අපි නොදන්න පිටසක්වලයන්...

H.O.R.T.O.N

Well-known member
  • Jun 9, 2016
    436
    280
    63
    Sitawaka & Raigama
    අපි නොදන්න පිටසක්වලයන්...

    අපි නොදන්න පිටසක්වලයන්


    පසුගිය සියවසක කාලය තුළ පිටසක්වළ ජිවීන් දර්ශනය වීම් පිළිබද සිදුවීම් සියගණනක් ලෝකයේ නොයෙක් ප්‍රදේශ වලින් වාර්තා වී ඇත. පුදුම සහගත කරුණ නම්, මෙම පිටසක්වළ ජිවීන් දර්ශනය වුවා යැයි පවසන පුද්ගලයන් විසින් ඔවුන්ගේ භෞතික ස්වභාවය හා චර්යාත්මක ස්වභාවය පිළිබද පැහැදිලි විස්තරයන් ඉදිරිපත් කර තිබීමයි. මෙම වාර්තා සියල්ල අධ්‍යනයෙන්, වෙනස් වූ වර්ග 82 කට අයත් පිටසක්වළ ජිවීන් හදුනා ගෙන ඇත. පහත දැක්වෙන්නේ ඒ අතරින් ප්‍රධානම වර්ග දහයට අයත් යැයි සැලකෙන පිටසක්වළ ජිවීන් පිළිබද සටහනකි.

    සීටා පරිපථකයින් හෝ අළු පිටසක්වලයන්

    X50SoSl.jpg


    ලොව පුරා බහුලවම දර්ශනය වීම් පිළිබද වාර්තා වී ඇත්තේ මෙම වර්ගයට අයත් පිටසක්වලයන්ය. විවිධ වයස්කාණ්ඩ වලට අයත් පුද්ගලයන් හට දර්ශනය වී ඇත. මෙම පාරභෞම ජිවීන් සාමාන්‍යයෙන් අඩි 3-4 උස් වන අතර විශාල ආමන්ඩ් හැඩති ඇස් පිහිටයි. මොවුන්ගේ හිස් සාමාන්‍ය මිනිසෙකුට වඩා විශාල වේ. නාසයක් නොපිහිටන අතර නාස් විවර පමණක් පිහිටා තිබේ. ඇගිලි තුනක් හෝ හතරක් පිහිටන දිගු අත් ඇත. මිනිසුන් පැහැරගෙන යාම් පිටුපස සිටින ප්‍රධාන පිටසක්වලයන් වර්ගය මොවුන් බව විශ්වාස කරයි. අළු පිටසක්වලයන් ටෙලිපති ක්‍රමය මගින් සන්නිවේදනය සිදු කරන බව විශ්වාස කෙරේ. පැහැරගැනීමට ලක්වුවන් පවසන්නේ මොවුන්ගේ මුඛයෙන් ශබ්ධයක් පිට නොවුවත් ඔවුන් පවසන දෙය තමාට මනසින් තේරුම් ගැනීමට හැකිවූ බවයි.

    අළු පිටසක්වලයන්ගේ සම්භවය
    මොවුන්ගේ පැහැරගැනීමකට ලක්වුවා යැයි සැලකෙන බෙටී හිල් නමැත්තිය මෝහනයට ලක්කිරීමෙන් පසු අදින ලද තාරකා සිතියමක් ඇසුරෙන් මොවුන්ගේ සම්භවය පිළිබද කරුණු හෙළිදරව් වී ඇත. මෙම තාරකා සිතියම අධ්‍යනයෙන් පසු කල්පිතයක් ඉදිරිපත් කරන, හදුනා නොගත් ආකාශ වස්තුන් පිළිබද පර්යේෂක Marjorie Fish පවසන්නේ පෘතුවියට සැතපුම් ට්‍රිලියන 220 පමණ ඈතින් පිහිටා ඇති Zeta Reticuli තාරකා මණ්ඩලයෙන් මොවුන් පැමිණ ඇති බවයි.

    පුංචි කොළ මිනිසුන්

    yTApbBo.jpg


    තවත් බහුලව වාර්තා වන පිටසක්වලයන් වර්ගයකි. රෝම හෝ කෙස් නොපිහිටන කොළ පැහැති සමක් ඇති මිනිස් හැඩයට සමාන ජීවින් වර්ගයකි. සමහර වාර්තා වල සදහන් වන්නේ මොවුන්ගේ විශාල හිසෙහි ඇන්ටනා ආකාර ග්‍රාහක පිහිටා ඇති බවයි.

    නොර්ඩික් පිටසක්වලයන්

    a7znjS5.jpg


    මොවුන් පෙනුමෙන් සාමාන්‍ය මිනිසුන් වැනිය. ගැහැණු සහ පිරිමි පිටසක්වලයන් දෙපිරිසටම දිගු සුදු පැහැති හිසකෙස් පිහිටා තිබේ. මොවුන් සාමාන්‍ය මිනිසුන්ගෙන් වෙන්කොට හදුනා ගත හැක්කේ යම් පාරභෞම ක්‍රියාවක් සිදුකරන අවස්ථාවකදී පමණි. සාමාන්යෙන් උල්වූ මුහුණක් සහ නිල් ඇස් පිහිටයි. ගැහැණු නොර්ඩික් පිටසක්වලයන් ඉතා ඉහල ලිංගික ආකර්ෂණයකින් යුක්තය.

    හත්දින්නත්වරු

    9jMfGTQ.jpg


    ඉතා දැකුම්කලු පෙනුමෙන් යුක්ත වේ. රවුම් මුහුණක් සහිත උස ජීවින් පිරිසකි. සාමාන්යෙන් හිසකෙස් නොපිහිටයි. නමුත් ඇතැමුන්ගේ තඹ පැහැයෙන් යුත් හිසකෙස් පිහිටයි. ඉතා ආචාරසම්පන්න සාමකාමී ජීවින් පිරිසකි.

    ඇන්ඩොමීඩියානු පිටසක්වලයන්

    VxxwI36.jpg


    සෑම අතින්ම මිනිසුන්ට සමාන වන අතර ප්‍රමාණයෙන් පමණක් වෙනස් වෙයි. මොවුන්ට මිනිසුන්ගේ සිත් කියවිය හැකි පරචිත්තඥානය පිහිටයි.

    උරග පිටසක්වලයන්

    Y76sYNi.jpg

    DiGaK6o.jpg


    තවත් බහුලව වාර්තා වන පිටසක්වලයන් වර්ගයකි. උසින් යුත් මිනිස් හැඩති දේහයේ කොරපොතු දක්නට ලැබේ. පාදවල එකට බැදුණු ඇගිලි පිහිටයි.

    ඇල්පා ඩ්රැකෝනියානුවන්

    cth6e55.jpg

    FzHSPu7.jpg


    ඉතාම දුෂිත,කුරිරු බවින් යුත් පිටසක්වලයන් වර්ගයකි. Alpha Draconis තාරකා මණ්ඩලයෙන් පැමිණියවුන් ලෙස විශ්වාස කරයි. මොවුන් අඩි 20ක් පමණ උස වන අතර යෝධ උරග ලක්ෂණ දක්වයි. ඔවුන් විශ්වාස කරනුයේ තමන් මිනිසුන්ගේ නියම අයිතිකරුවන් බවයි. ඔවුන්ගේ සම්මතයන් අනුව මිනිසුන් යනු අඩු පරිනාමයකට ලක්වූ ජීවින් කොටසකි.

    සීරියානු පිටසක්වලයන්

    mpuGFA7.jpg
    vTxbU56.jpg


    ජලාශිතව ජිවත් වීමට කැමති මිනිස් හැඩති ජීවින් පිරිසකි. මෙම ජලජ පිටසක්වලයන් බොහෝවිට ඉතා ගැබුරින් යුත් සාගර සහ විල් ආශිතව හමුවේ. Sirius B තාරකා මණ්ඩලයෙන් පැමිණියවුන් ලෙස විශ්වාස කරයි.

    අනුනකී පිටසක්වලයන්

    H42GhRH.png

    gobg8qX.jpg

    Jv1BHKE.jpg


    පුරාණ සුමේරියන්වරු, අනුනකීන් තම දෙවිවරුන් ලෙස සලකා වැදුම් පිදුම් කර ඇත. අනුනකීන් යනු , මිනිසුන් තම කර්මාන්ත වල වහලුන් ලෙස යොදා ගැනීමේ අරමුණු ඇතිව මීට වසර හාරදහසකට පෙර පෘතුවියට පැමිණි පිටසක්වල ජීවින් විශේෂයකි. මොවුන් ද පෙනුමෙන් සාමාන්‍ය මිනිසුන් වැනි වුවත් අඩි 8-9ත් අතර උසකින් යුක්තය. මොවුන් ප්ලුටෝ ග්‍රහයාට එපිටින් පිහිටා ඇති, තවමත් හදුනා ගැනීමට නොහැකි වූ නිබිරු නම් ග්‍රහලොවකින් පැමිණි බව සැලකේ.

    ආක්ටුරියන් පිටසක්වලයන්

    fdPbFXP.jpg

    Ew02R1c.jpg


    ආක්ටුරියානුවන් අඩි 4-5ක් පමණ උසින් යුතු, විශාල හිසකින් සහ නිල් සමක් ඇති ජීවින් පිරිසකි. ශරීරය විෂමානුපතික වේ. මෙම වර්ගයේ පිටසක්වලයන් ක්‍ෂිරපථ මන්දාකිණියේ වෙසෙන පැරණිතම ජීවින් විශේෂයකි. මොවුන් ඉතා බුද්ධිමත්, අත්දැකීම් සහිත
    නව සොයාගැනීම් සිදුකරන ජීවින් පිරිසකි.

    සමහරවිට ඔබ ඉහත සදහන් පිටසක්වලයන් පිළිබද තොරතුරු හොද විද්‍යා ප්‍රබන්ධ ග්‍රන්ථයකින් උකහා ගත් කරුණු මෙන් සලකා උපහාසයෙන් යුතුව බැහැර කරනු ඇත. කෙසේ නමුත් මෙම පිටසක්වළ ජිවීන් දර්ශනය වුවා යැයි පවසන පුද්ගලයන් බොහෝ දෙනෙක් හොද පවුල් පසුබිමක්, අධ්‍යාපනයක්, වුර්තිමය සුදුසුකම් සහිත සාමාන්‍ය භෞතික හා මානසික වශයෙන් නිරෝගී වූ වන් වේ. මෙලෙස ලැබී ඇති දසදහස් ගණනක් වන වාර්තා අසත්‍ය යැයි පවසා සරලව බැහැර කිරීමට අපට හැකිද?

    පිටසක්වලයන් සැබවින්ම අපගේ පෘටිවිය කරා පැමිණියේද???

    bIrwppz.jpg

     

    Katayaa

    Banned
    Jan 31, 2017
    241
    21
    0
    Yes we need to break doctor's dominance for the good.
    But it should be done in a correct manner. Allowing everybody to brcome a doctor is not the pathway for that. You need to have a better idea than this.
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    pitasakwala jiwin inna puluwan eth mehe inna minissunta samana rupa thiyanawa ..mehe wayugolaya athule kisima awlak nathuwa inna puluwan guruthwayata kisima awlak na kiyanne piliganna amaru kataha machan ..menna me vdo eka balapan

    https://www.facebook.com/bankoloththarka/videos/227136667654171/

    lankave unge olmorondam wikara danna epaa, manawa sahaa manawa rupi
    pitasakwalayao kiyalaa jathi dekak thiyenawaa

    mokak wau gole un inne ape planet eke neme wena planet wala ape waugole
    kathawak neme ne unge flying machine thiyenawa ewagen enne erath eke
    waugoleta un oroththu denawada nadda kiyana eka moda kathawak

    lankave unge moda kathaa danna epaa abduction waladi unath un eliyata
    bahalaa abduction karalaa na
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඩයිනෝසරයො මොලෙත් ලොකුවට තිබ්බ හින්ද මිනිස්සුන්ටත් වඩා දියුණු වෙලා ග්‍රහකෙ වැටෙන්න කලිං පෘථිවියෙන් ගියාද දන්නෑ :baffled: :baffled:
    සමහර විට පියාඹන පීරිසි වල එනව ඇත්තෙ උන් උන්ට ජීවත් වෙන්න සුදුසු පරිසර තත්වයක් හැදිලද බලන්න :shocked: :shocked:
     

    H.O.R.T.O.N

    Well-known member
  • Jun 9, 2016
    436
    280
    63
    Sitawaka & Raigama

    H.O.R.T.O.N

    Well-known member
  • Jun 9, 2016
    436
    280
    63
    Sitawaka & Raigama
    maawath geniyapiyoooo... :love:

    :rofl::rofl:

    thank you:):)

    pitasakwala jiwin inna puluwan eth mehe inna minissunta samana rupa thiyanawa ..mehe wayugolaya athule kisima awlak nathuwa inna puluwan guruthwayata kisima awlak na kiyanne piliganna amaru kataha machan ..menna me vdo eka balapan

    https://www.facebook.com/bankoloththarka/videos/227136667654171/

    ගුරුත්වය, වායුගෝලය..මේවා අපිටනේ අදාල...
    මටනම් හිතෙන්නෙම අපේ පෘටිවිය විශ්වයේ නිකන් කනා ෂොට් එකක් වගේ ජිවය බිහිවුන තැනක් කියල.. එහෙම වුනොත් අපිට හරියටම කියන්න බැහැනේ ජීවයක් පවතින්න අත්‍යාවශ්‍යම සාදක මේවා කියල..


    :):)
    lankave unge olmorondam wikara danna epaa, manawa sahaa manawa rupi
    pitasakwalayao kiyalaa jathi dekak thiyenawaa

    mokak wau gole un inne ape planet eke neme wena planet wala ape waugole
    kathawak neme ne unge flying machine thiyenawa ewagen enne erath eke
    waugoleta un oroththu denawada nadda kiyana eka moda kathawak

    lankave unge moda kathaa danna epaa abduction waladi unath un eliyata
    bahalaa abduction karalaa na

    දියුණු තාක්ෂණයක් තියෙනවා නම් වායුගෝලයට ඔරොත්තු දෙන්න උපකරණ ඇතිනේ :yes::yes:
     

    H.O.R.T.O.N

    Well-known member
  • Jun 9, 2016
    436
    280
    63
    Sitawaka & Raigama
    thank you:):)

    thank you:):)

    පට්ට 4+​
    thank you:):)
    a7znjS5.jpg

    Edit karapu ekak kiyala hithenne mata witharada
    TFS2+

    ඔව්..ඕව ඔක්කොම concept artists ලගේ වැඩ..දැක්කයි කියපු අය කාටවත් මේ වෙනකන් පොටෝ එකක් වත් ගන්න ලැබිල නෑනේ :rofl:

    ඔය නොර්ඩික් එලියන් ල නම් ජනප්‍රවාද වලින්ම එන
    ඒවා..ස්වීඩන්,ඩෙන්මාර්ක්,ෆින්ලන්ඩ්,නොර්වේ වගේ නොර්ඩික් රටවලින් බිහිවෙච්ච...ඒ රටවල මිනිසුන්ගේත් හැඩරුව මේ වගේනේ..

    vulnerable-blondish-nordic-little-girl-maybe-six.jpg
     

    H.O.R.T.O.N

    Well-known member
  • Jun 9, 2016
    436
    280
    63
    Sitawaka & Raigama
    ඩයිනෝසරයො මොලෙත් ලොකුවට තිබ්බ හින්ද මිනිස්සුන්ටත් වඩා දියුණු වෙලා ග්‍රහකෙ වැටෙන්න කලිං පෘථිවියෙන් ගියාද දන්නෑ :baffled: :baffled:
    සමහර විට පියාඹන පීරිසි වල එනව ඇත්තෙ උන් උන්ට ජීවත් වෙන්න සුදුසු පරිසර තත්වයක් හැදිලද බලන්න :shocked: :shocked:

    ඔව් නේද..හෝම් සික්නස් හැදිලා එනවා වෙන්නත් පුළුවන්..:rofl::rofl:
    සමහර විට අපිට ඔය පොසිල් කියල හම්බුවෙන්නේ ක්‍රිමිනල් කෙස් වලදී වලදාමු මිනි(ඩයිනොසර් මෘත ශරීර) වෙන්නත් පුළුවන්..
    :(:(