Middle East Law

Joniya

Active member
  • Oct 10, 2015
    762
    142
    43
    ඔන්න මේ ලගදි ජෝනියගේ යාලුවෝ 3 දෙනෙකුට වෙච්ච නස්පැත්තියක් තමා අද කිරියේ හැමෝම එක්ක බෙදා ගන්න යන්නේ. ඊට කලින් මේ දේත් කියන්න ඕන. මේ කථාව මුසාවක් නොව සත්ය සිදුවීමක් බව.

    මෙන්න මෙකයි කතාව, ජෝනියා සේවය කරන්නේ කටාර් රාජ්ජයේය මෙහි සිටින මාගේ මිතුරන් තිදෙනා එක් උදැසනක සුපුරුදු පරිදි තම රැකියා කටයුතු සදහා පිටත්ව ගියේය එය මා මිතුරන් සැමදා ගමන් ගන්නා, සමාගම විසින් සපයන ප්රවාහන පහසුකම් සපයන රථයෙනි.

    මෙම රථයේ රියදුරු ලෙස කටයුතු කරන්නේ ඊජිප්තු ජාතිකයෙකි, ඉහත සදහන් කල ජෝනියාගේ යහළුවන් තිදෙනාම ශ්රී ලාංකිකයෝ වෙති. ඔවුන් එසේ යන අතරම හිටිහැටියේම Alfazaa නම් වූ පොලිස් නිලධරීන් විසින් එම රථය නතර කොට පරික්ෂා කර ඇත. ( කටාර්හි පොලිස් වර්ග කිහිපයක් ඇති අතර එවායෙහි කාර්යයන්ද එකිනෙකට වෙනස් වේ. )

    එම රථයේ රියදුරු හට ගංජා පිළිබද පෙර වැරදි තිබී ඇති අතර ඒ පිලිබදව කිසිවක් ජෝනියාගේ යහළුවන් නොදැන සිට ඇත. එයද ඔවුන් දැන ගන්නේ පොලිසිය විසින් පෙර වාර්තා පරික්ෂා කර බලා පවසන විටය. රියදුරු පෙර වැරදි වලට අත්අඩංගුවට පත් වන අතර ඔහු සමග සිටීම නිසා මගේ යහළුවනුත් අත්අඩංගුවට ගෙන ඇත.

    එහිදී එක් යහළුවකුට තරමක් උණ ගතියක් පැවති නිසා ඔහු තම බෑගය තුල වේදනා නාෂක බෙහෙත් පෙති රැගෙන ගොස් ඇති අතර එයද කටාර්හි රජයේ රෝහලෙන් දෙන ලද වේදනා නාශකයක් විය. නමුත් මේ සියලු දෙනාම එදින සිර ගත වන්නේ අන්තරායකර ඖෂද ළග තබා ගැනීමේ වරදටය. මෙහිදී ඉගෙන ගත යුතු කරුණ වන්නේ මැදපෙරදිග තුල ඖෂද ළග තබා ගැනීමේදී අනිවාර්යයෙන් prescription එකද ළග තබා ගත යුතු බවය.
    ඉන් අනතුරුව ඔවුන්ගේ මුත්ර සාම්පල පරික්ෂා කර බලා ඔවුන් නිදහස් කර ඇති අතර නැවත ඔවුන් කිසියම් සැකයකට තුඩදෙන හේතුවක් මත පරික්ෂා කර බැලු දිනෙක අවශ්ය නම් එම නිලධාරීන් හට ඔවුන්ව පිටිවහල් කිරීමටද බලය තිබේ.

    එබැවින් මෙහි නීති අමුතුය වැරදි නැතත් වැරදි කරුවන් විය හැක පරිස්සම් වන්න.

    (තවද සැලකිය යුතු කරුණක් වන්නේ මෙහි තමාගේ ආගම මතද ඔවුන්ගේ ක්රියා කලාපය වෙනස වන බවය )
     
    Palihawadana1990

    Well-known member
  • මම දන්නෙ නෑ සහෝ කටාර් ගැන නම්... නමුත් මම ඉන්නේ ඕමාන් වල... මෙහේ ඔය වගේ පිස්සු වැඩ කරන්නේ නෑ.... අනික මම දන්න තරමින් මේ ගල්ෆ් රටවල් වල (සවුදිය ඇර ) ලංකාවෙ කිවුවහම අපිට රෙස්පෙක්ට් කරනවා....

    මම හොදාකාරවම දන්නව ඕමාන් නම් එකෙන්ම අපිට රෙස්පෙක්ට් කරනවා....
     
    Joniya

    Active member
  • Oct 10, 2015
    762
    142
    43
    ඒ කිවේ ? :eek:

    මෙහෙ ඉන්නෙ මුස්ලිම් අය මචන්, උන් මුස්ලිම් අයට අනිත් අයට වඩා chance එකක් දෙනවා. ඔතන අර driver එහෙම කෙනෙක් අපේ රටක කෙනෙක් එහෙම දෙයක් කළා නම් 2 years වත් jail කරනවා එත් අර මිනිහ දැන් නිදහස් :yes:
     
    Joniya

    Active member
  • Oct 10, 2015
    762
    142
    43
    මම දන්නෙ නෑ සහෝ කටාර් ගැන නම්... නමුත් මම ඉන්නේ ඕමාන් වල... මෙහේ ඔය වගේ පිස්සු වැඩ කරන්නේ නෑ.... අනික මම දන්න තරමින් මේ ගල්ෆ් රටවල් වල (සවුදිය ඇර ) ලංකාවෙ කිවුවහම අපිට රෙස්පෙක්ට් කරනවා....

    මම හොදාකාරවම දන්නව ඕමාන් නම් එකෙන්ම අපිට රෙස්පෙක්ට් කරනවා....

    එක හරි ඇති සහෝ හැබැයි මෙහෙ ගොඩක් drugs කේස් වලට jail යන්නේ අපේ උන්. මම අපේ උන්ව චාටර් කරන්න නෙවේ මේක කියන්නෙ එත් ඒක තමා ඇත්ත
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,483
    5,397
    113
    මම දන්නෙ නෑ සහෝ කටාර් ගැන නම්... නමුත් මම ඉන්නේ ඕමාන් වල... මෙහේ ඔය වගේ පිස්සු වැඩ කරන්නේ නෑ.... අනික මම දන්න තරමින් මේ ගල්ෆ් රටවල් වල (සවුදිය ඇර ) ලංකාවෙ කිවුවහම අපිට රෙස්පෙක්ට් කරනවා....

    මම හොදාකාරවම දන්නව ඕමාන් නම් එකෙන්ම අපිට රෙස්පෙක්ට් කරනවා....
    dubai walath ehemai, lankawe kiwwama airport eketh salakili wadi
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    මම දන්නෙ නෑ සහෝ කටාර් ගැන නම්... නමුත් මම ඉන්නේ ඕමාන් වල... මෙහේ ඔය වගේ පිස්සු වැඩ කරන්නේ නෑ.... අනික මම දන්න තරමින් මේ ගල්ෆ් රටවල් වල (සවුදිය ඇර ) ලංකාවෙ කිවුවහම අපිට රෙස්පෙක්ට් කරනවා....

    මම හොදාකාරවම දන්නව ඕමාන් නම් එකෙන්ම අපිට රෙස්පෙක්ට් කරනවා....

    Ekata hethuwa Oman policiye Inspector General of Police widiyata lankawe porak indala tiyenawa issara.