හතර වන දවස
හතරවෙනි දවස අපි වෙන් කරලා තිබුනේ චීන කොලනිය බලන්නයි, සිටි එක බලන්නයි. ඒ කියන්නේ Marina Bay එක පැත්ත. මොකද හවස මරීනා ඛේ එක පැත්තේ ලයිට් වලින් වැඩකෑලි ටිකක් තියෙන නිසා.
උදේ පාන්දරම නැගිටලා, චීන කොලනිය බලන්න යන්න පිටත් උනා. වෙනදා යන්න තිබ්බ පාරෙම තමා යන්න තිබ්ඛේ. සුපුරුදු දුම්රිය මාර්ගයම අපි භාවිතා කලා.
ඇත්තටම චීන කොලනිය ඉන්දියානු කොලනිය වගේ ජරාවක් නෙමෙයි. අනෙක් නගර වලට වඩා ඩිකක් වෙනස්. ඒත් යම් මට්ටමකට තිබුණා.
ශොපින් කරන්නත් යම් දුරකට පුලුවන්. ගොඩක්ම සමරු සටහන්() ගන්න කියාපු පැත්ත. ගෙවල් වලට පොඩි පොඩි ගැජට් ගන්නත් මරු. මම ෆොන් ගන්නත් එක්ක ගියේ. චීන කඩේකට ගිහිල්ලා iphone එකක් ඉල්ලුවා.කොල්ලෙක් හිටියේ. ගින කීයද කියලා ඇහුවාම මූ අස්ප ගානක් කියපි. අපි කොහේ ගියත් කියන ගානට ගන්න එකක් යෑ. කියපු ගානට වඩා බාගයක් අඩුවෙන් ගත්තේ. IEMI එක චෙක් කරලා originalද කියලා බලලා සල්ලී දුන්නා. ෆොන් ගන්නවානම් හොදට චෙක් කරලා ගන්න ඔන. නැත්නම් අන්දලා දෙනවා.
ඊට පස්සේ අපි දළදා මාලිගාව බලන්න ගියා. මේ තියෙන්නේ ඒ යන පාර අවට.
මේ තියෙන්නේ දළදා මාලිගාව. මේක මහායාන සම්ප්‍රදායට අයත් එකක්. මෙහේ බහුතරයක් ඉන්නේ මහායාන බෞද්ධ ජනතාව.
චීන කෑම කෑමේ ලොකු ආසවක් තිබ්බා. සිංගප්පූරුවට ආපු දවසේ ඉදලා කෑවේ ලංකාවේ විදිහටමයි. ගොඩක්ම මැක් වලිනුයි ඉන්දියන් කඩවලිනුයි. මේ තියෙන්නේ ChinaTown Food Street එක.
ඊට පස්සේ මරීනා ඛේ පැත්තට යන්න පිටත් උනා. මේ තියෙන්නේ Raffles Place.
තනිකරම බිල්ඩින් ලෝකයක්.

මේ තියෙන්නේ Marina Bay Sands
70 - 300 දාලා ෆොටෝ එකක් ගත්තා බලන්න.
මෙහේ ඉන්න බල්ලොත් හරිම කීකරුයි. උන්ට ෆොටෝ එකක් ගන්න හිනා වෙන්න කිව්වා විතරයි මෙන්න මුන් හිනා වෙලා ඉන්නවා.
එහෙත් උපරිම speed එක 70යි. හැබැයි මේ සිටි එක ඇතුලේ.
රෑ වෙනකොට තමයි ලස්සන පේන්න ගත්තේ.
රෑ 8 වෙනකම් බලන් හිටියා දැන් පටන් ගනී දැන් පටන් ගනී කියලා. ඒත් Laser light show එක පටන් ගත්තේ නෑ. රෑ වෙන නිසා අපි යන්න තීරණය කලා. ටිකක් දුරින් තියෙන පාලම ගාවට යනකොට එතන සෙට් එකක් කැමරා අමුණගෙන හිටියා. මෙන්න ඒත් එක්කම චමත්කාරජනක ඒ සිදුවීම ආරම්භ උනා. මමත් ටකස් ගාලා tripod එක අමුණගෙන ෆොටෝ ටිකක් ගත්තා.
ඊට පස්සේ ආයෙමත් හොටෙල් එකට යන්න පිටත් උනා. ගොඩක් රෑ වෙච්ච නිසා අපි එනකොට අපි වෙනදට කෑම කන කඩේ වහලා. කෑම කන්නත් එක්ක අපි Gaylang පැත්තට ගියා. ෆොටෝ ගන්නනම් ගියේ නෑ. හොටෙල් එකට ගිහිල්ලා හොදට නිදාගත්තා. ඒ තමා අපි සිංගප්පූරුවේ ගතකරපු අන්තිම රාත්‍රිය. මොකද ඊට පහුවෙනිදා රෑ 7.15ට තමයි flight එක තිබුනේ.
අන්තිම දවසේ ඒවාගෙන් නැවත හමුවෙමු.
අවසාන දවස.
පස්වෙනි දවසේ ආයෙමත් ලංකාවට යන්න ෆලයිට් එක තිබ්ඛේ රෑ 7.15ට චැංගි වලින්. අපිට checkout වෙන්න තිබ්ඛේ 12ට. හොටෙල් එකේ අක්කට කියපු ගමන් ටිකක් විතර පරක්කු වෙනවා කියලා අවුලක් නෑ කිව්වා. අන්තිම දවස වෙන්කලේ Singapore Flyer එක බලන්නයි Marina Bay Sands එක බලන්නයි.
Singapore Flyer එකේ විනාඩි 45ක විතර ගමනක් තියෙන්නේ. මේකේ වීඩියෝ එකක් ඇති.
ඊට පස්සේ එතනම තියෙන හොටෙල් එකකින් කාලා, වෙලාව බලද්දී 12ත් පහුවෙලා.
එහෙම්මම Marina Bay Sands හොටෙල් එක පැත්තට ගියා.
කාල වේලා මදිනිසා එතනම තිබ්බ Station එකෙන් Train එකේ නැගලා ආයෙමත් හොටෙල් එකට ආවා. 3.30ට විතර ටැක්සිටකට කතාකරලා Airport එකට ආවා.
ටැක්සි එකට ගියේ ඩොලර් 17ක් විතර. ඒ ඩයිවර් අයියත් හොදයි. එනකම්ම රටේ විස්තර කිය කියා හිටියා.
මේ විදිහට සිංගප්පූරුවේ ගතකරපු දවස් 5 නිමා කරමින් 7ට විතර මැලේසියාවට යන්න flight එකට නැග්ගා. මැලේසියාවේ පැය දෙකක transit එකක් තිබුණා. 10.20ට එහෙන් පිටත්වෙලා 12.30 වෙනකොට ලංකාවට ගොඩ බැස්සා.

නිමි.

පට්ට ට්‍රිප ඈ....