DC vs MARVEL ගැටුම

nikashala619

Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    අවවාදයයි - COPY PASTE කීරීමක් වන අතර මෙහි අඩංගු කිසිදු කරුණක් මා විසින් ලියන නොලදි !!

    MarvelvsDC.jpg


    එළකිරි එකේ dc vs marvel ගැටුම හැමදාම තියන එකක් නේ !!
    ඉතින් ඒ ආයතන ගැන නොදන්නා අයට දැනගන්න තමා මේක දන්නේ :)


    "DC ගැන"
    - - - - -
    01- 1934රෙදි Major Malcolm Wheeler Nicholson පටන් ගන්නව ආයතනයක් National Allied Publications කියල.මේකෙන් තමයි පළවෙනි කොමික්බුක් එක නිකුත් කරන්නෙ.කොමික් එකේ නම තමයි New Fun - The Big Comic Magazine Number 1.
    88_LRG.jpg

    මතක තියාගන්න හරිම ලේසි නමක් :p ඊට පස්සෙ නිකුත් කරනවා Detective's Comics කියල තව එකක්.ඒ වෙනකොට මේ කොමික්බුක් එක තමයි වැඩිම කාලයක් යනකන් තිබුනු චිත්‍රකථා මාලාව විදියට සදහන් වෙන්නෙ.වැදගත්ම දේ තමයි Detective's Comics කියන නමින් පස්සෙ තමයි National Allied Publications කියන ආයතනය DC කියල වෙනස් වුනේ.හරියටම කිව්වොත් DC Comics කියන එකේ සම්පූර්ණ නම තමයි Detevtive Comics Comics කියන එක (මට හොදටම ෂුවර් ගොඩක් අය මේ දැන් වෙනකන් DC කියන එකේ තේරුම දන්නෙ නැතුව ඇති).1938ට වසරේ තමයි එවකට තිබ්බ කොමික්බුක් ස්ටයිල් එක වෙනස් කරන්න DC ලට පුලුවන් වෙන්නෙ.ඒ 1938ට වසරේ Action Comics කියල හදුන්වල දීපු අලුත්ම කොමික්බුක් එකතුවෙන්.මේ ටිකෙන් තමයි Superman චරිතය කොමික් ලෝකයට එකතුවෙන්නෙ.Superman කියන චරිතයෙන් පස්සෙ තමයි කොමික්බුක් වලට එන චරිත Superheroes කියන වචනයෙන් පොදුවේ හදුන්වන්න පටන්ගත්තෙ.1939ය වසරේ තමයි DC Batman චරිතය කොමික්බුක් ලෝකයට එන්නෙ.1939ය වසරේ Marvel ආයතනය කොමික්බුක් යුද්ධයට එකතුවීමත් එක්කම DC ල තීරණය කරනව තමන්ගෙ සුපුරිවීරයන්ගෙ ප්‍රමාණය වැඩි කරගන්න.තව තව චරිත කොමික්බුක් වලට එකතු කරන්න.justice league එකට පාර හැදෙන්නෙ මෙන්න මේ හේතුව නිසයි.ආයිත් අපි 2011 පැත්තට ආවොත් DC ල තීරණය කරනව මේ සිද්දියම ආයිත් Reboot කරන්න.2011හ වසරේ DCල අලුතින් මුලු කොමික්බුක් ලයින් එකම රීබූට් කරල ඒකට නම දානව THE NEW 52 කියල.මේකට හේතුව විදියට DC ල පෙන්නන්නෙ, "අලුතින් එකතුවෙන කොමික් ෆෑන්ස්ලට පුලුවන් වෙනව හැම චරිතයක් ගැනම හොද අවබෝධයක් ලබාගන්න" කියන එකයි

    02 - DC ලගෙ Batman vs Superman ෆිල්ම් එක මුලින්ම එන්න තිබ්බේ 2002ක වසරේ.ඒත් ඒ වෙනකොට කිසිම නුලවෙක් හෝ නිළියෙක් මේ ෆිල්ම් එකේ ඉන්න කැමතිවෙලා නෑ.ස්ක්‍රිප්ට් එකේ තිබ්බ ගැටලුකාරී තත්වය තමයි මේකට හේතුවක් විදියට තියෙන්නෙ.අනිත් දේ තමයි 2002ක වෙද්දි Batman vs Superman ෆිල්ම් එකකට සුදුසු විදියට කොමික් ෆිල්ම්ස් ටික ගාණට DC ල හදල තිබ්බෙ නෑ.පොඩ්ඩක් හිතන්න.Batman vs Superman ෆිල්ම් එක ආවට පස්සෙ Batman Begins / The Dark Knight / The Dark Knight Rises සීරීස් එක ආවනම් DC යුනිවර්ස් එක කොහොම තියෙයිද
    share.jpg


    03- DC ලගෙ Superman ෆිල්ම් එකක් නිකුත් වෙන්න තිබිල තියනව 1998ට වසරේ.ඒ Superman Lives.මේකෙ Superman චරිතය කරන්න ඉදල තියෙන්නෙ Nicolas Cage (නිකලස් කේජ්) (පහලින් තියන පින්තුරේ බලපුවහම නම් Superman ලගින් වත් යන්නේ නැ වගේ :lol:)
    full.jpg


    04- කැපුවත් DC ෆෑන්ස්ල හිතාගෙන ඉන්නෙ Batman කියන්නෙ අපරාධකාරයින්ව මරණ්නෙ නැති, අත්තඩංගුවට ගන්න කෙනෙක් විතරයි කියලනේ.ඒත් 1939ය වසරේ මුලින්ම එළියට ආපු ඔරිජිනල්ම DC Batman ගොඩක් අපරාදකාරයින්ව මරල තියනවා.කොමික්බුක්ස් වල.ඒ වගේම Batman vs Superman චිත්‍රපටයේ පැහැදිලි Batman ගොඩක් අපරාධකාරයින්ව මරණවා.පෞද්ගලිකව මමනම් ඒකට කැමතියි.කොමික්බුක්ස් වල එන විදියට එක තැනකදි Batman අපරාධකාරයෙක්ව ඇසිට් පුරවපු ටැංකියකට තල්ලු කරල මරණවා.ඒ වගේම ජෝකර්ව මරණ්න සැලැස්මකුත් හදනවා
    25-batman-hanging.nocrop.w529.h373.jpg


    05 - Marvel ලගෙ stan lee, DCලගෙ සමහරක් කොමික්බුක් ලියල තියනවා.හොදම එකක් තමයි Just Imagine Crisis කියන්නෙ.Aquaman වතුරෙන් හැදුනු ජීවියෙක් කරන්නෙ stan lee.
    220px-Stan_Lee_1975_cropped.jpg


    06 - DC කොමික්බුක්ස් වල එන විදියට Superman පෘතවියට එවන්න තීරණය කරන්නෙ Batman තාත්තා Superman ගේ තාත්තව බොහොම අපූරු විදියකට හම්බවුනාට පස්සෙයි.(කොමික්බුක් එකේ විස්තර බලාගන්න ගූගල් කරල බලන්න).පස්සෙ කාලෙකදි Batman තමන්ගෙ එක එක උපකරණවලට කිප්ටනයිට් පාවිච්චිකරල තියනව ඒවා හදාගන්න
    - - - - -

    "MARVEL ගැන"
    - - - - -
    01- යමක් කමක් තේරේන ඕනිම පොඩි එකෙක්ගෙ ඉදන් වැඩහිටි පුද්ගලයෙක් වෙනකන්ම දන්න, දැනට හොලිවුඩ් වල අතිසාර්ථකම ආයතනයක් වන Marvel comics ආයතනය පටන් ගන්නෙ 1939ය වර්ෂයේ.Martin Goodman තමයි Marvel ආයතනය පටන්ගන්නෙ.මුල්ම අයිතිකාරයා.
    goodman+photo.gif

    ඒ දවස්වල Marvel එකට දාල තිබ්බ නම තමයි Timely Publications.ඊට ටික කාලෙකට පස්සෙ මේක Timely Comics වුනා.හරියකටම අවුරුද්දකට පස්සෙ තමයි මෙයාලා පළවෙනි කොමික්බුක් එක (චිත්‍රකථා) එළියට දාන්නෙ.ඒකෙ නම තමයි Marvel Comics Number 1.මේ කාලෙදි මේ කොමික්ස් ගොඩක් සාර්ථකව ප්‍රේක්ෂකයා අතරට යනව.එතකොට මේ කොමික්වල ඉදල තියෙන්නෙ Human Torch / Submariner වගේ සුපිරිවීරයනුයි.1941දි තමයි Captain America පළවෙනි කොමික් බුක් එක නිකුත් කරන්නෙ.ඊට පස්සෙ තමයි Martin Goodman විසින් අපි කව්රුත් අද දන්න stan leeව 1964දි Marvel එකට සම්බන්ධ කරගන්නෙ.පොර තමයි එතන ඉදන් ගේම ගහන්නෙ දිගටම.Hulk / Ironman / Spiderman / Guardians of the Galaxy / Thor වගේ අද අපි දන්න ජනප්‍රිය චරිත නිර්මාණය කරන්න stan lee තමයි මුල් තැන අරන් තියෙන්නෙ.ඒත් මේ කාලය Marvel එකට ගොඩක් අමාරුකාලයක් වුනා.ඒ Marvel එකට මුල ඉදන්ම හොද තරගයක් දීපු DC comics නිසා.අපි හැමෝගෙම වාසනවාකට වගේ 2008 වර්ෂයේ ironman චිත්‍රපටයේ සාර්ථකත්වයත් එක්ක, ලෝකප්‍රසිද්ධ disney ආයතනය විසින් Marvel එක මිලදීගන්නවා.අද අපි බලන පට්ට Marvel ෆිල්ම්ස් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ
    1187_mail_1_large.jpg


    02- Marvel එකට තිබුනෙ බොහෝම අදුරු කාලයක්.සමහරක් විට Marvel කියල ආයතනයක් අද අපි දන්නෙ නැතිවෙන්නත් පුලුවන්.ඒ කියන්නෙ පටන්ගන්නත් කලින් Marvel ආයතනය නැතිවෙලා යන්නත් ඉඩතිබුනා.1937දි Martin Goodman තමන්ගෙ බිරිද එක්ක හනිමූන් එකට යුරෝපයට ගිහින් ආයිත් ඇමරිකාවට එන්න තිබිල තියෙන්නෙ.Martin Goodmanට එන්න ඕනි වෙලා තියෙන්නෙත් Hindenburge කියන ඒ කාලෙ තිබ්බ ගෑස් පුරවපු බැලුම් වගේ තියන ගුවන්යානයකින්.(Google Images වල Hindenburge කියල සර්ච් කරන්න.එතකොට අදහසක් එයි).ඒත් Martin Goodman ටිකට් එකක් බුක් කරගන්න හම්බවෙලා නෑ.එතකොටත් සේරම ටිකට්ස් බුක් වෙලා ඉවරයි.කොහොම හරි මේ බැලුන් එක යුරෝපෙන් පිටත් වෙලා විනාඩි කීපයකට පස්සෙ පුපුරල යනවා.මගීන් සියලුදෙනාම මියයනවා.Hindenburg Disaster කියන්නෙ මෙන්න මේකට.ගූගල් කරලා බලන්න විස්තර ගන්න පුලුවන්.අපේ වාසනාවට මේ සිදුවීම නිසා Martin Goodman දෙයියනේ කියල සාමාන්‍ය ගුවන්යානයකින් ඇමරිකාවට එනවා
    310px-Hindenburg_disaster.jpg


    03- The Wolverine කියන්නෙ Marvel X-men Universe එකේ ප්‍රධානම චරිතය.Wolverine කියන නම නෙමෙයි ඒත් මුලින්ම දාන්න හදල තියෙන්නෙ.The Badger කියලයි
    portrait_incredible.jpg


    04- Superman කියන්නෙ DC චරිතයක් වුනාට Marvel එකෙත් තරමක් ඉදල තියන චරිතයක්.සර්ච් කරල බලන්න Marvel කොමික්බුක්ස් වල දෙබස් පවා ක්ලාක් කෙන්ට් ට තිබිල තියනවා
    reign218.jpg



    05- සුපිරි වීරයනුයි සුපිරි බල තියන හතුරොයි සටන් කරද්දි නගරවලට ගොඩක් හානි වෙනව.මේ හානි පිරිසකරකරන්නෙ කොහොමද.?තිබුන විදියටම ආයිත් හදන්නෙ කොහොමද.?රජයකට මේ දේවල් කරන්න බෑ.ඒකට විසදුමක් විදියට Marvel එකේ අලුත්ම කොමික් බුක් එකක් එළිදක්වනව Damage Control කියල.Damage Control ලොකු සංවිධානයක්.නවීන තාක්ෂණීක ක්‍රම බාවිතා කරල මේ සටන් අවසන් වුනාට පස්සෙ, සටන් නිසා සිදුවන හානි නැවත පිරිසකර කරන.බොහෝම කෙටි කාලසීමාවක් ඇතුලත.World War - Hulk කොමික්බුක් එකෙන් විනාසවෙන නිව්යෝර්ක් නගරය නැවතත් සකසන්නෙ Damage Control සෙට්එක තමයි.මේ සිද්දිය හොදයි.Transformer ෆිල්ම්ස් වල වගේ හැම මගුලම මැජික් වලින් වගේ වෙනවට වඩා.රජයෙන් කරනව වගේ වෙනවට වඩා
    a87a8e90d7b856044ba29e9fc6b8c31b.jpg


    06- 1984ර වෙනකොට Marvel කොමික්ස් තමයි කොමික්බුක්ස් වෙළදපලෙන් 70%ක්ව පාලනය කරල තියෙන්නෙ.DC ලට තිබිල තියෙන්නෙ 20%ක් වගේ පොඩි ප්‍රමාණයක්.ඉතුරු 10%ය සුලු ප්‍රමානයේ කොමික්ස් ආයතන රැසකට තමයි අයිති වෙලා තිබ්බෙ.මේ කාලෙදි Warner Communications ආයතනයෙන් DC කොමික්ස් එකේ සම්පූර්ණ අයිතිය Marvel එකට දෙන්න හදනවා.Batman / Superma ඇතුලුව සියලුම ප්‍රභල චරිතවල අයිතියත් එක්ක.ඒත් Marvel එකෙන් මේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා.හේතුව තමයි එතකොට තරගයක් නොමැතිවීම.වෙළදපොලෙන් 90%ක්ම එතකොට අයිති Marvel ලට.ඒ වගේම හොද තරගකරුවෙකුත් නෑ.හරියට Apple ආයතනයට ගොඩයන්න Bill Gates සල්ලි දුන්නා වගේ :)
    Proud to Be a Marvel Fan 💪😍
    Warner-Logo1.jpg



    07 - Michael Jackson කියන්නෙ Marvel ලගෙ Spiderman චරිතයට පිස්සුවෙන් වගේ ආදරේ කරපු කෙනෙකේ.කොච්චර පිස්සුවක් තිබ්බද කියනවනම් පළවෙනි Spiderman චිත්‍රපටය හදන්න ඉන්නවා කියල දැනගත්තු දවස්වල Michael Jackson, Marvel ආයතනයෙන් ඉල්ලීම් රැසක් කරල තියන තමන්ව පීටර් පාකර් චරිතයට ගන්නයි කියල.ඒත් Marvel ඒකට කැමති වෙලා නෑ.ඒත් ඊට පස්සෙ Michael Jackson, Marvel ආයතනය මිලදී ගන්නත් උත්සහ කරල තියනව.එතකොට තමන්ට ඕනි දෙයක් කරන්න පුලුවන් නිසා.අපේ වාසනාවට එහෙම වුනේ නෑ.හිතල බලන්න Spiderman ඇදුමට මයිකල් ජැක්සන්ගෙ මූණ දාලා
    untitled-2.jpg


    - - - - - -


    marvel ලගේ AVENGERS : Infinity War එකේ shooting මේ මැයි වල පටන ගන්නවා කියලා නිල වශයෙන් කියලා තියනවා, ඒ වගේම Justice League Movie එක මේ වසරේ අන්තිමටම release වේවි.ඒ වගේම gaming පැත්තට ගියොත් Batman Games වලින් ගොඩාක් income එකක් DC ලට එනවා.ඒ වගේම MARVEL ලත් හෙමීට හෙමීට gaming Industry එකට enter වෙන්න හදනවා වගේ කියලත් හිතෙනවා.හැමදාම ඉතින් චිත්‍ර කතා ලෝකය run කරන්නේ මේ දෙගොල්ල තමා

    උපුටා ගැනීම facebook එකින් !!