අපි නොදන්න පිටසක්වලයන්...
පසුගිය සියවසක කාලය තුළ පිටසක්වළ ජිවීන් දර්ශනය වීම් පිළිබද සිදුවීම් සියගණනක් ලෝකයේ නොයෙක් ප්‍රදේශ වලින් වාර්තා වී ඇත. පුදුම සහගත කරුණ නම්, මෙම පිටසක්වළ ජිවීන් දර්ශනය වුවා යැයි පවසන පුද්ගලයන් විසින් ඔවුන්ගේ භෞතික ස්වභාවය හා චර්යාත්මක ස්වභාවය පිළිබද පැහැදිලි විස්තරයන් ඉදිරිපත් කර තිබීමයි. මෙම වාර්තා සියල්ල අධ්‍යනයෙන්, වෙනස් වූ වර්ග 82 කට අයත් පිටසක්වළ ජිවීන් හදුනා ගෙන ඇත. පහත දැක්වෙන්නේ ඒ අතරින් ප්‍රධානම වර්ග දහයට අයත් යැයි සැලකෙන පිටසක්වළ ජිවීන් පිළිබද සටහනකි.
සීටා පරිපථකයින් හෝ අළු පිටසක්වලයන්
ලොව පුරා බහුලවම දර්ශනය වීම් පිළිබද වාර්තා වී ඇත්තේ මෙම වර්ගයට අයත් පිටසක්වලයන්ය. විවිධ වයස්කාණ්ඩ වලට අයත් පුද්ගලයන් හට දර්ශනය වී ඇත. මෙම පාරභෞම ජිවීන් සාමාන්‍යයෙන් අඩි 3-4 උස් වන අතර විශාල ආමන්ඩ් හැඩති ඇස් පිහිටයි. මොවුන්ගේ හිස් සාමාන්‍ය මිනිසෙකුට වඩා විශාල වේ. නාසයක් නොපිහිටන අතර නාස් විවර පමණක් පිහිටා තිබේ. ඇගිලි තුනක් හෝ හතරක් පිහිටන දිගු අත් ඇත. මිනිසුන් පැහැරගෙන යාම් පිටුපස සිටින ප්‍රධාන පිටසක්වලයන් වර්ගය මොවුන් බව විශ්වාස කරයි. අළු පිටසක්වලයන් ටෙලිපති ක්‍රමය මගින් සන්නිවේදනය සිදු කරන බව විශ්වාස කෙරේ. පැහැරගැනීමට ලක්වුවන් පවසන්නේ මොවුන්ගේ මුඛයෙන් ශබ්ධයක් පිට නොවුවත් ඔවුන් පවසන දෙය තමාට මනසින් තේරුම් ගැනීමට හැකිවූ බවයි.
අළු පිටසක්වලයන්ගේ සම්භවය
මොවුන්ගේ පැහැරගැනීමකට ලක්වුවා යැයි සැලකෙන බෙටී හිල් නමැත්තිය මෝහනයට ලක්කිරීමෙන් පසු අදින ලද තාරකා සිතියමක් ඇසුරෙන් මොවුන්ගේ සම්භවය පිළිබද කරුණු හෙළිදරව් වී ඇත. මෙම තාරකා සිතියම අධ්‍යනයෙන් පසු කල්පිතයක් ඉදිරිපත් කරන, හදුනා නොගත් ආකාශ වස්තුන් පිළිබද පර්යේෂක Marjorie Fish පවසන්නේ පෘතුවියට සැතපුම් ට්‍රිලියන 220 පමණ ඈතින් පිහිටා ඇති Zeta Reticuli තාරකා මණ්ඩලයෙන් මොවුන් පැමිණ ඇති බවයි.
පුංචි කොළ මිනිසුන්
තවත් බහුලව වාර්තා වන පිටසක්වලයන් වර්ගයකි. රෝම හෝ කෙස් නොපිහිටන කොළ පැහැති සමක් ඇති මිනිස් හැඩයට සමාන ජීවින් වර්ගයකි. සමහර වාර්තා වල සදහන් වන්නේ මොවුන්ගේ විශාල හිසෙහි ඇන්ටනා ආකාර ග්රාහක පිහිටා ඇති බවයි.
නොර්ඩික් පිටසක්වලයන්
මොවුන් පෙනුමෙන් සාමාන්‍ය මිනිසුන් වැනිය. ගැහැණු සහ පිරිමි පිටසක්වලයන් දෙපිරිසටම දිගු සුදු පැහැති හිසකෙස් පිහිටා තිබේ. මොවුන් සාමාන්‍ය මිනිසුන්ගෙන් වෙන්කොට හදුනා ගත හැක්කේ යම් පාරභෞම ක්‍රියාවක් සිදුකරන අවස්ථාවකදී පමණි. සාමාන්යෙන් උල්වූ මුහුණක් සහ නිල් ඇස් පිහිටයි. ගැහැණු නොර්ඩික් පිටසක්වලයන් ඉතා ඉහල ලිංගික ආකර්ෂණයකින් යුක්තය.
හත්දින්නත්වරු
ඉතා දැකුම්කලු පෙනුමෙන් යුක්ත වේ. රවුම් මුහුණක් සහිත උස ජීවින් පිරිසකි. සාමාන්යෙන් හිසකෙස් නොපිහිටයි. නමුත් ඇතැමුන්ගේ තඹ පැහැයෙන් යුත් හිසකෙස් පිහිටයි. ඉතා ආචාරසම්පන්න සාමකාමී ජීවින් පිරිසකි.
ඇන්ඩොමීඩියානු පිටසක්වලයන්
සෑම අතින්ම මිනිසුන්ට සමාන වන අතර ප්‍රමාණයෙන් පමණක් වෙනස් වෙයි. මොවුන්ට මිනිසුන්ගේ සිත් කියවිය හැකි පරචිත්තඥානය පිහිටයි.
උරග පිටසක්වලයන්
තවත් බහුලව වාර්තා වන පිටසක්වලයන් වර්ගයකි. උසින් යුත් මිනිස් හැඩති දේහයේ කොරපොතු දක්නට ලැබේ. පාදවල එකට බැදුණු ඇගිලි පිහිටයි.
ඇල්පා ඩ්රැකෝනියානුවන්
ඉතාම දුෂිත,කුරිරු බවින් යුත් පිටසක්වලයන් වර්ගයකි. Alpha Draconis තාරකා මණ්ඩලයෙන් පැමිණියවුන් ලෙස විශ්වාස කරයි. මොවුන් අඩි 20ක් පමණ උස වන අතර යෝධ උරග ලක්ෂණ දක්වයි. ඔවුන් විශ්වාස කරනුයේ තමන් මිනිසුන්ගේ නියම අයිතිකරුවන් බවයි. ඔවුන්ගේ සම්මතයන් අනුව මිනිසුන් යනු අඩු පරිනාමයකට ලක්වූ ජීවින් කොටසකි.
සීරියානු පිටසක්වලයන්
ජලාශිතව ජිවත් වීමට කැමති මිනිස් හැඩති ජීවින් පිරිසකි. මෙම ජලජ පිටසක්වලයන් බොහෝවිට ඉතා ගැබුරින් යුත් සාගර සහ විල් ආශිතව හමුවේ. Sirius B තාරකා මණ්ඩලයෙන් පැමිණියවුන් ලෙස විශ්වාස කරයි.
අනුනකී පිටසක්වලයන්
පුරාණ සුමේරියන්වරු, අනුනකීන් තම දෙවිවරුන් ලෙස සලකා වැදුම් පිදුම් කර ඇත. අනුනකීන් යනු , මිනිසුන් තම කර්මාන්ත වල වහලුන් ලෙස යොදා ගැනීමේ අරමුණු ඇතිව මීට වසර හාරදහසකට පෙර පෘතුවියට පැමිණි පිටසක්වල ජීවින් විශේෂයකි. මොවුන් ද පෙනුමෙන් සාමාන්‍ය මිනිසුන් වැනි වුවත් අඩි 8-9ත් අතර උසකින් යුක්තය. මොවුන් ප්ලුටෝ ග්‍රහයාට එපිටින් පිහිටා ඇති, තවමත් හදුනා ගැනීමට නොහැකි වූ නිබිරු නම් ග්රහලොවකින් පැමිණි බව සැලකේ.
ආක්ටුරියන් පිටසක්වලයන්
ආක්ටුරියානුවන් අඩි 4-5ක් පමණ උසින් යුතු, විශාල හිසකින් සහ නිල් සමක් ඇති ජීවින් පිරිසකි. ශරීරය විෂමානුපතික වේ. මෙම වර්ගයේ පිටසක්වලයන් ක්ෂිරපථ මන්දාකිණියේ වෙසෙන පැරණිතම ජීවින් විශේෂයකි. මොවුන් ඉතා බුද්ධිමත්, අත්දැකීම් සහිත
නව සොයාගැනීම් සිදුකරන ජීවින් පිරිසකි.
සමහරවිට ඔබ ඉහත සදහන් පිටසක්වලයන් පිළිබද තොරතුරු හොද විද්‍යා ප්‍රබන්ධ ග්රන්ථයකින් උකහා ගත් කරුණු මෙන් සලකා උපහාසයෙන් යුතුව බැහැර කරනු ඇත. කෙසේ නමුත් මෙම පිටසක්වළ ජිවීන් දර්ශනය වුවා යැයි පවසන පුද්ගලයන් බොහෝ දෙනෙක් හොද පවුල් පසුබිමක්, අධ්‍යාපනයක්, වුර්තිමය සුදුසුකම් සහිත සාමාන්‍ය භෞතික හා මානසික වශයෙන් නිරෝගී වූ වන් වේ. මෙලෙස ලැබී ඇති දසදහස් ගණනක් වන වාර්තා අසත්‍ය යැයි පවසා සරලව බැහැර කිරීමට අපට හැකිද?
පිටසක්වලයන් සැබවින්ම අපගේ පෘටිවිය කරා පැමිණියේද???
අපි නොදන්න පිටසක්වලයන්