SAITM හා A/L

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,211
    1
    13,098
    113
    Gotham City
    " සයිටම් ශිෂ්‍යයන් උසස් පෙළ අසමත් වී විශ්වවිද්‍යාලයට ඇතුල් වීමට නොහැකි වූ අය ලෙස හඳුන්වන්න ඇතැමුන් කැමතියි. එවැනි කතාවක් සමාජයේ ඇතැම් උගතුන් අතර තිබෙනවා. මා ඉතා පැහැදිලි ව කියා තිබෙනවා සුදුසුකම් ලැබීම හා විශ්වවිද්‍යාලයට ඇතුල් වීම යනු එකක් නොව දෙකක් කියා. ඒ අතර උසස් පෙළ සමත් වීම කියන්නේ වෙනම ම දෙයක්. උසස් පෙළ විෂය තුන සමත් නම් යමකු උසස් පෙළ සමත්. විශ්වවිද්‍යාලවලට ඇතුල් වීම සඳහා ඒ ඒ පීඨ නිර්ණායක සඳහන් කර තිබෙනවා. ඉංජිනේරු පීඨයකට ඇතුල් වීම සඳහා අවශ්‍ය සුදුසුකම් වෛද්‍ය පීඨයකට ඇතුල් වීම සඳහා සපුරාලිය යුතු සුදුසුකම්වලින් වෙනස්. කෘෂිකර්ම පීඨවලට වෙන ම සුදුසුකම් තිබෙනවා. ඉංජිනේරු පීඨයකට ඇතුල් වීමට නියම කර ඇති සුදුසුකම්වලට වඩා වෙනස් භෞතීය විද්‍යා හැදෑරීමට අවශ්‍ය සුදුසුකම්. රසායන විද්‍යා විෂය නැතිව වුවත් භෞතිය විද්‍යා හැදෑරීමට පුළුවන්.
    ඒ ඒ පීඨවලට ඇතුල් වීම සඳහා අවශ්‍ය සුදුසුකම් සැපිරූ පමණින් විශ්වවිද්‍යාලයකට ඇතුල් වෙන්න බැහැ. විශ්වවිද්‍යාලවල ඉඩ ඇත්තේ සීමිත සිසුන් සංඛ්‍යාවකට. එහි දී දිස්ත්‍රික්ක ක්‍රමයත් බලපානවා. ඇතැම් පීඨ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලවලට ඇතුල් වීමේ දී තිබිය යුතු ඉසෙඩ් ලකුණ දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට වෙනස් වෙනවා. කොළඹ දිස්ත්‍රික්කයෙන් ඒ සාමාර්ථ තුනක් ගත්තත් වෛද්‍ය පිඨයට ඇතුල් වීමට නොහැකි වන්න පුළුවන්. එවැනි ශිෂ්‍යයකු විභාග මිනුම් දඬු අනුව අදක්‍ෂ ශිෂ්‍යයෙක් ද? ඒ තුන ලබා ගැනීම බුද්ධිය මනින නිර්ණායකයක් නො වෙයි. එහෙත් විශ්වවිද්‍යාලයට සිසුන් ඇතුළත් කිරීමේ දී සුදුසු යැයි කියැවෙන විවිධ නිර්ණායක යොදා ගැනෙනවා. අද දිස්ත්‍රික්ක ක්‍රමය අන්ත දූෂිතයි. කුසලතා පදනමින් ඇතුල් කරගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි කළ යුතුයි. උසස් පෙළ ප්‍රතිඵල හා ජීවන ප්‍රතිඵල (කුසලතා) අතර සහසම්බන්ධයක් නැති වුනත් අද උසස් පෙළ ප්‍රතිඵල විවිධ කාර්ය සඳහා යොදා ගන්න වෙලා තියෙනවා. මා දන්නා තරමින් සයිටම් ශිෂ්‍යයන් විශ්වවිද්‍යාලයට ඇතුල් වීමට සුදුසුකම් ලබා ඇති එහෙත් ශාස්ත්‍රීය භාෂාවෙන් නම් අධ්‍යයන නොවන විවිධ හේතු නිසා ඇතුල්වීමට නොහැකි වූ අය. ඔවුන් ධනපතියන්ගේ මුදලට උපාධි ලබාගන්නා මෝඩ දරුවන් කියා ගැරහීම සුදුසු නැහැ.
    පහේ ශිෂ්‍යත්වය සමත් වූ පමණින් ජනප්‍රිය පාසලක් ලබා ගන්න බැහැ. එහෙත් එලෙස ජනප්‍රිය පාසලකට ඇතුල් නොවූ අයටත් ශිෂ්‍යත්වය ලැබෙනවා. ශිෂ්‍යත්ව පරීක්‍ෂණය සමත්වීම හා ජනප්‍රිය පාසලකට ඇතුල්වීම කියන්නෙ දෙකක්. ජනප්‍රිය පාසලක් නොලැබූ පමණින් ශිෂ්‍යත්වය අසමත් කියලා කියන්න බැහැ. ඇතැම් විට පෞද්ගලික පාසල්වල ඉගෙනීම ලබද්දීම ඒ ශිෂ්‍යත්ව මුදල ලැබෙනවා. ශිෂ්‍යත්ව පරීක්‍ෂණයට පෞද්ගලික පාසලකින් පෙනී සිට රජයේ පාසලකට ඇතුළත් නොවී ද ශිෂ්‍යත්ව මුදල ලබාගන්න පුළුවන්. ජනප්‍රිය පාසල්වලට ඇතුල් නොවන ශිෂ්‍යයන් අතර ශිෂ්‍යත්ව පරීක්‍ෂණය සමත් වූ ශිෂ්‍යයන් ඉතා විශාල ප්‍රමාණයක් සිටිනවා. මේ සයිටම් ගැන අප ඕනෑවටත් වඩා ලියා තිබෙනවා. අපේ රටේ ප්‍රධාන ප්‍රශ්නය සයිටම් නො වෙයි. රට දෙකඩ කිරීම. එයට විරුද්ධව අන්තරේ පෙළපාලි යන්නෙ නැත්තෙ ඇයි?
    "
    -මහාචාර්‍ය නලින් ද සිල්වා -

     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,254
    1
    57,311
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රුපියල් 20ක් දීල ලොතරැයියක් ගත්තම රුපියල් 20ක් ඇදුන වගෙ.

    5 වසර සිස්සත්තෙ පාස් වෙන්න දැන් ලකුණු 160ක් විතර ගන්න ඕනෙ. ජාතික පාසලක් ලබාගන්න 175ක් -180ක් වත් ගන්න ඕනෙ. එතකොට 160-170ක් අරන් පාස් වෙච්ච උන්ට මොනවද ලැබෙන්නෙ?
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,211
    1
    13,098
    113
    Gotham City
    රුපියල් 20ක් දීල ලොතරැයියක් ගත්තම රුපියල් 20ක් ඇදුන වගෙ.

    5 වසර සිස්සත්තෙ පාස් වෙන්න දැන් ලකුණු 160ක් විතර ගන්න ඕනෙ. ජාතික පාසලක් ලබාගන්න 175ක් -180ක් වත් ගන්න ඕනෙ. එතකොට 160-170ක් අරන් පාස් වෙච්ච උන්ට මොනවද ලැබෙන්නෙ?

    :(
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මට මටක හැටියට ආයුබෝවේවා මහා රජාණෙනි කියලා සින්දුවක් කියපු දුවත් ඔකේ ඉගෙන ගන්න වරමක් ලැබුනා.ආර්ට්ස් කරපු ළමය්නුත් දොස්තරලා .
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මට මටක හැටියට ආයුබෝවේවා මහා රජාණෙනි කියලා සින්දුවක් කියපු දුවත් ඔකේ ඉගෙන ගන්න වරමක් ලැබුනා.ආර්ට්ස් කරපු ළමය්නුත් දොස්තරලා .

    ඇත්තමද? :shocked:
    මම එහෙම එකක් අහල තිබුනෙ නෑ. සිරාවටද කියන්නෙ?
     

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    මට මටක හැටියට ආයුබෝවේවා මහා රජාණෙනි කියලා සින්දුවක් කියපු දුවත් ඔකේ ඉගෙන ගන්න වරමක් ලැබුනා.ආර්ට්ස් කරපු ළමය්නුත් දොස්තරලා .
    :yes::yes:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,726
    12,752
    113
    මට මටක හැටියට ආයුබෝවේවා මහා රජාණෙනි කියලා සින්දුවක් කියපු දුවත් ඔකේ ඉගෙන ගන්න වරමක් ලැබුනා.ආර්ට්ස් කරපු ළමය්නුත් දොස්තරලා .

    එයා රට ගියා
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,726
    12,752
    113
    පසුගිය රජය සමයේ මහ රජාණෝ නමින් ගීතයක් ගායනා කිරීම නිසා ඉමහත් ප්‍රසිද්ධියට පත්වූ සහේලි ගමගේ මේ වනවිට Tbilisi State Medical University මගින් වෛද්‍ය උපාධිය හදාරා වෛද්‍යවරියක වන්නට සූදානමින් සිටින සිසුවියකි.
    ඇය පිළිබඳ මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ
    පැතිරෙන එක් කතාවක් වන්නේ සයිටම්


    ආයතන අාරම්භයේ රෙගුලාසි වලට පටහැනිව බඳවාගත් උසස් පෙළ අවම සුදුසුකම් නොලැබූ දෙදෙනෙකුගෙන් එක් අයෙකු ඇය බවයි.
    ඇයට වෛද්‍ය විද්‍යාව හැදෑරීමට අවම සුදුසුකම් නොතිබියදී ඉහළ බලපෑම් අනුව එකල එම අවස්ථාව හිමිවූ බවටද රාවයක් පැවතිණි.
    මේ වන විට ඇය සයිටම් වෙතින් බැහැරව විදෙස් අධ්‍යාපනය සඳහා පිටත්ව ඇත.