිසමක් ගහන්න බෑ. එකපාරක් ශ්‍රමදානෙකට කොට කලිසමක් ඇඳන් හිටිය කියල එකෙක්ට ගහලත් තිබ්බේ :D
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම දවසක් මහරගම ගුරු විද්‍යාලයට කොට කලිසමක් ගහගෙන යන්න ගිහින් එලවගත්ත:dull:

    කොට කලිසමක් ඇඳගෙන ගුරු විද්‍යාලෙකට යන පිස්සා කවුද :baffled:

    රෑ ජාමේ ගුරු විද්‍යාලෙට රිංගල උදේ හොරෙන් එද්දී කලිසම අමතක උනාවත්ද :oo:
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මම මේ කියන්න යන දේට ගොඩක් අයට දුක හිතෙයි නමුත් ඒක තමයි ඇත්ත .

    දේශානුරාගය ඉතා හොඳ දෙයක්.තමාගේ රට තමයි ලෝකේ හොඳම රට කියල හිතන එකේ කිසි වැරද්දක් නැහැ . හැබැයි අපි අපේ තියෙන වැරදි හදා ගන්නත් දන ගන්න ඕනේ .අපි නොකරන්නේත් ඒක.

    දැන් ඔය SAITM එකට විරුද්ද පක්ෂත් කෑ ගහන්නේ සයිටම් වහන්න කියල විතරයි. නැතුව එකේ ප්‍රමිතියේ අඩුවක් තියෙනවනම් එක හදා ගෙන එන්න කියල නෙවෙයි.අපේ මිනිස්සු හරි කුහකයි. රට හැම දාම එකම තැන පල් වෙන්නත් හේතුව මේකයි. හරි කොන්ද තියෙන රට හරි පැත්තට ගෙනයන්න පුළුවන් දේශපාලකයෝ අපිට නැහැ , ඉන්නේ පාර්ලිමේන්තුවට රිංගලා පුළුවන් තරම් හොරකම් කරන්න බලන් ඉන්න හොර රැලක්.

    අපේ රටේ අපි මහා උජාරුවට කැගැහුවට සිගිරිය හැදුවේ අපි, ලොකු මුල්ම ගුවන් යානය හොයා ගත්තේ අපි, රුවන්වැලි සෑය බැන්දේ අපි , සැතපුමට අගලක බැවුම තියලා වැව බැන්දේ අපි කියලා අද අපිට ඉදි කට්ටක බොත්තමක දෙයක් වත් රටේ හදා ගන්න බැහැ , හැම දේම ගේන්නේ රටින්. කොටින්ම හාල් පාවා .

    සුද්දා රට දල ගියාට පස්සේ රේල් පාර එක අඟලක් වැඩි උනේ නැහැ අඩු උනා මිසක්. රටේ මිනිස්සු මොනවද කරලා තියෙන්නේ . ආණ්ඩුවේ කන්තෝරු සවසක වැඩක් කරන්න මාසයක් -අව්රුද්දක් ගන්නවා . අති අකර්යක්ෂමයි.

    අධ්‍යාපන ක්‍රමය අදට ගැලපෙන්නේ නැහැ. අපේ රටේ ශිෂ්‍ය ව්‍යාපාර අරව මේවා කියාගෙන කුහක කම් කරනවා . මොනවා කිව්වත් අපේ රටේ විශ්ව විද්‍යාල ලෝකේ හොදම විෂවවිදයල 1000 අතරවත් නැහැ.

    අපේ මිනිස්සු අලුත් වෙන්න දන්නේ නැහැ ,අලුතෙන් හිතන්න දන්නේ නැහැ.
    සංස්කෘතිය ඉතිහාසය කියන්නේ දියුණුව එක්ක හැම තිස්සෙම පස්සට යන දෙයක්.එක හැම දාම එහෙමයි.
     
    • Like
    Reactions: SadSandun and HSW

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,867
    1
    58,120
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොට කලිසමක් ඇඳගෙන ගුරු විද්‍යාලෙකට යන පිස්සා කවුද :baffled:

    රෑ ජාමේ ගුරු විද්‍යාලෙට රිංගල උදේ හොරෙන් එද්දී කලිසම අමතක උනාවත්ද :oo:

    ඒක දිග කතාවක්. හම්බ වෙච්ච දවසක කියන්නම් :sorry:
     
    Jul 5, 2012
    1,773
    265
    0
    ලෝකේ මෙහෙම "සිස්‍ය ඉස්ලාං" නීති තියෙන්නේ මෙ මජරයන්ගේ ලෝකේ තමයි. සමාජ වෛරය ඔඩු දුවල අන්තිමට කොට කලිසමත් වෛරක්කාරයෙක්.
     
    Jul 5, 2012
    1,773
    265
    0
    උබලේ ඉස්කෝලවලට කොට කලිසම් ඇදන් යන්න දෙනවද?
    අපේ නම් නෑ
    ඒ හින්ද ඒ වේ දෙයව්ක්වත් තේරෙන්නේ නැති ගොඩයෝන්ට ඔය වගේ දෙයක්වත් කියල දෙන්න ඕනා
    :rofl::rofl::rofl:පේනවනේ ගෝත්‍රවාදීන්ගේ තරම! අනුන්ට ගොඩය කියන මූ ජීවත් වෙන්නෙත් අර 7 වැනි සිවසේ ජීවත් වෙන අයිසිස් ල වගේ තමයි.
    ඔන්න දෙපැත්තෙන් බේරෙනවා සමාජ වෛරය.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උබලේ ඉස්කෝලවලට කොට කලිසම් ඇදන් යන්න දෙනවද?
    අපේ නම් නෑ
    ඒ හින්ද ඒ වේ දෙයව්ක්වත් තේරෙන්නේ නැති ගොඩයෝන්ට ඔය වගේ දෙයක්වත් කියල දෙන්න ඕනා

    ඇයි යකෝ 10 වසර වෙනකම් කොට කලිසම් තමයි ඇඳගෙන ගියේ.

    ඊට අමතරව ඔය ස්පෝර්ට්ස් කරන උනුත් කොට කලිසම ගහගෙන තමයි ඉස්කෝලේ ආවේ.
     
    Jul 5, 2012
    1,773
    265
    0
    ඇයි යකෝ 10 වසර වෙනකම් කොට කලිසම් තමයි ඇඳගෙන ගියේ.

    ඊට අමතරව ඔය ස්පෝර්ට්ස් කරන උනුත් කොට කලිසම ගහගෙන තමයි ඉස්කෝලේ ආවේ.


    මචං මාත් ගියේ අර "Disce aut Discede" කියන තුන්මුල්ලේ ඉස්කෝලෙට. අපේ ඉස්කොලේ කොට කලිසං ඇඳන් තමයි ගියේ 10 වෙනකම්. ඊට පස්සේත් ඔය ස්පොර්ට්ස් කරන උන් ඕනතරම් කොට කලිසං ඇන්දා. ඔය ශ්‍රමදාන, අහවල් ඩේ වෝක් වගේ ඒවට පිනාගේ ඉඳලා සෑර්ලා පවා කොට කලිසන් ගහලයි ආවේ.
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ජිංතක ජිල්ලබකිට;21233585 said:
    මචං මාත් ගියේ අර "Disce aut Discede" කියන තුන්මුල්ලේ ඉස්කෝලෙට. අපේ ඉස්කොලේ කොට කලිසං ඇඳන් තමයි ගියේ 10 වෙනකම්. ඊට පස්සේත් ඔය ස්පොර්ට්ස් කරන උන් ඕනතරම් කොට කලිසං ඇන්දා. ඔය ශ්‍රමදාන, අහවල් ඩේ වෝක් වගේ ඒවට පිනාගේ ඉඳලා සෑර්ලා පවා කොට කලිසන් ගහලයි ආවේ.

    අපේ පිනාත් හවසට කොට කලිසම ගහන් තමයි ඉස්කෝලේ වටේ කැරකෙන්නේ.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උබලේ ඉස්කෝලවලට කොට කලිසම් ඇදන් යන්න දෙනවද?
    අපේ නම් නෑ
    ඒ හින්ද ඒ වේ දෙයව්ක්වත් තේරෙන්නේ නැති ගොඩයෝන්ට ඔය වගේ දෙයක්වත් කියල දෙන්න ඕනා

    අපි නම් 10 වසරට යනකන් නිල් පාට කොට කලිසම් තමයි ඇඳන් ගියේ :oo:

    ඇරත් අපේ ඉස්කෝල වල අඳින්න ඕනේ විදිහ ළමයි එකතුවෙලා තීරණය කරේ නම් නෑ..........ඒවාට විනයභාර ගුරුවරු කියල ජාතියක් හිටියා :baffled:
     

    Chupa Chup

    Junior member
  • Jan 30, 2017
    64
    5
    18
    අපි නම් 10 වසරට යනකන් නිල් පාට කොට කලිසම් තමයි ඇඳන් ගියේ :oo:

    ඇරත් අපේ ඉස්කෝල වල අඳින්න ඕනේ විදිහ ළමයි එකතුවෙලා තීරණය කරේ නම් නෑ..........ඒවාට විනයභාර ගුරුවරු කියල ජාතියක් හිටියා :baffled:

    :yes::yes::yes::yes:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :shocked: ස්කෝලේ මොකද්ද? :shocked:

    ඒ මොකෝ? :oo: අපේ තිබුනේ 8 වසරට යනකන් කොට කලිසම් 9දි කැමති අයට දිග කලිසම් 10 ඉඳන් හැමෝම දිග කලිසම්

    බොලාගේ එහෙම නෙවෙයිද?:baffled: