මොනවද මේ Emoticon සහ Emoji
Emoji සහ Emoticon කියල කියන්නේ අද ලොව පුරා බොහෝ දෙනෙක්ට නැතුවම බැරි සන්නිවේදන මාධ්‍යයක් කිව්වොත් නිවැරදියි. ඉතින් මේ Emoji සහ Emoticon වල ආරම්භය ගැන වගේම ඒවායේ ප්‍රයෝජන ගැනත් හොද අවබෝධයක් මේ ලිපිය හරහා ඔයාලට ලැබෙයි කියල අපි හිතනවා.
Emoticon කියන්නේ මොනවාද?
මුහුණේ ඉරියව් ප්‍රකාශ කිරීම සදහා භාවිතා කරනු ලබන සංකේත ක්‍රමයක් ලෙස Emoticon හදුන්වා දිය හැකියි. අදහස් සන්නිවේදනය සදහා Emoji සහ Emoticon අතරින් මුලින්ම බිහිවන්නේ මෙම Emoticon සංකේත ක්‍රමයයි.
Emoticon සදහා අක්ෂර, ඉලක්කම් මෙන්ම විරාම ලකුණුද භාවිතා වනවා. Emoticon තේරුම් ගැනීම මෙන්ම අවශ්‍ය හැගීම් ප්රකාශනය සදහා අදාල Emoticon තෝරා ගැනීම බොහෝ දෙනෙක්ට ගැටලුවක් ව පවතිනවා.
වර්තමානයේ මෙහි වැඩිදියුණුවක් ලෙස බිහි ව ඇති Emoji බහුලවම භාවිතා කළද තවමත් Emoticon භාවිතා කරන තැන් ද පවතින නිසා මේ ගැන යමක් දැන ගැනීම ඔබට වැදගත් වේවි.
Emoticon හි ආරම්භය වර්ශ 1857 තරම් ඈතට දිව යනවා. එකල මුල් වරට Morse Code හි 73 ඉලක්කම “ආදරය” වැනි හැගීම් ප්රකාශනයට භාවිතා කර තිබෙනවා. පහත දැක්වෙන්නේ එම සංකේතයයි.
එහෙත් වර්තමානයේ භාවිතා වන Emoticon හි ආරම්භය සිදුවන්නේ ඉන් වසර කීපයකට පසුවයි. Abraham Lincoln ජනපතිවරයාගේ දේශනයක් සිය පුවත් පතේ පළ කරන New York Times සගරාව එහි මුද්‍රිත “සිනහව” (Laughter) යන අර්ථය ලබාදෙන වචනයකට අදාළව ”
” යන සංකේතය භාවිතා කරනවා.
පසුව සිරස්ව කියවිය හැකි පැහැදිලි Emoticon සංකේත 4 ක් “Puck” නැමැති සගරාව මගින් 1881 දී හදුන්වා දුන්නත් යතුරු ලියනය කිරීමේ පහසුව සළකා විවිධ සංස්කරණයන්ට ලක් ව වර්තමනයේ භාවිත වන තිරස්ව කියවිය හැකි බටහිර ක්රමයේ Emoticons (Western Emoticons) බිහිවනවා.
කවුරුත් දන්න
හා
Scott Fahlman විසින් 1982 මුල් වරට හදුන්වා දුන් මෙම ජනප්‍රිය සංකේත 2ක කරළියට පැමිණෙන්නේ ඉන් වසර 20 කට පසුවයි. ඔහු මේ සංකේත දෙක අර්ථ දක්වා ඇත්තේ හාස්‍යමය කරුණු සදහා
සංකේතය ද හාස්‍යමය නොවන කරුණු සදහා
සංකේතය ද භාවිතා කළ හැකි බවටයි. ඒ බව දැක්වෙන පත්‍රිකාවේ පිටපතක් පහත දැක්වෙනවා.
මෙම බටහිර Emoticon සංකේත ක්‍රමයට අමතරව ජපන් ජාතිකයන් හා කොරියන් ජාතිකයන් විසින් ඔවුනටම ආවේණික වූ Emoticon සංකේත ක්‍රමයක් භාවිතා කරනු ලබනවා. ඒ සදහා උදාහරණ කීපයක් පහත දැක්වෙනවා.
ජපන් Emoticon සංකේත
කොරියානු Emoticon සංකේත
කොහොම වුනත් Emoticon භාවිතා කිරීමේ දි ඇති මෙවැනි විෂම ලක්ෂණ නිසාම ලොව පුරාම පොදුවේ භාවිත කළ හැකි සංස්කරණයක් ලෙස Emoji බිහිවෙනවා.
මොනවද මේ Emoji
Emoji එකක් කියල කියන්නේ වචනයෙන් ලියන අදහස නිරූපණය කිරීමට ඒ වෙනුවට යොදාගන්නා හෝ එහි අදහස වඩාත් පැහැදිලි කිරීමට යොදා ගන්නා රූපමය මාධ්‍යයක්.
අද වන විට Emoji ලොව වැඩිම පිරිසක් භාවිතා කරන සන්නිවේදන මාධ්‍යයක් බවට පත්ව තිබෙනවා.
ජපන් වචනයක් වන Emoji යන්න (e – picture හා moji – character) “රූපමය චරිත” යන අදහස ඇතිව නිර්මාණය වූවක්.
Emoji මුලින්ම හදුන්වා දෙන්නේ ෂිගෙටකා කුරීටා ( Shigetaka Kurita) නම් ජපන් ජාතිකයෙක් විසින්. ඒ ඔහු සේවය කල NTT DoCoMo දුරකථන නිෂ්පාදන සමාගම වෙනුවෙන් 1998 හා 1999 කාලයේදී. කාලගුණ දැනුම් දීම් වලදී මෙන්ම මාර්ග පුවරු දැනුම්දීම් වලදී භාවිතා වන විවිධ රූපමය සංඥා මේ අදහසට මූලික වූ බවයි පැවැසෙන්නේ. ප්‍රථමයෙන්ම kurita විසින් හදුන්වා දී ඇත්තේ Emoji 180 කින් යුක්ත කට්ටලයක් වන නමුත් අද Emoji සිය දහස් ගණනක් සංසරණය වනු ඔබ දැක ඇත.
එතැන් පටන් au, SoftBank Mobile වැනි ජපන් ජාතික දුරකථන සමාගම් කිහිපයක්ම තම දුරකථන වෙනුවෙන් Emoji keyboard එකක් නිකුත් කිරීමට පෙළඹුනු අතර Apple දුරකථන සමාගම විසින් iOS දුරකථන මෙහෙයුම් පද්ධතිය සදහා මෙම Emoji භාවිතා කිරීමට ආරම්භ කිරීමත් සමගම සියලුම Android මෙහෙයුම් පද්ධති දුරකථන සදහාද Emoji Keyboard නිකුත් කිරීම ආරම්භ කළ අතර එතැන් පටන් Emoji ලොව පුරා ප්‍රචලිත මාධ්‍යයක් බවට පත්වුණා.
Emoji වල ගැටලු සහගත තැන්
Emoji සන්නිවේදනය පහසු කරනවා වගේම ගැටලු ඇති කරන තැන් ද නැතුවාම නොවේ.
ඊට හේතුව තවමත් වචන වලට වඩා බලවත් වීමට Emoji වලට නොහැකි වීමයි.
1. එනම් එක් අයෙක් emoji එකක් හරහා පෙන්වන හැගීම තවකෙකු එම emoji එක හරහාම තේරැම් ගන්නා හැගීමට සමාන නොවීමට ඉඩ තිබීමයි.
2.තවද දුරකථන සන්නිවේදන වලදී විවිධ මෙහෙයුම් පද්ධති විසින් හදුන්වා දෙන Emoji keyboard වෙනස් වීම නිසා එක් අයෙකු යවනු ලබන Emoji එකක් ලබන්නාගේ දුරකථනය තුළ එලෙසම නොපෙන්වීමට ඇති හැකියාවයි.
විශේෂයෙන්ම ස්මාර්ට් දුරකථන භාවිතා කරන ඔබ විවිද ස්ථාන වලදී විවිධ අදහස් පල කරන Emoji දැක ඇත. Emoji එකක් මුහුණේ ඉරියව් ප්‍රකාශ කිරීමට පමණක්ම නොව කාලගුණය හැගවීමට, ආහාර පාන වර්ග හැගවීමට මෙන්ම වෙනත් බොහෝ දෑ ප්‍රකාශ කිරීම සදහා වර්තමානයේදී භාවිතයට ගනු ලබනවා.
උපුටා ගැනීම - http://refresh.lk/emojis-and-emoticons/

Last edited: