ඩයලොග් ඩේටා හොරෙන් කපනවා නේ

lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,254
    1,977
    113
    මහනුවර
    ඩයලොග් ඩේටා හොරෙන් කපනවා නේ

    මේක මාර වැඩක්නේ බන්. රවුටර් එක ඕෆ් කරල තියෙද්දි 800 MB වලට කෙලවෙලා. ඊයේ උදේ 7.30 ඉදන් තාම රවුටර් එක ඔන් කරල නෑ.

    මුන්ගේ බලුකම කියන්නේ බන් 3 වෙනි මාසේ 29 වෙද්දි මැසේජ් එකක් ආව ඩේටා රීසෙට් වෙන දවස 30 ඉදන් 1 ට වෙනස් වුනා කියල. මමත් බැලුව මොන කුනුහරපයක්ද මේ එක දවසක් 2ක් ඇයි කියල.සිස්ටම් එකේ මොකක් හරි කරල ඇති කියල හිත හදාගත්තා. අප්‍රේල් වල 5GB ඇවිත් තියෙනවා දැක්කා ලොකුවට මීටර් වුනේ නෑ.

    ආතල්ම සිද්දිය වුනේ මැයි 1 . ඔන්න ඩේට රීසෙට් වෙන්කල් කොල්ල බලන් ඉන්නවලු ඈ.
    12.15 ත් වුනා රීසෙට් වුනේ නෑ. ගත්ත කස්ටමර් කෙයාර් එකට කෝල් එකක්.
    අනන් මනන් කියවල කියපි ඩේටා රීසෙට් වෙන්නේ 11 කියල.
    ඒ වෙලෙම ගිය මැසේජස් වලට ගිහින් බැලුවා 11 ද එවල තියෙන්න කියල. තිබ්බෙනන් 1. මම ඇහුව එහෙම කොහොමද මැසේජ් එකේ තියෙන්නේ මෙහෙමනