හරි ඊයේ NASA හෙළිදරව් කරන ලද මෑත ඉතිහාසයේ සුවිශේෂීතම "ඩීප් ස්පේස් ඩිස්කවරීස්" දැන් පැහැදිලි කිරීමේ වාරය.....
ග්‍රහ ලෝකයට "හැබිටබල් සෝන්" හෙවත් "ගෝලිඩිලොක්ස් සෝන්" හෙවත් "Circumstellar Habitable Zone" ගණනය කරන්නෙ කොහොමද?....
තාරකාවක දෘෂ්‍ය දීප්තිය සහ දෘෂ්‍ය දීප්ති පරාසය ( Visible Magnitude ) කියන එක තමයි අපි නිරීක්ෂණයන් ඔස්සේ පළමුව ගෝචර කර ගන්නා කියැවීම.....එම කියැවීමෙන් අප ව්‍යුත්පන්න කරගන්නා දෙය වනුයේ එම තාරකාව විමෝචනය කරන දෘෂ්‍ය ශක්ති ප්‍රමාණයයි.....
දැන් මේ දත්ත යොදාගෙන ( දත්ත කියන්නේ ඒවා වසර ගණනාවක් තිස්සේ කියැවීම් මිලියන ගණනක් ලෙස ලබාගන්නා නිසා ), අපි එම තාරකාවේ සත්‍ය දීප්තතාවය ( Absolute Magnitude ) සහ එමගින් විමෝචනය කරනු ලබන සත්‍ය ශක්ති පරිමාව පහත ආකාරයට ගණනය කරනවා....
මීළඟට අපි ඒ ලැබෙන අගයෙන් එම තරුවේ Bolometric Magnitude එක ගණනය කරනවා....
ඒ කියන්නෙ මේකයි....
අපි මෙතෙක් කරන ලද ශක්ති ගණනය කිරීම් වලට අදාළ කරගත්තු දත්ත යම් තරුවක "දෘෂ්‍ය වර්ණාවලියේ සංඛ්‍යාත පරාසය තුළ" සම්ප්‍රේෂණය කරනු ලබන දීප්ත තාවයේ ශක්තිය.... ( ඒකනෙ ඉතින් දුරේක්ෂයකට ගෝචර ) .. දැන් අපි එම අගයෙන්, එකී තරුව සියළුම සංඛ්‍යාත පරාසයන් වල, සියළු ආකාරයෙන් විමෝචනය කරනු ලබන ආලෝකය සහ සම්ප්‍රේෂණය කරනු ලබන ශක්තිය සොයා ගන්න යන්නෙ.... ඒක මෙහෙම,
M ( bolometric ) = MV ( Visible Magnitude ) + BC ( Bolometric correction constant )
මේ බොලෝමෙට්රික් නියතයට අදාළ වගුවක් තිබෙනවා....
එයින් ගැළපෙන පරිදි අදාළ ආලෝක විමෝචනය අයත් වන ඛාණ්ඩය අනුව ඔබට නියත අගය ලබාගන්න පුලුවන් ...
මීළඟට අපි කරන්නේ අපේ තරුවට හෙවත් හිරුට සාපේක්ෂව, අදාළ තාරකාවේ දීප්තතාවය මණින එක....අපේ හිරුගේ දීප්ත තාවය පිළිබඳව වඩා විශ්ලේෂණාත්මක දත්ත සහ තොරතුරු අපි සතුව තිබෙනවා.... ඒ නිසා ඒ තොරතුරු සමග ගොඩ නගන ගණිතමය සම්බන්ධයකින් තමයි අපි ඒ අනෙක් තාරකාවෝ ගැන නිරවද්යයට ආසන්න තොරතුරු උපකල්පනය කර ගන්නෙ....
මෙතන -2.5 කියන්නෙ තාරකා අතර දීප්තතාවයේ සබඳතා නියතය....මේකට තමයි "පොග්සන් රේෂියෝ" කියන්නෙ.... මේක ව්‍යුත්පන්න කලේ නෝමන් පොග්සන් කියන ඉංග්‍රීසි ජාතික විද්වතා....
මීළඟට අපට පුළුවන් මේ අගයන් යොදාගෙන අදාළ තරුවේ "හැබිටබල් සෝන්" එක හෙවත් "ගෝල්ඩිලොක්ස් පරාසයේ" අභ්‍යන්තර සීමාවේ අරය ( අදාළ තරුවේ සිට අඳිනු ලබන වෘත්තයක ගෝල්ඩිලොක්ස් සෝන් එක ආරම්භ වන අරය හෙවත් තරුවේ සිට එම ආරම්භයට ඇති දුර ) සහ බාහිර සීමා අරය ( එම ගෝල්ඩිලොක්ස් පරාසය අවසන් වන අරය - තරුවේ සිට එම අවසනයට ඇති දුර ) මනින්න... ඒක කරන්නෙ ගණනය කිරීම් දෙකක් හැටියට.....
මෙහිදී 1.1 සහ 0.53 කියන්නෙ තාරකාවක ගෝල්ඩිලොක්ස් පරාසයේ අභ්‍යන්තර ශක්ති විමෝචනය සහ බාහිර ශක්ති විමෝචනය සමග බැඳුණු නියති දෙකක්....
දැන් ඔන්න ගණන හරි....
එතකොට අපි යම්කිසි නව තාරකාවක් දුරේක්ෂ මගින් සොයා ගත්තාට පසුව, එම තාරකාව පිළිබඳව මේ වගේ ගණනය කිරීමක් කරලා, එම තාරකාවේ සිට අන්න ඒ පරාසයට එන ප්‍රදේශය නිරීක්ෂණයෙන් තමයි මේ ජීවය පවත්වා ගැනීමට සුදුසු ග්‍රහලෝක සොයාගන්නෙ......
මෙම සුවිශේෂී පරාසයට ගෝල්ඩිලොක්ස් පරාසය කියන නම වැටුණෙ කොහොමද?
.....ඒකත් ලස්සන කථාවක්....
ඔබ දන්නවනෙ "ගෝල්ඩිලොක්ස්" කියලා රත්‍රං පාට කෙස් කැරළි සහිත පුංචි ගෑණු ළමයෙක් වළස්සු තිදෙනෙක් සිටින නිවසකට ගියපු කථාව....?.....පුංචි කාලෙදි අහල ඇතිනෙ......අන්න ඒ කථාවෙ ඒ පුංචි ගෑණු ළමයා වලස් නිවසේදී -
අන්න ඒ වගේ යම් කිසි තාරකාවකින් සම්ප්‍රේෂණය වන ආලෝකයේ තීව්‍රතාවය, ඝණත්වය සහ ශක්තිය "ජීවය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය ( මෙහිදී ජීවය කියන්නෙ අප මේ ග්‍රහ ලෝකයේ මට්ටමෙන් දන්නා ජීවය සහ එය පවත්වා ගැනීම අත්‍යවශ්‍යතා ) අත්‍යවශ්‍යතා හටගැනීමට සඳහා අතිශය සුදුසු හෙවත් හරියටම හරියන ආකාරයට ලැබෙන දුර ප්‍රමාණයට" අපි කියනවා එම තරුවේ "ගෝල්ඩිලොක්ස් සෝන්" කියලා.....මෙන්න මේක හඳුන්වන නම තමයි "ගෝල්ඩිලොක්ස් එනිග්මා" කියන්නෙ.....
( මා තාරකා විද්‍යාව පිළිබඳව විධිමත් හැදෑරීමක් ආරම්භ කිරීමට පෙර මෙම මෙවැනි සංකල්පයක් ඇති බව අසන ලද්දේ Ritigala Jayasena ගෙනි.... රිටිගල, එදා මෙලෝ දෙයක් නොදැන නලින් වාදීන් ව සිටි අපෙන් රැවුම්, ගෙරවුම් ලබමින් ඔබ සිංහල බුකි අවකාශයේ දල්වන ලද ගිණිමැළයෙන් ගත් ගිණි පුපුරු වලින් අවුලා ගත් ගිනි පන්දම ඇතිව මම අධ්‍යයනයේ බොහෝ දුරක් දුවමින් සිටින බව ඔබට ශීර්ෂ ප්‍රණාමයෙන් යුතුව දන්වනු කැමැත්තෙමි....ලාංකික බුකියේ අඳුරට එළිය දැල්වූ පුරෝගාමියා වන්නේ ඔබ බවට කිසිදු විවාදයක් නැත..... )
දැන් අපි එමු මොකක්ද මේ "Tidal Locking" කියන්නෙ....?......ඇයි මේ අලුතින් සොයාගත් ග්‍රහ ලෝක ඔවුන්ගේ හිරුට එක මුහුණතක් පමණක් පෙන්වන්නෙ......?.... ඇයි ඒවායේ එක් පසක් පමණක් සදාතනික ආලෝකයේ පවතිද්දි, අනෙක් පස සදාතනික අඳුරක පවතින්නෙ....?....
යම් වස්තුවක්, වඩා විශාල ස්කන්ධයකින් යුත් තවත් වස්තුවක ගුරුත්ව ක්ෂේත්රයේ, චක්‍රීය පරාවක්රයක, අධික වේගයකින් සිය අක්ෂය වටා භ්‍රමණය වෙමින්, අර වස්තුව වටා චක්‍රීය පරාවක්රයට පරිභ්රමණයක පවතින විට,
- ඒවායේ ගුරුත්ව ක්ෂේත්රයන් එකිනෙක අතිපිහිත වන ස්ථානයේදී, ඒ දෙකේම කක්ෂීය සමබරතාව තුලනය කර ගැනීමට සමාන දිශානතියක් ගන්නා කේන්ද්‍රාපසාරී බලයන්ද
- ඒ බලයන්ට අනුරූපී ඝූර්ණයන්ද
- එම ඝූර්ණයන් පවත්වා ගැනීමට අවශ්‍ය ස්කන්ධයන්ද සැකසෙනවා....
ඒ නිසා එහි ඇති කුඩා වස්තුව,
මේ නිසා එය අනෙක් වස්තුවට හැම විටම පෙන්වන්නේ එහි එක් මුහුණතක් පමණයි.....දැන් මේ අලුත් ග්‍රහලෝක සිය අක්ෂය වටා භ්‍රමණය වන්නේ නැතැයි බොහෝ දෙනා සිතා සිටිනවා.... ඒක වැරදියි....!....මේ ග්‍රහලෝක සිය අක්ෂය වටා භ්‍රමණය වෙනවා.... නමුත් ඔවුන් තම හිරු වටා හෙවත් TRAPPIST-1 තාරකාව වටා පරිභ්‍රමණය වන්නට ගත කරන්නෙ ඒ හා සමාන කාළයක්..... අන්න ඒකයි ඔවුන් හැමවිටම එම තාරකාවට එකම මුහුණත පෙන්වීමේ රහස.....නැත්නම් භ්‍රමණයෙන් තොරව විශ්ව වස්තුවක් අක්ෂයෙහි පවත්ව ගන්න අමාරුයි....මොකද භ්‍රමණයේදී අදාළ වස්තුව මත ක්‍රියාත්මක බල ක්ෂේත්රයන්ම තමයි, එය කක්ෂ චලිතයේ පරාවක්‍රයේ පවතින්න අවශ්‍ය ප්‍රවේගය සකස් කර දෙන්නෙත්.....
මේ තත්වයන්ට අප දැනට දන්නා තහවුරු කරන ලද උදාහරණ තමයි : අපේම චන්ද්‍රයා, එතකොට ප්ලූටෝ ග්‍රහයා සතු "ෂැරොන් " නම් ක්ෂුද්‍ර චන්ද්‍රයා සහ ග්ලීස් - 581 නම් තාරකාව වටා ඇති ග්‍රහලෝක.....
මේ නව සොයාගැනීමේ දත්ත මීළඟ thread එකේ දෙන්නම්..... නැත්නම් මේක දිග වැඩි වෙලා කට්ටිය කියවන එකක් නෑ......

ග්‍රහ ලෝකයට "හැබිටබල් සෝන්" හෙවත් "ගෝලිඩිලොක්ස් සෝන්" හෙවත් "Circumstellar Habitable Zone" ගණනය කරන්නෙ කොහොමද?....
තාරකාවක දෘෂ්‍ය දීප්තිය සහ දෘෂ්‍ය දීප්ති පරාසය ( Visible Magnitude ) කියන එක තමයි අපි නිරීක්ෂණයන් ඔස්සේ පළමුව ගෝචර කර ගන්නා කියැවීම.....එම කියැවීමෙන් අප ව්‍යුත්පන්න කරගන්නා දෙය වනුයේ එම තාරකාව විමෝචනය කරන දෘෂ්‍ය ශක්ති ප්‍රමාණයයි.....
දැන් මේ දත්ත යොදාගෙන ( දත්ත කියන්නේ ඒවා වසර ගණනාවක් තිස්සේ කියැවීම් මිලියන ගණනක් ලෙස ලබාගන්නා නිසා ), අපි එම තාරකාවේ සත්‍ය දීප්තතාවය ( Absolute Magnitude ) සහ එමගින් විමෝචනය කරනු ලබන සත්‍ය ශක්ති පරිමාව පහත ආකාරයට ගණනය කරනවා....
Mv = mv - 5 log( d/10 )
Mv = Absolute Magnitude of a Star
mv = apparent magnitude of a star
d = spatial distance between the star in concern and Earth
Mv = Absolute Magnitude of a Star
mv = apparent magnitude of a star
d = spatial distance between the star in concern and Earth
මීළඟට අපි ඒ ලැබෙන අගයෙන් එම තරුවේ Bolometric Magnitude එක ගණනය කරනවා....
ඒ කියන්නෙ මේකයි....
අපි මෙතෙක් කරන ලද ශක්ති ගණනය කිරීම් වලට අදාළ කරගත්තු දත්ත යම් තරුවක "දෘෂ්‍ය වර්ණාවලියේ සංඛ්‍යාත පරාසය තුළ" සම්ප්‍රේෂණය කරනු ලබන දීප්ත තාවයේ ශක්තිය.... ( ඒකනෙ ඉතින් දුරේක්ෂයකට ගෝචර ) .. දැන් අපි එම අගයෙන්, එකී තරුව සියළුම සංඛ්‍යාත පරාසයන් වල, සියළු ආකාරයෙන් විමෝචනය කරනු ලබන ආලෝකය සහ සම්ප්‍රේෂණය කරනු ලබන ශක්තිය සොයා ගන්න යන්නෙ.... ඒක මෙහෙම,M ( bolometric ) = MV ( Visible Magnitude ) + BC ( Bolometric correction constant )
මේ බොලෝමෙට්රික් නියතයට අදාළ වගුවක් තිබෙනවා....
එයින් ගැළපෙන පරිදි අදාළ ආලෝක විමෝචනය අයත් වන ඛාණ්ඩය අනුව ඔබට නියත අගය ලබාගන්න පුලුවන් ...
මීළඟට අපි කරන්නේ අපේ තරුවට හෙවත් හිරුට සාපේක්ෂව, අදාළ තාරකාවේ දීප්තතාවය මණින එක....අපේ හිරුගේ දීප්ත තාවය පිළිබඳව වඩා විශ්ලේෂණාත්මක දත්ත සහ තොරතුරු අපි සතුව තිබෙනවා.... ඒ නිසා ඒ තොරතුරු සමග ගොඩ නගන ගණිතමය සම්බන්ධයකින් තමයි අපි ඒ අනෙක් තාරකාවෝ ගැන නිරවද්යයට ආසන්න තොරතුරු උපකල්පනය කර ගන්නෙ....
L ( Observable Star ) / L ( Sol 1 / Sun ) = 10 ^ [ M bolometric Magnitude of Observed star - M Bolometric Magnitude of the Sun / - 2.5 ]
මෙතන -2.5 කියන්නෙ තාරකා අතර දීප්තතාවයේ සබඳතා නියතය....මේකට තමයි "පොග්සන් රේෂියෝ" කියන්නෙ.... මේක ව්‍යුත්පන්න කලේ නෝමන් පොග්සන් කියන ඉංග්‍රීසි ජාතික විද්වතා....
මීළඟට අපට පුළුවන් මේ අගයන් යොදාගෙන අදාළ තරුවේ "හැබිටබල් සෝන්" එක හෙවත් "ගෝල්ඩිලොක්ස් පරාසයේ" අභ්‍යන්තර සීමාවේ අරය ( අදාළ තරුවේ සිට අඳිනු ලබන වෘත්තයක ගෝල්ඩිලොක්ස් සෝන් එක ආරම්භ වන අරය හෙවත් තරුවේ සිට එම ආරම්භයට ඇති දුර ) සහ බාහිර සීමා අරය ( එම ගෝල්ඩිලොක්ස් පරාසය අවසන් වන අරය - තරුවේ සිට එම අවසනයට ඇති දුර ) මනින්න... ඒක කරන්නෙ ගණනය කිරීම් දෙකක් හැටියට.....
r ( inner ) = √ Lstar observed / 1.1
r ( outer) = √ Lstar observed/ 0.53
r ( outer) = √ Lstar observed/ 0.53
මෙහිදී 1.1 සහ 0.53 කියන්නෙ තාරකාවක ගෝල්ඩිලොක්ස් පරාසයේ අභ්‍යන්තර ශක්ති විමෝචනය සහ බාහිර ශක්ති විමෝචනය සමග බැඳුණු නියති දෙකක්....
දැන් ඔන්න ගණන හරි....
එතකොට අපි යම්කිසි නව තාරකාවක් දුරේක්ෂ මගින් සොයා ගත්තාට පසුව, එම තාරකාව පිළිබඳව මේ වගේ ගණනය කිරීමක් කරලා, එම තාරකාවේ සිට අන්න ඒ පරාසයට එන ප්‍රදේශය නිරීක්ෂණයෙන් තමයි මේ ජීවය පවත්වා ගැනීමට සුදුසු ග්‍රහලෝක සොයාගන්නෙ......
මෙම සුවිශේෂී පරාසයට ගෝල්ඩිලොක්ස් පරාසය කියන නම වැටුණෙ කොහොමද?
.....ඒකත් ලස්සන කථාවක්....
ඔබ දන්නවනෙ "ගෝල්ඩිලොක්ස්" කියලා රත්‍රං පාට කෙස් කැරළි සහිත පුංචි ගෑණු ළමයෙක් වළස්සු තිදෙනෙක් සිටින නිවසකට ගියපු කථාව....?.....පුංචි කාලෙදි අහල ඇතිනෙ......අන්න ඒ කථාවෙ ඒ පුංචි ගෑණු ළමයා වලස් නිවසේදී -
- තමන්ට හරියටම හරියන සයිස් එකේ පුටුව හොයාගෙන ඉඳගත්තා
- තමන්ට හරියටම හරියන සයිස් එකේ පිඟානකින්
- තමන්ට හරියටම හරියන සයිස් එකේ හැන්දකින් සුප් බිව්වා
- ඊට පස්සෙ තමන්ට හරියටම හරියන ඇඳක නිදාගත්තා....
- තමන්ට හරියටම හරියන සයිස් එකේ පිඟානකින්
- තමන්ට හරියටම හරියන සයිස් එකේ හැන්දකින් සුප් බිව්වා
- ඊට පස්සෙ තමන්ට හරියටම හරියන ඇඳක නිදාගත්තා....

අන්න ඒ වගේ යම් කිසි තාරකාවකින් සම්ප්‍රේෂණය වන ආලෝකයේ තීව්‍රතාවය, ඝණත්වය සහ ශක්තිය "ජීවය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය ( මෙහිදී ජීවය කියන්නෙ අප මේ ග්‍රහ ලෝකයේ මට්ටමෙන් දන්නා ජීවය සහ එය පවත්වා ගැනීම අත්‍යවශ්‍යතා ) අත්‍යවශ්‍යතා හටගැනීමට සඳහා අතිශය සුදුසු හෙවත් හරියටම හරියන ආකාරයට ලැබෙන දුර ප්‍රමාණයට" අපි කියනවා එම තරුවේ "ගෝල්ඩිලොක්ස් සෝන්" කියලා.....මෙන්න මේක හඳුන්වන නම තමයි "ගෝල්ඩිලොක්ස් එනිග්මා" කියන්නෙ.....
( මා තාරකා විද්‍යාව පිළිබඳව විධිමත් හැදෑරීමක් ආරම්භ කිරීමට පෙර මෙම මෙවැනි සංකල්පයක් ඇති බව අසන ලද්දේ Ritigala Jayasena ගෙනි.... රිටිගල, එදා මෙලෝ දෙයක් නොදැන නලින් වාදීන් ව සිටි අපෙන් රැවුම්, ගෙරවුම් ලබමින් ඔබ සිංහල බුකි අවකාශයේ දල්වන ලද ගිණිමැළයෙන් ගත් ගිණි පුපුරු වලින් අවුලා ගත් ගිනි පන්දම ඇතිව මම අධ්‍යයනයේ බොහෝ දුරක් දුවමින් සිටින බව ඔබට ශීර්ෂ ප්‍රණාමයෙන් යුතුව දන්වනු කැමැත්තෙමි....ලාංකික බුකියේ අඳුරට එළිය දැල්වූ පුරෝගාමියා වන්නේ ඔබ බවට කිසිදු විවාදයක් නැත..... )
දැන් අපි එමු මොකක්ද මේ "Tidal Locking" කියන්නෙ....?......ඇයි මේ අලුතින් සොයාගත් ග්‍රහ ලෝක ඔවුන්ගේ හිරුට එක මුහුණතක් පමණක් පෙන්වන්නෙ......?.... ඇයි ඒවායේ එක් පසක් පමණක් සදාතනික ආලෝකයේ පවතිද්දි, අනෙක් පස සදාතනික අඳුරක පවතින්නෙ....?....
යම් වස්තුවක්, වඩා විශාල ස්කන්ධයකින් යුත් තවත් වස්තුවක ගුරුත්ව ක්ෂේත්රයේ, චක්‍රීය පරාවක්රයක, අධික වේගයකින් සිය අක්ෂය වටා භ්‍රමණය වෙමින්, අර වස්තුව වටා චක්‍රීය පරාවක්රයට පරිභ්රමණයක පවතින විට,
- ඒවායේ ගුරුත්ව ක්ෂේත්රයන් එකිනෙක අතිපිහිත වන ස්ථානයේදී, ඒ දෙකේම කක්ෂීය සමබරතාව තුලනය කර ගැනීමට සමාන දිශානතියක් ගන්නා කේන්ද්‍රාපසාරී බලයන්ද
- ඒ බලයන්ට අනුරූපී ඝූර්ණයන්ද
- එම ඝූර්ණයන් පවත්වා ගැනීමට අවශ්‍ය ස්කන්ධයන්ද සැකසෙනවා....
ඒ නිසා එහි ඇති කුඩා වස්තුව,
ඒ විශාල වස්තුව වටා ඇති කක්ෂයක පරිභ්‍රමණය වන්නට ගතවන කාළය = එම වස්තුව එහිම අක්ෂය වටා භ්‍රමණය වන්නට ගතවන කාළය ....

සලකන් යමන්!

+