කෙට්ටු කොල්ලන්ට ෆැශන් ටිප්ස්.
ඉතින් මචන්ලා, මේ මගේ හතරවෙනි ෆැශන් ත්‍රෙඩ් එක. මේ පාර මම කියන්න යන්නෙ ටිකක් විතර කෙට්ටු අපේ කොල්ලන්ට ෆැශන් ටිප්ස් ටිකක්. හරි එහෙනම් වැඩේ පටන් ගමු.
1. Slim fit shirts සහ Skinny jeans.

පලවෙනිම දේ තමයි මේක. කෙට්ටු හාදයෙක් මේ වගේ ඇන්දොත් අනිවා කැතට රිටක් වගේ පේන්න ගනීවි. ඇඳුමේ තියන ඇඟටම ඇළුනු ස්භාවය නිසා ඔබේ ශරීර ප්‍රමාණය හා කෙට්ටු ගතිය ඕනවටත් වඩා පේන්න ගනීවි. ඒ නිසා ඇඳුම් තොරගනිද්දි ඔබ කෙට්ටු අයෙක් නම් Slim fit shirts සහ Skinny jeans තෝරාගැනීමෙන් වැලකී සිටීම වඩා සුදුසුයි.
2. Layering විදියට අඳින්න.

මේ ක්‍රමය ෆැශන් වල තියරියක් නිසා මම මේකෙ ඉදිරිපත් කරනවා. හැබැයි ලංකාව වගේ සමකාසන්න දේශගුනය එක්ක නිතර මේ වගේ අඳින්න පුළුවන්ද කියන එක පුංචි ගැටළුවක් තියනවා. හැබැයි කොහොම වුනත් මේ ක්‍රමේදි ඔබට අමතර විශාලත්වයක් එකතු වෙන නිසා කෙට්ටු බව අනිවාර්යෙන් අනෙක් අයගෙන් වසං වේවි.
3. turtleneck, crew neck, V neck and douche bag neck

V neck and douche bag neck ටී ශර්ට්ස් නිසා ඔබේ පපු පෙදෙස හා නිකට අතර දිගු පෙදෙසක් නිරාවරනය වේ. මේ තුල නිරායාසයෙන්ම ඔබට තවත් සිහින් උස පෙනුමක් එකතු වේවි. ඒ නිසා හැකි තරම් turtleneck, crew neck, ටී ශර්ට්ස් පමණක් තොරාගන්න. ඔබ ශර්ට් එකක් ඇන්දත් හැකි තරම් ඉහලම බොත්තම දමන්න උත්සහ කරන්න.
4. කලිසම නිවැරදිව තොරමු.

ඔබ කලිසමක් තොරන විට pleats තියන කලිසන් තොරන්න එපා. ඒ වගේම අයන් කරද්දි වුනත් pleats තියන්න එපා. හැකි තරම් flat front pants තොරගන්න. එයින් අනවශ්‍ය ලෙසින් සිහින්ව හා උස වැඩි බවකින් ඔබව පෙනීම වැලකී යාවි.
5. වැඩකට නැතත් පොකට් වලින් හොඳ පෙනුමක්.

උත්සහ කරලා බලන්න. ඔබට මේ විදිය කැශුවල් ඇඳුමක තියන වැඩි පොකට් ගානක් නිසා ඔබේ සිහින් ශරීර ප්‍රමාණයට වඩා වැඩි හොඳ පෙනුමක් එකතු වේවි.

Last edited: