SF ලොක්කා_අායෙත් වැඩ පටන් ගනී

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    SF ලොක්කා_අායෙත් වැඩ පටන් ගනී

    රට ජාතිය වෙනුවෙන් පෙනී ඉන්නබව කියන “SF ලොක්කා“ ගේමක් දී අායෙත් හැංගිලා

    922-police-found-difficult-to-accommodate-sf-loku-gang-37-persons-in-courts2026979346_crop_323x2.jpg

    අනුරාධපුර නගරයේ රාත්‍රී සමාජ ශාලා හිමිකරුවකු ඝාතනය කිරීම ඇතුළු චෝදනා කිහිපයක සැකකරුවකු වන ඉරෝන් රණසිංහ නොහොත් එස්.එෆ් ලොක්කා නමැත්තා පසුගියදා වීඩියෝවක් ප්‍ර‍සිද්ධ කරමින් පැවසුවේ රට සහ සිංහල ජාතිය වෙනුවෙන් පෙනී සිටිනා බවය.

    එම ජාති මාමකයා ලීසින් සමාගමක් විසින් වාරික ගෙවීම පැහැර හැර තීබූ වාහනයක් රැගෙන යම්න් සිටියදී එය පැහැරගෙන ගොස් සඟවා තිබියදී හසුව තිබෙනවා.

    ලීසින් සමාගමක් විසින් අත්පත්කර ගෙන කොළඹ පිහිටි මූල්‍ය ආයතනයට ගෙන යමින් තිබියදී ටියුෂන් ගුරුවරයෙකුගේ කොන්ත්‍රාත්තුවක්මත බලහත්කාරයෙන් පැහැරගත් සුඛෝපොභෝගී ජීප් රථය මිහින්තලය පොලිස් වසමේ කුරුන්දන්කුළමේ පිහිටි නිවසක සගවා තිබියදී අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් ඊයේ (23) රාත්‍රීයේ මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    පසුගිය (21) වනදා සවස අනුරාධපුර පැරණි පූජා නගරයේදී මල්අතු පටුමග ප්‍රදේශයේදී සුදුවෑන් රථයකින් පැමිණි එස්.එෆ්. ලොක්කා ඇතුළු මැරයන් තිදෙනෙකු ලිසිං සමාගමේ අත්පත්කර ගැනීමේ නිලධාරීන් විසින් අත්පත් කරගැනීමෙන් අනතුරුව කොළඹට ගෙනයමින් තිබූ රුපියල් කෝටී එකහමාරක් පමණ වටිනා ජීප් රථය පැහැරගෙන තිබෙන අතර රථය පැහැර ගැනීමෙන් අනතුරුව එස් .එෆ් ලොක්කා විසින් රථය ටියුෂන් ගුරුවරයා වෙත බාරදී තිබෙනවා.

    ටියුෂන් ගුරුවරයා විසින් එස්.එෆ්. ලොක්කාට ලබාදුන් රුපියල් ලක්ෂයක කොන්ත්‍රාත් තුවක්මත රථය පැහැර ගැනිම සිදුව තිබෙන බව පොලිසිය අනාවරණය කරගෙන තිබෙන අතර පොලිස් භාරයට ගත් සැකකාර ටියුෂන් ගුරුවරයා පොලිසියට පවසා ඇත්තේ ලීසින් සමාගම රැගෙන ගිය රථය පැහැර ගැනීම සදහා කිසිදු කොන්ත්‍රාත්තුවක් ලබා නොදුන් බවය.

    රථය පැහැර ගැනීමෙන් අනතුරුව පොලිසියට බියෙන් පළාගොස් සැගව සිටින එස්.එෆ්.ලොක්කා ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීම සදහා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.

    159865_10.jpg

    NETH FM NEWS
     
    Last edited:
    • Like
    Reactions: DangerMan119

    Katayaa

    Banned
    Jan 31, 2017
    241
    21
    0
    yako rata jathiya wenuwen katha karanna yanna one bus ekeda. oya ekata yanna usapu wahanak wenna athi.
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    "රථය පැහැර ගැනීමෙන් අනතුරුව පොලිසියට බියෙන් පළාගොස් සැගව සිටින එස්.එෆ්.ලොක්කා ඇතුළු පිරිස"
    lol oi mun nan:lol::lol::lol:
     

    waligamaya

    Well-known member
  • අලුට්ජ්ම ක්‍රමේ ඕක තමයි, පල හොරු සමාජ දුෂකයෝ අගම ජාතිය ඉසරහින් දාලා උන්ගේ කුණු වහ ගානවා, අපේ කුදි ජනයා උන් මොකක්හරි පොර ටෝකක් දුනහම උන්ව ඔලුව උඩින් තියා ගෙන විරෝයෝ කරනවා.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    දන්නා මගුලක් කතා කරපන් බන් , ඔය උස්සපු වාහනේ අයිතාකර ටීචර් මුස්ලිම් එකෙක් ලු , ලීසිං කොම්පනියත් අයිති මුස්ලිම් එකෙක්ටලු , රට ජාතිය වෙනුවෙන් තමයි මූ මෙහෙම කරලා තියෙන්නේ , අන්තිමට උව ඇල්ලුවම සින්හල්ලු සේරම හිනා වෙනව ... අපේ එවුන්ට හැමදාම කෙල වෙන්නේ ඕක නිසා තමයි .. :angry::angry::angry::angry:
     
    Last edited: