සිත් ඇදගන්නා E-Money Article ලියන හැටි

Malinda LK

Member
Feb 16, 2017
52
88
0
සිත් ඇදගන්නා E-Money Article ලියන හැටි

articles.png

ලව් ලෙටර් නෙවෙයි

මම කියන්න හදන්නේ මම ලියාගෙන යන රෙෆ්ලා හදාගන්නේ කොහොමද කියන ලිපි පෙලේ දෙවන කොටසයි. ඒ කියන්නේ කෙනෙකුට කියවන්න ආසා වෙන විදියට ලිපියක් ලියන හැටි. ඔයාට කෙනෙක් කැමති කරවා ගන්න නම්, ඔයා එයාට වැදගත් කෙනෙක් වෙන්න ඕනි. නැත්නම් එයාට වැදගත් දෙයක් දෙන්න ඕනි. ඔයා ඔයාගේ ලින්ක් එකට ට්‍රැෆික් ගන්න ලිපිය පල කරන්නේ ඔයාගෙම බ්ලොග් එකක වෙන්න පුළුවන්. ෆේස්බුක් එකේ වෙන්න පුළුවන්. ෆෝරම් එකක වෙන්න පුළුවන්. මේ කොහේ ලිව්වත් ඒ සේරටම පොදු කරුණු සහ එකිනෙකට වෙනස් කරුණු ගොඩක් තියනවා සලකා බලන්න. ඉතින් මේ ලිපි ලිවිම ගැන ලියන ලිපියක් නිසා ගැන නිසා මම අදාළ කරගත්ත මාතෘකාවට අමතරව බ්ලොග් ලියන අයට, ඇෆිලියෙට් සහ කන්ටෙන්ට් මාකටින් කරන අයට, සහ යමක් පටන් ගන්න හිතන අයට වැදගත් වේවි.

AdSense කරන කෙනෙකුට තමන්ගේ ලිපි වලට එන විසිටර් කෙනෙක් නැවත නැවත ගෙන්වාගෙන Ad impressions වැඩි කරවාගන්න,
ඇමසන් ඇෆිලියේට් කරන කෙනෙකුට තමන් ඉදීරිපත් කරන ප්‍රොඩක්ට් එකක්ම මිලදීගන්න තරමට කෙනෙක්ව පොළබවාගන්න,
ඔන්ලයින් මාකටින් කරන කෙනෙකුට තමන්ගේ ලින්ක් එකක් යටතේ කාව හරි රෙජිස්ටර් වෙන්න තරම් විශ්වාසයක් ඇති කරවන්න,

මාතෘකාව, අන්තර්ගතය, නිවැරදිව ගලපාගත් සාරවත් ආටිකල් එකකින් සිදුකරන කාර්යය වෙන කිසිම දෙයකින් ඉටු කරගන්න බෑ. මොන තරම් ලස්සනට වෙබ් සයිට් එක හැදුවත් තීම් බැක්ග්‍රවුන්ඩ් දාලා, සල්ලි දීල Backlinks හදලා, SEO කරලා, නැහුනත් අන්තර්ගතය චොර නම් වැඩක් නෑනේ.

***
නිකන්ම නිකන් ආටිකල් එකක් ලියලා,
ඒකට කට්ටිය ගෙන්න ගන්න හතර අතේ ස්පෑම් කරනවට වඩා,
වෘත්තියම විදියට,

සැලසුම් සහගතව,
කල්පවත්නා විදියකට,
අරමුණක් ඇතුව,
ඔබට ආටිකල් ලියන්න උවමනා නම්, මේ ලිපිය කියවන්න.

***

හෙඩ්ලයින් එක

ලිපියකට අංක එකටම වැදගත් වෙන දේවල් දෙක තමයි Featured ඉමේජ් එක සහ ටයිටල් එක. එකෙනුත් ඔයා ලිපිය පල කරන තැන අනුව ඉස්සෙල්ලම කෙනෙකුට පේන්නේ කොයිකද බලන්න. බ්ලොග් පෝස්ට් එකක් දානවා නම් ඉස්සෙල්ලම ඇස යන්නේ රූපයට. ෆෝරම් එකක නම් ටයිටල් එකට නේද? Featured ඉමේජ් එක ගැන යටින් ලියන්නම්. අපි ගමු Headline එකකට උදාහරණ.

“ස්කෑම් Revshare එකක් නිවැරදිව හදුනා ගන්නේ කොහොමද?”

නැත්නම්,
“බඩ අඩු කර ගැනීමට නිවසේදීම කල හැකි ප්‍රතිකාර 05”

ටයිටල් එකක් ගැන කතා කරද්දී කියවෙන වැදගත් කොටස් තුනක් තියෙනවා. එකක් තමයි නිච් එක. නැත්නම් අරමුණ කියමුකෝ. ඒ කියන්නේ මේ ලිපිය ලියන්නේ මොකක් ගැනද කියලා සම්පුර්ණ අදහසක් ගන්න පුළුවන් වචනයක් හෝ දෙකක්. එකෙන් ටාගට් කරන්න ඕනි ඔයාගේ ඔඩියන්ස්ලා. මෙතන ටාගට් කරලා තියෙන්නේ රා බඩාලා සහ බඩීලා. නිච් එක තමයි බඩ අඩු කර ගැනීම. නැත්නම් හෙල්ත් නිච් එකක සබ නිච් එකක්. එකම ඔයාගේ කි වර්ඩ් එක වෙන තරමට පහසුයි.
අනික තමයි පවර් වර්ඩ්ස්

නිවසේදීම කල හැකි’ කිව්වම තවත් මොනවද අප්පා. ගොඩක් බඩ තියෙන කට්ටිය හොයන්නේ ගෙදර ඉදන් ලේසියෙන් මහන්සියක් නැතුව බඩ අඩු කරගන්න වැඩක්. එහෙම අයට මේ වගේ “නිවසේදීම කල හැකි” කිව්වම වදිනවා බඩට පොත්තටම. මාතෘකාවට හානියක් නොකර තවත් මේක ටාගටඩ් කරගන්න පුළුවන් “සරල” කියලා දැම්මොත්.
බඩ අඩු කර ගැනීමට නිවසේදීම කල හැකි සරල ප්‍රතිකාර 05”. එතනම ඇදිලා එන්න වර්ඩ්ස් දෙකයි.

ටයිටල් එක විදියට ප්‍රශ්නයක් අහන එකත් හොදයි

“දවසට කිලෝ 1 ගානේ බර අඩු කර ගමුද?”

කියලා ප්‍රශ්නයක් ඇහුවොත් ඔයා තඩියෙක් නෙවෙයි පුවක් ගහක් උනත් ගිහින් බලනවා. ඒකට හේතුව මනෝවිද්‍යාත්මකයි. මිනිස්සු ආසයි ප්‍රශ්න වලට අත දාන්න. අනුන්ගේ ප්‍රශ්නයක් උනත් හොට දාලා එකේ උත්තරේ දැනගන්න මනුස්සයින්ට තියෙන්නේ නොනිවෙන කුතුහලයක්. බොරුවක් උනත් ප්‍රශ්නයක් විදියට අහලා ඒකම මාතෘකාවක් කරගන්නත් පුළුවන්.

“මහින්දගේ ප්‍රජා අයිතිය අහෝසියි?”

මේ මාතෘකාව මම ලගදී බුකියේ දැක්කා. සරලයි. ගොසිප් වල බහුලව භාවිත කරන ටයිටල් මෙතඩ් එකක්. ගිහිල්ලා බැලුවම නම් අහෝසි කරන බවට කතාවක් යනව විතරලු. හැබැයි මිනිස්සු මාතෘකාවට ඇදිලා යනවා. තව දෙයක් තමයි වචන වලින් කියන්න පුළුවන් දෙයකට අංක භාවිත කිරීම. කිලෝ එකක්, නැත්නම් ප්‍රතිකාර පහක් වෙනුවට කිලෝ 1, ප්‍රතිකාර 05, කියලා දැම්මම ටයිට්ල් එකට වැඩි ආකර්ෂණයක් ඇතිවෙනවා.

මාතෘකාවේ දිග පළල

ගැරඩියා වගේ දිගට ටයිට්ල් ලියන්න එපා. කෙටි සහ සරල වන තරමට හොදයි. හැබැයි අදහස පැහැදිලි වෙන්න ඕනි. නිච් එක, ටාගට් එක, සහ Emotional & Power words වල භාවිත ආකාරය කියන මේ තුනම ගැලපුනාම නියම ටයිට්ල් එකක් එනවා.
සිංහලෙන් ලියන කෙනෙකුට වැඩක් නැති උනත් කඩ්ඩෙන් ලියන කෙනෙකුට මේ Headline Analyzer එක වැදගත් වෙයි. එකෙන් ඔයා ලියන headline එකේ value එක හොයාගන්න පුළුවන්.

ටයිට්ල් ඒකට පස්සේ?

අන්තර්ගතය ලියන්නත් විදියක් තියෙනවා.

සැලසුම් කරන්න

ඔයා කොච්චර හොද රයිටර් කෙනෙක් උනත්, ගිනි කසයා වගේ ලිව්වත්, ලිපියක කොච්චර කරුණු තිබුනත්, ලියන්නන් වාලේ ලිපියක් ලියලා වැඩක් නෑ. ඉස්සෙල්ලම හිතන්න ඔයා ලිපිය ලියන්නේ කාටද කියලා. ඒ කියන්නේ ටාගටඩ් ඕඩියන්ස්ලා කවුද කියලා අදුනගන්න. ඊට පස්සේ හිතන්න එයාලව කොහොමද මෝටිවෙට් කරන්නේ කියලා. ලිපියක මුල මැද අග යන තුන් පොලේම කියවන කෙනා පෙළබවිමට පත් කරන්න හැකියාව තිබිය යුතුයි. සරලව කිව්වොත් ඒ කියවන කෙනාට විශ්වාස ගන්වන්න ඕනි තමන්ට ඕනි දේ එතන තියෙනවා කියලා. නැතොත් මගින් හැරෙනවා නොවැ. මේක තමා ගොඩක් අයියලට තියෙන ප්‍රශ්නේ. අන්න ඒ නිසා ලිපිය ඉස්සෙල්ලා සැලසුම් කරන්න මුල මැද අග මෙහෙම විය යුතුයි කියලා.

  1. ලිපියේ මුලදී කියන්න ඔයා මොනවද, කාටද, දෙන්න හදන්නේ කියලා.
  2. මැදදී කියන්න මොනවද අන්තර්ගතය කියලා. සහ වාසී අවාසි, කරන හැටි.
  3. අගදී කියන්න ඔයාට අන්තිමටම ලැබෙන්නේ මොනවද කියලා.
සරලම ලිපියක අන්තර්ගතය සැලසුම් කරන පුළුවන් පියවරයන් උපරිමයට ලඝු කලාම ඔන්න ඔහොමයි එන්න ඕනි. හැබැයි ඔයා ලියන්නේ මොකක්ද කියන එක අනුව මේක වෙනස් කරගන්න මතක තියාගන්න.

මොනවද ඉතින් ලියන්නේ?

ලිපියක් ලියන්න ක්‍රම තුනක් මම පෙන්නලා දෙන්නම්.

  1. අලුත් දෙයක් ලියන්න.
  2. දන්නා දේම අලුත් විදියකට ලියන්න.
  3. කතන්දරයක් කියන්න

අලුත් දෙයක් ලියන්න

මේක තමයි ඔයාගේ මාකට් එකට ටාගටඩ් ඕඩියන්ස්ලා ගෙන්න ගන්න තියෙන ලෙහෙසිම පහසුම සහ කාර්යක්‍ෂම ක්‍රමය. ඔයා අලුත් දෙයක් දන්නවා නම් ඒක වටිනවා නම් ඔයා වටේ කට්ටිය පිරෙනවා.

දන්නා දේම අලුත් විදියකට ලියන්න

මොකක්ද ඒ හරුපේ? ඔයා දන්නා දේ මෙතන ඉන්න තවත් අය දන්නවා ඇති. දැන් මම ලියන හොද ආටිකල් එකක් ලියන්නේ කොහොමද කියන එක මටත් වඩා දන්නා අය මෙතන අනිවා ඇති. කලින් කියල දීලත් ඇති. ඒත් මම කියන විදියට කවුරුවත් කියලා නැතුව ඇති. අන්න එකයි මගේ රහස. කොන්ටන්ට් එක පරණයි. ආටිකල් එක අනන්‍යයි. ඔයාලා දන්නා පරණ ස්ටෝරි එකක්, නවකතාවක්, අලුතින් සිනමා තිරයට නැගුනොත් ඔයාලා නොබලා ඉන්නවද? කතාව දැනටමත් දන්නවා උනත් ඔයාලා බලනවා නේද? හේතුව ඉදීරිපත් කිරීමේ Uniqueness එක. දන්නා දේම උනත් අලුත් අනන්‍ය විදියකට.

ඉතින් ඔයාට දැන් අලුතින් ප්‍රොමෝට් කරන්න ඕනි අලුත් වෙබ්සයිට් එකක් ඇවිත්ද? කලින් කෙනෙක් ඒකට ආටිකල් එකක් ලියල බ්ලොග් එකක දාලද? එව්වා අදාළ නෑ. ඔයා ඔයාගේ විදියට වෘත්තියමව ඒක අලුතින් ලියන්න. කොපි නොකර තමන්ගේම කියලා uniqueness එකක් හදාගන්න කෙනාට තැනක් හෙමීට ඉබේට එනවා.

කතන්දරයක් කියන්න

මිනිස්සු හරිම ආසයි කාව හරි අනුගමනය කරන්න. තමන්ගේම උත්සාහයෙන් යමක් හොයාගෙන කරනවට වඩා යමක් කරලා සාර්ථක උන කෙනෙක්ගේ කතාව අහගෙන ඉදලා ඒ විදියටම කරලා ලේසියෙන් ගොඩ යන්නයි හැමෝම කැමති. මිනිස්සු ආසයි සාර්ථක වීම ගැන කතන්දර අහන්න. ඔයා කරපු දෙයක් හරි ගිය වැරදුනු තැන එක්ක පිළිවෙලට කතාවක් වගේ රස කරලා කියාගෙන යන්න (බොරු එපා ඉතින්). අන්තිමට ඔයා දිනන / ගොඩ යන හරියට එනකොට කියවන එක්කෙනා උපරිමයෙන් ප්‍රහර්ෂයට පත් වෙනවා. එයාලටත් එතනට යන්න ඕනි වෙනවා. අන්න එතකොටයි දෙන්න ඕනි ඔයාගේ ඔෆර් එක. මේක ඊළග පොස්ටුවෙන් දෙන්නම් කිව්වට හෝ, ලිපියේ වෙන තැනක හෝ තිබ්බට ඇත්තටම පලක් නෑ. මොකද මේ මෝටිවේෂන් එක මොළයේ ඇතිවන කෙටි කාලීන රසායන සංසිද්ධියක්. එකේ සැර බහින්න කලින් කරන වැඩක් කරගන්න.

උදාහරණ පෙන්නන්න

ඔයා අන්තර්ජාලයෙන් මුදල් උපයන හැටි කියලා ලිපි ලියනවා නම් උදාහරණ සහිතව පෙන්නන්නම වෙනවා. අද කාලේ නිකන්ම අන්තර්ජාලෙන් මුදල් උපයන්න කියලා කිව්වට රැවටෙන මිනිස්සු අඩුයි. ඒ කාලේ ගිහින්. ඔයාට ඇත්තටම ඔප්පු කරන්න ඕනි නම් දාන්න පේමන්ට් ප්රූෆ්. නිකන්ම නොදා විස්තර ඇතුව ලියන්න. මතක ඇතුව ඔයාගෙම ප්රූෆ් වල screenshot යොදාගන්න වෝටර් මාක් එකක් වත් දාගෙන. නැත්නම් ඔව්වත් හොරු උස්සනවා අප්පා.

කුතුහලය රදවාගන්න

මේක නම් අමුතුවෙන් කියන්න ඕනි දෙයක් නෙවෙයිනේ. ෆිල්ම් එකක ටෙලි නාට්‍යයක වගේ කුතුහලය රදවා ගන්න බෑ ලිපියකදී. ඉතිරි කොටස ලබන සතියේ කියලා බාගෙට ලිව්වොත් ආයේ එන එකකුත් නෑ කස්ටිය. ලිපියක ඒක යොදාගන්න යොදන්න වෙන්නේ වෙනස්ම විදියකට. කුතුහලය කියන්නේ අපිට කෙනෙක්ව ඇද බැද තබාගන්න වටිනා මෙවලමක්. ඔයාට පුළුවන් ඔයා ලියන වචනයක් වචනයක් පාසා ඉගි කරන්න තව ඉස්සරහට තව අලුත්, වැදගත් දෙයක් කියවන්න ලැබෙනවා වගේ. ඒ කියන්නේ එයාට තවත් අලුත් රසවත් දෙයක් හම්බ වෙන්න නියමිතයි කියලා. හිතන්නකෝ මෙහෙම. ඔයා ටිකක් දිගට විස්තර කරන්න ඕනි පරිච්ඡේදයක් ලියනවා. ඒක ටිකක් කියවන්න කම්මැලියි. එතැනදී ඔයාට කියන්න පුළුවන් මෙහෙම,

‘ඉන්නකෝ මම තවත් එකක් ඔයාට කියන්නම්’…..
‘මේකට වඩා හොද විදියකුත් තියෙනවා”……

අන්න එතකොට කියවන එක්කෙනා දන්නවා ඊලග කොටස තවත් රසවත් කියලා. එයා දිගටම ඉන්නවා කුතුහලය නිසා. මේ කිව්වේ මගේ උදාහරණ විතරයි. ඔයා නිර්මානශීලි වෙනවා නම් වචන ඔලුවට ඒවි.

Featured Image සහ පින්තුර යොදා ගන්න

අමුතුවෙන් කියන්න ඕනි නෑනේ. පින්තුර භාවිතයේ වටිනාකම ගොඩක් අය දන්නවා ඇති. ලියලා තියෙන දෙයකට වඩා පෙන්නලා තියෙන දෙයකට ඇස යනවා වැඩියි. මොකද රූපයක් දකිද්දී විස්තරයක් කියවනවට වඩා මොලය වෙහෙස වෙන්නේ අඩුවෙන්. ඒ නිසා ඉබේම පින්තුර වලට තමයි මොලය ඉස්සෙල්ලම යොමු වෙන්නේ. ඉතින් කියන්න ඕනිද Featured Image එකේ වැදගත්කම? සම්පුර්ණ ආටිකල් එක ගැන මුල් චිත්‍රය මවන්නේ Featured Image මගින්. ඒ නිසා ඒකට screenshot වගේ දේවල් යොදා ගන්න එපා. සරලව අදහස පැහැදිලි කරන, ඔයාගේ ලෝගෝ එක සහ අඩංගු වචන ප්‍රමාණය මුළු පින්තුරයෙන් 30% කට වඩා නොවැඩි (ඉතා වැදගත්), ඉක්මනින් ලෝඩ් වෙන, බර අඩු ඉමේජයක් තෝරා ගන්න. ඒ වගේම ඒ අදාළ ඉමේජ් එක ගන්න කලින් එක ඔයාගෙම නෙවෙයි නම් එකේ කොපි රයිට් ගැනත් සැලකිලිමත් වෙන්න. ඕනි රෙද්දකට හරියන සුපිරි ෆ්‍රී ඉමේජස් ඕනි නම් ගිහින් ගන්න pixabay.com එකෙන්. ඔයා screenshot උනත් ගහනවා නම් පරිස්සමෙන්. කාගේවත් අනන්‍යතාවන් ප්‍රසිද්ධියේ පෙන්වන්න එපා. මොකද හිතුමතේ අනුන්ගේ දේවල් වල screenshot ගහන එකෙනුත් ප්‍රශ්න එන්න පුළුවන් දවසක.

පැත්ත ගියත් ඇත්ත

සත්‍යවාදී වෙන්න. ඔයාට ලස්සනට ගොරකා දඩමස් කරන්න වගේම දඩමස් ගොරකා කරන්නත් පුළුවන් ඇති. ඒත් ඒක ඔයාගේ “වෘත්තියමය” Online Marketing අනාගතයට ඉතාමත් හානිකරයි. හිතන්නකෝ ඔයා අලුත් Revenue Sharing වෙබ්සයිට් එකක් ප්‍රොමෝට් කරන්න යනවා. ඒකට අදාලව සුපිරි ලිපියක් ලියනවා. (Revshare reviews හරියට ලියන හැටි මම මගේ බ්ලොග් එකක ලියනවා. එව්වා ටිකක් ඇඩ්වාන්ස් පාඩම් හරිය). හැබැයි ඉතින් සයිට් එක වැනුවට මදි. අඩුපාඩු, දුර්වලකම් සහ ගණනය කල අවදානම, කොච්චර කාලයක් වැඩ කරාවිද කියන එක ගැන ඔයාගේ සම්පුර්ණ විස්තරය අඩු නැතුව තියෙන්න ඕනි. ඔව් ගොඩක් අය ලියනවා මේක අවදානම් සහගතයි අරකයි මේකයි. ඒකත් කොලේ වහලා. ඉතින් පැත්ත ගියත් ඇත්ත කියලා ඔයා ඔයාගේ යටින් රෙජිස්ටර් වෙන හැම එකා ගැනම අවධානෙන් ඉන්න. නැත්නම් ඒ කෙනා කෙලවා ගත්තොත් නරක නාමේත් එන්නේ ඔයාටමයි. කෙටිකාලීනව එන කොමිස් එකට වඩා ඔයාගේ නම වැදගත් කියලා මතක තියාගන්න. ඉතින් ඒ වගේ රිවීව් ලියන ඒකත් වෙනම කලාවක් නිසා, ඒ ගැනත් ලියන්න කලින් කේස් ස්ටඩිස් කලොත් වටිනවා.

බස් වහර

ඔයා ආටිකල් එක ලියලා තියෙන බස් වහර, වචන භාවිතය ඉතාමත් වැදගත්. ඇත්තටම කොහොම ලියන ඒකද හොදම? ඉංග්‍රීසි නම් කොහොම ලිව්වත් එකයි. ඒත් සිංහලෙන් ලියනවා නම් ගොඩක් දෙනෙක් ලියන්නේ ලියන භාෂාවෙන්. ඒත් ගොඩක් ඔන්ලයින් කට්ටියට ලියන බස කියන්නේ නිකන් පාළි සංස්කෘත වගේ. කතා කරන බස් වහර ඊට වඩා ෆ්රෙන්ඩ්ලි. හැබැයි එහෙමයි කියල “මෙහෙ වරෙන් පලයන්” කියන්න එපා. කියවන කෙනාට පැහැදිලි වෙන්න ලියන බස සහ කියන බස දෙකම යොදාගෙන ලියන ලිපිය ඉතාම සාර්ථකයි.

ඊමේල් ලිස්ට් ඒකට එකතු වෙන්න ආරාධනා කරන්න

ඔය ලිපිය කියවන ඈයෝ ඉන්නවා නේද? එයාලට ඔයා වටිනා දෙයක් දීලා තියෙනවා නම් එයාලා දිගටම ඔයත් එක්ක රැදෙන්න සතුටු වෙයි. ඔයාගෙන් දෙයක් ඉගෙන ගන්න කැමති වෙයි. ඉතින් එයාලට එකටත් පහසුකම සලස්වන්න ඔයාගේ ඊමේල් ලිස්ට් ඒකට එකතු වෙන්න ආරාධනා කරන්න. ඔයාට කට්ටිය එකතු වෙනවා. එයාලටත් අලුත් දේවල් ක්ෂණිකව දැනගන්න ලැබෙනවා. දෙගොල්ලෝම දිනන WIn-Win වෑයමක්.

ප. ලි.
මේ ලිපියම මම තවත් තැන් කිහිපයක පල කරලා ඇති. මෙහෙම්මම තව කිහිප තැනක පළ කරන්න මම අදහස් කරනවා. ඒ වගේම ලැබෙන ප්‍රතිචාර අනුව ඉදිරි මග තීරණය කරනවා. ලිපිය මගේ. ඒත් කොපි රයිට් මොකවත් හොයන්නෙ නෑ. ඕනි කෙනෙක් කොපි කලාට කමක් නෑ. අඩුම මම කවුද කියලාවත් සඳහනක් කලොත් ඒකත් ඇති. ඒත් පුතේ කොපි කරලා මම කියන පාරේ යන්න බැරි බව විතරක් මතක තියාගන්න.
 
Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ඊමනි වලට නෙමේ තවත් දිවල් මේ විදිහට ලියනවා,මාර්කටින් කියලලුනේ කියන්නේ..:rofl:
     
    Malinda LK

    Member
    Feb 16, 2017
    52
    88
    0
    ඊමනි වලට නෙමේ තවත් දිවල් මේ විදිහට ලියනවා,මාර්කටින් කියලලුනේ කියන්නේ..:rofl:
    අනිවා. ගොසිප් අයියලට කියාපු විස්තරේ.
     
    Uaremylove

    Banned
    Feb 20, 2017
    65
    21
    0
    මෙන්න මුගේ ඇත්තම කථාව.. මට පෙන්නන්න බෑ උබ වගේ බොරු කාරයින්ව. තව ඉන්නවා මේකේ පඩ ශෝ දාන එවුන් කීප දෙනෙක්ම. උන්ටත් මම ශොට් එක දෙනවා උබට දෙන විදියටම. වැරදීමකින් වගේ මමත් මේකේ මුලින්ම Bump එකක් දැම්මා මුලින්ම.

    උබ මෙතන හැමෝගෙම හිත දිලා යන විදියට ලිපි දාලා අන්තිමට උබත් ට්‍රයි කරන්න හදන්නේ Revshare වලට Referral ටිකක් ගහගන්න පොටක් හදාගන්න බව තේරෙනවා. :angry:

    උබේ blog එක බැලුවම , උබ අනෙක් ලංකාවේ සිංහල ෆෝරම් වල register වෙලා තියන දවසත් එක්ක බැලුවාම උබ නිකන් එක පාරටම උඩින් පාත් වුන එකෙක් බව හොදටම පැහැදිලියි මම පහල දාන උබේම දේවල් වලින්.:angry:

    ඒ හැම එකකින්ම උබ කොරලා තියෙන්නේ උබටම කියලා referral ටිකක් හදාගන්න උන්ගේ හිත දිනාගෙන කොරන්න හදපු දේවල් මිසක් ඇත්තට උබ කොරපු දෙයක් නැති බව. :angry::angry:

    අනික මේ එලකිරි එකේ ඉන්නවා මරු ඩයල් ටිකක්. උන් තමයි වලට කැමති නැති එවුන්මේ ටිකක්. අනික උන් කැමති නෑ අනිඔත් එවුන් හම්බ කරගන්නවා බලන්න. ඉතින් උන් තමයි උබ වගේ බොරු දාලා පොර වෙන්න හදන එකෙක්ගේ පෝස්ට් එකට මුලින්ම Rep කියලා දීලා උස්සලා දෙන්නේ. මොකද උබලා වගේ අනිත් එවුන් ඔක්කොම බොරු කරන්නේ කියලා අපිට දැනෙන්න දෙන එවුන්ට හොද ගමනක් මේකේ යන්න පුලුවන්.:angry:

    උබ කරන්නේ fiverr web designing නේ. තව Revshare කරලා ලොකු ගනන් වලින් හොයනවානේ. හිටහන් මම පහල මේ ඔක්කොම දානවා. :angryr

    Jay Neymar ගෙත් නම විකුනලා නේද උබේ සයිට් එකේ. හිටහන් උගෙන් මම අහන්නම් උබ කවුද කියලාත්. :frown:

    උබලා වගේ බොරු talks දීලා අනිත් එවුන්ගේ හිත දිනාගෙන උබලාව promote කරගන්න එවුන්ට තමා බන් අද ලංකාවේ තැනක් තියෙන්නේ.:angry::angry:

    මේ තියෙන්නේ උබේ සයිට් එක. උබේ Revshare / TTI මාර්කට් කරගන්න හදපු.:angry:
    කීයද බන් මේකේ visitors count එක ??. ඊයේ පෙරේදා නේ හැදුවේ අහසින් පාත් වුනා වගේ.:angry::angry:

    4.png

    visitors 79i.:baffled:

    https://malindalk.wordpress.com/about/

    උබ HNDT ( agriculture) කරපු පොරක් නේ? හිටහන් මම ඒකත් හොයලා බලලා කියන්නම්. උබේ බැච් එක විතරක් කියහන්. ඉතිරි ක හොයාගන්න පුලුවන් මට.:angry:

    උබ එලකිරි එකේ වෙනවා ගිය feb 16 වෙනිදා. ඊලගට බලහන් පහල ඒවත් පොඩ්ඩක්. :P

    ඊලගට උබ Kuppiye register වෙනවා ගිය feb 16 වෙනිදා. එතනත් උබ උබේ මේ පෝස්ට් market කරන්න Full Try එක දෙනවා.. :angry::angry:

    image.png

    ඊලගට උබ Geek එකේ register වෙනවා feb 16 වෙනිදා. ඒ කියන්නේ එදාමයි. එතනත් උබ උබේ මේ පෝස්ට් market කරන්න Full Try එක දෙනවා.. :angry::angry:

    image.png

    උබ Internet එකට ඉස්සෙල්ලම ආවේ Feb 16ද බන්???:oo::oo::oo:

    ඊලගට තමයි ආතල්ම එක. උබ මෙතන හැමෝගෙම හිත දිනාගෙන Revshare එකට ගොඩ දාගන්න හදන එක එලි වෙන තැන. උබ ට්‍රයි කලේ උබේ මෙතන දාලා, උබ දන්නවා කියලා අගවලා මෙතන ඉන්න අහිංසක එවුන්ගේ තුට්ටු දෙකට විදින්න නේද විරාජ් පතිරණයෝ???

    මේ තියෙන්නේ මූ හොදට watermark එහෙම දාලා සුපිරියට edit කරපු එකක්.

    දැක්කම ආස හිතෙනවා නේද.

    image.png

    අනිවාර්යෙන්ම මූටත් ඕන කරන්නේ ඒ ටිකම තමයි. මූ කරන්නේ තව ටික දවසක් මෙහෙම පෝස්ට් දාලා එක එකාගේ වැරදි කියලා කට්ටිය මුගේ වටේටම එකතු කරගන්න එක. මොකද එතකොට තමයි මූට හොද Referal ලා set එකක් මේ එලකිරි එකෙනුත් හදාගන්න පුලුවන් වෙන්නේ. ඒක කරන්න හදන මුල් පියවරවල් විදියට තමයි මූ මෙහෙම ත්‍රෙඩ් දාන්නේ ලංකාවේ හැම එකකම වගේ එක පාරට Register වෙලා.

    හිතලා බලහන් පොඩ්ඩක්. මූ මෙච්චර කල් Internet එකේ ඉදලා නැද්ද මේ එක පාරටම Forum වල register වෙන්නේ? ඒකත් feb මාසෙම. හරියට දැන් ලංකාවට ආපු එකෙක් වගේ. :oo:

    ඊලගට මූ එහෙම හිටියේ නැහැ කියහන්කෝ. එතකොට මූ මුගේ website එකවත් පටන් අරන් තියෙන්නේ මේ ඊයේ පෙරේදා. එතකොට මූ කොහොමද මෙච්චර ලොකු ගානක් හොයන්නේ කියලා. තනිකර බොරුවනේ බන්.:angry::angry:

    මුන් වගේ එවුන් කරන්නේම මේ අගේ වැඩ තමයි. අනිත් එවුන්ව ගොනාට අන්දලා මුන්ගේ මඩිය තර කරගන්න මුන් වගේ හොරු හරිම දක්ශයි. මේ profile pic එකත් මුගේ එක නෙවෙයි. මූ කොහෙන් හරි උස්සපු එකක්. :angry::angry:

    අවසාන වශයෙන් දෙයක් කියන්නම් අයියේ උබට. උබලා වගේ හොරු හොදට අදුනන එවුන් මේකේ ඉන්නවා කියන එක මතක තියන් පරිස්සමින් වැඩ කරහන්.:angry:

    උබ වහෙන් ඔරෝ ඇවිත් RevShare මාර්කට් නොකරොත් මේ එලකිරි එකේ මම මගේ කන කපා ගන්නවා. ඒක සහතිකයි.
    :lol::lol:
     
    මෙන්න මෙතන උබේ සේරටම උත්තර දීල ඇති. මගේ පෝස්ට් එකක් පෝස්ට් එකක් ගානේ ෆලෝ කරල මේ ටික කියන්නේ මචන් මොන විදියකින් හරි උබට සැහෙන්න රිදිලා. lOl

    http://www.elakiri.com/forum/showthread.php?t=1785630&page=7
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink

    ඔයා මොකෝ නාහෙන් අඬ අඬ පැය ගනන් දඟලලා එයාගේ විස්තර හොයන්නෙ?
    ගෙදර වෙන වැඩ නැද්ද? එහෙමත් නැත්තම් මෙයා ඔයාගෙ අක්කව හරි නංගිව හරි අනාථ කරලා පැනලා ගිහින්ද? :rofl::rofl:
    එහෙම නැත්තම් ඔයාට මල්ලි බබෙක් දීලා මාරු වෙලාද? :rofl: