සෝතාපන්න වීම යනු කුමක්ද?
බෞද්ධ සමාජයේ තුල වර්තමාණයේ එකිනෙකා විවේචනය කරන ආකාරයක් පෙනී යන අතර එක් එක් අය තම තම සුඛ විහරණය උදෙසා විකෘති කල අත්තනෝමතික දේශණා බුදු බණ ලෙස හුවා දක්වන බවක් පෙනී යයි. නමුත් සාමන්ය සමාජයේ උපන් බෞද්ධ පෘතක්ජන කිසිවෙකුත් හරි බුදු දහම කුමක්ද යන්න නොදනී. ඔවුන් බුදු දහම ලෙස සිතන්නේ මල් පූජා කිරීම, දෙවියන්ට පින් දීම, පන්සිල් ගැනීම වගේ සරල දේවල් කිහිපයක්. අද වනවිට ඒ කුඩා කුඩා දේවල් පවා ගිලිහී ගොස් ඇති බවක් පෙනේ. කොළඹ ප්රදේශයේ අද වනවිට බොහෝ පන්සල් හිස් වී ගොස් ඇත. පිට පලාත් වල පවා පන්සල් යන පිරිසේ අති විශාල අඩුවක් පෙනෙයි.
එවක වෙසක් උත්සවය ඉතාමත් මනරම් ලෙස සැමරූ අපට, අද වනවිට වෙසක් බලනවා කියා ගෙදරින් පිටව ගියත් බලන්නට දෙයක් නොමැති තරම් තත්වයක් උදාවී තිබේ. අද වෙසක් කූඩු, කැරකෙන කූඩු, තොරණ් හදන්නේ ඉතා සුලු පිරිසක් පමණි. හදන පිරිසත් පරණ පරම්පරාවේ උදවිය බව පෙනී යයි. මෙයින් පෙනී යන්නේ බෞද්ධ ප්රතිපත්ති කෙසේ වෙතත් ආමිස පූජාව පවා සම්පූර්ණයෙන්ම වගේ නැති වී යන බවක්.
මීට හේතු විය හැක්කේ කුමක්ද? මා දකින ආකාරයට මීට හේතුව බුද්ධ දර්ශනය කිසි හරයක් නොමැති දුක් විඳින අය ගැන කියවෙන දහමක් බව බොහෝ දෙනාගේ පවතින මතය.
මෙම තන්තුව ආරම්භයක් පමණි. මා මෙම පාඩම් මාලාව කොටස් වශයෙන් ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු වනවා.
බුදු කෙනෙක් ලෝකයට පහල වනවිට එක් බෞද්ධයෙක්වත් මිහිපිට සිටින්නේ නැහැ. උන්වහන්සේ බණ කියන්නෙ අන්යාගමිකයන්ට. ඒ අය මුලින්ම බෞද්ධයෝ වෙන්නෙ සෝවහන් මාර්ගයට පිවිසීමෙන්. උප්පත්තියෙන් ලැබෙන බෞද්ධ කමක් ගැන ත්රිපිටකයේ සඳහන් නොවේ.
ආරම්භයක් ලෙස මා ඔබෙන් විමසන්නේ සෝතාපන්න වීම හෙවත් සෝවහන් වීම යනු කුමක්ද? ඒ පිලිඹද ඔබ දන්නා දේ පහතින් ඉදිරිපත් කරන්න.

Last edited: