The World best love story I have heard....

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    යශෝදරා වත, සදකිදුරු ජාතකය සහ ඒ වටා ගෙතිච්ච තව ලේන කුලේ ඉදලා එන සෑහෙන කතා

    මේවාත් කියවපන්... මේවා තමයි පට්ට ලව් ස්ටොරි.
     

    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,620
    542
    113
    Here on earth..
    යශෝදරා වත, සදකිදුරු ජාතකය සහ ඒ වටා ගෙතිච්ච තව ලේන කුලේ ඉදලා එන සෑහෙන කතා

    මේවාත් කියවපන්... මේවා තමයි පට්ට ලව් ස්ටොරි.

    Ow saho. Tika tika kiyawala thiyenawa...
    Tikak newathila kalapana karala beluwahama Sidhuhath Yashodara kiyanne amuthuma bedheemak. Ethumaagei ethumiyagei saansaarika bedheema, kepakirim, bohooma pahasuwen niwan maga awaboodha karan kalinma sasarin etherawenna ona tharam hekiyawak awashawan thibilath siyalu sathwayan gena hithala kalpa ganan dhuk widala budhu wenna tharam hethu unu mahaa karunaawa wage dewal gena hithala baladdi.... Harima amuthu hegeemak denenne..
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    [FONT=&quot]"‍යසෝදරා ආපදානයෙහි විස්තර වන ආකාරයට රාහුල මාතාවෝ දිගු සංසාර චක්‍රයෙහි විවිධ අවස්ථාවන්හිදී බෝසතුන්ගේ දිවි ගලවා ගනිමින් සහ ආරක්ෂා කරමින් අවසන් ආත්ම භවය දක්වා පැමිණ බුදුහිමියන් ඉදිරියෙහි පැවිදිව සැත්තෑ අටවන වියෙහි එක් දිනක අලුයම් වේලෙහි බුදු රදුන් සහ යසෝදරා රහත් ස්ථිවිරියන් වහන්සේද එකම දිනයේ පරිනිර්වාණයට වැඩම වන බව යසෝදරාවෝ දිවැසින් දුටුහ.[/FONT]


    [FONT=&quot]යසෝදරාවෝ එයින් මිහිතලය මහත් කම්පාවක් වනු ඇතැයි සිතා බුදුන් වහන්සේගේ පරිනිර්වාණයට දෙවසරකට පෙර නිවන් මගට පිවිසීමට තීරණය කර එදිනම ඒ පරිනිර්වාණ දිනයේද අවසන් වරට බුදුන් පා කමල වැඳ සසර පුරා වූ ගමන් මගෙහි තමන් අතින් යම් වරදක් සිදු වූයේ නම් එම සියළු වරදට පව් කමා කර දෙන ලෙස බුදුහිමියන්ගෙන් ඉල්ලා සිටි බවත්, ඒ මොහොත වන විටත් ඇය සියළු කෙළෙසුන් නසා සිත දියුණු කර රහත්ව ඇති බව දිවැසින් දුටු බුදු රදුන් යසෝදරා රහත් ස්ථවිරියන්ගේ ඉල්ලීම වස් සියලු පව් කමා කළහ. අනතුරුව බුදු හිමියන්ගේ ඉල්ලිම පිට මුළු මහත් කාන්තා සමූහයාට ආදර්ශයක් වන සේ යසෝදරාවන්ගේ ප්‍රාතිහාර්යය දක්වන ලෙස ඉල්ලා සිටි බවත් අනතුරුව යසෝදරාවෝ බුදු හිමියන් සහ අසූහාරදහසක් රහතුන් වහන්සේලා ඉදිරියේ සෘද්ධීන් දක්වා එදින රාත්‍රියෙහි පරිනිර්වාණයට පත් බවත් යසෝදරා ආපදානයෙහි සඳහන් වේ."

    http://aswanna.blogspot.com/2012/05/blog-post_06.html


    [/FONT]යසෝදරාගේ පාපොච්චාරණය

    වෛද්‍ය ප්‍රියන්ත හේවගේ
    විශ්‍රාම ලත් නියෝජ්‍ය පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‌ෂක

    යසෝදරා දේවිය ගැන නොදන්නා බෞද්ධයෙක්‌ සිටිය නොහැක. ඇය අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගිහිව සිටි කාලයේ ඔහුගේ බිසවය. සිදුහත් කුමරුගේ බිසවය. බුදුරජාණන් වහන්සේගේ එකම පුතු රාහුල කුමාරයාගේ මෑණියෝය. ඇයගේ පියාණන් වූයේ සුප්‍රබුද්ධ රජතුමාය. මව වූයේ අමිතා බිසවය. සොහොයුරා දේවදත්තය. බුදුන් උපන් මොහෙතේම උපත ලද යසෝදරා මුලින් හැඳින්වූයේ බිම්බා දේවිය නමිනි. ඒ ඇය බිම්බ රූපයක්‌ මෙන් අතිශය රූපසම්පන්නව වූ නිසාය. පසුව ඇය යසෝදරා නමින් හැඳින්වීය. ඒ ඇය සය අනූලක්‌ෂයක්‌ කාන්තාවන්ගේ අග රැජිණිය දැරූ නිසාය. යසෝදරා යනු යස පිරිවර දරන්නී යන අදහසයි. රහත්වූ පසු ඇය භද්දකච්චානා තෙරණිය වූවාය.

    යසෝදරා දහසය වියේදී සිදුහත් කුමරාගේ බිසව වු අතර 29 වියේදී ඇය රාහුල කුමරා බිහි කළාය. එදිනම සිදුහත් කුමරුන් බුදුබව පතා අභිනිෂ්ක්‍රමණය කළ බැවින් ඇයද තපසට යාමට උත්සාහ ගත්තාය. එහෙත් සුද්දෝධන රජතුමා එම අදහසට එරෙහිව කරුණු දක්‌වා ඇයට ගිහිගෙය හැර යා නොහැකි වන සේ මුරකාවල්ද දා ඇයව මහත් සෙනහසින් රැකබලා ගත්තේය. සිදුහත් කමරු ගිය මග යා නොහැකි බව දැනගත් යසෝදරා සිදුහත් කුමරු හිස බූ ගෑ බව අසා ඇයද හිස බූ ගෑවාය. කසාවත්‍ර අඳින බව අසා ඇයද කසාවත් ඇන්ඳාය. පාත්‍රයේ වළඳන බව අසා ඇයද පාත්‍රයේ වළඳන්නට පටන් ගත්තාය. එක වේලක්‌ වළඳන බව අසා එක වේලක්‌ ආහාර ගත්තාය. උච්චාසයන මහාසයනයෙන් ඇයද වැළකුණාය. සත් අවුරුද්දක්‌ සිදුහත් කුමරු නැති සොවින් අනුරාගි වේදනාවක්‌ වින්ද ඇය බුදුන් බුදුවී සත් වසරකට පසු කිඹුල්වත් පුර වැඩිදා වහා දුවගොස්‌ ශ්‍රී දෙපා වැළඳ ගෙන ශෝකය තුනී වනතුරුම හඬා වැළපුණාය. පසුකලක ඇය බුදුන් වෙත ගොස්‌ පැවිදි වී අවසානයේ රහත් වූවාය. හැත්තඅට වසරක ආයු කාලයකින් පසු ඇය බුදුරජාණන් වහන්සේට පෙර පිරිනිවන් පෑ යුතු යෑයි සිතා බුදුන් වෙත ගොස්‌ ඒ සඳහා අවසර ලබා ගෙන එදිනම පිරිනිවන් පෑවාය. මේ යසෝධරා ගැන කෙටි හැඳින්වීමයි.

    යසෝදරා හෙවත් භද්දකච්චානා තෙරණිය පිරිනිවන් පෑමට පෙර පාපොච්චාරණයක්‌ කළාය. යසෝධරා ගැන දන්නා ඔබ මේ පාපොච්චාරණය කුමක්‌ දැයි නොදන්නවා විය හැකිය. පාපොච්චාරණය යනු තමන් අතින් සිදුවූ වැරැදි අනුන් ඉදිරියේ හෙළිකිරීමයි. මෙය අද බෙහෝවිට අසන්නට දකින්නට ලැබෙන්නේ පොලිස්‌ හෝ ආරක්‌ෂක හමුදාවන් අතරට සැකකරුවකු පත්වූ විට කරන හෙළිදරව්වක්‌ වශයෙනි.

    යසෝදරාවගේ පාපොච්චාරණය එසේ වූවක්‌ නොවේ. ඇය වසර 78 ක්‌ම ආයු වළඳා සිටින විට මෙවන් සිතිවිල්ලක්‌ පහළවිය. මා දැන් සැත්තෑ අටවැනි වියේය. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්නට පෙර සැරියුත් මුගලන් අගසව් දෙනමම පිරිනිවන් පෑ සේක. මහාප්‍රජාපතිය පිරිනිවන් පෑවාය. රාහුල සහ නන්ද දෙදෙනාද පිරිනිවන් පෑවෝය. මාද එසේම බුදුරජාණන් වහන්සේට ප්‍රථම පිරිනිවන් පැ යුතුය යන්නය. මේ සිතිවිල්ල ඇතිවූ දිනම ඇය බුදුරජාණන් වහන්සේ හමුවී ඒබව සැලකර සිටියාය. බුදුරජාණන් වහන්සේ එය අනුමතකර පිරිනිවන් පෑමට පෙර ඇයට පෙළහර පානා ලෙසට අණකළ සේක. එදිනම රාත්‍රියේ පෙළහර පා පිරිනිවන් පෑමට පෙර ලක්‌ෂ සංඛ්‍යාත ජනී ජනයා ඉදිරියේ බුදුරජාණන් වහන්සේ වැඳ නමස්‌කාර කර පෙර බවවලදී බෝධිසත්වයන්ගේ පෙර ආත්මවල බිරිඳ වශයෙන් සිටියදී ඇය අතින් සිදුවූ අතපසුවීම් පිළිබඳව ප්‍රකාශකර ඇය අතින් යම් වැරැද්දක්‌ සිදුවුණි නම් ඒවාට සමාවන ලෙස ඉල්ලා කළ ප්‍රකාශය යසෝධරාගේ පාපොච්චාරණයයි. මේ එම පුවතයි.

    භාග්‍යවතුන් වහන්ස මා දැන් අට සැත්තෑ වියේ පසුවෙමි. එමනිසා ජරා දුක්‌ පීඩාවන්ට ලක්‌වීමට පෙර මා පිරිනිsවන් පෑ යුතු බවට අධිෂ්ඨාන කර ගතිමි. මේ සසර සංසාරයේ අනන්ත අප්‍රමාණ වාරයක්‌ මා ඔබ වහන්සේගේ ප්‍රියම්භිකාව වූයෙමි. ඒ සෑම අවස්‌ථාවකදීම මා ඔබ වහන්සේගේ සෙවනැල්ල මෙන් ඔබ වහන්සේ පසුපස සිටියෙමි. නිරන්තරයෙන්ම පතිවත රකිමින් කීකරුව ඔබ වහන්සේගේ එAකායන බලාපොරොත්තුව වූ ලොව්තුරා බුද්ධත්වය ලබා ගැනීමට පුරනා දස පාරමිතාවන් පුරවා ගැනීමට මට හැකි උපරිමයෙන්ම දායක වූයෙමි. එහෙත් ස්‌ත්‍රී ජාතියටම ආවේණිකවූ ලාමකකම මටද උරුම වී තිබිණි. ඒ නිසාම මා අතින්ද අති උත්තමවූ ඔබ වහන්සේට කෙනෙහිලි කම් අඩුපාඩු අකටයුතු සිදුවන්නට ඇත. ඒ කිසිවක්‌ මා සිතාමතා කළ කී දෑ නොවන බව මේ මොහොතේ අවධාරණය කරනු කැමැත්තෙමි. එවන් මදි පුංචිකම් අකටයුතුකම් සිදුවූ බව අතර මුල් තැනක්‌ ගන්නේ ඔබ වහන්සේ කුසරජු ලෙස උපත ලද භවයයි. එසඳ මා රූපශ්‍රීයෙන් අහංකාරවූ මනමත්වූ ඔබ වහන්සේගේ බිසව වූ ප්‍රභාවතිය වූවාය. එදා මා ඔබවහන්සේට කළ නින්දා අපහාස අවලාද අනන්තය අප්‍රමාණය. නිමක්‌ නැත. ඇත් ගාලේ අස්‌ ගාලේ සැඟවී සිට මා හට ඇත් අස්‌ බෙටිවලින් ගසා විහිළු කළ විට මා ඔබට බැණ වැදුනෙමි. මඟුල් පොකුණෙහි සැඟවී සිට මා අත ඇල්ලූ කල මා ඔබට විරූපී යක්‌ෂයෙකැයි නින්දා කළෙමි. ඔබ අප මාලිගයෙහි වතුර අදිමින් අතුගාමින් දර පලමින් කෑම පිසිමින් බැලමෙහෙකම් කරමින් දහ දුක්‌ විඳිනා විට මා මාලිගයෙහි රජ සැප වින්ඳෙමි. ඔබගේ දෑතින් පිසූ රජ බොජුන් මා වෙත ගෙන ආ විට මා ඒවා ප්‍රතික්‌ෂේප කළෙමි. එAවායින්ම ඔබට දමා ගසා අපහාස කළෙමි. භාග්‍යවත් බුදුරජාණන් වහන්ස මේ කිසිවක්‌ මා හිතා මතා කළ කී දේ නොවේ. ළාමකවූ ස්‌ත්‍රියක්‌ අතින් මේ සිදුවූ වැරැදිය. එහෙත් ස්‌වාමීනි, ඔබ වහන්සේට දස පාරමිතා පිරීමට ඒ සියල්ල මහෝපකාරී වූවා නිසැකය.

    විවාහවූ පසුවද මා ඔබ වහන්සේ හැරදා මාගේ දෙමාපියන් වෙත ගියාය. මා විසින් අනේක විධ අවලාද අපවාද කෙනහිළි කම් කරද්දීත් ඔබ වහන්සේ අන් ස්‌ත්‍රියක්‌ නොපතා මාවම පතා සිටීමෙන් ඔබ වහන්සේගේ සීල පාරමිතාව සාක්‌ෂාත් විය. මා පතා මුළු රාජ්‍යයම හැරදා එAමෙන් නෛශ්කර්ම පාරමිතාව සාක්‌ෂාත් විය. මා ලබා ගැනීම සඳහා නොයෙක්‌ නොයෙක්‌ කර්මාන්තයන්හි යෙදීමෙන් ප්‍රඥා පාරමිතාව සාක්‌ෂාත් විය. මා පතා අනේක විඳ දුක්‌ කරදර පීඩාවන්ට මුහුණ දීමෙන් වීර්යය පාරමිතාව සාක්‌ෂාත් විය. මේ සියල්ල ඉවසා මා හට අබ මල් රේණුවක තරමින් හෝ වෛර ක්‍රෝධ නොකර සිටීමෙන් ක්‌ෂාන්ති පාරමිතාව සාක්‌ෂාත් විය. මා හැර වෙන් කිසිවකු නොපතා මා පතා සිටීමෙන් අධිෂ්ඨාන පාරමිතාව සාක්‌ෂාත් විය. මා පතා ආ රාජ්‍ය නායකයන් සත් දෙනාට ක්‍රෝධ නොකර සිටීමෙන් මෛත්‍රී පාරමිතාව සාක්‌ෂාත් විය. මේ සියල්ල දෙස උපේක්‌ෂාවෙන් බලා සිටීමෙන් උපේක්‌ෂා පාරමිතාව සාක්‌ෂාත් විය. භාග්‍යවත් බුදුරජාණන් වහන්ස ප්‍රභාවතිය ලෙස මාගේ මෙම නොමනා හැසිරීමෙන් පවා ඔබ වහන්සේගේ ලොව්තුරා බුද්ධත්වයට පත්වීමේ උදාර පරමාර්ථයට යහපතක්‌ වූ බැවින් මා අත වරද නැත. ඒ හැරත් ඒ සියල්ල ජයගෙන මාගේ ආදරය දිනා මා අත්පත්කරගත් කල

    යා ඉමා රත්තා අනික්‌කන්ථා

    තා බමා දේව තයා වතා

    වන්දේ තේ සිරසා පාදෙ

    මාමේ කුජක්‌ධ රවේ සභා

    යනුවෙන් ඔබ දෙපා වැඳ මා එදා සමාව ගත් මා අත වරද නැත.

    භාග්‍යවතුන් වහන්ස බන්ධනාගාර ජාතකයේදීද මා ඔබ වහන්සේගේ දයාබර භාර්යාව වූයෙමි . ඔබ වහන්සේ අපගේ කුළුඳුල් දරුවා බිහිවන්නට සිටියදීම තපස්‌ රැකීම සඳහා මා අතහැර යන්න සූදානම් වූ විට කුස තුළ හොත් දරුවා බිහි වූ පසු යන ලෙස ඉල්ලා මා ඔබව වළකාලන ලදී. දරුවා බිහිවූ පසු දරුවා බත් කන තුරු සිටින ලෙස ඇවිටිලි කර ඒ ගමන වැළක්‌වූයෙමි. ළමයාට බත් කැවූ පසු බහ තෝරන තෙක්‌ සිටින ලෙස ඉල්ලා ගමන වැලක්‌වූයෙමි. දරුවා බහ තෝරන්නට ගත් පසුද මා ඔබ වහන්සේගේ ගමන වැලක්‌වූයෙමි. පසුව ඔබ වහන්සේ මට නොදන්වාම තපසට ගියේය. එහෙත් ස්‌වාමිනි ඒ සියල්ල සිදුවූයේ ඔබ වහන්සේගේ නෛශ්කර්ම පාරමිතාව උදෙසා බැවින් මා අත වරද නැත.

    භාග්‍යවතුන් වහන්ස කුම්බකාර ජාතකයේද මම ඔබවහන්සේගේ දයාබර බිරිඳ වූයෙමි. එකල ඔබවහන්සේ හා මා පසේ බුදුවරයකුගේ ධර්ම දේශනාවක්‌ ඇසීමෙන් පසු අප දෙදෙනාටම පැවිදි වීමට සිත්විය. ඔබ වහන්සේ පළමුව පැවිදිවීමට ගත් උත්හාසහට මා එදා වළකා මාහට පළමුව පැවිදි වීමට අවශ්‍ය විය. ඔබ වහන්සේ ඒ සඳහා අවසර නොදුන් කළ මා වතුර කළයක්‌ ගෙන එන තෙක්‌ අප බිලිඳා බලාගන්නා ලෙස කියා බිළිඳා ඔබ අතට දී ඔබ මුළාකර ගොස්‌ මා කලින් පැවිදි වූවාය. බුදුරජාණන් වහන්ස ඒ මාගේ චපල ගතියක්‌වත් ඔබ වහන්සේ තනිකර යැමේ අදහසකින් වත් නිසා නොව මේ සංසාර සාගරයේ සසර කෙටි කර ගැනීම සඳහා මා තුළ තිබූ අභිලාශය නිසාය. එම නිසා එදා ද මා ඔබට ෙද්‍රdaහි නොවූ බැවින් මා අත වරද නැත.

    භාග්‍යවත් බුදුරජාණන් වහන්ස අභ්‍යන්තර ජාතකයෙහි මා බරණැස්‌ මහ රජතුමාගේ බිරිඳව උපත ලබා සිටියාය. තාපස නායකයකු වූ ඔබවහන්සේ තවත් ගෝල තාපසයින් 500 ක්‌ සමග අප රාජ්‍ය උයනෙහි භාවනාවෙහි යෙදුණෝය. ඔබ වහන්සේගේ සිල්වත් භාවය ගැන ඊර්ෂ්‍යා කළ සක්‌දෙව් රජ ඔබ වහන්සේ එළවා දැමීම සඳහා කුමන්ත්‍රණයක්‌ දියත් කළෝය. ඒ අනුව රාජකීය අඹ උයනෙහි ඇති අභ්‍යන්තර අඹ ගසෙහි අභ්‍යන්තර අඹ කෑ විට උපදින කුමාරයා සක්‌විති රජවන බව පවසා මා මුලා කළාය. මා අභ්‍යන්තර අඹ කෑමට දොළක්‌ උපන් බව රජතුමාට දැන්වූවිට සේවකයන් අඹ සොයා යන අතරේ සක්‌දෙව් රජ අඹ සියල්ල කඩා ඉවත් කිරීමට රහසිගතව කටයුතු යොදා තිබී ඇත. රාජකීය අඹ උයනේ අඹ වළට සිදුවුයේ කුමක්‌දැයි රජතුමා සොයා බැලූවිට සේවකයන් රජතුමාට පවසා සිටියේ ඔබගේ උසිගැන්වීම මත නායක තාපසතුමා ඇතුළු තාපසවරුන් අඹ කා විනාශ කර ඇති බවය. උරණවූ රජතුමා ඔවහන්සේ ඇතුළු සියලු තාපසවරුන් රාජකීය අඹ උයනෙන් එළවා දැමුවෝය. මේ සියල්ල සිදුවූයේ සක්‌දෙව් රජුගේ කූට කුමන්ත්‍රණය නිසා මා අත වරද නැත.

    එසේම ස්‌වාමීනි, මා ඔබ වහන්සේගේ බිසව නොවූ අවස්‌ථාද සසරෙහි තිබිණි. මා ඉහතින් ප්‍රකාශ කළ අහ්‍යන්තර ජාතකයේ මෙන්ම සුසීම ජතකයේද මාගේ ස්‌වාමි පුරුෂයා වූයේ ඔබ වහන්සේ නොව වෙනත් රජවරුන්ය. ස්‌වාමීන් වහන්ස ඒ මා ඔබවහන්සේට අකමැති නිසා හෝ ෙද්‍රdaහී වීමක්‌ නිසා සිදුවීමක්‌ නොව සංසාර සාගරයේ හැටිය. එනිසා එහිදීද මා අතින් වරක්‌ සිදුවූයේ නැත.

    භාග්‍යවත් බුදුරජාණන් වහන්ස මෙම වර්තමාන භවයේදී ද මා අතින් ඔබ වහන්සේට කිසිදු වරදක්‌ සිදුනොවුණ බව මට විශ්aවාසය. එම නිසා මේ භවයේදී හෝ සංසාර සාගරයේදී මා අතින් අබමල් රේණුවක්‌ තරම් හෝ වරදක්‌ වූවා නම් මට අවසාන වරට සමාවදී අද මධ්‍යම රාත්‍රියේදී පිරිනිsවන්පෑමට අවසර දෙන ලෙස ඔබ වහන්සේගේ ශ්‍රී පාදය නමස්‌කාර කර ඉල්ලා සිටිමි.

    මෙම පාපොච්චාරණයෙන් පසු සම්මා සම්බුදු රජාණන් වහන්සේ එදින රාත්‍රියෙහිදී ප්‍රාතිහාර්යය පෙළහරක්‌ පා අනතුරුව පිරිනිවන් පෑමට ඇයට අවසර දුන්සේක.


    http://www.divaina.com/images/bud15jan/bud16.html

    මේ කථා අහද්දී ඇඟේ හිරිගඩු පිපෙනවා. සිදුහත් කුමරුගේත් යශෝධරා දේවියගේත් ආදර කතාව එක්ක බලද්දී රෝමියෝ ජුලියට් වගේ කථා කොච්චර ලාමකද කියල හිතෙනවා.
     
    Last edited: