වලස්මුල්ලේ අභය හිමි සිලය හොරකමක් සේ දැකී&#3512

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
වලස්මුල්ලේ අභය හිමි සිලය හොරකමක් සේ දැකී&#3512

වලස්මුල්ලේ අභය හිමි සිල්වත් භික්ෂූන් මාර්ග ඵල, ධ්‍යාන ආදිය ගැන ප්‍රසිද්ධියේ නොකීම අරභයා එවන් සිල්වත් උතුමන් ගැන නොමනා බස් කීම

ඉහත වීඩියෝවේ විනාඩි 25න් පමණ ඉදිරියට වලස්මුල්ලේ අභය හිමි මෙසේ පවසනවා:

"මේ ධ්‍යාන, මාර්ග ඵල තියෙන ඒවා හංගලා, හොරකං, හොරකමට නිකං හංගන් ඉන්න එකක් නෙවෙයි. දැන් මෙච්චර කාලයක් මේවා කිව්වෙ නෑ, ඇයි? කාටවත් නැති නිසා. කාටවත් නැති නිසා කට්ටියම තියෙනවා කියලා හිතාගෙන එකාට එකා හොරෙන් හිටියා අර අන්ධයෝ රෑන ඉතිරි අන්ධයොගෙ පස්සෙ යන්නා වගේ. ..."

අභය හිමිගේ එම ප්‍රකාශය බුදු සසුනේ සීල සාරයේ පිහිටි භික්ෂූන් වහන්සේලාගේ ස්වරූපයට ගැළපෙන්නේ නැහැ. එවන් අය ධ්‍යාන, මාර්ග ඵල ආදිය ගැන ගිහියන් ඇතුළු අනුපසම්පන්නයින්ට නොකියනවා නම් එසේ නොකියන්නේ එවන් අයට එම ගුණාංග නැති නිසා හෝ හොරකමට යැයි යන අර්ථයන්ගෙන් ගැනීම සුදුසු නැහැ. ඇති ධ්‍යානයන්, මාර්ග ඵල ආදිය ගැන අනුපසම්පන්නයින්ට කීම විනය ශික්ෂාවට ගැළපෙන්නේ නැහැ. ඒ නිසා බුදු සසුනේ පැවිදි වූ සිල්වත් භික්ෂූන් වහන්සේලා සැබෑවටම ඔවැනි දේ තමා කෙරෙහි ඇතැයි දැනගත්තත් ඔවැනි දේ අනුපසම්පන්නයින්ට කියන්නේ නැහැ.

භික්ෂූන් වහන්සේලා ඔවැනි කරුණු අනුපසම්පන්නයින්ට කියනවා නම් එය මහණකමට ගැළපෙන ක්‍රියාවක් නොවෙයි. බුදුරජානන් වහන්සේ ඊට අදාලව පනවන ලද ශික්ෂාපදයට කියන්නේ "භූතාරොචනශික්ෂාපදය" කියලා. භූතාරොචනශික්ෂාපදය [ http://thripitaka.org/view/bjts/vp2p1/94 ] ගැන වැඩි විස්තර ත්‍රිපිටකයේ විනය පිටකයේ පාචිත්තිය පාළියේ සඳහන්.

පාලියෙන් එය මෙසේ සඳහන්:

"යො පන භික්ඛු අනුපසම්පන්නස්ස උත්තරිමනුස්සධම්මං ආරොවෙය්‍ය භූතස්මිං පාචිත්තිය"න්ති.

එහි සිංහල පරිවර්තනය මෙසේ සඳහන්:

"යම් මහණෙක් අනුපසප්නක්හට උතුරුමිනිස්ධම ඇරොජන්නේ නම් විද්‍යමානයෙහි පචිති වේ" යයි.

විනය පිටකයේ භූතාරොචනශික්ෂාපදය ගැන විස්තරයේ "උත්තරීමනුස්සධම්ම" ලෙස සැලකෙන්නේ කවර කරුණුද යන්න සඳහන්. ඊට අනුව භික්ෂූන් වහන්සේලාට තමන්ගේ ඇති මාර්ග ඵල, ඥානදර්ශන, ධ්‍යාන ගැන පමණක් නොවෙයි, අඩු තරමින් තමන් ශූන්‍යාගාරයෙහි ඇලෙනවා යැයි වත් අනුපසම්පන්නයින්ට කියන්න විනයෙන් ඉඩක් නැහැ.

වලස්මුල්ලේ අභය හිමි භූතාරොචනශික්ෂාපදය ගැන නොදැන ඉහත පරිදි පවසන්න ඇති. ඉහත වීඩියෝවේදී අභය හිමියන් නොපැහැදුණු අයගේ පැහැදීම පිණිසත්, පැහැදුණු අයගේ පැහැදීම වැඩි කිරීමටත් බුදුරජානන් වහන්සේ විනය පැනවීම කර ඇති බවට සඳහන් කොට ඒ විනය පැනවීමටම අඩංගු භූතාරොචනශික්ෂාපදයට ප්‍රතිවිරුද්ධ ලෙස කටයුතු කිරීමට අන් අයව යොමු කරන අයුරු දැකිය හැකියී. විනය පිටකයේ සඳහන්ව ඇති පරිදි භූතාරොචනශික්ෂාපදය පැනවීමේදීත් භික්ෂූන් වහන්සේලා තමන්ගේ ඇති උතුරුමිනිස්ධම් අනුපසම්පන්නයින්ට පැවසීම ගැන බුදුරජානන් වහන්සේ මෙසේ පවසා තිබෙනවා:

"මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. ප්‍රසන්නයන්ගේ අතිරෙක ප්‍රසාදයට හෝ නො වෙයි. මෙය වැලිත් අප්‍රසන්නයන්ගේ අප්‍රසාදයටත් ප්‍රසන්නයන් අතුරෙහිදු ඇතැමුන්ගේ වෙනස් බවටත් වැටෙයි."

වැරදි වැටහීම නිසාදෝ වලස්මුල්ලේ අභය හිමි ඉහත වීඩියෝවේ විනාඩි 1, තත්පර 47 න් පමණ ඉදිරියට මෙසේ පවසනවා දැකිය හැකියී:

"එතකොට තමන්ට මේ දැනෙන දෙවල්, තමන්ගේ තියෙන අත්දැකීම් අනුන්ට දැනගන්න තියෙන එකම ක්‍රමය තමයි අපි කියන්න වෙනවා ඉතින්. අපි කියන්නැතුව දැනගන්න ක්‍රමයක් නැහැ."

බුදුරජානන් වහන්සේ භික්ෂූන් වහන්සේලා තමන්ගේ ඇති උතුරුමිනිස්ධම් අනුපසම්පන්නයින්ට නොකිව යුතු යැයි විනය පනවලා තිබියදී එසේ ශික්ෂාව පැනවීමට හේතු අභය හිමියන් විසින් ශික්ෂාපදය නොදක්නා ලද බව හෝ හරි හැටි නොවටහා ගැනීම ඉහත පරිදි පවසන්නට හේතු වන්නට ඇති.

බුදුරජානන් වහන්සේ විනය ශික්ෂාපද පනවා ඇත්තේ එක් එක් ශික්ෂාපදය පැනවීමට සුදුසු කාලය පැමිණි විට. භූතාරොචනශික්ෂාපදය පැනවීමට පෙර නම් භික්ෂූන් වහන්සේලා තමන්ගේ ඇති උතුරුමිනිස්ධම් අනුපසම්පන්නයින්ට පැවසීම අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිසත්, ප්‍රසන්නයන්ගේ අතිරෙක ප්‍රසාදය පිණිසත් හේතු වූ අවස්ථාවන් තිබෙන්නට ඇති. නමුත් සුදුසු කාලයේදී බුදුරජානන් වහන්සේ විසින් භූතාරොචනශික්ෂාපදය පැනවීමෙන් පසුව එය එසේ වන්නේ නැහැ. ඒ නිසා මෙකල භික්ෂූන් වහන්සේලා තමන්ගේ ඇති උතුරුමිනිස්ධම් අනුපසම්පන්නයින්ට පැවසීම අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිසත්, ප්‍රසන්නයන්ගේ අතිරෙක ප්‍රසාදය පිණිසත් හේතු වේ යැයි කීම නිවැරදි කීමක් නොවෙයි. මෙකල භික්ෂූන් වහන්සේලා තමන්ගේ ඇති උතුරුමිනිස්ධම් අනුපසම්පන්නයින්ට පැවසීම අප්‍රසන්නයන්ගේ අප්‍රසාදයටත්, ප්‍රසන්නයන් අතුරෙහිදු ඇතැමුන්ගේ වෙනස් බවටත් හේතු වෙනවා.

බුදුරජානන් වහන්සේගේ විනය පැනවීම නොසලකා හරිනවා නම් එවන් භික්ෂූන්, භික්ෂුණීන් වහන්සේලාගේ එම ක්‍රියාවන් සිල්වත් ක්‍රියාවන්, යහපත් ක්‍රියාවන් ලෙස දැකීම නුසුදුසුයි. මහණ වූ අය ඔවැනි ක්‍රියාවන්ට යොමු කිරීම බුදු සසුනේ චිරස්තිථියටත් බාධා ඇති කරනවා. එසේ වරදවා ගතහොත් බුදු සසුනේ මහණ දම් පුරණ හිස් පැවිද්දන් නම් බොහෝ වේවි, සැබැවින්ම සීල ගුණයෙන් යුතු පැවිදි පිරිස හිස් පිරිසකැයි වැරදි මතයකුත් සමාජයේ ඇති වේවි. එසේ වූවාම ගුණවත් පිරිසට තමන්ගේ ගුණවත් බව රැකගෙන ධර්ම ප්‍රතිපදාවේ යෙදීම දුෂ්කර වෙනවා. ඊට අමතරව වලස්මුල්ලේ අභය හිමිගේ එම අධාර්මික, අවිනය මතය ධර්මයට සහ විනයට අනුකූල යැයි වරදවා පිළිගන්නා පිරිස සිල්වත් භික්ෂූන්ට අභූතයෙන් චෝදනා කර බොහෝ පව් පුරවා ගැනීමකුත් කරන්න පුළුවන්. අධාර්මික, අවිනය මතයන් ධර්මයට සහ විනයට අනුකූල යැයි වරදවා දකින පිරිසගේ ධර්ම අවබෝධය කිරීමේ හැකියාව ඒ වැරදි දැකීම හේතුවෙන්ම දුර්වලයි.

Skylark
 
  • Like
Reactions: HSW

thelaa rox

Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    තම ලාබ ප්‍රයෝජන තකා මාර්ග ඵල කීම නොකල යුතු බවයි බුදු රජාණන් වහන්සේ පවසා ඇත්තේ. එය එසේ නොවේ නම් ත්‍රිපිටකය Quote කර පෙන්වන්න
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    තුක් විතරක් කියලා හිතෙනවා වලස්මුල්ලේ අභය හිමි සිල්වත් භික්ෂූන් වහන්සේලාට මඩ ගහන හැටි දැක්කාම.

    භික්ෂූවක් විදිහට සිවුරක් පොරවාගෙන "මේ ධ්‍යාන, මාර්ග ඵල තියෙන ඒවා හංගලා, හොරකං, හොරකමට නිකං හංගන් ඉන්න එකක් නෙවෙයි. දැන් මෙච්චර කාලයක් මේවා කිව්වෙ නෑ, ඇයි? කාටවත් නැති නිසා. කාටවත් නැති නිසා කට්ටියම තියෙනවා කියලා හිතාගෙන එකාට එකා හොරෙන් හිටියා අර අන්ධයෝ රෑන ඉතිරි අන්ධයොගෙ පස්සෙ යන්නා වගේ. ..." යැයි කියමින් සිල්වත් භික්ෂූන් වහන්සේලාට මඩ ගැසීම පිලිකුල් සහගතයි.

    සිල්වත් භික්ෂූන් වහන්සේලා මාතෘකා වන පරිදි පවසන මෙබඳු මූසල කතා අපිටත් අහන්න හම්බුනානේ... තුක් විතරක්.

