119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද පැමිණිල්ලක් ගැන තොරතුරු සොයා බැලීමට පොලිස් නිලධාරීන් පිරිසක් ගමන් කළ තිස්සමහාරාමය පොලිසියේ ජංගම පොලිස් ජිප් රථය ඊයේ (03) රාත්‍රී කාලයේදී සොරාගැනීමට ලක්ව තිබෙනවා.
පොලිස් නිලධාරීණ් සිව් දෙනෙකුගේ කණ්ඩායමක් හදිසි ඇමතුම් අංකයට ලද 119 පැමිණිල්ලක් සම්බන්ධයෙන් සොයා බැලිමට ගිය අවස්ථාවේදි මෙම පොලිස් ජිප් රථය පැහැර ගෙන තිබෙන බවයි පැවසෙන්නේ.
ජිප් රථයේ එංජිම ක්‍රියාත්මකව තිබියදී පොලිස් නිලධාරීන් සියළු දෙනා පැමිණිල්ල ගැන සොයා බැලීමට ගොස් ඇති බවත් එම අවස්ථාවේදී මෙම සොරකම සිදුව තිබෙනවා.
එම අවස්ථාවේදි ජිප් රථය සොයා සිදුකල මෙහෙයුමේදි ඇල්ලගල ප්‍රදේශයේ අතුරු මාර්ගයක අතහැර දමාගොස් තිබියදී හමුවු බව පොලිසිය පවසනවා.
පැමිණිල්ල ලද ස්ථානයේ සිට කිලෝමිටර් 2ක දුරක තිබියදියි මෙලෙස පැහැරගත් පොලිස් ජිප් රථය සොයා ගෙන තිබුණේ.
