පොලිස් ජීප් එක උස්සලා 😂😂😂

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,316
    8,463
    113
    පොලිස් නිල රථයක් ලෙස හැඩගැන් වූ ජීප් රථයක් මහනුවර දී කොටුවෙයි

    119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද පැමිණිල්ලක් ගැන තොරතුරු සොයා බැලීමට පොලිස් නිලධාරීන් පිරිසක් ගමන් කළ තිස්සමහාරාමය පොලිසියේ ජංගම පොලිස් ජිප් රථය ඊයේ (03) රාත්‍රී කාලයේදී සොරාගැනීමට ලක්ව තිබෙනවා.

    පොලිස් නිලධාරීණ් සිව් දෙනෙකුගේ කණ්ඩායමක් හදිසි ඇමතුම් අංකයට ලද 119 පැමිණිල්ලක් සම්බන්ධයෙන් සොයා බැලිමට ගිය අවස්ථාවේදි මෙම පොලිස් ජිප් රථය පැහැර ගෙන තිබෙන බවයි පැවසෙන්නේ.

    ජිප් රථයේ එංජිම ක්‍රියාත්මකව තිබියදී පොලිස් නිලධාරීන් සියළු දෙනා පැමිණිල්ල ගැන සොයා බැලීමට ගොස් ඇති බවත් එම අවස්ථාවේදී මෙම සොරකම සිදුව තිබෙනවා.

    එම අවස්ථාවේදි ජිප් රථය සොයා සිදුකල මෙහෙයුමේදි ඇල්ලගල ප්‍රදේශයේ අතුරු මාර්ගයක අතහැර දමාගොස් තිබියදී හමුවු බව පොලිසිය පවසනවා.

    පැමිණිල්ල ලද ස්ථානයේ සිට කිලෝමිටර් 2ක දුරක තිබියදියි මෙලෙස පැහැරගත් පොලිස් ජිප් රථය සොයා ගෙන තිබුණේ.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,965
    13,054
    113
    අඩෝ උනුත් 119 ගහන්න ඇති නෙහ්, පොලිස් පොලිස් අපෙ වාහනේ උස්සලා කියලා. අරුනුත් පුරුද්දට කියන්න ඇති දන්න කෙනෙක්ද ගෙනිච්චෙ? GPS තියෙනවද? ඕවාට වඩා අපිට වැඩ තියෙනවා වගේ ලයින්.

    ඊයෙත් එඩේරමුල්ලෙ ඉඳන් මහර හන්දියට යන පාරෙ පොලිස් පකෙක් පාර මැද නවත්තලා ස්ටාට් එකේ තියලා බැහැලා ගිහින් කේන්දරයක් බලනවා. බෙන්ඩ් එකත් එක්ක , මම බලාගෙන බස් එකක් එහෙම අමාරුවෙන් බේරගත්තෙ ඕවටේක් කරපු බයික් එකක වදින්න ගිහින්. සුදු ඉරටත් මැද නවත්තලා ස්ටාට් එකේ තියලා ගිහින්. අයිනෙ ඉඩ නැතුවත් නෙමෙයි අම්මපා ඒ වාහනේ අරන් ගිහින් දාන්න තිබ්බෙ කොහේ හරි. කේන්දරේට පේන්නෙ නැතෑ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,809
    113
    Homagama
    පොලිස් නිල රථයක් ලෙස හැඩගැන් වූ ජීප් රථයක් මහනුවර දී කොටුවෙයි

    119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද පැමිණිල්ලක් ගැන තොරතුරු සොයා බැලීමට පොලිස් නිලධාරීන් පිරිසක් ගමන් කළ තිස්සමහාරාමය පොලිසියේ ජංගම පොලිස් ජිප් රථය ඊයේ (03) රාත්‍රී කාලයේදී සොරාගැනීමට ලක්ව තිබෙනවා.

    පොලිස් නිලධාරීණ් සිව් දෙනෙකුගේ කණ්ඩායමක් හදිසි ඇමතුම් අංකයට ලද 119 පැමිණිල්ලක් සම්බන්ධයෙන් සොයා බැලිමට ගිය අවස්ථාවේදි මෙම පොලිස් ජිප් රථය පැහැර ගෙන තිබෙන බවයි පැවසෙන්නේ.

    ජිප් රථයේ එංජිම ක්‍රියාත්මකව තිබියදී පොලිස් නිලධාරීන් සියළු දෙනා පැමිණිල්ල ගැන සොයා බැලීමට ගොස් ඇති බවත් එම අවස්ථාවේදී මෙම සොරකම සිදුව තිබෙනවා.

    එම අවස්ථාවේදි ජිප් රථය සොයා සිදුකල මෙහෙයුමේදි ඇල්ලගල ප්‍රදේශයේ අතුරු මාර්ගයක අතහැර දමාගොස් තිබියදී හමුවු බව පොලිසිය පවසනවා.

    පැමිණිල්ල ලද ස්ථානයේ සිට කිලෝමිටර් 2ක දුරක තිබියදියි මෙලෙස පැහැරගත් පොලිස් ජිප් රථය සොයා ගෙන තිබුණේ.
    යන්න වාහනයක් නැ.
    ගැහුවා 119
    ආවා
    වාහනෙට පැන්නා
    ගමන ගියා
    වාහනේ අතැරියා
    ද?
    දන්නෙ නැ.

    සිංහලු තමා සිංහලු