පාවා දෙන නරුමයෙකු බව

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    පාවා දෙන නරුමයෙකු බව

    images

    සිරිසේන ලවා රනිල් ඉවත් කර ගැනීමේ ආශාවක් ඇතැමුන්ට තිබෙන බව පෙනේ. මට ද පුද්ගලික ව එවැනි ආශාවක් නැතුවා නොවේ. එසේ තිබීම සාධාරණ ය. මන්ද අගමැති රනිල් එතරම් ම හානියක් මේ රටට සිදු කොට තිබේ, හා සිදු කරමින් තිබේ. මම ඔබගෙන් මෙවැනි ප්‍රශ්නයක් ඇසුවොත්? කිසියම් මොහොතක ඔබගේ දකුණු අත ඔබගේ වම් අත විසින් කපා දමනු ඇති ද? ඔබේ දකුණතෙහි තුවාලයක් තිබේ. එය දැඩි වේදනාකාරී ය. එනිසා ම ඔබට ඔබේ දකුණත කතා දැමීමට තරම් සිත් දෙයි. ඔබ එසේ කරනවා ද? සිරිසේන විසින් රනිල් අගමැති ධුරයෙන් ඉවත් කරනු ඇති බව සිතන කෙනෙකුට ඉහත ප්‍රශ්නය අදාළ ය. මේ ගේම් එකේ දී රනිල් හා සිරිසේන යනු එකම පුද්ගලයෙකුගේ වමත හා දකුණත ය. හුරු මෙන් ම වැඩ කරන්නේ දකුණතයි. වමත හුරු නැති වුව එය දකුණතට සහාය වේ.
    images

    සිරිසේන විධායක ජනපති බව ඇත්තකි. එහෙත් මේ සිරිසේනගේ ජනවරම ද? කිසිසේත්ම නැත. සිරිසේන යනු රනිල්ගේ රූපාන්තරය බව තාමත් තේරුම් නොගත් ඉහ නිකඩ පැහැණු දේශපාලන විචාරකයින් හා මහාචාර්යවරුන් පවා සිටිනු දැකිය හැකි ය. මේ ආණ්ඩුව පිහිටුවා තිබෙන මතවාදී පදනම සපුරා රනිල්ගේ ය. සිරිසේන යනු රනිල්ගේ සුවච කීකරු ගෝලයා මිස ස්වාමියා නොවේ. සර් කියා රනිල් අමතන ඔහු රනිල්ගේ ඉංග්‍රිරිසි කෑල්ලක් ද සමග 'දෙකක්' කී විට සිරිසේන හැකිලෙන්නේ නිදිකුමා තරම් වේගයෙනි. ඇතැමුන් විධායක ජනපති ධුරය තේරුම් ගෙන තිබෙන ආකාරය සදොස් ය. ‍මෙම ධුරයට කළ හැකි කජ්ජක් නැත. වැදගත් වන්නේ එහි සිටින පුද්ගලයා ය. මහින්ද එම ධුරයේ සිටින විට කළ දෙය සිරිසේනට කරනු තබා සිතනුවත් බැරි ය.
    සිරිසේනට තනි ආණ්ඩුවක් තනා ගැනීමට අපේක්‍ෂා තිබෙන්නට බැරි නැත. ආණ්ඩුවට හේත්තු වී රනිල්ගෙන් කුණු බැණුම් අසන ශ්‍රිලනිප මැති ඇමතිවරුන්ට ද එවන් අපේක්‍ෂාවක් නොතිබෙන්නට බැරි ය. එහෙත් ඔවුන්ට නොතේරෙන සත්‍ය නම් ඔවුන් වවුලාගේ ගෙදර මගුලේ ගොස් ඇති බවයි. වව්ලාගේ මගුලේ දී වව්ලාසේ ම එල්ලී සිටීමට යන අය සූදානම් විය යුතු ය. සිරිසේනට හා නඩයට එසේ වී තිබේ. එනිසා ඔවුන්ට පොඩි 'ස්වාධීන' වීමේ හීනයක් තිබේ. එහෙත් වව්ලා කෙලින් සිටුවන්නට ඔහුගේ මගුලට ගිය කපුටන්ට හැකි ද? මේ සරල සත්‍ය තේරුම් ගැනීමට කිසිවෙකු අසමත් වන්නේ නම්, ඔවුන්ට දෙවියන්ගේ ම පිහිට ය.
    කළ යුත්තේ එළුවාගේ අරක වැටෙන තුරු බලා සිටීම නොවේ. එය වැටෙන්නේ නැත. ආණ්ඩුව තම දේශ-විරෝධි මාවතෙන් එළියට වීසි කිරීම සඳහා ජනමතයක් නිර්මාණය කිරීම ය. ආණ්ඩුව විත්ති කූඩුවට ගෙන ඒම ය. දැනටමත් ආණ්ඩුව සිටින්නේ මානසික-විපක්‍ෂයේ ය. එළියේ බහුතර මතය තමාට හිමි නොවන බව ආණ්ඩුව හොඳින් දනී. ඡන්ද නැත්තේ එනිසා ය. ඉතිරි වසර දෙක හමාරට ද එය පවත්වාගෙන යාමට නම් රනිල්ට මෙන් ම සිරිසේනට ද ජනමතයේ ගින්දර සමීප කළ යුතු ය. මැයි දිනය ඊට කදිම අවස්ථාවකි. රනිල්ට නම් මේ ගින්දර එතරම් දැනෙනු නැත. මන්ද ඔහු සිටින්නේ කොරහත් බිඳගෙන යළි නොඑන ලෙස යාමට ය. ඔහුගේ ක්‍රියාවලින් එය පෙනේ. එසේ යන විට ඔහු එජාපය ද විනාශ කොට යනු නියත ය. රනිල් එජාපයෙකු නොවේ. එහෙත් සිරිසේනට ජනවිරෝධයේ ගිනි දැනටමත් දැනී ඇති හැඩකි. ඔහුගේ හැසිරීමෙන් එය පෙනේ. තමා පාවා දෙන නරුමයෙකු බවට වන මතය දැන් පක්‍ෂ විපක්‍ෂ සැම අතර සමාජගත වී තිබෙන බවත්, එය තම නොහැකියා පසුබිම මත ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙන බවත් ඔහුට දැනී තිබේ. වරදකරුවෙකුගේ හොඳම සාක්‍ෂිකරු තමා මිස අන් කිසිවෙකු නොවේ.
    Mahinda Pathirana
     
    Last edited:

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    my3 අන්තිමට don juan ධර්මපාලග‍ෙ රූකඩයක් උනා.දෛවයේ සාරදම් කියන්නේ මේවට තමයි .
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මෛත්‍රිපාල ලවා රනිල් ඉවත් කිරීම

    ඒකාබද්ධ විපක්‍ෂයේ ඇතැමුන් මෛත්‍රිපාලට විරුද්ධ වීම පුදුමයක් නො වෙයි. ඔහු ශ්‍රී ල නි ප හැර දමා ඊනියා පොදු අපේක්‍ෂකයා නමින් ජනාධිපතිවරණයේ දී එ ජා ප අපේක්‍ෂයා වීම ඉතාමත් පිළිකුල් සගතයි. ඔහුට ලැබුණේ ඊනියා පොදු ඡන්දයක් නොව එ ජා ප දෙමළ හා මුස්ලිම් ඡන්ද. ශ්‍රී ල නි ප ඡන්ද ලැබුණේ නැහැ. මෛත්‍රිපාල ඊනියා පොදු අපේක්‍ෂකයා වීම ගැන තවත් වරදකරුවන් ඉන්නවා. ඒ ඉන්දිය ඔත්තු සේවය රෝ පමණක් නො වෙයි. මෛත්‍රිපාල දක්‍ෂයකු නො වෙයි. එහෙත් ඔහුට පසුගිය ආණ්ඩුවේ අගමැතිකම නොලැබුණේ හුදෙක් ඔහුගේ අදක්‍ෂතාව නිසා නො වෙයි. ඔහුට ඇතැම් රාජපක්‍ෂලා අතින් කෙණහිළිකම් සිදු වුණා. මහින්දගේ හා ගෝඨාභයගේ නම් ඒ අතර නැහැ. මෛත්‍රිපාල ද්‍රෝහි වී එ ජා ප අපේක්‍ෂකයා වීම අනුමත කරන්න බැරි වුවත් ඔහු එතැනට තල්ලු කළ අයත් එයට වග කිව කියන්න ඕන.

    එහෙත් ඒ අය ගැන අද කතා වෙන්නෙ නැහැ. ඒ වෙනුවට අද නැවතත් ඔවුන් විපක්‍ෂය මෙහෙයවනවා. අද ඒකාබද්ධ විපක්‍ෂයේ බල සිඳලා. දිනේෂ් එහි නායකයා වුවත් ඔහුට නායකකමක් නැහැ. ඒකාබද්ධ විපක්‍ෂය හුදු පාර්ලිමේන්තු කණ්ඩායමක් පමණයි. කතානායක එය පිළිගන්නේ නැහැ. ඔහුට ඒ සඳහා හේතුවක් තියෙනවා. එය සදාචාර නොවන්න පුළුවන්. එහෙත් ඔහු වැඩ කරන්නේ ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් තරග කෙළේ එක්සත් ජනතා නිදහස් සංධානයෙන් බව පිළිගනිමින්. ඔහුගේ තීරණය සංගත වන්නේ නැහැ. ඒ මහජන එක්සත් පෙරමුණ, ලංකා සමසමාජ පක්‍ෂය, කොමියුනිස්ට් පක්‍ෂ සම්බන්ධයෙන්. ශ්‍රි ල නි පක්‍ෂයත් ඉහත කී පක්‍ෂත් සංධානයේ සාමාජික පක්‍ෂ.

    එසේ වුවත් ශ්‍රී ල නි පක්‍ෂය ඇතැම් විට පාර්ලිමේන්තුවේ ස්වාධීන ව කටයුතු කරනවා. එහෙත් ඉහත සඳහන් අනෙක් පක්‍ෂවලට ඒ නිදහස නැහැ. ජාතික නිදහස් පෙරමුණ ගැන ඒ බවක් කියන්න බැහැ. ජා නි පෙ සංධානයේ සාමාජික පක්‍ෂයක් නො වෙයි. ජා නි පෙරමුණේ අය මැතිවරණයේ දී සංධානයෙන් තරග කර ඇත්තේ පෞද්ගලික ව. ඒ කොහොම වුණත් අද තත්වයට වග කිව යුත්තේ මැතිවරණයේ දී සංධානයෙන් වෙන් වී වෙන ම පක්‍ෂයක් ලෙස තරග නොකිරීමට බල කළ අය. අද ඒකාබද්ධ විපක්‍ෂය් ඉන්න අය එදා වෙන ම තරග කළා නම් සමහර විට ආණ්ඩු බලය ගන්නත් තිබුණා. එදා මෛත්‍රිපාල පක්‍ෂ හා සංධාන ලේකම්වරුන් මාරු කරමින් කළ නොමග යැවීම නිසා විශාල ඡන්ද ප්‍රමාණයක් සංධානයට අහිමි වුණා. ඒ ඔවුන් ඡන්දය දීමට නොගිය නිසා. මෛත්‍රිපාල කර ඇති පාවා දීම් කෙළවරක් නැහැ. එහෙත් ඒ අවස්ථාවේ වෙන ම පක්‍ෂයක් ලෙස තරග නොකිරීමට බල කළ අයත් එවැනි ම වූ පාවා දීමක් කළා. පාවා දීම් දෙපැත්තකින් සිදු වුණා.

    එදා පක්‍ෂයක් බිහි කිරීමට විරුද්ධ වූ අය අද වෙනත් පක්‍ෂයක් නිර්මාණය කරලා. මෙවර මැයි දිනය පැවත්වන්නේත් ඒ පක්‍ෂයෙන්. එය අනුමත කරන්න බැහැ. මැයි රැළිය පැවැත්විය යුතුව තිබුණේ එක්කෝ ඒකාබද්ධ විපක්‍ෂයෙන් නැත්නම් එයට සහාය දෙන වෘත්තීය සමිතිවල මෙහෙයවීමෙන්. මෙයින් කියන්නේ ජනතාව අවහිරයට පත් කරමින් වර්ජන කරන වෘත්තීය සමිතිවලින් රටට වැඩක් වන බව නො වෙයි. මේ ආණ්ඩුව හැකි ඉක්මණින් පළවා හැරීම වෙනුවට නව පක්‍ෂය කරන්නේ 2019/2020 මැතිවරණවලට සූදානම් වීම. එය වැරදි දේශපාලනයක්. 2019/20 වන විටත් මේ ආණ්ඩුව පැවතුණොත් රට බෙදෙන තැනකට තල්ලු වී නැවත රට ගොඩ නැගීමට බැරි තැනකට යාවි.

    අද කළ යුත්තේ මැතිවරණවලට සූදානම් වීම නොව හැකි ඉක්මණින් මේ ආණ්ඩුව පළවා හැරීමයි. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමටත් ආණ්ඩුව පළවා හරින්නට වේවි. මැතිවරණ කොමිසමත් කෝලමක් බවට පත් වෙලා. ඉස්සර පොලිස් කෝලමක් තිබුණා. දැන් එවැනි නාට්‍ය නිර්මාණය කරන්න ගියොත් කෙළවරක් නැති වේවි. පොහොට්ටුව වටේ එක් රොක්වන පළාත් පාලන මන්ත්‍රීධුරාපේක්‍ෂයන්ටත් මැතිවරණ කෝලම තේරෙන්න ඕන. ඔවුන් තමන්ට නොව රටට සේවයක් කරන්නේ නම් පළමුව ආණ්ඩුව පෙරළා දැමීමට කටයුතු කළ යුතුයි.

    ආණ්ඩුව පෙරළීම කියන්නෙ රනිල් ඉවත් කිරීම. මෛත්‍රිපාලට අද තමන්ට ඕන විධියට වැඩ කරන්න දෙන්නෙ නැත්තෙ රනිල් මිස වෙනත් කිසිවකු නො වෙයි. රනිල්ට රටේ ස්වෛරීභාවය ප්‍රශ්නයක් නො වෙයි. ඔහු කල්පනා කරන්නෙ බටහිරයන් වෙනුවෙන් තම බලය රැක ගැනීමට රට වුණත් විකුණන්න. ත්‍රිකුණාමලය ඉන්දියාවට දෙන රනිල් හම්බන්තොට චීනයට දෙනවා. මෛත්‍රිපාලට තනිව ම මේව නවත්වන්න බැහැ. චීනය හා ඉන්දියාව යන බලවතුන් දෙදෙනා ඉදිරියේ රනිල්ට රටට හිතවත් ප්‍රතිපත්තියක් නැහැ. ඔහු දන්නේ තුලනය කිරීමට (බැලන්ස්) රට විකිණීමට. කොහොමත් වෙළදාමේදී තුලාවක් (තරාදියක්) අවශ්‍ය වෙනවා.

    රනිල් ඉතා සියුම් ව තම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරනවා. තෙල් ටැංකි දීම පිළිබඳ ප්‍රශ්නයේ දී වෘත්තීය සමිති මැදිහත් වුණෙ වැරදි ආකාරයකට. ඔවුන් රනිල්ගෙ වෘත්තීය සමිති ද? ඔවුන් ජනතාවට හිරිහැර කරමින් කළ වර්ජනයෙන් රනිල්ගෙ දෑත් ශක්තිමත් වුණා. අද රනිල් ඉන්දියාවට යන්නෙ තෙල් ටැංකි ගැන ඉන්දියාවට සහතිකයකුත් අරගෙන. මෙතන ප්‍රශ්නය තෙල් ටැංකි බදු දීමට හෝ පැවරීමට හෝ වඩා ඉන්දියාව ත්‍රිකුණාමලයට ඇතුල් වීම. සුසිල් ප්‍රේමජයන්ත කියපු දේ වෘත්තීය සමිති ගණන් ගත්තෙ නැද්ද? ඉන්දියාවට චීන මුහුදු සේද මාර්ගයට මුහුණ දීමට ත්‍රිකුණාමලය අවශ්‍ය වෙනවා. ඉන්දියාවට පුළුවන් තම තෙල් ටැංකි ආරක්‍ෂා කර ගැනීමට කියා අවශ්‍ය විටෙක හමුදා එවීමටත්. රනිල්ගෙ දේශපාලනය නිසා උතුරු හා නැගෙනහිර පළාත් ඉන්දියාවේ නිල නොවන ප්‍රාන්තයක් බවට පත් වෙනවා. ඉන්දියාව මන්නාරමේ සිට ත්‍රිකුණාමලය මුහුද ද ගොඩබිම ද අර හනුමා පාළම ද පාලනය කරාවි. චීනය දකුණ පාලනය කරාවි. අපට අයත් වන්නේ මැද ටිකක් පමණ ද? එයත් ජපානයට හා කොරියාවට දුන්නොත් ලංකාව නියම ආසියාතික රටක් වේවි.

    මෛත්‍රිපාල මොන තරම් වැරදි කළත් අද රනිල් ඉවත් කරන්න පුළුවන් ඔහුට පමණයි. ඔය වෘත්තීය සමිතිවලට ඉදිරි දැක්මක් නැහැ. ඔවුන් කරන්නෙත් වෙන ම දේශපාලනයක්. ඔවුන්ටත් දේශපාලන බලාපොරොත්තු තියෙනවා. රනිල් අගමැති ධුරයෙන් ඉවත් කිරීිමට මෛත්‍රිපාලට බලය තිබෙනවා. අප මෛත්‍රිපාලට කෙතරම් අකමැති වුවත් රනිල් ඉවත් කිරීමට ඔහු යොමු කළ යුතුයි.

    මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.

    https://www1.kalaya.org

    නලින් ද සිල්වා

    2017 අප්‍රේල් 25
     
    :yes::yes::yes: