Kollek aniwa kiyawanna ona kathawak!!!

guyzon

Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    මුලින්ම කියන්න ඕනේ මේක facebook එකේ තිබිලා උපුටාගත්තේ. තව Whatsapp group වල එහෙමත් ගියා. ඉතින් මේක repost ද දන්නේ නෑ. repost නම් සමාවෙන්ඩ ඈ.. :)

    Ventine's කුමාරී

    "අයියේ? ඇයි රත්තරං මට ඔයා මෙහෙම කරන්නේ? මං ඔයාට කරපු වරද මොකක්ද රත්තරං. ඔයාට මාව මදිද? ඔයා මට ආදරේ නැද්ද?"

    " හරි! මං දන්නවා මං මහ ජරා මිනිහෙක්. ඒත් මං මොනවා කරන්නද? ඔයා මගෙත් එක්ක කොහෙවත් යන්න කැමති නැහැනේ. මටත් අවශ්‍යතා තියෙනවා. ප්ලීස් තේරුම් ගන්න. ඔයාට මං වගේ ජරා කොල්ලෙක් ගැලපෙන්නෙ නෑ. ඔයා හොද කෙනෙක් හොයාගන්න!"

    " අනේ මගේ අයියේ... ඔයා නරක නැහැ රත්තරං. මට ඕන ඔයාගේ වෙන්න විතරයි. හැමදාම ඔයාගේම වෙලා ඔයාගෙම ලගිං ඉන්න. මේ හිතට වෙන කාටවත් ආදරේ කරන්න බෑ. සත්‍තයි!"

    " ඉතිං ඇයි එහෙනම් ඔයාට මගේ වෙන්න බැරි? ඔයා කොහොමටත් බදින්නේ මාවනේ! ඇයි ඔයා එන්නේ නැත්‍තේ?"

    "......."

    "Forget it! මං ඔයාට බල කරන්නේ නෑ. අපි බැදලා ඒ හැමදේම ලස්සනට කරමු. ඔයා කැමති විදියට! ම්ම්... සොරී මැනික. "

    "හ්ම්ම්ම්...."

    "මේ... ඒක නෙමෙයි! ඔයා මොනවද මට වැලන්ටයින් එකට දෙන්නේ...?"

    "ඔයාට මොනවද ඕනේ???"

    "ම්ම්ම්.... නෑ. එක්කො ඕන නෑ. ඔයාට මොනවද ඕනේ කියන්නකෝ!"

    "මට මුකුත් එපා. ඔයාගේ ලගට වෙලා, ඔයාගේ පපුවේ ඔලුව තියාගෙන ඉන්න තිබුනොත් ඇති. "

    "හ්ම්ම්ම්... ඒ ඇති ද?"

    "හ්ම්ම්ම්.... මැරෙනකන්ම එහෙම ඉන්න තියනවනම් මට කන්න බොන්නවත් එපා. "

    "හරි! හරි! මං එහෙනම් තියන්නම්. හෙට හම්බෙන්න එන්නම්කො ක්ලාස් එක ලගට ඇති තරම් පපුවෙ ඔලුව තියාගෙන ඉන්න. "

    "හ්ම්ම්ම්... බුදු සරණයි මගේ රත්තරං. බයි කාලා පරිස්සමෙන් ඉන්න. "

    ..............................................................................

    "හෙලෝ! ඔයා කොහෙද ඉන්නේ?"

    "බස් හෝල්ට් එක ගාව නවත්තලා තියෙන කොල පාට ත්‍රී වීල් එකේ!"

    "ඇයි ඒ?"

    "මහ පාරේ පපුවට තුරුල් වෙලා ඉන්න ඈ! "

    "හ්ම්ම්ම්... ඉන්න එන්නම්"

    .....................

    "ශා... ලස්සනයි ඔයා අද. හරියට රාණි මුකර්ජි වගේ!"

    "මචං! යමු!"

    "කොහෙද අයියේ මේ යන්නේ?"

    "යමුකෝ!"

    "අනේ අයියේ! මට බයයි! කොහෙද යන්නේ කියන්නකෝ!"

    "බය වෙන්න එපා! මගේ යළුවෙක්ගේ ගෙදර"

    " අනේ! ඇයි ඒ? මට බයයි!"

    " තැන් තැන්වල යනවට වඩා හොදයිනේ ගෙදරකට යන එක! බය වෙන්න එපා! අපේ යාළුවො හරක් මස් කන්නේ නෑ!"

    " අනේ යන්න!"

    එයා පාත් වෙලා මගේ කම්බුල ඉම්බා. මට ලැජ්ජා හිතුනා.

    "අයියේ! ඔයාලාගේ යාළුවෝ මං ගැන වැරදියට හිතයිද දන්නේ නෑ. මේ ගවුම කොටයිනේ!"

    "නෑ! ඒ ෆ්‍රොක් එක ලස්සනයි! බ්‍රව්න් කලර් ඔයාට ලස්සනට මැච් වෙනවා. මගේ යාළුවො හරි සෝශල් අනේ! ඕක කොට නෑ!"

    "හ්ම්ම්ම්ම්....."

    මං අයියාගේ අතෙන් හයියෙන් අල්ලගෙන එයාගෙ උරහිසෙන් ඔළුව තියාගත්තා.
    .........................................

    "ඉන්න. මං ගේට් එක අරිනකන්"

    "මචං. වීල් එක ඇතුලට දාපන්"

    " ඔයා ඇතුලට යන්න. "

    " අනේ අයියේ! මට බයයි. ඔයාත් යමු. "

    "හරි ඉතිං. මාත් එනවා. යමු!"

    " කෝ! කවුරුත් නෑනේ!"

    "මං බොරුවක් කිව්වේ! මේ අපේ ගෙදර. අම්මි ගමනක් ගිහිං. "

    "අනේ ඔයා හරි නරකයි!අනේ මට බයයි අයියේ!"

    "මං බාත්‍ රූම් එකට ගිහිං එන්නම්"

    " අනේ මට බයයි!"

    "හරි! එහෙනම් එන්නකෝ"

    මං බාත් රූම් එක ගාව බිත්තියට් හේත්තු වෙලා ඇස් දෙකත් පියාගෙන හිටියා. එයාගේ පුංචි කාලේ ලස්සන පිංතූරයක් කෑම මේසේ උඩ තිබුනා.

    "ලස්සනයි! හරිම අහිංසක පාටයි! කවදා හරි මගේ පුතත් මේ වගේ ඉදී!"

    මං ලැජ්ජාවෙන් ඇඹරෙනකොට එයා ආවා.

    "මොනවද බලන්නේ?"

    "ඔයා පොඩි කාලේ හරි හුරතල් පාටයි!"

    "ඇයි? දැන් අපි කලුයිද?"

    " අපෝ නෑ. තාර වලට වඩා චුට්ටයි කළුයි"

    " ඉතිං සුදු කොල්ලෙක් හොයාගන්න තිබ්බානේ"

    " හෙහේ! ඔයා තරම් මට කාවවත් ලස්සනට පේන්නෙ නෑනේ!"

    " අපෝ එහෙනම් කන්නාඩි දෙකක් අරන් දෙන්න වෙයි! එන්නකො මගේ කාමරේ පෙන්නන්න"

    "ශා! ලස්සනයි! නීට් එකට තියනවා"

    "හ්ම්ම්ම්... කාමරේ විතරද ලස්සන!"
    එයා මාව ඇදලා අරන් තුරුල් කරගත්‍තා... ටිකකින් එහෙම්ම ඇදට පෙරලගත්‍තා.

    එයාගේ අත මගේ ගවුම යටට ඇදෙනවා දැනෙනකොට මං ඇස් දෙක තදකරලා පියාගත්තා.

    'දැන් ඉතිං කොහොමත් මං එයාගෙම විතරයි. එයා මගේම විතරයි. "

    ..............................

    "සොරි රත්තරං! මං ලස්සන වෙඩින් එකක් අරන් ලස්සන කාමරේක කරන්න තිබුන දෙයක් නේද මෙහෙම නැති කරේ? අනේ මට සමාවෙන්න රත්තරං. මට මොනවා වුනාද මංදා?"

    "අනේ අඩන්න එපා මගේ අයියේ! කමක් නෑ මගේ දෙයියෝ! ඔයා මාව බදිනවා නේද?"

    "ඔව් රත්තරං. ඔයා තමයි මගේ වයිෆ්! අයි ලව් යූ! අය් ඇම් රියලි සොරි රත්‍තරං"

    මං එයාගේ කට අතෙන් වැහුවා. මගේ හදවත කෑ ගහලා ඇඩුවත් මං ඇහෙන් වැටෙන්න ගියපු එකම එක කදුලත් ඉක්මනට එයාට නොපෙනෙන්න පිහිදගත්තා!

    "හරි! ඔයා වොශ් එකක් දාගෙන ලෑස්ති වෙන්න. මං මේ බෙඩ් ශීට් එක නමලා අරන් තියනවා. ඔයාව මං මේ ගෙදරට ගේන දවසට ඔයාගේ අම්මිටයි, මගේ අම්මිටයි පෙන්නන්න. උම්ම්මා!"

    මං ඇදෙන් නැගිටලා යන්න ඉස්සල්ලා එයාගෙ කකුල අල්ලලා එක පාරක් වැන්දා!

    "ඇයි රත්තරං මේ..."

    "අනේ මගේ දෙවියෝ! මේ අම්මා නැති මාව තනි කරන්න නම් එපා රත්තරං. මං ගාව තිබුන වටිනම දේ තමයි මං ඔයාට දුන්නේ. මට ඔයට දෙන්න වෙන මුකුත් නෑ රත්තරං. මැරෙනකන්ම හිත පිරෙන්න ආදරේ දෙන්නම් රත්තරං"

    "මං කවදාවත් ඔයාව දාලා යන්නේ නෑ මැණික. කෝ දැන් ලෑස්ති වෙන්නකො"

    "හ්ම්ම්ම්..."

    එයා මාව පංතිය ගාවින් බස්සලා යන්න ගියා. මගේ වයසෙම ගෑනු ළමයි අතරේ මට මං දැන් ගැහැනියක් කියලා හිතෙනකොට කෑ ගහලා අඩන්නද හිනාවෙන්නද කියලා හිතාගන්න බැරුව මං බිම බලාගත්තා.

    එදා රෑ එයා කෝල් කරලා හෙටත් එයා එක්ක යන්න එනවද ඇහුවා. ඒත් ඒ වෙනකොට මට ඒ ගැන තිබුනේ අපුලක්. ඒ වගේ දෙයකට හිතේ කිසිම ආසාවක් තිබුනේ නෑ. මං එයාව මග ඇරියා. සතියක් යන්න ඉස්සල්ලා මට ගෑනු ළමයෙක් කෝල් කරා.

    "හෙලෝ! මේ නෙතූ ද?"

    "ඔව්! කව්ද මේ කතා කරන්නේ?"

    "ම්ම්ම්... කලබල වෙන්න එපා නංගී. මං ඔයාගේ බෝයි ෆ්‍රෙන්ඩ්ගේ යාළුවෙක් කතාකරන්නේ. මගේ නම විමාශා. ඔයාගේ පිංතූරයක් මං එයාගේ එෆ් බී එකේ දැක්කා. ඔයා පව් කියලා හිතුන නිසයි මං නම්බරේ හොයාන කෝල් කරේ."

    " කියන්න අක්කී!"

    "නංගී... මං නම් වැඩිය හොද කෙනෙක් නෙමෙයි. ඒත් අපි වැටුන වලට ඔයා වැටෙනවට අපි කැමතී නෑ. ප්‍රියන්ත අපේ ක්ලබ් එකේ ඩේලී කස්ටම කෙනෙක්. හැමදාම පොඩි ගෑනු ළමයෙක්ව රූම් අදිනවා. ඒ විතරක් නෙමෙයි. එයා ගන්ජා ගහනවා. කුඩු ගහනවා. එයා හොද කෙනෙක් නෙමෙයි නංගී. ඔයා පරිස්සම් වෙන්න නංගී"

    " තැන්ක් යූ ෆො යෝ ඉන්ෆොමේශන්. ඒත් මං මගේ අයියා ගැන හොදට දන්නවා. එයාව මං අදුරන්නෙ අවුරුදු 3ක ඉදලා. ප්ලීස්! කුරුළු කූඩු වලට ගල් ගහන්න එපා."

    "කැමැත්තක් නංගී. අපි ඔයාට කිව්වෙ ඔයාගෙ හොදට. මං තියනවා"

    ඒ අක්කා කිව්ව දේවල් වල ඇත්‍තක් තියෙනවා කියලා මං දැනගෙන හිටියත් මට මගේ ආදරේ ඒයා ලග බාල්දු කරන්න හිතුනේ නෑ. මං ප්‍රියන්ත අයියාගෙන් ඒ ගැන ඇහුවම එයා ඒක පිලිගත්තා.

    "ඔව්. මං ඒ හැමදේම කරනවා තමයි! ඔයාගෙන් ලැබෙන්න ඕන ඒවා ඔය දෙන්නෙ නැත්‍තන් මං කොහෙන් හරි ලබාගන්න ඇපැයි! "

    "අනේ අයියේ... ඇයි රත්තරං මට ඔයා මෙ තරම් නපුරුකම් කරන්නේ? ඔයාගේ දරුවා මේ බඩේ හැදෙනකොට ඔහොම නපුරු වෙන්න එපා මහත්තයෝ. "

    "මොකක්! ඔයා ප්‍රෙග්නන්ට් ද මැණික! අනේ ඇයි මැනික මට කිව්වෙ නැත්තේ?"

    " හරියටම දන්නේ නැති නිසා කිව්වෙ නැත්තේ රත්තරං. මට මේ මාසේ අසනීප වුනේ නෑ"

    "අනේ සොරි රත්තරං. ඔයා දැන්මම එලියට එන්න. අපි කොහෙ හරි යමු රත්තරං"

    "අනේ කලබල වෙන්න එපා රත්‍තරං. අපි කොහෙ යන්නද?"

    " කොහෙහරි යමු. මට කුලී වැඩක් කරලා හරි ඔයාට කන්න අදින්න දෙන්න පුළුවන්. දැන්ම එන්න. මට මගේ බබයි අම්මී දකින්න ඉවසිල්ලක් නෑ"

    " හ්ම්ම්ම්.... ඔයා එක්කගෙන යන ඕනම තැනකට මං එනවා. "

    මං පැය බාගෙකින් එලියට එනකොට එයා ආදරෙන් හිනාවෙලා මං දිහා බලාගෙන හිටියා.

    මං දෙපාරක් නොහිතා දුවලා ගිහිං එයාගේ අතේ එල්ලුනා.
    ......................

    "ම්ම්ම්... කෝ බලන්න අපේ චූටි අම්මී මගේ චූටි දෝණී! "

    මං ලැජ්ජාවෙන් ඇඹරුනා.
    එයා නැමිලා මගේ බඩ ඉඹලා වීල් එකට නැන්ගා.

    "ම්ම්... මං අම්මිටයි බබාටයි කුක්කු පැකට් එකක් ගත්තා. තාත්තිත් කඩලා උගුරක් බිව්වා. කමක් නෑ නේද?"

    මං හිනාවෙලා ඒක අරන් ආදරෙන් බිව්වා. ටික වෙලාවකින් මගේ ඇස් නිලන්කාර වෙලා ගියා.

    ..............................................................................

    ඔළුව පිපිරෙන්න තරම් රිදෙනකොට මං අමාරුවෙන් ඇස් දෙක ඇරියා. කවුදෝ අවුරුදු 45ක විතර කළු මහත මිනිහෙක් මගේ ඇග උඩ හිටියා.

    මං ඒ මනුස්සයව තල්ලු කරන්න හැදුවට මගේ ඇගට ඒ හැටි හයියක් තිබුනේ නෑ.

    ඒ මිනිහාගෙ කාමාශා සිදගන්න මගේ ඇග කෙලි බඩුවක් වෙනකොට මං හෙල්ලෙන්නවත් පන නැතුව මේ මොනවද වෙන්නේ කියලා තේරුම් ගන්න උත්සහා කරා.

    එයා නැගිටලා ඇදගෙන යන්න ගියා. එතකොටම දොර ලගට ආපු මැදි වයසේ රත්‍තරං බඩු පෙරවගෙන අමුතු විදියට ඇදගෙන හිටපු ගෑනු කෙනාට රුපියල් පන්දාගේ නෝට්ටුවක් දීලා එයා යන්න ගියා.

    "අනේ මැඩම් මේ කොහෙද මං ඉන්නේ. කෝ මගේ ප්‍රියන්ත අයියා?"

    "මගේ ප්‍රියන්ත! හහා! හිටපන් කෙල්ලෙ විහිළු නොකර. උඹව මෙහාට ගෙනත් දාලා, දොස්තර ගෙන්නලා ඇබෝශන් කරවලා, ඌත් හොදට සැප අරන් තමයි ඌ උබව මෙතන දාලා ගියේ. මගෙන් තව විසිපන්දහකුත් ඉල්ලගත්තා. "

    " අනේ බොරු කියන්න එපා මැඩම්. මගේ ප්‍රියන්ත අයියා මට කවදාවත් එහෙම කරන්නෑ. මගේ අයියාට එන්න කියන්න. "

    " හහාහා! මං උඹට බොරු කියලා මොනවා ගන්නද? ආයේ උඹව මෙහෙන් ගෙනියන්න කවුරුවත් එන්නේ නෑ. කැමති වුනත්, අකමැති වුනත් මේක තමයි දැන් උඹේ ජීවිතේ... කැමැත්‍තෙන් කරොත් කීයක් හරි ඉතුරු කරගෙන ස්ටයිල් එකට හිටිය හැකී නැත්තම් උඹට ගෙවන සල්ලි වලින් උඹට තව ඉන්ජෙක්ශන් ගස්සන්න තමයි මට වෙන්නේ. "

    මගේ ඇස් දිගේ කදුළු කඩා හැලෙනකොට මං ඇස් දෙක පියාගත්තා. කෑ ගහලා අඩන්න හිතුනත් මට ඒ තරම් හයියක් තිබුනේ නෑ.

    "හරි! හරි! දැන් ඊලග කස්ටමට සලකන්න ලෑස්ති වෙයන්. "

    ::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

    ********අවුරුදු දොළහකට පසු***********

    ජීවිතේ වැරදුනේ කොතනද කියලා මට අදටත් හිතාගන්න බෑ. මුලදී මේ ජීවිතෙන් කීපාරක් බේරිලා පැනලා යන්න හැදුවත් මගදි ආයේ මාව අල්ලගෙන ඇවිලා හෙරොයින් ඉන්ජෙක්ශන් ගහලා පාවිච්චි කරනවා. එකම එක දවසක් ගෙදර දොරකඩටම බෙරිලා ගියත්, ගෙට ඇතුල් වෙනකොටම මල් මාලයක් දාලා තිබුන මගේ පිංතූරේ දැකලා මංම ආපහු හැරිලා ආවා.

    අවුරුදු දෙක තුනකට කලින් මං එකම එක පාරක් ප්‍රියන්ත අයියාව දැක්කා. තවත් ලස්සන පුංචි කෙල්ලෙක් මෙහාට ගෙනත් දාලා මටත් පල් එකට හිනාවෙලා යන්න ගියා. මේ ලෝකේ කිසිම කෙනෙක් එක්ක මගේ හිතේ තරහක් නැති වුනත් මං මැරෙන්න මොහොතකට හරි කලින් බුදු බනේ විදියට ඒ පාපතරයට මගේ ඇස් පනාපිට ඒ පව් පටිසන් දෙන්න කියලා මං හැම හුස්මක් පාසාම ප්‍රාර්ථනා කරනවා.

    ආපු අලුත හැම වෙලේම පැයෙන් පැයට කස්ටමර්ලා ආවාත් දැන් දැන් කට්ටිය අඩුයි. මුලදී මැඩම්ට අපිව තරම් වටින අය නැති වුනත් දැන් අපිට කියන්නෙ දාහේ කෑලී කියලා. හැම මාස හයෙන් හයටම දොස්තර ගාවට එක්කගෙන ගිහිං අපිට බබාලා හම්බෙන්නැතිවෙන්න බෙහෙත් විදිනවා. අම්මා තාත්‍තා, දරුවෙක්, මහත්‍තයෙක් නැති අපි වගේ මේ තැන් වලට වැටුන අසරණ කෙල්ලො දහස් ගානක් ඉන්නවා. ගෑනු අය අපි දිහා බලන්නේ පිලිකුලෙන්. දහ අටේ විස්සෙ පොඩි කොල්ලගේ ඉදලා, පනහෙ හැටේ අංකල්ලා දක්වා අපි දිහා උඩ ඉදලා පහලට බලලා මග තොටදි පවා ඇස් වලින් දුශනය කරනවා.

    ලොකු ස්ටේජ් වල නැගගෙන කාන්තා සුභසාදනය වෙනුවෙන් කෑගහන ලොකු මහත්තුරු රෑට අපේ ලගට ඇවිත් හැසිරෙන්නෙ ගෑනු ඇග සෙල්ලම් බඩුවක් ගානට දාලා.

    තැන් තැන් වල ආදරේ ගැන තවුස්න්ඩ් ටෝක්ස් දෙන අති පූජනීය ස්වාමිපුර්ෂයෝ, ඕටී කරන්නේ අපේ කාමර වල.

    ආදරේ කියන දේ ජීවිතේ කරගත්තු අහිංසක කෙල්ලො මේ වැලන්ටයින් එකටත් දහස් ගානින් හෝටල් කාමර ඇතුලේ ආදරේ නාමයෙන් ජීවිතේ විනාස කරගන්නැති. කට්ටියක් අසබ්‍ය වෙබ් අඩවි වල මිනිස්සු දහසක් අතරේ ඇස් දෙකෙන් දූෂනය වෙනකොට තවත් කට්ටියක් මේ වගේ ජීවිත කාලෙටම කෙලි බඩු වේවී. බොහෝම ටික දෙනෙක් කොහොම හරි කරලා කසාද බැදගනී. ඒත් ඒ වගේ දරාගැනීමේ ශක්තියක් නැති පිරිමි එක ගෑනියෙක්ගෙන් ජීවිත කාලේම ත්‍රුප්තිමත් වෙයිද?

    නිමි
    උපුටා ගැනීම Tharuka Amarasekara Vithanage
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අවුරුදු තුනාමාරත් පැනලා , ගෙවල් වලින් සම්බන්දෙට අවසර දීලා තියෙද්දිත් කවදාවත් කෙල්ලව රූම් එකකට ඇදලා නෑ , බොක්ස් එක්කන් ගිහින් නෑ මම නම් කෙල්ලව.
    පදුරු ගානේ චාටර් කරලත් නෑ , ගස් යට ඌරූ මීයෝ වගේ පොලව හාරගෙන වාඩිවෙලා ප්‍රසිද්ධියේ කිස් කරලත් නෑ.
    ඒ අතින් අපි වගේ කොල්ලන්ට කෙල්ලො වදින්න ඕන මල් තියලා.


     

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    අවුරුදු තුනාමාරත් පැනලා , ගෙවල් වලින් සම්බන්දෙට අවසර දීලා තියෙද්දිත් කවදාවත් කෙල්ලව රූම් එකකට ඇදලා නෑ , බොක්ස් එක්කන් ගිහින් නෑ මම නම් කෙල්ලව.
    පදුරු ගානේ චාටර් කරලත් නෑ , ගස් යට ඌරූ මීයෝ වගේ පොලව හාරගෙන වාඩිවෙලා ප්‍රසිද්ධියේ කිස් කරලත් නෑ.
    ඒ අතින් අපි වගේ කොල්ලන්ට කෙල්ලො වදින්න ඕන මල් තියලා.


    එතකොට උබ මොනවත්ම කරලා නැද්ද කෙල්ලට :rofl::rofl:
    ඔව් ඉතින් ගෙවල් වලින් අවසර දීපු එකේ ගෙදෙට්ට ගෙනල්ලම ඇද්දෑකිනේ කවුරුත් නැති වෙලාවක උනත්. අපිට කොයින්ද බූල් බල්ලෝ අපි යනවද මූදු :P:lol:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එතකොට උබ මොනවත්ම කරලා නැද්ද කෙල්ලට :rofl::rofl:
    ඔව් ඉතින් ගෙවල් වලින් අවසර දීපු එකේ ගෙදෙට්ට ගෙනල්ලම ඇද්දෑකිනේ කවුරුත් නැති වෙලාවක උනත්. අපිට කොයින්ද බූල් බල්ලෝ අපි යනවද මූදු :P:lol:

    හුකලා නෑ , පුකේ ඇරලත් නෑ තාම.
    ලිමිට් කියලා දේවල් තියනවනේ බන් හැමෝටම.
    සෝ මගේ ලිමිට් එක ඔච්චරයි.
    මම නම් සල්ලි වියදම් කරන් ෆිල්ම් බලන්න ගිහින් වෙන වෙන දේවල් කරන්නේ නෑ.
    කෑල්ලයි මමයි ෆිල්ම් එක බලලා එනවා ෆුල් ආතල් එකේ.
    කෑල්ල එක්ක තොල දානවට වඩා අම්බානට ඇවිදින්න නම් ගිහින් තියනවා ඕන තරම් එක එක තැන් වල.
    ඔක්කොමත් හරි අපි කන්න ගියාම.
    අනේ මන්දා ඕයි කෑල්ලයි මමයි කන එකමයි වැඩේ කොහෙ ගියත්.
    ඒ අතින් මගේ කෑල්ල නෑ බෑ කියන්නේ නෑ.
     
    • Like
    Reactions: guyzon

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    හුකලා නෑ , පුකේ ඇරලත් නෑ තාම.
    ලිමිට් කියලා දේවල් තියනවනේ බන් හැමෝටම.
    සෝ මගේ ලිමිට් එක ඔච්චරයි.
    මම නම් සල්ලි වියදම් කරන් ෆිල්ම් බලන්න ගිහින් වෙන වෙන දේවල් කරන්නේ නෑ.
    කෑල්ලයි මමයි ෆිල්ම් එක බලලා එනවා ෆුල් ආතල් එකේ.
    කෑල්ල එක්ක තොල දානවට වඩා අම්බානට ඇවිදින්න නම් ගිහින් තියනවා ඕන තරම් එක එක තැන් වල.
    ඔක්කොමත් හරි අපි කන්න ගියාම.
    අනේ මන්දා ඕයි කෑල්ලයි මමයි කන එකමයි වැඩේ කොහෙ ගියත්.
    ඒ අතින් මගේ කෑල්ල නෑ බෑ කියන්නේ නෑ.

    ඔය කිව්වට මාත් නෑ ඉතින් :rofl::rofl:
    උබට නම් සිරාවට පට්ට කෑල්ලක් සෙට් වෙලා ඉන්නේ :lol:
     
    • Like
    Reactions: akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔය කිව්වට මාත් නෑ ඉතින් :rofl::rofl:
    උබට නම් සිරාවට පට්ට කෑල්ලක් සෙට් වෙලා ඉන්නේ :lol:

    එකෙන්ම ඔව් බන්.
    ඇවිදින්න කොහෙහරි ගිහින් නැති තැනකට යමුද කියලා අහන පරක්කුවට එනවා.
    බඩ පැලෙන්න කන්න යමුද කියලා අහන පරක්කුවට යන්න එනවා.
    ඇවිදලා , බඩ පැලෙන්න කාලා බීලා ජොලි කරලා එනවා ඉතින්.
    :lol::lol::lol::lol::lol::lol:
     

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    එකෙන්ම ඔව් බන්.
    ඇවිදින්න කොහෙහරි ගිහින් නැති තැනකට යමුද කියලා අහන පරක්කුවට එනවා.
    බඩ පැලෙන්න කන්න යමුද කියලා අහන පරක්කුවට යන්න එනවා.
    ඇවිදලා , බඩ පැලෙන්න කාලා බීලා ජොලි කරලා එනවා ඉතින්.
    :lol::lol::lol::lol::lol::lol:

    අපෝ එකට මගේ එක කෑම අරහංද කොහෙද බං :angry:
    මං මැරෙන්න බඩගින්නේ මොනා හරි කමුද ඇහුවොත් එයාට කන්න බෑ ඔයා කන්නලු. ඉතින් කෙල්ල නොකා ඉද්දි ඒකිගේ ඉස්සරහ ඉඳගෙන මට කන්න පුලුවන්ද :no:
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    හුකලා නෑ , පුකේ ඇරලත් නෑ තාම.
    ලිමිට් කියලා දේවල් තියනවනේ බන් හැමෝටම.
    සෝ මගේ ලිමිට් එක ඔච්චරයි.
    මම නම් සල්ලි වියදම් කරන් ෆිල්ම් බලන්න ගිහින් වෙන වෙන දේවල් කරන්නේ නෑ.
    කෑල්ලයි මමයි ෆිල්ම් එක බලලා එනවා ෆුල් ආතල් එකේ.
    කෑල්ල එක්ක තොල දානවට වඩා අම්බානට ඇවිදින්න නම් ගිහින් තියනවා ඕන තරම් එක එක තැන් වල.
    ඔක්කොමත් හරි අපි කන්න ගියාම.
    අනේ මන්දා ඕයි කෑල්ලයි මමයි කන එකමයි වැඩේ කොහෙ ගියත්.
    ඒ අතින් මගේ කෑල්ල නෑ බෑ කියන්නේ නෑ.

    Same like me mchan..pili ganin im engaged.but apita tradition widihata thwama b ndinna bari una .. man sahena prashna godakata muna dunna ..api dennma ekathu wela eka gedra thaniyen aa prashna wisadanna diwa ree marenwa..trget ekak tiyan.. lassn dawasaka lassnata karnna oona dee ethuru karan.. piligan na ban kawruwath
     
    • Like
    Reactions: siri_ayya

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අවුරුදු තුනාමාරත් පැනලා , ගෙවල් වලින් සම්බන්දෙට අවසර දීලා තියෙද්දිත් කවදාවත් කෙල්ලව රූම් එකකට ඇදලා නෑ , බොක්ස් එක්කන් ගිහින් නෑ මම නම් කෙල්ලව.
    පදුරු ගානේ චාටර් කරලත් නෑ , ගස් යට ඌරූ මීයෝ වගේ පොලව හාරගෙන වාඩිවෙලා ප්‍රසිද්ධියේ කිස් කරලත් නෑ.
    ඒ අතින් අපි වගේ කොල්ලන්ට කෙල්ලො වදින්න ඕන මල් තියලා.




    Same here bro.... දැන් affair එකට අවුරුදු 3යි.. kiss කරපු එකෙන් එහාට වෙනමුකුත් නෑ බන්..:)
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එකෙන්ම ඔව් බන්.
    ඇවිදින්න කොහෙහරි ගිහින් නැති තැනකට යමුද කියලා අහන පරක්කුවට එනවා.
    බඩ පැලෙන්න කන්න යමුද කියලා අහන පරක්කුවට යන්න එනවා.
    ඇවිදලා , බඩ පැලෙන්න කාලා බීලා ජොලි කරලා එනවා ඉතින්.
    :lol::lol::lol::lol::lol::lol:

    :lol::lol::):) pattane
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    අවුරුදු තුනාමාරත් පැනලා , ගෙවල් වලින් සම්බන්දෙට අවසර දීලා තියෙද්දිත් කවදාවත් කෙල්ලව රූම් එකකට ඇදලා නෑ , බොක්ස් එක්කන් ගිහින් නෑ මම නම් කෙල්ලව.
    පදුරු ගානේ චාටර් කරලත් නෑ , ගස් යට ඌරූ මීයෝ වගේ පොලව හාරගෙන වාඩිවෙලා ප්‍රසිද්ධියේ කිස් කරලත් නෑ.
    ඒ අතින් අපි වගේ කොල්ලන්ට කෙල්ලො වදින්න ඕන මල් තියලා.



    ඒ උනාට උඹ තරම් වලෙක් ඉන්නවද බන් කිරියටම... :lol::lol::lol:
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    එකෙන්ම ඔව් බන්.
    ඇවිදින්න කොහෙහරි ගිහින් නැති තැනකට යමුද කියලා අහන පරක්කුවට එනවා.
    බඩ පැලෙන්න කන්න යමුද කියලා අහන පරක්කුවට යන්න එනවා.
    ඇවිදලා , බඩ පැලෙන්න කාලා බීලා ජොලි කරලා එනවා ඉතින්.
    :lol::lol::lol::lol::lol::lol:

    අන්න කෙල්ලෝ... :)
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    අපෝ එකට මගේ එක කෑම අරහංද කොහෙද බං :angry:
    මං මැරෙන්න බඩගින්නේ මොනා හරි කමුද ඇහුවොත් එයාට කන්න බෑ ඔයා කන්නලු. ඉතින් කෙල්ල නොකා ඉද්දි ඒකිගේ ඉස්සරහ ඉඳගෙන මට කන්න පුලුවන්ද :no:

    මට පුළුවන්, කෑම වගේද බන් කෙල්ලෝ, කාලා ඉඳපන්... :lol::lol::lol:
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,919
    24,312
    113
    tracing Geo-location.. ... ...
    අවුරුදු තුනාමාරත් පැනලා , ගෙවල් වලින් සම්බන්දෙට අවසර දීලා තියෙද්දිත් කවදාවත් කෙල්ලව රූම් එකකට ඇදලා නෑ , බොක්ස් එක්කන් ගිහින් නෑ මම නම් කෙල්ලව.
    පදුරු ගානේ චාටර් කරලත් නෑ , ගස් යට ඌරූ මීයෝ වගේ පොලව හාරගෙන වාඩිවෙලා ප්‍රසිද්ධියේ කිස් කරලත් නෑ.
    ඒ අතින් අපි වගේ කොල්ලන්ට කෙල්ලො වදින්න ඕන මල් තියලා.


    same here.. තව අවරුදු 3ක් නම් නෑ.. එත් ගෙවල් වලින් permission තියනවා.. ඕනි වෙලාවක ඕනි දිහාක යන්න එනවා.. ගෙවල් වලින් සැක කරන්නේ වත් නෑ යන්න දෙනවා.. එත් මමත් තවම උබ වගේ තමයි ෆිල්ම් hall box එකකට වත් ගිහින් නෑ.. මම උබේ පොස්ට් එක දකින්න කලින් කල්පනා කලේ මෙහෙම ඉදල බැරි වෙයි ද කියලා.. එත් තව කොල්ලෝ ඉන්නවා නේද මම වගේ ම.. මටයි කෙල්ලටයි නැති හදිසියක් මගේ යාලුවොන්ට තියනවා.. රූම් පලයන් නැත්නම් කෙල්ල පිට යයි කිය කියා.. එත් ඉතින් කෙල්ලටයි මටයි ඕනි දේවල් දන්නේ මමයි කෙල්ලයි විතරයි නේ.. උබ වගේම මමත් කෙල්ල එක්ක දැනට ට්‍රිප්ස් ගිහින් තියනවා සැහෙන්න.. ඇවිදිනවා, කනවා බොනවා.. වරු ගණන් කතා කරනවා.. මෙහෙමත් ඉන්න පුළුවන් නේද බන්? තේරුම් අරන් ඉන්නවා නම් ඕනි දේ ඕනි කාලෙට කරන්න පුළුවන්..

    (පොඩි පොඩි දේවල් කරනවා දෙන්නම චාටර් නොවෙන්න.. එහෙම නැතුව බෑනේ..)
     
    Last edited: