ලෝකය ගෝලාකාර නැහැ! සියවස් ගණනක් පුරා පැවති කුමන්ත්රණයක තතු හෙළිවේ!
‘ලෝකේ ගෝලාකාරයි’ කියලා අපිට පුංචි කාලේ ඉඳන් කොයි තරම් කණට ඇහෙන්න ඇතිද? අහන අහන ඕන එකෙක් කියන්නේ ලෝකේ හරියට බෝලයක් වගේ කියලා. හැබැයි අපි කවුරුත් දැකලා තියෙනවද ඇත්තටම ලෝකේ බෝලයක් වගේද, තැටියක් වගේද, මොකක් වගේද කියලා? ආන්න ඒක තමයි සීන් එක. මේ ලෝකේ ගෝලාකාරයි කියන එක සියවස් ගාණක් තිස්සේ විද්‍යාව හදාරණ මිනිස්සු කරන කුමන්ත්රණයක ප්‍රතිඵල විදියට සමාජගත වුණු දෙයක් වෙන්න බැරිද? හැබැයි එහෙමයි කියලා සදාකාලිකවම සත්‍යය වසන් කරන්න බැහැනේ. ඔන්න දැන් ඒ නිරන්තරයෙන්ම විද්‍යාවෙන් එල්ල වුණු බාධක මැඩගෙන සත්‍යය සොයා ගිය ගවේෂකයෝ කොටසක් අන්තිමට මේ ලෝකෙන් වහන් වුණු ඇත්ත හොයාගෙන තියෙනවා. ලෝකේ තැටියක් වගේ!
1. පුරාණ යුගේ මිනිස්සු ඇත්ත දැනගෙන හිටියා බ්‍රෝ!
Source – theflatearthsociety.org
අපි තාමත් කියන්නේ අපේ අතීත කාලේ තිබුණු විස්මයජනක විද්‍යා හැකියාවන්, තාක්ෂණයන් එහෙම ක්‍රමයෙන් නැතිවෙලා ගිහිල්ලා කියලා. රාවණා ගැන වුනත් කියන්නේ එහෙමනේ. ඉතින් බ්‍රෝ ලෝකේ ඇත්තටම රොටියක් වගේ කියන එක අපේ දියුණු මුතුන් මිත්තෝ දැනගෙන හිටපු සීන් එකක්. ඔව්, ඒ කිව්වේ අර පිරමිඩ එහෙම හදන කාලේ තමයි. දැන් තියෙනවද එහෙම තාක්ෂණේ, නෑනේ! ඉතින් ඒ නිසා ඔය පරණ මිනිස්සු කියපු කතා තුහ් කියලා අහක දාන්න හොඳ නෑ.
කොහොම හරි ඔය අතීත ඊජිප්තුවේ විතරක් නෙවෙයි, මෙසපොතේමියාවේත් විශ්වාස කරපු දේ තමයි ලෝකේ කියන්නේ මුහුදක පාවෙන තැටියක් කියන එක. ඕක අර ජුලියස් සීසර්ගෙ කාලෙත් දැනගෙන ඉඳලා තියෙනවා වෙන්න ඕන. ඇයි අර ගෝල් දේසේ පප්පලා සෙට් එක ලෝකේ ගැට්ටෙන් එහාට තල්ලු වෙන්න ගිහින් නූලෙන් බේරෙන්නේ.
කොහොම වුනත් ඔය හෝමර්, හෙසියොඩ්, ඊස්කිලස්, රෝඩස්, ඇපලෝනියස් වගේ මහා කවියොත් කියලා තියෙනවා ලෝකේ කියන්නේ මහා සාගරයක් මැද පාවෙන පැතලි තැටියක් කියලා. ඕක ඉතිං සංසාර සාගරේ වෙන්ඩත් බැරි නෑනේ මචං. එතනින් ගියහම තේල්ස්, ඩිමොක්‍රිටස්, ඇනැක්සිමැන්ඩර් වගේ මුල් කාලේ දාර්ශනිකයෝ එහෙමත් ෆ්ලැට් අර්ත් කතන්දරේ කිව්වා. එච්චරක් ඕන නෑ, අර පුරාණ කාලේ හිටපු පික්සු කොර ඉතිහාසඥයා හෙරඩෝටස් එහෙමත් කිව්වනේ ලෝකෙ ෆ්ලැට් කියලා.
2. එතකොට ගැට්ටෙන් පහළට වැටෙන එකක් නැද්ද යාලොස්?
Source – wikipedia.org
පිස්සුද! ලෝකේ ඇත්තටම තියෙන්නේ මෙහෙමයි. ඕන්න මැද්දේ තියෙනවා ආක්ටික් රවුම. ඕක නං ඉතින් ගවේෂණය කරල තියෙනවනේ. ඊට පස්සේ තියෙනවා ඔය රටවල්, මුහුදවල්, දූපත් අනං මනං සේරෝම. ඉන් පස්සේ ඒක වටේට ගැට්ටේ තියෙන්නේ ඇත්තටම අඩි 150 ක් උසට තියෙන අයිස් බිත්ති එක්ක ඇන්ටාක්ටිකාව. කෙලින්ම ලෝක තැටියේ ගැට්ට වටේම තියෙන්නේ ඔය අයිස් කන්ද. තාම ඕක මොකෙක්වත් ගවේෂණේ කරල නැහැ නොවැ. ඒ හින්දා ගැට්ටෙන් කවුරුත් වැටිලත් නෑ. වැටෙයි කියලා බය වෙන්න දේකුත් නෑ. ඔය අඩි 150 අයිස් බිත්තිය තියෙන්නෙම එක එකා ලෝකේ කෙළවර හොයාගෙන ගිහිල්ලා ගැට්ටෙන් එපිටට දොහ් ගාලා වැටෙන එක වළක්කන්න තමයි. අනික නාසා එකෙනුත් ඕක ගාඩ් කරනවලු!
3. එතකොට අභ්යවකාශේ ඉඳන් බලපු හාදයෝ කිව්වේ ලෝකේ බෝලයක් වගේ කියලා?
Source – theflatearthsociety.org
ආන්න හොඳ පොයින්ට් එකක්. දැන් මේ නංගිලා මල්ලිලා අභ්‍යවකාශෙට ගිහින් ලෝකේ දිහා බලල තියෙනවද? නෑනේ. මේ අය දන්නේ වෙන කවුරුහරි කියපු දෙයක්. එහෙම නැත්තං ඔය ෆිල්ම් එකක පෙන්නපු දෙයක්. දැන් ඇත්තටම මෙතුවක්කාලෙකට මනුස්සයෙක් අභ්‍යවකාශෙට ගිහිල්ලා නැත්තං? ඒ කියන්නේ අභ්‍යවකාශෙට ගියා කියන එකත් දාර පචයක් නං? දැන් කවුරුහරි අහයි මොකටද ඕයි ඔහොම වියදං කරගෙන පච කෙලින්නේ කියලා. හේතුව සරලයි. අභ්‍යවකාශ තරගයෙන් දිනුවා කියලා ලෝකෙට ඒත්තු ගන්නන්න තියෙන වුවමනාව. ඒවට තමයි කියන්නේ සීතල යුද්ධ, දේශපාලනය, බල අරගල කියලා.
අපේ වීරෝදාර ලෝකේ රොටියක් වගේ කියන සත්‍ය ගවේශකයෝ මේ වෙනකොට හොයාගෙන තියෙනවා නාසා එක කියන්නෙම පච ගුහාවක් කියලා. මිනිහෙක්ව හඳට ඇරියා කියලා කරල තියෙන්නෙත් බොරු. අඟහරුට රෝවර් ඇරියා කියල කරල තියෙන්නෙත් බොරු. අනේ අම්මපා මේ වගේ චේතිය පච කෙලින එවුන්!
හැබැයි බලනකොට රුසියන් කාරයෝයි චීන්නුයිත් ඊට දෙවෙනි නෑ. උනුත් කරලා තියෙන්නේ තනි බොරුව. අන්තිමට ඔක්කොම බොරුව කරන්න ගත්තහම එකෙක්ටවත් පිළිගන්න බෑනේ බ්‍රෝ අපි බොරු කිව්වේ කියලා. ඒ නිසා හැමෝම ඇත්ත වගේ ඉන්නවා. ආන්න එහෙම තමයි ඔය අභ්යවකාශේ ඉඳන් බලනකොට ලෝකේ බෝලයක් වගේ කියන බොනිකර තරුව ඇවිත් තියෙන්නේ.
4. හැබැයි ගුරුත්වාකර්ෂණේ හින්දා ලෝකේ බෝලයක් වෙන්න ඕන නේද?
Source – taringa.net
මෙන්න මේකත් තනි බොරුවක්නේ බ්‍රෝ. දැන් හුළං හමනවා අපිට දැනෙනවා. වළාකුළු පාවෙනවා අපිට පේනවා. හැබැයි ගුරුත්වාකර්ෂණේ කාටවත් පෙනිලා හරි, දැනිලා හරි තියෙනවද? ඇත්ත කතන්දරේ ගුරුත්වාකර්ෂණේ කියලා එකක් නෑ. ඇත්තටම වෙන්නේ ලෝක තැටිය තත්පරේට අඩි 32 ක විතර ත්වරණයකින්, ඒ කියන්නේ වේගය ක්‍රමයෙන් වැඩි වෙමින් කැරකෙනකොට අපිට දැනෙන දේ. ඒ ත්වරණය තමයි අපිට දැනෙන්නේ ගුරුත්වාකර්ෂණේ කියලා. අර වේගේ ටික ටික වැඩි වෙන කාර් එකක ඉන්නකොට අපිව සීට් එකට ඇලෙන්නේ. ආන්න ඒ වගේ. හැබැයි එහෙම කිව්වට බය වෙන්න එපා. අයින්ස්ටයින්ම කියලා තියෙනවා ඕනම වස්තුවකට අනන්ත කාලයක් දක්වා වේගේ වැඩි කරගන්න, ඒ කියන්නේ ත්වරණයකින් චලනය වෙන්න පුලුවන් කියලා, ආලෝකයේ වේගයට ලඟා නොවී. එහෙම ත්වරණය වෙන්න බලය ලබාදෙන්නේ මේ වෙනකලුත් හොයාගෙන නැති, විශ්වයේ අඳුරු ශක්තිය. ඕකට කියන්නේ ඊතරියානු සුළං කියලා.
5. එතකොට පොළවේ යට පැත්තේ තියෙන්නේ මොනවද?
Source – blenderartists.org
අපි දැන් ඔය අපාය ගැන එහෙම තියෙන කතා නිකම්ම අතෑරලා දානවා නේද. හැබැයි නිකමට හිතලා බලන්න, ලෝකේ ආගම් කොයි තරම් ප්‍රමාණෙක මරණින් පස්සේ යන පොළව යට තියෙන අපායක්, පාතාලයක් ගැන සඳහන් වෙනවද? ඉතින් ඒකත් එක්ක ඔය ෆ්ලැට් පෘතුවිය කතන්දරේ ගාණට සමාන වෙන්නෙ නැද්ද? දැන් ඔය ගිණිකඳු එහෙම තියෙන්නේ. ඊට පහළින් තමයි ඔය අපාය වගේ සීන් එක තියෙන්න ඕන. හැබැයි ලෝක රොටියේ යට පැත්ත තනිකරම ගල්.
එහෙම කිව්වට තව සමහරු කියනවා තැටියේ යට පැත්තේ තියෙන්නේ තනිකරම රත්තරන් වලින් හැදුණු කබොල්ලක් කියලා. ඔය අපිට රත්තරන් නිධි වලින් කියලා හම්බුවෙන්නේ එතනින් කැඩෙන කෑලි තමයිලු. අන්න කරනව නං වැඩේ. තැටියෙන් අනික් පැත්තට වැටෙන්නේ නැතුව රත්තරන් මතුවෙනකල් හාරගෙන හාරගෙන යන්නයි තියෙන්නේ!
6. හෙනම ලෝක මට්ටමේ කුමන්ත්රණයක්නෙ හලෝ!
Source – pinterest.com
ඇත්තම කිව්වොත් මේක තමයි ලෝකේ ලොකුම කුමන්ත්‍රණේ. නිකමට හිතලා බලන්ඩ. අවුරුදු දාස් ගාණක් තිස්සේ ඔය විද්‍යාඥ ගොල්ලෝ අරුන් මුන් මුළු ලෝකයක් අන්දනවා ලෝකේ බෝලාකාරයි, මිනිස්සු විවිධාකාරයි කියලා. ඉන් පස්සේ හඳට ගියා, අභ්‍යවකාශෙට ගියා, අහවල් ග්‍රහයට රොකට් යැවුවා කිය කියා ඒත් මිනිස්සුන්ව රවට්ටනවා. ඉන් පස්සේ ලෝකේ බෝලයක් වගේ කියලා ගත්ත ෆොටෝ එහෙමත් ඉදිරිපත් කරනවා. ඕවා ෆොටෝෂොප් අයිසේ! සමහර වෙලාවට ඔය ෆොටෝෂොප් සොෆ්ට්වෙයාර් එක හදන්න ඇත්තෙත් මේ කුමන්ත්‍රණේ කොටසක් විදියට, ඒ කියන්නේ රොටියක් වගේ ලෝකේ බෝලයි කියලා බොරුවට හදපු ෆොටෝ ලෝකෙට පෙන්නන්න!
හැබැයි ඇත්ත හැමදාමත් හංගන්න බෑ කියන්න වගේ, අපේ වීරෝදාර සත්‍ය සොයා යන මිත්‍රයෝ මේ ලෝක මට්ටමේ කුමන්ත්‍රණය හෙළි කරන්න පියවර අරගෙන තියෙනවා. ඒ වෙනුවෙන් සංගමයකුත් හදාගෙන තියෙනවා.
7. ලෝකේ රවුම් නං අල බහින්න ඕන ලෝකේ අනික් පැත්තෙන් මතු වෙන්න!
Source – ewao.com
ඔව්, ලංකාවේත් ඉන්නවා. මේ ලෝක මට්ටමේ කුමන්ත්‍රණය හෙළිදරවු කිරීම වෙනුවෙන් උරදීලා ක්‍රියාත්මක වෙන අපේම සහෝදරයෝ, සහෝදරියොත් ඉන්නවා මිත්‍රවරුනි! ජාත්‍යන්තර ෆ්ලැට් අර්ත් සංගම් සමගින් අතිනත අරගෙන ක්‍රියාත්මක වෙන “ශ්‍රී ලංකා තල ලෝක” සංගමය පහුගියදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන්නට කටයුතු කරලා තිබුණා මේ සත්‍යය හෙළිදරවු කරලා. ඒත් කණගාටුවට වගේ ඒ මාධ්‍ය නිවේදනය වාරණය කෙරුණා මේ කුමන්ත්‍රණය රැකීමට කටයුතු කරන ප්‍රබල හස්තයන් නිසා. ඒ නිසා තමයි අනිවා අපි මේ හෙළිදරවු කිරීම ඔබ වෙත ගෙන එන්නට කටයුතු කර සිටියේ.
“ශ්‍රී ලංකා තල ලෝක” සංවිධානය අපේ රටත් ෆ්ලැට් අර්ත් ජාත්‍යන්තරයට ගෙනිහිල්ලා ප්‍රකාශ කරලා හිටියා වැදගත් විද්‍යාත්මක සොයාගැනීමක්. ඒ තමයි ලෝකේ රවුම් නං, අප්‍රිකාවේ අල හිටවන මිනිහෙක් හොඳට අල වගාව බලා කියා ගත්තොත් එහෙම, ඒ අල පොළව යටට යටට ගිහිල්ලා අන්තිමට චීනේ දිහායින් නෙවෙයිද මතු වෙන්න ඕන කියලා! එහෙම අල මෙහෙන් බැහැලා එහෙන් මතුවෙනවා අහල තියනවද මිත්‍රවරුනි, නැහැනේ! ඒ කියන්නේ පොළව ගෝලාකාරයි කියන මතය එතනින්ම නිෂේදනය වෙනවා! පොළව රොටියක් වගේ තැටියක්!
මේක තමයි ඔවුන් කරපු සොයාගැනීම.
උපුටා ගැනීම - http://www.aniwa.lk/2017/04/01/1704014-flat-earth-theorisers/