ආක්‍රමණයට ඉඩ නොදෙමු
ආක්‍රමණයට ඉඩ නොදෙමු
SAITM හා වෙනත් ප්‍රශ්න අතරේ හෙමින් සීරුවේ කරගෙන යන වැඩ මේවා තමා
https://www.facebook.com/550235091746278/videos/930576903712093/
ගෝකණ්‌ණ හෙවත් ත්‍රිකුණාමල වරාය පිළිබඳ ඉතිහාසය ක්‍රි.පූ. හයවැනි සියවස දක්‌වා අතීතයට ඇදීයති. පුරාතනයේ සිට වර්තමානය දක්‌වාම ශ්‍රී ලංකාවට සුවිශාල මෙහෙයක් ඉටු කළ වරායක් වන්නේ ත්‍රිකුණාමල වරායයි. බුදුරදුන්ගේ ශාක්‍යවංශය නෑකම් කියන භද්දකච්චායනා කුමාරි ඇතුළු පරිවාර ස්‌ත්‍රීන් ද මෙරටට ගොඩ බැස ඇත්තේ ත්‍රිකුණාමල වරායෙනි.
අතීතයේ දී බොහෝ ඉන්දියානුවෝ මේ වරාය හරහා ලංකාවට පැමිණ ඇත. භද්දකච්චායනා කුමාරියත් එවැනි එක් අයෙකි. නමුත් මේ සුවිශේෂි වරාය ඉන්දියාවට පවරා දීමට ආණ්‌ඩුව සූදානම් වීම අනුමත කළ හැකිද? මෙය සැබැවින්ම මවුබිම පාවා දීමක් නොවේද?
ලොව හොඳම ස්‌වාභාවික වරායන් අතරින් දෙවන ස්‌ථානය හිමිවන මේ වරාය කොළඹ වරාය මෙන් දසගුණයක මුහුදු හා ගොඩ බිම් ප්‍රදේශයක් පුරා පැතිර ඇති බව රහසක් නොවේ. නමුත් යහපාලන ආණ්‌ඩුව මේ උරුමය මෝදි ආණ්‌ඩුවට පවරන්නට යන්නේ කවර හේතුව නිසාද? ජාත්‍යන්තර වෙසක් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ලංකාවට පැමිණෙන නරේන්ද්‍ර මෝදි අගමැතිවරයාට ලබාදෙන තෑග්ග වන්නේ ත්‍රිකුණාමල වරාය හා තෙල් ටැංකිද?
ඊයේ දිවයින පුවත්පතේ ප්‍රධාන ශීර්ෂ පාඨය වූයේ ඉන්දියාවට ත්‍රිකුණාමල වරාය හා තෙල් ටැංකි ලබාදීමේ තීරණය පිsළිබඳ පුවතකි. හම්බන්තොට වරාය චීනයට ලබාදීම ගැන උරණව සිටින දිල්ලි ආණ්‌ඩුව සනසන්නේ ත්‍රිකුණාමලය පැවරීම තුළින්ද? එවිට මෙරට ජනතාව සැනසෙන්නේ කෙසේද? ඉන්දියාවත් චීනයත් සතුටු කිරීම හැර යහපාලන ආණ්‌ඩුව ජනතාව වෙනුවෙන් ඉටු කළේ කවරක්‌ද? ත්‍රිකුණාමලයත් හම්බන්තොටත් පිටරැටියන්ට පවරාදී අවසානයේ මෙරට ආණ්‌ඩුවට ඉතුරුවන්නේ ඕලුවිල් වරාය පමණක්‌ද ? මෙවැනි මහාර්ඝ සම්පත් විදේශිකයන්ට පවරා ලක්‌වැසියන් දීන ජාතියක් බවට පත් කරන්නට උත්සාහ කරන මොලකරුවෝ කවුරුන්ද? ත්‍රිකුණාමලය ඉන්දියාවට පැවරීම සැබැවින්ම ජාතික ආරක්‌ෂාවට තර්ජනයක් නොවන්නේද? රෝ ඔත්තුකරුවෝ මෙරට දේශපාලන කැළඹීම් ඇති කරති. ආණ්‌ඩු වෙනස් කරති. ත්‍රිකුණාමලයත් දිල්ලියට පැවරූවිට මොවුන් කවර නැටුමක් නටයිද? ක්‍රි.පූ. දෙවැනි සියවසේදී අසේල රජු මරා ලංකාවේ බලය අත්පත්කර ගත් එළාර ප්‍රමුඛ සේනාව මෙරටට ගොඩ බැස ඇත්තේ ත්‍රිකුණාමලය වරායෙන් බව රාජාවලියේ සඳහන් වේ. යළිත් එළාර බලවේගවලට ත්‍රිකුණාමලය ලබාදීම කෙසේනම් අනුමත කරමුද? එයින් සිදු වන්නේ ඉන්දියානු ආක්‍රමණය තවදුරටත් තහවුරු වීම නොවේද? උතුරු නැගෙනහිර ගාන්ධි පිළිම පිහිටුවීම මෙරට ඉන්දියානු තානාපති කාර්යාලයේ අනුග්‍රහයෙන් සිදු වේ.
එය සංස්‌කෘතික ආක්‍රමණයකි. ත්‍රිකුණාමල වරාය භාරත මාතාවට පිදීමෙන් සිදු වන්නේ කුමක්‌ද?
ආර්ථික ආක්‍රමණයට ඉඩ සැලසීම නොවේද? මේ හරහා අවසානයේ ලංකාව ඉන්දියාවේ තවත් එක් ප්‍රාන්තයක් වීමට ඉඩ දිය යුතුද? එනිසා ත්‍රිකුණාමලය විජාතිකකරණය කිරීමට එරෙහිව සියලු දෙනා පෙළ ගැසිය යුතුය.

Last edited: