මොනෑෂ් ඇදුරාගේ කොට කලිසම
ඉතාම දිගු කාලයකට පසුව මම පසුගිය ඉරිදා සවස මා ඉගෙනගත් ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයට (එකල එය ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයේ විද්යෝදය මණ්ඩපය නම් විය) ගියේ අතීතයේ පෙර දවස මා විඳි එම තාරුණ්‍යයේ යොවුන් මතකයන් යලි මතක් කර ගැනීමේ අරමුණින් සහ මගේ නැණැස පෑදූ එම උත්තරීතර ආයතනය යලි දැක බලා ගැනීමටය. ශ්‍රී සෝරත මාවතේ විශ්ව විද්‍යාල බිම පටන් ගන්නා තැන සිට රතු පැහැති රෙදි වල ලියන ලද සයිටම් විරෝධී සටන් පාඨ වලින් මුළු පෙදෙසම වැසී ගොස් ඇති බව දුරටම මම දුටුවෙමි. ප්‍රධාන දොරටුව අභියස රතු රෙදිවලින් තැනුන කුඩාරමක් වූ අතර එය වටා විවිධ සටන් පාඨ වලින් පුරවා තිබුණි. දොරටුවෙන් ඇතුළු වී සුමංගල ශාලාව දක්වා ඇවිදගෙන ගිය මට දැක ගත හැකි වුයේ විශ්ව විද්‍යාලයේ එකල ඵල බරව අලංකාරව පෙලට තිබු අඹ ගස් වලින් කීපයක් පමණක් තවමත් තිබුනත් වැඩිකලක් එම ගස් ජීවත් නොවෙන ලකුණුය. මට සිතට සියුම් දුකක් දැනුනේ එම අඹ ගස් යට තිබෙන අසුන් මත හිඳ ගෙන මිතුරු මිතුරියන් සමග එකල ගත කළ ඒ සුන්දර සමය සිතට දැනුනු බැවිනි. අප වටා සිටි සුන්දර යෙහෙලියන්ගේ සිනහ හඬ සහ විහිලු තහළු යලි මා මනසට නැගෙමින් අතීතයට මා පාවී ගියේ පුළුන් රොදක් මෙනි. හදිසියේම කවුදෝ කතා කරන හඬින් මා යලි වර්තමානයට ආවෙමි. විශ්ව විද්‍යාල සිසුවෙක් මා අභියස සිටි.
"මේ මහත්තය, කොට කලිසම් ඇඳගෙන මේක ඇතුලට එන්න තහනම් බව දන්නේ නැද්ද?"
මා මගේ කලිසම දෙස බැලුවෙමි.
"මේක එච්චරම කොට නැහැනේ. දන හිසෙන් පහලටම තියෙනවා නේ" මම කීවෙමී.
"ෂෝර්ට් ඒවා සහ ත්‍රී ක්වාර්ටර් ඒවා ඇඳගෙන ඇතුලට එන්න පුළුවන් රෑ අට හමාරෙන් පස්සේ විතරයි. ප්‍රශ්න ඇති කර ගන්නේ නැතුව එලියට ගියොත් හොඳයි."
"ඒ මොකද එහෙම අලුත් නීතියක්?" මම ඇසුවෙමි.
"අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්නේ නැතුව එලියට ගියානම් හොඳයි" කියූ සිසුවා යන්න ගියේ විශ්ව විද්‍යාලයේ ආරක්ෂක නිලධාරියෙක් අප දෙසට එනු පෙනුන නිසා විය හැක.
"මම මේ ආවේ කතා කරනවා දැකල. කොට කලිසම් ඇඳගෙන මේක ඇතුලට එන්න තහනම් කරල තියෙන්නේ. මහත්තයා ගේට්ටුවෙන් ඇතුලට එනවා මම දැක්කේ නැහැ." ආරක්ෂක නිලධාරියා මට කිවේය.
"පරිපාලනයෙන්ද මේ නීතිය දාල තියෙන්නේ?"
"අපොයි නැහැ මහත්තය"
" එහෙනම් ආරක්ෂක අංශයෙන්ද?"
"නැහැ මහත්තය මේක අපේ නීතියක් නොවෙයි."
"එහෙනම් කාගේ නීතියක්ද?"
"මේක ළමයින්ගේ නීතියක්. අපට කියල තියෙන්නේ පොලිස් ඇඳුම් ඇඳගෙන එන අයට සහ කොට කලිසම් ඇඳගෙන එන අයට මේ ගේට්ටුවෙන් ඇතුලට එන්න දෙන්න එපා කියල. ඉතින් ඒ ගොල්ල කියන දේවල් කළේ නැත්නම් අපට කරදර වෙනවා. ඒ නිසා අපි ඒ ගොල්ල කියන විදියට තමයි පාලන කටයුතු කරන්නේ. මහත්තය දැන් එලියට ගියා නම් හොඳයි නේද?"
ඉර බැස යන්නට ආසන්නය. සෝරත හිමියන්ගේ නිසල පිළිරුව මේ කිසිවක් තේරුම් ගත නොහැකිවා මෙන් පාර දෙස බලා හිඳී. අතීතයට ගොඩ වැදී ඒ සුන්දර යුගය මනසින් හෝ යලි විඳ ගැනීමේ බලාපොරොත්තු මා දෙනෙත් අබියස එලෙසින් සුන් වී යද්දී යලිත් වරක් සුමංගල ශාලාව දෙස හැරී බැලු මම ගේට්ටුවෙන් එලියට පියමන් කලෙමි.
ආචාර්ය පියදාස එදිරිසුරිය විසිනි
මොනෑෂ් විශ්ව විද්‍යාලය
මෙල්බර්න්, ඕස්ට්‍රේලියා.

ස්කෝලේ මොකද්ද? 