    Skylark
     
    Jul 5, 2012
    1,773
    265

    මේ හොර ගණයින් කරන විනාශය කොතරම්ද කියා මේ විඩියෝවෙන් ඔබට අවබෝද වෙයි. කුන්ඩලිනි යොගයයි, ෆෝටෝන්ස් ගැනයි , චීන කටු වේදයේ එන මෙරිඩියන් රේඛායි ඔක්කොම එකට දාල, දියවැඩියාව, හෘද රෝග, අදි රුධිර පීඩනය සනීප කරන්න පුලුවන් රිලැක්සේශන් ක්‍රම කියන බක පණ්ඩිත අභය මෙන්න!. Anti-Aging
    කරන්නත් පුලුවන් ලු! අනිත්‍ය වරදවා ගත් අය ධර්මය විසින් උමතු කරනවා වෙන්න ඇති.

    Last edited:

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    තුක් විතරක් කියලා හිතෙනවා වලස්මුල්ලේ අභය හිමි සිල්වත් භික්ෂූන් වහන්සේලාට මඩ ගහන හැටි දැක්කාම.

    භික්ෂූවක් විදිහට සිවුරක් පොරවාගෙන "මේ ධ්‍යාන, මාර්ග ඵල තියෙන ඒවා හංගලා, හොරකං, හොරකමට නිකං හංගන් ඉන්න එකක් නෙවෙයි. දැන් මෙච්චර කාලයක් මේවා කිව්වෙ නෑ, ඇයි? කාටවත් නැති නිසා. කාටවත් නැති නිසා කට්ටියම තියෙනවා කියලා හිතාගෙන එකාට එකා හොරෙන් හිටියා අර අන්ධයෝ රෑන ඉතිරි අන්ධයොගෙ පස්සෙ යන්නා වගේ. ..." යැයි කියමින් සිල්වත් භික්ෂූන් වහන්සේලාට මඩ ගැසීම පිලිකුල් සහගතයි.

    සිල්වත් භික්ෂූන් වහන්සේලා මාතෘකා වන පරිදි පවසන මෙබඳු මූසල කතා අපිටත් අහන්න හම්බුනානේ... තුක් විතරක්.

    Skylark

    ජිංතක ජිල්ලබකිට;21474384 said:
    මේ හොර ගණයින් කරන විනාශය කොතරම්ද කියා මේ විඩියෝවෙන් ඔබට අවබෝද වෙයි. කුන්ඩලිනි යොගයයි, ෆෝටෝන්ස් ගැනයි , චීන කටු වේදයේ එන මෙරිඩියන් රේඛායි ඔක්කොම එකට දාල, දියවැඩියාව, හෘද රෝග, අදි රුධිර පීඩනය සනීප කරන්න පුලුවන් රිලැක්සේශන් ක්‍රම කියන බක පණ්ඩිත අභය මෙන්න!. Anti-Aging
    කරන්නත් පුලුවන් ලු! අනිත්‍ය වරදවා ගත් අය ධර්මය විසින් උමතු කරනවා වෙන්න ඇති.

    ඔබ උන්වහන්සේ ගේ චරිතයට එල්ල කරන ප්‍රහාර වලින් පෙනී යන්නේ උන්වහන්සේ පවසන ධර්මය නිවැරදි බවයි. හැකිනම් උන්වහන්සේ පෙන්වන ධර්ම කාරණා වැරදි බව සාක්ශි සහිතව ඔප්පු කර පෙන්වන්න. (කරුණාකර ඔබගේ අත්තනෝ මත පැවසීමන් වලකින්න )
     
    සාධු සාධු පින්වත් ජිංතක ජිල්ලබකිට! ඒ වීඩියෝව ගැන මේ අවස්ථාවේ සිහි කිරීම මනා ක්‍රියාවක්මයි. තිරශ්චීන විද්‍යාවක් විශ්මිත යැයි දක්වන වලස්මුල්ලේ අභය හිමිගේ ඒ වීඩියෝව ගැන මට අමතක වෙලයි තිබුනේ.

    බුදු දහමේ විශ්මිත යැයි ප්‍රසාදයක් උපදවා ගන්නට සුදුසු කාරණා බොහෝ පැවතියදී මෙබඳු මිත්‍යාජීවයක් විශ්මිත යැයි වලස්මුල්ලේ අභය හිමි අන් අයට ගෙන හැර පෑම ලැජ්ජා සහගතයි. එය හරියට සිනිඳු ඇතිරිලි යෙදූ සුව පහසු ඇඳක නිදා ගැනීම තිබියදී නිදා ගැනීම පිණිස ඌරන් ලඟින අසූචි වලක් වඩා උතුම් යැයි පැවසුවා බඳුයි.

    Skylark
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    ජිංතක ජිල්ලබකිට;21474384 said:
    මේ හොර ගණයින් කරන විනාශය කොතරම්ද කියා මේ විඩියෝවෙන් ඔබට අවබෝද වෙයි. කුන්ඩලිනි යොගයයි, ෆෝටෝන්ස් ගැනයි , චීන කටු වේදයේ එන මෙරිඩියන් රේඛායි ඔක්කොම එකට දාල, දියවැඩියාව, හෘද රෝග, අදි රුධිර පීඩනය සනීප කරන්න පුලුවන් රිලැක්සේශන් ක්‍රම කියන බක පණ්ඩිත අභය මෙන්න!. Anti-Aging
    කරන්නත් පුලුවන් ලු! අනිත්‍ය වරදවා ගත් අය ධර්මය විසින් උමතු කරනවා වෙන්න ඇති.

    මෙම ක්‍රමය වැරදි යයි පැවසීමට ඔබ ඉදිරපත් කරන කාරණා (Facts) මොනවාද? ඔබ මෙම ක්‍රමය අත්හදා බැලුවාද?
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    පහත දැක්වෙන්නේ අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වන, ප්‍රසන්නයන්ගේ අතිරෙක ප්‍රසාදයට හෝ නො වන, එනමුත් අප්‍රසන්නයන්ගේ අප්‍රසාදයටත් ප්‍රසන්නයන් අතුරෙහිදු ඇතැමුන්ගේ වෙනස් බවටත් වැටෙන, මේ ත්‍රෙඩ් එකේ කියවෙන කරුණටම අදාල "නිවනේ අත්දැකීම් ලද මෙහෙනින් වහන්සේ" යන මාතෘකා ඇති වීඩියෝවක්:

    බුදු සසුන අතුරුදහන් වීම පිණිස පවත්නා විනය විරෝධී මෙබඳු කථා අපිටත් දකින්න ලැබුනානේ...

    Skylark
     
    Jul 5, 2012
    1,773
    265
    0

    ඔබ උන්වහන්සේ ගේ චරිතයට එල්ල කරන ප්‍රහාර වලින් පෙනී යන්නේ උන්වහන්සේ පවසන ධර්මය නිවැරදි බවයි. හැකිනම් උන්වහන්සේ පෙන්වන ධර්ම කාරණා වැරදි බව සාක්ශි සහිතව ඔප්පු කර පෙන්වන්න. (කරුණාකර ඔබගේ අත්තනෝ මත පැවසීමන් වලකින්න )

    කොහෙද මම චරිතයට පහර ගැහුවේ? කරුණාකර පෙන්වන්න. කුණ්ඩලිනි ශක්තියි, ඕරායි, මෙරිඩියන් රේඛයි, අප මහ බුදු රදුන් වදාලේ කොහෙද? ත්‍රිපිටකයේ කොහෙද මෙවා ගැන තියෙන්නේ? මේ බුදු බණද? ෆෝටොන් යනු ශුද්ධාශ්ටක යැයි කියන්නේ කෙසේද? මේ බුදු බණ නොව වෙනත් හීනමානයකින් පවසන හිස් වචනම නොවේද??:lol::lol:
     
    Jul 5, 2012
    1,773
    265
    0
    පහත දැක්වෙන්නේ අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වන, ප්‍රසන්නයන්ගේ අතිරෙක ප්‍රසාදයට හෝ නො වන, එනමුත් අප්‍රසන්නයන්ගේ අප්‍රසාදයටත් ප්‍රසන්නයන් අතුරෙහිදු ඇතැමුන්ගේ වෙනස් බවටත් වැටෙන, මේ ත්‍රෙඩ් එකේ කියවෙන කරුණටම අදාල "නිවනේ අත්දැකීම් ලද මෙහෙනින් වහන්සේ" යන මාතෘකා ඇති වීඩියෝවක්:

    බුදු සසුන අතුරුදහන් වීම පිණිස පවත්නා විනය විරෝධී මෙබඳු කථා අපිටත් දකින්න ලැබුනානේ...

    Skylark

    පිංවත් ස්කයිලාක්, ඔබේ සංවේගය සාධාරණ එකක්මැයි.
    මේ අප මහ බුදු රදුන් වදාල, සද්ධර්ම ප්‍රතිරූපකයින්ගේ හිස එසැවීමයි.
    මේ බුදු සසුන වනසන, සද්ධර්මයයැයි කියා අධර්මයම ධර්මය සේ පෙන්වන සද්ධර්ම ප්‍රතිරූපකයන්ගේ නැගිටීමයි.
     
    • Like
    Reactions: LazyLizard

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    ජිංතක ජිල්ලබකිට;21475176 said:
    කොහෙද මම චරිතයට පහර ගැහුවේ? කරුණාකර පෙන්වන්න. කුණ්ඩලිනි ශක්තියි, ඕරායි, මෙරිඩියන් රේඛයි, අප මහ බුදු රදුන් වදාලේ කොහෙද? ත්‍රිපිටකයේ කොහෙද මෙවා ගැන තියෙන්නේ? මේ බුදු බණද? ෆෝටොන් යනු ශුද්ධාශ්ටක යැයි කියන්නේ කෙසේද? මේ බුදු බණ නොව වෙනත් හීනමානයකින් පවසන හිස් වචනම නොවේද??:lol::lol:

    ඔබ මෙම වීඩියෝව නරබා නැති හැඩයි. 19:24 දී උන් වහන්සේ විස්තර කරන අන්දමට මෙය භාවනවට උපකාරීවන බව ප්‍රායොගිකව අත්දුටු නිසා අන්තර්ජාලයෙන් උපුට ගත්තක් පමණයි. මෙයින් ප්‍රතිඵලයක් අත් නොවන බව ඔබ කියන්නේ කෙසේද?
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    පහත දැක්වෙන්නේ අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වන, ප්‍රසන්නයන්ගේ අතිරෙක ප්‍රසාදයට හෝ නො වන, එනමුත් අප්‍රසන්නයන්ගේ අප්‍රසාදයටත් ප්‍රසන්නයන් අතුරෙහිදු ඇතැමුන්ගේ වෙනස් බවටත් වැටෙන, මේ ත්‍රෙඩ් එකේ කියවෙන කරුණටම අදාල "නිවනේ අත්දැකීම් ලද මෙහෙනින් වහන්සේ" යන මාතෘකා ඇති වීඩියෝවක්:

    බුදු සසුන අතුරුදහන් වීම පිණිස පවත්නා විනය විරෝධී මෙබඳු කථා අපිටත් දකින්න ලැබුනානේ...

    Skylark

    මෙම වීඩියෝව නොපැහැදූවන්ගේ තවත් නොපැහැදීම පිණිසත් පැහැදූවන්ගේ නොපැහැදීම පිණිසත් හේතුවන බව ඔබ තීරණය කරනුයේ කිනම් සාධකයකින්ද?
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    මෙම ත්‍රෙඩ් එකේ දැක්වූවේ වලස්මුල්ලේ අභය හිමි සීලමය ගුණයක් හොරකමක් සේ දක්වන ලද ආකාරය ගැන විස්තරයි.

    "අරියඥාණ හිමිගේ කෙළෙස් පටලැවිල්ල"
    යන ත්‍රෙඩ් එකේ නිර සතුන් ගිය මඟ ඔස්සේ දහම් දෙසන අපේ කාලේ පටලවාගත් යතිවරයෙකු වන රාජගිරියේ අරියඥාණ හිමි නිවන් අනුසස් කොට ඇති උතුම් සීල ගුණය කෙළෙස් ධර්මයක් යැයි දක්වන ලද ආකාරය විස්තර කෙරෙනවා.

    Skylark