ඉන්ෂුවරන්ස් කොම්පැනි ලාබ ලබන්නෙ no Claim වලින්ද?

AnuradhaRa

Well-known member
  • දැං ඔය ඇමරිකාවෙ එහෙම නිදහස් සෞඛ්‍යයක් නෑනෙ
    මිනිස්සු සේරම කරගන්නෙ ඉන්ෂුවරන්ස් වලින් නේද

    එතකොට ඉන්ෂුවරන්ස් කොම්පැනියට අතින් පාඩුයිනෙ

    රක්ෂණයක් මිල දී ගත යුත්තේ ඇයි?

    මෙම වසරේ (2025) පළමු කාර්තුව තුළ රක්ෂණ සේවා සැපයීම් වල 17.4%ක වර්ධනයක් දකින්න තිබෙනවා. ඒ පෙර වසර (2024) තුළ සිදු වූ 14.0%ක හැකිලීමකින් පසුව. රක්ෂණ ගිවිසුමක් මිල දී මිල දී ගැනීම කෙනෙකුගේ ප්‍රමුඛතාවයක් වන්නේ ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස වැනි මූලික අවශ්‍යතා වලින් පසුවයි. රක්ෂණ සේවා අංශය ප්‍රසාරණය වෙමින් තිබීමෙන් පෙනෙන්නේ ආර්ථිකය නැවත පණ ගසා නැගිටිමින් තිබෙන ආකාරයයි. එය සිදු වෙන්නේ ඉහළ මට්ටමක තිබුණු පොලී අනුපාතික නැවතත් සාමාන්‍ය මට්ටමකට පැමිණීම සහ රටේ දේශීය ඉල්ලුම ඉහළ යාමට සමාන්තරවයි.
    යමෙක් රක්ෂණ ගිවිසුමක් මිල දී ගත යුත්තේ ඇයි?

    මේ ගැන කතා කරන්න කලින් මුලින්ම රක්ෂණ ගිවිසුමකින් සිදු වන්නේ කුමක්ද කියන එක පැහැදිලි කර ගත යුතුයි. රක්ෂණ ගිවිසුමක් මිල දී ගන්නා අයෙකු විසින් කරන්නේ තමන්ට මුහුණ දෙන්නට සිදු වන කිසියම් අවදානමක් වෙනත් අයෙකුට (අදාළ රක්ෂණ සමාගමට) පැවරීම සහ එම අවදානම තමන්ගෙන් ඉවත් කර භාර ගැනීම වෙනුවෙන් මිලක් ගෙවීමයි.

    අනාගතයේ සිදු විය හැකි ප්‍රතිඵලය අවිනිශ්චිත දෙයක් අපට අවදානමක් සේ හඳුනා ගන්න පුළුවන්. එසේ වුවත්, ආර්ථික විද්‍යාවේදී අවදානම් (risk) සහ අවිනිශ්චිතතා (uncertainty) ලෙස හඳුන්වන්නේ ප්‍රවර්ග දෙකක්. සෑම ආකාරයකම අවිනිශ්චිතතා අවදානම් සේ හඳුනා ගැනෙන්නේ නැහැ. අවදානමක් සේ හඳුනා ගන්නේ සිදු විය හැකි ප්‍රතිඵලය අවිනිශ්චිත වුවත්, සිදු වීමේ කිසියම් සම්භාවිතාවක් ඇති ප්‍රතිඵල මොනවාද කියාත්, අදාළ ප්‍රතිඵල ලැබීමේ සම්භාවිතා ගැනත් දැනුමක් ඇති තත්ත්වයනුයි. එවැනි පූර්ව දැනුමක් නැත්නම් එය අවිනිශ්චිතතාවයක් ලෙස මිස අවදානමක් ලෙස හඳුනා ගැනෙන්නේ නැහැ.

    උදාහරණයක් ලෙස කාසියක් උඩ දැමූ විට ලැබෙන ප්‍රතිඵලය කුමක්ද කියා කිසිවෙකුට කලින් කියන්න බැහැ. නමුත් එම ප්‍රතිඵලය සිරස හෝ අගය බව කියන්න පුළුවන්. ඒ වගේම සිරස හෝ අගය වැටීමට තිබෙන සම්භාවිතාව 1/2 බැගින් බවත් කියන්න පුළුවන්. ඒ වගේම, කැට ක්‍රීඩාවේදී කිසියම් අගයක් වැටෙන්න ඉඩ තිබෙන සම්භාවිතාව 1/6ක් බව අපි කලින්ම දන්නවා. නමුත් වැටෙන අගය හරියටම දන්නේ නැහැ. මෙහිදී කාසියක් උඩ දමන්නෙකු හෝ කැට ක්‍රීඩාවේ යෙදෙන්නෙකු මුහුණ දෙන තත්ත්වය අවදානමක් ලෙස පහසුවෙන්ම හඳුනා ගන්න පුළුවන්.

    බොහෝ ප්‍රායෝගික තත්ත්වයන් වලදී අවදානම් සහ අවිනිශ්චිතතා අතර තිබෙන්නේ සියුම් වෙනසක්. බැංකුවක් ණයක් දුන විට එම ණය ගිවිසුම් පරිදි ආපසු ලැබෙන්න හෝ නොලැබෙන්න පුළුවන්. පූර්ව දත්ත ඇසුරෙන් දුන් ණයක් ආපසු නොලැබීමේ සම්භාවිතාව ගණනය කරන්න පුළුවන්. මෙම සම්භාවිතාව සෑහෙන තරම් නිවැරදිව ඇස්තමේන්තු කළ හැකිනම්, එය අවදානම් තත්ත්වයක් ලෙස හඳුනාගන්න පුළුවන්. නමුත් ණය පැහැර හැරීමේ සම්භාවිතාව ගැන නිවැරදි තක්සේරුවක් නැත්නම් එය අවිනිශ්චිතතා තත්ත්වයක්.

    අවදානම් තත්ත්වයන් විශ්ලේෂණය කිරීම සාපේක්ෂව පහසුයි. අවිනිශ්චිතතා තත්ත්වයන් විශ්ලේෂණය කිරීම ඊට වඩා සංකීර්ණයි.

    ලැබෙන්නට ඉඩ තිබෙන විවිධ ප්‍රතිඵල දන්නා නමුත් අදාළ සම්භාවිතාව මිස ප්‍රතිඵලය හරියටම නොදන්නා තත්ත්වයන් ආර්ථික විද්‍යාවේදී ලොතරැයි ලෙස පොදුවේ හඳුන්වනවා. මෙහිදී ලැබෙන්නට ඉඩ තිබෙන ප්‍රතිඵලය වාසියක් හෝ අවාසියක් වෙන්න පුළුවන්.

    සමහර වෙලාවට අපි "මිනිහට මාර ස්වීප් එකක් ඇදුනනේ!" කියලා කියද්දී එයින් අදහස් කරන්නේ අනපේක්ෂිත වාසියක් ගැනයි. නමුත් "අපිට ඇදුනොත් ඇදෙන්නේ ඉතිං ඔය වගේ ස්වීප් එකක් තමයි!" කියා කියද්දී එයින් අදහස් කරන්නේ අනපේක්ෂිත පාඩුවක් පිළිබඳවයි. ඔය යෙදුම් දෙකේම ආර්ථික විද්‍යාවේදී භාවිතා වෙන ලොතරැයි කියන අර්ථය තිබෙනවා.

    රක්ෂණ ගිවිසුමක් මිල දී ගන්නා අයෙක් එහිදී කරන්නේ තමන්ට මුහුණ දෙන්න සිදු වී තිබෙන අවදානමක් මුදල් ගෙවා බැහැර කිරීම කියලා කලින් කිවුවනේ. එය හරියට මුදල් ගෙවා කුණු බැහැර කරනවා වගේ වැඩක්. කෙනෙක් මුදල් ගෙවා බැහැර කරන්නේ තමන් තියා ගන්න අකැමැති දෙයක්. ඒ නිසා, රක්ෂණ ගිවිසුමක් මිල දී ගන්නා අය එහිදී බැහැර කරන්නේ තමන් ළඟ තියා ගන්න කැමති නැති අවදානමක්.

    පොදුවේ ගත්තහම ගොඩක් අය අවදානම් වලට කැමති නැහැ. නමුත් හැමෝම ඒ ගොඩේ නැහැ. අවදානම් වලට කැමති අයත් ඉන්නවා. එවැනි අය අවදානම් වෙනුවෙන් මිලක් ගෙවන්න වුනත් කැමතියි. සාමාන්‍යයෙන් පුද්ගලයින් අවදානමට කැමති අය සහ අවදානමට අකැමැති අය ලෙස වර්ග කරන්න පුළුවන්. මේ ලක්ෂණ කුඩා කාලයේ සිටම පුද්ගලයින් වෙතින් ප්‍රදර්ශනය වෙනවා.

    පාසැල් කාලයේදී සමහර අය බයිසිකල් පදින ගමන් එහි ඉදිරි රෝද ඔසොවන එක වගේ දේවල් කරනවා. ඒ අවදානමට කැමති අය. නමුත් බයිසිකලයක් පදින්න පවා බය අයත් ඉන්නවා. අවදානමට කැමති අය සහ අවදානමට අකැමැති අය ලෙස පුද්ගලයින් වර්ග කළ හැකි වුනත්, සන්දර්භය අනුව පුද්ගලයෙකු සිටින ගොඩ වෙනස් වෙන්න පුළුවන්. සමහර තත්ත්වයන් යටතේ කැමැත්තෙන්ම අවදානම් ගන්න සමහර අය වෙනත් තත්ත්වයන් යටතේදී අවදානම් ගන්න බය වෙනවා.

    ලොකු සැඩ පහරක් දැක දැක ඒ හරහා පීනන්න ඉදිරිපත් වෙන්නේ එක්කෝ පීනන්න හොඳටම දක්ෂ කෙනෙක්. එහෙම නැත්නම් තමන් කරන්න යන වැඩේ තිබෙන අවදානම ගැන නිසි අවබෝධයක් නොමැති කෙනෙක්. බරපතල වගකීම් භාර ගනිද්දීත් ඔය තත්ත්වයන් දෙකම දකින්න පුළුවන්.

    සාමාන්‍ය කරුණක් ලෙස ඔබ අවදානම් වලට කැමති කෙනෙක්ද නැත්නම් අකැමැති කෙනෙක්ද?

    මෙය තේරුම් ගැනීම සඳහා අපි සරල ක්‍රීඩාවක් ගැන සිතමු. මෙය කාසිය උඩ දැමීමේ ක්‍රීඩාවක්. සිරස වැටුනොත් ඔබට රුපියල් 2000ක් ලැබෙනවා. අගය වැටුනොත් කිසිවක් ලැබෙන්නේ නැහැ. ක්‍රීඩාවට සහභාගී වීම සඳහා රුපියල් 1000ක් අය කරන්නේනම් ඔබ මේ ක්‍රීඩාවට සහභාගී වෙනවාද?

    මේ ක්‍රීඩාව එක දිගටම කළොත් අවසාන වශයෙන් ඔබ දිනන්න හෝ පරදින්න තිබෙන්නේ සමාන ඉඩක්. අවසාන වශයෙන් ඉතිරි වෙන්නේ ක්‍රීඩාවට සහභාගී වීමේ විනෝදය පමණයි. එය මුළුමනින්ම නොවුනත් බොහෝ දුරට අවදානමක් ගැනීම නිසා ලැබෙන විනෝදයක්. සාමාන්‍යයෙන් සූදු ක්‍රීඩා වලට සහභාගී වන්නේ ඒ විදිහට අවදානමක් ගැනීමෙන් සතුටක් ලබන අය.

    අවදානමක් ගැනීමෙන් සතුටක් ලබන අය ඒ වෙනුවෙන් මිලක් ගෙවන්න වුනත් පැකිලෙන්නේ නැහැ. උදාහරණයක් ලෙස ඉහත ක්‍රීඩාව සඳහා සහභාගී වීමට රුපියල් 1100ක් අය කළත් ඇතැම් අය ක්‍රීඩාවට සහභාගී වෙනවා. මෙහිදී සෑම ක්‍රීඩා වාරයක් අවසානයේදීම ක්‍රීඩාව මෙහෙයවන්නාට රුපියල් 100ක වාසියක් ලැබෙනවා. එහිදී වෙන්නේ ක්‍රීඩා කිරීමේ විනෝදයත් එක්කම අවදානම විකිණීමක් කියා කියන්න පුළුවන්. සමහර "භයානක" ක්‍රීඩා ප්‍රචලිතව තියෙන්නේම අවදානම ගන්න කැමති අය අවදානමක් ගැනීම වෙනුවෙන් මිලක් ගෙවන්න කැමති නිසා.

    නමුත් පොදුවේ ගත්තහම සමාජයක ඉන්න වැඩි දෙනෙක් ඔය ගොඩේ ඉන්න අය නෙමෙයි. ගොඩක් අය අවදානම් වලට කැමති නැහැ. එවැනි අයට සූදු ක්‍රීඩා වගේ දේවල් වලට සහභාගී නොවී ඉන්න පුළුවන් වුනත්, සමහර "ක්‍රීඩා අවස්ථා" ඒ විදිහට නොගෙන ඉන්න බැහැ. ජීවත් වෙනවා කියන්නෙම අවදානම් සූදුවක් ක්‍රීඩා කරන එක.

    කාලගුණ තත්ත්වයන් එක්ක වී අස්වැන්න වැඩි වෙන්න හෝ අඩු වෙන්න පුළුවන්. වී මිල අඩු වෙන්න හෝ වැඩි වෙන්න පුළුවන්. මැද පෙරදිග තත්ත්වයන් එක්ක තෙල් මිල වැඩි වෙන්න පුළුවන්. පාරේ යද්දී මාර්ග අනතුරක් සිදු වෙන්න පුළුවන්. ඔය විදිහේ සමහර අවදානම් සූදුවට යනවා වගේ තෝරා ගැනීමක් හෝ මිල දී ගන්නා දෙයක් නෙමෙයි.

    සෑම අවදානමක්ම බැහැර කරන්න බැහැ. කෙනෙක් හදිසියේ මිය ගියොත් ඔහුගේ හෝ ඇයගේ දරුවන්ට මවක් හෝ පියෙකු නොමැති වීමේ අඩුව වෙනත් අයෙකුට ඒ විදිහටම පුරවන්න බැහැ. නමුත් එහිදී සිදු වන මූල්‍ය පාඩුව වෙනත් අයෙකුට පුරවන්න පුළුවන්. පොදුවේ ගත් විට මූල්‍ය පාඩුවක් සිදු වීමේ අවදානම මුදල් ගෙවා බැහැර කරන්න පුළුවන්. රක්ෂණ ගිවිසුමක් හරහා සිදු වෙන්නේ ඒකයි.

    රක්ෂණ ගිවිසුමක් ඔබට ඉදිරිපත් කරන රක්ෂණ සමාගමක් විසින් එසේ කරන්නේ ලාබයක් ලැබීමට මිසක් ඔබට තිබෙන ආදරයකට නෙමෙයිනේ. ඒ නිසා, රක්ෂණ සමාගමක් මේ වැඩේ පාඩුවට කරන්නේ නැහැ. අපි හිතමු වාහන රක්ෂණයක් ගැන. රක්ෂණ සමාගමක් වාහන රක්ෂණ ගිවිසුමක මිල තීරණය කරන්නේ කොහොමද?

    අපි හිතමු රක්ෂණ ගිවිසුම් මිල දී ගන්නා අයගෙන් 5%ක් කුමක් හෝ හානි පූරණ ඉල්ලීමක් කරනවා කියලා. ගෙවන්න සිදු වන සාමාන්‍ය මුදල රුපියල් 200,000ක් කියලා හිතමු. පැරණි දත්ත ඇසුරෙන් මේ ගණන් හොයා ගන්න පුළුවන්.

    මෙයින් අදහස් වෙන්නේ ගිවිසුම් සීයක් අත්සන් කරද්දී එයින් පස් දෙනෙක් හානි පූරණ ඉල්ලීමක් කරනවා කියන එකයි. ඒ එක්කෙනාට රුපියල් ලක්ෂ දෙක බැගින් ගෙවන්න රුපියල් මිලියනයක මුදලක් වැය වෙනවා. ඒ මුදල හොයා ගැනීම සඳහා ඒ අයෙකුගෙන් රුපියල් 10,000 බැගින් අය කරන්න වෙනවා.

    හැබැයි ඔය විදිහට රුපියල් මිලියනයක් එකතු කරගෙන අනෙක් අතට බෙදලා දමනවා කියන්නේ අතින් කාලා හරක් බලනවා වගේ වැඩක්නේ. එතකොට සමාගමේ සේවකයින්ගේ පඩිනඩි, කොමිස් මුදල්, අනෙකුත් වියදම් ආවරණය වෙන්නේ කොහොමද? ඔය ඔක්කොම වියදම් වලින් පස්සේ ලාබයක් ගන්නත් වෙනවනේ. ඒ නිසා, රක්ෂණ ගිවිසුමක් තරමක් වැඩියෙන් මිල කරන්න වෙනවා. එම මුදල රුපියල් 15,000ක් පමණ වෙන්න පුළුවන්.

    දැන් ඔබ රුපියල් 15,000ක මුදලක් ගෙවලා රක්ෂණ ගිවිසුමක් මිල දී ගත් විට ඔබට එයින් ලැබෙන්න නියමිත අපේක්ෂිත වාසිය ඊට වඩා අඩු මුදලක්. ඊට හේතුව, අනෙකුත් අමතර වියදම් හා සමාගමේ ලාබ ආදියද ඒ මුදල තුල ඇතුළත්ව තිබීමයි. එහෙමනම්, රක්ෂණ ගිවිසුම් කියන්නේ මිල දී නොගත යුතු දෙයක්ද?

    මෙය තීරණය වන්නේ ඔබ අවදානම් වලට කොපමණ අකැමැතිද කියන එක මතයි. රුපියල් ලක්ෂයක පාඩුවක් සහ රුපියල් ලක්ෂයක ලාබයක් ඔබට දැනෙන්නේ එක විදිහටද? රුපියල් ලක්ෂයේ පාඩුව නිසා ඔබට දැනෙන දුක රුපියල් ලක්ෂයක වාසියකින් පහසුවෙන්ම කැපී යනවානම් ගොඩක් වෙලාවට ඔබට රක්ෂණ ගිවිසුමක් ආකර්ශනීය වන එකක් නැහැ. නමුත් බොහෝ දෙනෙකුට රුපියල් ලක්ෂයක පාඩුවක් දැනෙන තරමටම රුපියල් ලක්ෂයක වාසියක් දැනෙන්නේ නැහැ. ඒ දුක තුනී වෙන්නනම් රුපියල් ලක්ෂ එක හමාරක හෝ දෙකක වාසියක් වෙන්න ඕනෑ. ඔබත් ඒ විදිහේ කෙනෙක්නම් රක්ෂණයක් ඔබට වාසිදායකයි.

    (මේ සටහන ලිවුවේ පාඨකයෙක් පෞද්ගලිකව අහපු ප්‍රශ්නයක් නිසා)
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,315
    113
    Mother Earth
    ගොඩක් වෙලාවට යැපෙන්නෝ නැති අය [තනියෙන් ජීවත් වෙන අය(අපේ scurvy වගේ අය)] ඉන්ෂුරන්ස් කොම්පැනි වලින් අභිරහස් විදිහට මරලා දානවා. එතකොට no claim නිසා කොම්පැනියට සුද්ද ලාබෙ. 🤷🏻‍♂️
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,895
    113
    දැං ඔය ඇමරිකාවෙ එහෙම නිදහස් සෞඛ්‍යයක් නෑනෙ
    මිනිස්සු සේරම කරගන්නෙ ඉන්ෂුවරන්ස් වලින් නේද

    එතකොට ඉන්ෂුවරන්ස් කොම්පැනියට අතින් පාඩුයිනෙ
    ඔව්, insurance තියෙන හැම එකාම claim කර්නනෙ නෑ. මම අවුරුදු 7ක් අරන් ගිය අවුරුද්දේ තමා claim කලේ මුල් පාරට. අනිත් එක ආතල් එකට claim කරන්නත් බැරි කරලා තියෙනවා. උදා: වාහනේ පරනයි නම් අලුත් කෑලි වලට ෆුල් ගාන කවර් කරන්නෙ නෑ.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,189
    1
    58,564
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රක්ෂණ සමාගමක ලාභය සඳහා එකම සම්මත සූත්‍රයක් නොමැත, මන්ද එය ඔවුන්ගේ ව්‍යාපාර ආකෘතිය, වියදම් සහ ආදායම් මාර්ග මත රඳා පවතී. කෙසේ වෙතත්, ලාභය පහත පරිදි සරලව ප්‍රකාශ කළ හැක:

    Code:
    ලාභය = උපයන ලද වාරික + ආයෝජන ආදායම - සිදුවූ පාඩු - මෙහෙයුම් වියදම් - බදු

    විග්‍රහය:
    1. උපයන ලද වාරික: ප්‍රතිපත්ති හිමියන්ගෙන් එකතු කරන ලද වාරිකවල ආවරණ කාලයට අනුරූප වන කොටස (උදා: ප්‍රතිපත්තිය මාස 6ක් ක්‍රියාත්මක නම්, මාස 6ක වාරික පමණක් "උපයන ලද" ලෙස සැලකේ).
    2. ආයෝජන ආදායම: රක්ෂණකරුවන් වාරික බැඳුම්කර, බඩු, හෝ වෙනත් වත්කම්වල ආයෝජනය කර ප්‍රතිලාභ උපයයි.
    3. සිදුවූ පාඩු: ප්‍රතිපත්ති හිමියන්ට ගෙවන ලද හිමිකම්, ඒ සඳහා අනාගත හිමිකම් සඳහා වෙන් කර ඇති සංචිත ඇතුළත්.
    4. මෙහෙයුම් වියදම්: වැටුප්, අලෙවිකරණය, රක්ෂණ ලිවීම, සහ පරිපාලනය වැනි වියදම්.
    5. බදු: අදාළ ෆෙඩරල්, රාජ්‍ය, හෝ පළාත් බදු.
     

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,001
    1,281
    113
    දැං ඔය ඇමරිකාවෙ එහෙම නිදහස් සෞඛ්‍යයක් නෑනෙ
    මිනිස්සු සේරම කරගන්නෙ ඉන්ෂුවරන්ස් වලින් නේද

    එතකොට ඉන්ෂුවරන්ස් කොම්පැනියට අතින් පාඩුයිනෙ
    ලංකාවේ වගේ ලාබෙට ඉන්සුරන්ස් ණෑ ඇමරිකාවේ . international medical කවර් වල ගණන් බලපන්, US , Canada කවර් කරනවා නම් පට්ට ගණන් . . ලංකාවේ රුපියල් එක්ක හැරෙන්නවත් බෑ .
     
    • Wow
    Reactions: Yin And Yang

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,956
    11,401
    113
    Kiwwa bn. High risk lu MN. Hema awuruddema claim giya mage mkk hari.
    Ithin high risk nam premium gahtthe ay un?

    Kiwwa bn. High risk lu MN. Hema awuruddema claim giya mage mkk hari.
    Unba kiyapan mama mewa facebook elakiri daanawa, naduth yanawa puluwan nam, paribogika adhikariyata dhanwanawa kiyapan
    ------ Post added on Jun 24, 2025 at 11:08 AM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    එතකොට ඉන්ෂුවරන්ස් කොම්පැනියට අතින් පාඩුයිනෙ

    එහෙම පාඩුවක් නෑ. පට්ට ලාබයි.

    ගොඩක් අය ජීවිත කාලෙ ගෙවල තියෙන සම්පූර්ණ ගානෙන් 10% ක වත් treatments අරනි නැතුව ඇති
     

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,001
    1,281
    113


    Unba kiyapan mama mewa facebook elakiri daanawa, naduth yanawa puluwan nam, paribogika adhikariyata dhanwanawa kiyapan
    ------ Post added on Jun 24, 2025 at 11:08 AM

    Ithin high risk nam premium gahtthe ay un?


    Unba kiyapan mama mewa facebook elakiri daanawa, naduth yanawa puluwan nam, paribogika adhikariyata dhanwanawa kiyapan
    ------ Post added on Jun 24, 2025 at 11:08 AM
    මූ කියල තියෙන්නේ මුගේ රින්වල් එකේදී ඊළග අවුරුද්දට කවර් එක දෙන්න බෑ කිව්වා කියල බන් . දැනට තියෙන එක ක්ලෙම් වැඩි කියල කැන්සල් කරලා නෙවෙයි . ඒකට පාරිබෝගික නෙවෙයි , ඔම්බුඩ්ස්මන් ගාවට හරි , උසාවි ගියත් මූට කරන්න පුළුවන් දෙයක් නෑ . මූ සෝෂල් මීඩියා වල ඕක දාගෙන රගන්න ගිහින් කෙලවෙන්නේ මූටමයි . මූට තියෙන ඔප්ෂන් එක වෙනින් ඉන්සුරන්ස් කොම්පැනි එකක ඉන්සුරන්ස් එක දාගන්න එක (ක්ලෙම් history එක declare කරලා )
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,956
    11,401
    113
    මූ කියල තියෙන්නේ මුගේ රින්වල් එකේදී ඊළග අවුරුද්දට කවර් එක දෙන්න බෑ කිව්වා කියල බන් . දැනට තියෙන එක ක්ලෙම් වැඩි කියල කැන්සල් කරලා නෙවෙයි . ඒකට පාරිබෝගික නෙවෙයි , ඔම්බුඩ්ස්මන් ගාවට හරි , උසාවි ගියත් මූට කරන්න පුළුවන් දෙයක් නෑ . මූ සෝෂල් මීඩියා වල ඕක දාගෙන රගන්න ගිහින් කෙලවෙන්නේ මූටමයි . මූට තියෙන ඔප්ෂන් එක වෙනින් ඉන්සුරන්ස් කොම්පැනි එකක ඉන්සුරන්ස් එක දාගන්න එක (ක්ලෙම් history එක declare කරලා )
    Unta insurance denna ba kiyanna ba, premium wadi karala hari denna oney
     

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,001
    1,281
    113
    Unta insurance denna ba kiyanna ba, premium wadi karala hari denna oney
    ඒ උබ දන්නා තරම . තව ටිකක් හොයල බලහන් . රිසක් evaluation එකකින් පස්සේ රිසක් එක accept කරන්න, අමතර කොන්දේසි මත accept කරන්න හෝ සම්පුර්ණයෙන් රිජෙක්ට් කරන්න පුර්ණ අයිතිය රක්ෂණ ආයතනයකට තියෙනවා .
     

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,402
    1,776
    113
    Bangkok
    ඒ උබ දන්නා තරම . තව ටිකක් හොයල බලහන් . රිසක් evaluation එකකින් පස්සේ රිසක් එක accept කරන්න, අමතර කොන්දේසි මත accept කරන්න හෝ සම්පුර්ණයෙන් රිජෙක්ට් කරන්න පුර්ණ අයිතිය රක්ෂණ ආයතනයකට තියෙනවා .
    Insurance broker detected lol
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,056
    15,564
    113
    New Zealand
    ගොඩක් වෙලාවට යැපෙන්නෝ නැති අය [තනියෙන් ජීවත් වෙන අය(අපේ scurvy වගේ අය)] ඉන්ෂුරන්ස් කොම්පැනි වලින් අභිරහස් විදිහට මරලා දානවා. එතකොට no claim නිසා කොම්පැනියට සුද්ද ලාබෙ. 🤷🏻‍♂️
    යකෝ මිනිස්සුන්ව ඔහොම බය කරන්න එපා. :angry:
    ලෝක යුද්ධයක් එයි කියලා මිනිහා ඊයේම කෑම ස්ටොක් කර ගත්තා. දැන් මේක දැක්කම ඇද යට හැංගෙයි
     
    Last edited:

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    ඔය රක්ෂණ සමාගම් ඕවා ආයෝජනය කරලා ලාභ ගන්නවා. ඊළඟට හැම රක්ෂණේටම වන්දි ගෙවන්න වෙන්නේ නෑ. දැන් වාහන රක්ෂණය කරලා වන්දි ගත්තෙ නැත්නම් ඒ වාරිකය ආදායමක්.
     

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,001
    1,281
    113
    Insurance broker detected lol
    ආපෝ නෑ බන් , මන් ආසම නැති ෆීල්ඩ් එකක් ඕක . හැබැයි උබ බිස්නස් ලෝ ගැන ඉගෙන ගද්දි ඔය දේවල් ඉගෙන ගන්න ලැබෙනවා බන් .