කෑම්පින් යනවානම් මෙන්න ඔබ යායුතුම කෑම්ප් සයිට් 6ක්
ගොඩක් කට්ටිය කෑම්පින් ගැන සෝෂල් මිඩියා වල එහෙම පොෂ් එකට ෆොටෝ එහෙම දැම්මට ගොඩක් අයගෙන් “අයියේ කොහෙද අපි කෑම්පින් සෙෂන් එකක් කරන්න හොඳ? ” කියලා ඇහුවම කට උත්තර නැහැ. එහෙම උත්තර හොයන අයට පහසුවක් වෙන්න අපි කල්පනා කළා, ලංකාවේ හොඳ කෑම්පින් සයිට්ස් කීපයක් ගැන පොඩ්ඩක් හොයල බලලා ඔයාලට කියන්න.
එහෙනම් ඔන්න ඈ!!
කෑම්පින් කරන්න කලින්
කෑම්පින් වලට උවමනා කරන දේවල් ගැන අපි පළකරපු අනිවා ආටිකල් එක කියවලාම ඉන්න. ඊට පස්සේ අපි මේ කියන්න යන්නේ ලංකාවේ වනෝද්‍යාන වල කෑම්පින් කරන එක ගැන බව මතක තබාගන්න. ඒ නිසා ඔබ බත්තරමුල්ලේ පිහිටලා තියෙන වනජීවී දෙපාර්තමේන්තුව තුලින් මේ ගැන විමසලා අදාළ දිනය හෝ කිහිපය සඳහා කඳවුරු බිම වෙන් කරගන්න. වනජීවී දෙපාර්තමේන්තුවට ගොසින් හෝ දුරකථන මාර්ගයෙන් මේ ගැන වැඩි විස්තර දැනගන්න.
දුරකථන අංකය : 0112888585
1. හෝර්ටන් තැන්න කඳවුරු භූමිය
Source – trip2lanka.com
අවුරුද්දේ කඳවුරු භූමියේ දේශගුණේ මෙහෙමයි :
ලංකාවේ සුන්දරම කඳවුරු භූමි වලින් එකක් විදියට සංචාරකයන්ගේ හිත දිනාගෙන තියෙන මේ කඳවුරු භූමිය පාලනය වන්නේ වනජීවී දෙපාර්තමේන්තුව යටතේයි. එහිදී එකකට එකක් ලංව පිහිටන ආකාරයට සකසා ඇති කඳවුරු භූමි තුනක් මේ යටතේ පාලනය වෙනවා.මේ සියලුම කඳවුරු භූමි පිහිටා ඇත්තේ පුළුල්ව පැතිරුණු තැන්න හරහා ගලා බසින බෙලිහුල් ඔය ඉවුර ආසන්නයේ වීම තවත් ඔබව සොබාදහමට සමීප කරවන හේතුවක් වෙනවා. අනෙක් විශේෂම හේතුව තමයි මේ සියලු කඳවුරු භූමි පිහිටා ඇත්තේ හෝර්ටන් තැන්න නැරඹුම් මධ්‍යස්ථානයට (Horton Plains visitor center) මීටර් 500ත් 750ත් අතර දුරකින් වීමයි. පොඩි අවුලකට තියෙන්නේ වෙනත් කඳවුරු භූමි වල වගේ ඔබට මෙයට ඔබේ වාහනය පදවාගෙන කෙලින්ම එන්නට නොහැකිවීමයි. ඔබ කල යුත්තේ නැරඹුම් මධ්‍යස්ථානයේ වාහනය නවත්වා, එතැන් සිට ඔබේ බඩුමුට්ටු සියල්ලම රැගෙන මෙතනට පා ගමනින් පැමිණීමයි. හැමදේම අතේ දුරින් තිබ්බමත් අගයක් නැහැනේ නේද?
2. අලිමංකඩ කඳවුරු භුමිය – උඩවලව ජාතික වනෝද්‍යානය.
Source – udawalawenationalpark.com
අවුරුද්දේ කඳවුරු භූමියේ දේශගුණේ මෙහෙමයි :
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් වෙන් කරගත යුතු මේ සුන්දර කඳවුරු භුමිය අසලින්ම ගලාගෙන යන වලවේ ගඟ නිසා අපිට අපේ මුලික අවශ්‍යතා බොහොම පහසුවෙන් සපයා ගන්නට පුළුවන්. ඒ වගේම කැමති වෙලාවක ගඟට බැහැලා නාගන්නට එහෙම කිසිම අපහසුවක් නැහැ. ඒත් ඉහත්තාවට වහිනකොට වතුර මට්ටම ඉහලයන්නට පොඩි හැකියාවක් තියෙන නිසා ඒ ගැන පොඩ්ඩක් සැලකිල්ලෙන් ඉන්න එක වැදගත් කියලා තමා මේ කඳවුරු භුමිය තුල දිනය ගෙවා ඒ සුපිරි අත්දැකීම ගත්ත අය නම් කියන්නේ. ඒ වගේම සුවිශේෂී දේ තමයි කඳවුර පිහිටලා තියෙන්නේ අලි මංකඩක් අසලින් නිසා අලි රංචු වතුර බොන්නට, සහ ගඟ හරහා යන්නට වලවේ ගඟට එනවා බලන්නට මේ කඳවුරු භුමිය සුපිරිම තැනක්.
3. මහ ගල් අමුණ කඳවුරු බිම – කුමන ජාතික වනෝද්‍යානය
Source – youtube.com
අවුරුද්දේ කඳවුරු භූමියේ දේශගුණේ මෙහෙමයි :
වෙනත් කූඩාරම් භූමි වගේම මේ කුඩාරම් භූමියේත් අයිතිය පවතින්නේ වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවටම තමා.
4. දෝතළුගල – නකල්ස් කඳු පන්තිය
Source – sldestinations.info
අවුරුද්දේ කඳවුරු භූමියේ දේශගුණේ මෙහෙමයි :
කඳවුරු නිවහනේ උපරිම 12 දෙනෙකුට නවාතැන් ගත හැකි අතර, කඳවුරු භුමිය තුල කූඩාරම් තුනකට ඉඩ පහසුකම් පවතියි. මේ දෙක සඳහාම අවසර ගත යුත්තේ වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන්.
5. බූන්දල කඳවුරු බිම – බූන්දල වනෝද්‍යානය
Source – sorowwatours.com
අවුරුද්දේ කඳවුරු භූමියේ දේශගුණේ මෙහෙමයි :
6. ගල් ඔය වන රක්ෂිතය
Source – tripadvisor.com
අවුරුද්දේ කඳවුරු භූමියේ දේශගුණේ මෙහෙමයි :
කඳවුරු භූමියට ඔබ යන රථයෙන්ම ගමන් කල හැකි අතර ඔබට ගිනිමැලයකට අවශ්‍ය කරන දර ආදිය අහල පහළින්ම මඟ පෙන්වන්නාගේ උපදෙස් යටතේ එක්කාසු කරගත හැකි වෙනවා. ඔබ සතුව හොඳ කැමරාවක් තිබෙනවා නම් වැවට බසින කුරුල්ලන්ගේ හොඳ ලස්සන පින්තුර ගන්නත් බැරි වෙන එකක් නැහැ. ඒ වගේම ඔබට මෙහිදී නාන්නට, සුන්දරත්වය විඳින්නට වැව භාවිතා කරන්නට හැකි වුවත් නවාතැන් ගන්නා දිනවලට ගන්නට අවශ්‍ය කරන ජලය නම් අනිවාර්යයෙන්ම රැගෙන යායුතු වෙනවා.
උපුටා ගන්නා ලද්දේ http://www.aniwa.lk/2017/03/17/1703173-best-campsites/
ගොඩක් කට්ටිය කෑම්පින් ගැන සෝෂල් මිඩියා වල එහෙම පොෂ් එකට ෆොටෝ එහෙම දැම්මට ගොඩක් අයගෙන් “අයියේ කොහෙද අපි කෑම්පින් සෙෂන් එකක් කරන්න හොඳ? ” කියලා ඇහුවම කට උත්තර නැහැ. එහෙම උත්තර හොයන අයට පහසුවක් වෙන්න අපි කල්පනා කළා, ලංකාවේ හොඳ කෑම්පින් සයිට්ස් කීපයක් ගැන පොඩ්ඩක් හොයල බලලා ඔයාලට කියන්න.
එහෙනම් ඔන්න ඈ!!
කෑම්පින් කරන්න කලින්
කෑම්පින් වලට උවමනා කරන දේවල් ගැන අපි පළකරපු අනිවා ආටිකල් එක කියවලාම ඉන්න. ඊට පස්සේ අපි මේ කියන්න යන්නේ ලංකාවේ වනෝද්‍යාන වල කෑම්පින් කරන එක ගැන බව මතක තබාගන්න. ඒ නිසා ඔබ බත්තරමුල්ලේ පිහිටලා තියෙන වනජීවී දෙපාර්තමේන්තුව තුලින් මේ ගැන විමසලා අදාළ දිනය හෝ කිහිපය සඳහා කඳවුරු බිම වෙන් කරගන්න. වනජීවී දෙපාර්තමේන්තුවට ගොසින් හෝ දුරකථන මාර්ගයෙන් මේ ගැන වැඩි විස්තර දැනගන්න.
දුරකථන අංකය : 0112888585
1. හෝර්ටන් තැන්න කඳවුරු භූමිය
අවුරුද්දේ කඳවුරු භූමියේ දේශගුණේ මෙහෙමයි :
- දෙසැම්බර් සිට පෙබරවාරි – අවුලක් නෑ හැබැයි සීතලයි
- මැයි සිට ජූනි – වහිනවා
- ජූලි සිට සැප්තැම්බර් – තද සුළං සමග වැස්ස
- ඔක්තෝබර් සිට නොවැම්බර් – වැස්ස
ලංකාවේ සුන්දරම කඳවුරු භූමි වලින් එකක් විදියට සංචාරකයන්ගේ හිත දිනාගෙන තියෙන මේ කඳවුරු භූමිය පාලනය වන්නේ වනජීවී දෙපාර්තමේන්තුව යටතේයි. එහිදී එකකට එකක් ලංව පිහිටන ආකාරයට සකසා ඇති කඳවුරු භූමි තුනක් මේ යටතේ පාලනය වෙනවා.මේ සියලුම කඳවුරු භූමි පිහිටා ඇත්තේ පුළුල්ව පැතිරුණු තැන්න හරහා ගලා බසින බෙලිහුල් ඔය ඉවුර ආසන්නයේ වීම තවත් ඔබව සොබාදහමට සමීප කරවන හේතුවක් වෙනවා. අනෙක් විශේෂම හේතුව තමයි මේ සියලු කඳවුරු භූමි පිහිටා ඇත්තේ හෝර්ටන් තැන්න නැරඹුම් මධ්‍යස්ථානයට (Horton Plains visitor center) මීටර් 500ත් 750ත් අතර දුරකින් වීමයි. පොඩි අවුලකට තියෙන්නේ වෙනත් කඳවුරු භූමි වල වගේ ඔබට මෙයට ඔබේ වාහනය පදවාගෙන කෙලින්ම එන්නට නොහැකිවීමයි. ඔබ කල යුත්තේ නැරඹුම් මධ්‍යස්ථානයේ වාහනය නවත්වා, එතැන් සිට ඔබේ බඩුමුට්ටු සියල්ලම රැගෙන මෙතනට පා ගමනින් පැමිණීමයි. හැමදේම අතේ දුරින් තිබ්බමත් අගයක් නැහැනේ නේද?
2. අලිමංකඩ කඳවුරු භුමිය – උඩවලව ජාතික වනෝද්‍යානය.
අවුරුද්දේ කඳවුරු භූමියේ දේශගුණේ මෙහෙමයි :
- ඔක්තෝබර් සිට පෙබරවාරි – වැස්ස
- මාර්තු සිට ජූනි – ගමනට යහපත්ම නමුත් මඳවැසි පවතී
- ජුනි සිට සැප්තැම්බර් – ගමනට යහපත් නමුත් වියලි කාලගුණයක් පවතී
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් වෙන් කරගත යුතු මේ සුන්දර කඳවුරු භුමිය අසලින්ම ගලාගෙන යන වලවේ ගඟ නිසා අපිට අපේ මුලික අවශ්‍යතා බොහොම පහසුවෙන් සපයා ගන්නට පුළුවන්. ඒ වගේම කැමති වෙලාවක ගඟට බැහැලා නාගන්නට එහෙම කිසිම අපහසුවක් නැහැ. ඒත් ඉහත්තාවට වහිනකොට වතුර මට්ටම ඉහලයන්නට පොඩි හැකියාවක් තියෙන නිසා ඒ ගැන පොඩ්ඩක් සැලකිල්ලෙන් ඉන්න එක වැදගත් කියලා තමා මේ කඳවුරු භුමිය තුල දිනය ගෙවා ඒ සුපිරි අත්දැකීම ගත්ත අය නම් කියන්නේ. ඒ වගේම සුවිශේෂී දේ තමයි කඳවුර පිහිටලා තියෙන්නේ අලි මංකඩක් අසලින් නිසා අලි රංචු වතුර බොන්නට, සහ ගඟ හරහා යන්නට වලවේ ගඟට එනවා බලන්නට මේ කඳවුරු භුමිය සුපිරිම තැනක්.
3. මහ ගල් අමුණ කඳවුරු බිම – කුමන ජාතික වනෝද්‍යානය
අවුරුද්දේ කඳවුරු භූමියේ දේශගුණේ මෙහෙමයි :
- ඔක්තෝබර් සිට ජනවාරි – වැස්ස
- පෙබරවාරි සිට ජූනි – ගමනට යහපත්
- ජුනි සිට සැප්තැම්බර් – ගමනට යහපත් නමුත් වියලි කාලගුණයක් පවතී
වෙනත් කූඩාරම් භූමි වගේම මේ කුඩාරම් භූමියේත් අයිතිය පවතින්නේ වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවටම තමා.
4. දෝතළුගල – නකල්ස් කඳු පන්තිය
අවුරුද්දේ කඳවුරු භූමියේ දේශගුණේ මෙහෙමයි :
- ඔක්තෝබර් සිට ජනවාරි – වැස්ස
- පෙබරවාරි සිට ජූනි – ගමනට යහපත්
- ජුනි සිට සැප්තැම්බර් – ගමනට යහපත් නමුත් තද සුළං සමඟ වියලි කාලගුණයක් පවතී
කඳවුරු නිවහනේ උපරිම 12 දෙනෙකුට නවාතැන් ගත හැකි අතර, කඳවුරු භුමිය තුල කූඩාරම් තුනකට ඉඩ පහසුකම් පවතියි. මේ දෙක සඳහාම අවසර ගත යුත්තේ වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන්.
5. බූන්දල කඳවුරු බිම – බූන්දල වනෝද්‍යානය
අවුරුද්දේ කඳවුරු භූමියේ දේශගුණේ මෙහෙමයි :
- ඔක්තෝබර් සිට ජනවාරි – වැස්ස
- පෙබරවාරි සිට ජූනි – ගමනට යහපත්
- ජුනි සිට සැප්තැම්බර් – බුන්දලට අලි එකතු වෙන නිසා මේ කාලේ තමා ගමනට හොඳම
6. ගල් ඔය වන රක්ෂිතය
අවුරුද්දේ කඳවුරු භූමියේ දේශගුණේ මෙහෙමයි :
- ඔක්තෝබර් සිට ජනවාරි – වැස්ස
- පෙබරවාරි සිට ජූනි – ගමනට යහපත්
- ජුනි සිට සැප්තැම්බර් – ගමනට යහපත් නමුත් වියලි දේශගුණයක් පවතිනවා

rep+