2024 උසස් පෙළ විභාග ප්‍රතිඵල: දිවයිනේ විශිෂ්ටයින්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    2024 Advanced Level Exam Results: The Island's Best


    2024 වර්ෂයේ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර ඇති අතර, දිවයිනේ විවිධ විෂය ධාරාවන්ගෙන් විශිෂ්ට දක්ෂතා පෙන්වූ සිසුන් පිළිබඳ තොරතුරු වාර්තා වී තිබේ. මෙම විභාගයේ අංශයන්හි දිවයිනේ ප්‍රථම ස්ථාන දිනාගත් දක්ෂ සිසුන් පිළිබඳ විශේෂ අවධානය යොමු වී ඇත.




    ජීව විද්‍යා අංශයේ විශිෂ්ටයින්​

    2024 අ.පො.ස උසස් පෙළ විභාගයේ ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගැනීමට කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ හෑගොඩ ආරච්චිගේ සඳිති නිම්හාරා සිසුවිය සමත් වී තිබේ. මෙම සුවිශේෂී ජයග්‍රහණය තුළින් ඇය විසින් දිවයිනේ ජීව විද්‍යා අංශයේ ඉහළම දක්ෂතාව පෙන්නුම් කර ඇත.

    ජීව විද්‍යා අංශයෙහි දිවයිනේ 3 වැනියා හා 5 වැනියා එකම පවුලක දෙදෙනෙකු විසින් ලබාගෙන ඇති අතර යාපනය දිස්ත්‍රික්කයෙන් ජීව විද්‍යා අංශයෙන් ජමුනානන්ත ප්‍රනාවනන් හා ජමුනානන්ත සරාවනන් නිවුන් සිසුන් එම දස්කම සිදුකර ඇත. ඔවුන් පිළිවෙලින් එම දිස්ත්‍රික් ප්‍රථමයා හා දෙවැනියා බවටද පත්ව ඇත.

    ගණිත අංශයේ විශිෂ්ටයින්​

    ගණිත අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය දිනාගැනීමට ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ලෙසඳු රන්සර කුමාරගේ සිසුවා සමත් වී තිබේ. රන්සර කුමාරගේ සිසුවා වේයන්ගොඩ ශාන්ත මරියා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා 5 වසර සමත්ව බණ්ඩාරනායක විද්‍යාලයට ඇතුලත්ව මෙම ජයග්‍රහණය හිමිකරගෙන ඇත. භෞතික විද්‍යා (ගණිත) විෂය ධාරාවෙන් ඔහු දිවයිනේ ප්‍රථමයා ලෙස නම් කර ඇත.

    විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් වන්නේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු ගණිත අංශයෙන් දිවයිනේ තවත් ඉහළ ස්ථාන දෙකක් දිනාගැනීමට සමත් වී තිබීමයි. ඒ අනුව එම විද්‍යාලයේම තෙවිඳු දිල්මිත් දහනායක සිසුවා ගණිත අංශයෙන් දිවයිනේ දෙවන ස්ථානය දිනාගෙන ඇති අතර, නවිඳු දිනෙත් තෙන්නකෝන් සිසුවා ගණිත අංශයෙන් දිවයිනේ පස්වන ස්ථානය හිමිකරගෙන තිබේ.

    මෙම ජයග්‍රහණයන් ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ගණිත අංශයේ සිසුන්ගේ විශිෂ්ට දක්ෂතා මැනවින් පිළිබිඹු කරයි.

    කලා අංශයේ ප්‍රථමයා​

    2024 උසස් පෙළ විභාගයේ කලා අංශයෙන් ප්‍රථම ස්ථානය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ සෙනලි චමත්කා රණසිංහ සිසුවිය දිනා ඇත. රාගම, බටුවත්ත ප්‍රාථමික විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ඇති සෙනලි සිසුවිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 164 ලබා ගනිමින් රත්නාවලී බාලිකාවට ඇතුලත්ව ඇත.



    වාණිජ අංශයේ ප්‍රථමයා​

    2024 අ.පො.ස. උසස් පෙළ විභාගයේ වාණිජ විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය කොළඹ විශාකා විද්‍යාලයේ කංකානිගේ අමාශා දුලාරි පෙරේරා සිසුවිය විසින් හිමිකරගෙන තිබේ.

    ජෛයිව විවිධත්ව ප්‍රථමයා​


    ජෛයිව විවිධත්ව තාක්ෂණ වේදය විෂයෙන් ලංකාවේ ප්‍රථමයා වීමට සඳලංකාව මැදි විදුහලේ නෙත්මි නවෝද්‍යා මාරසිංහ සිසුවිය සමත් වූවාය.
     
    • Love
    Reactions: Asmodeus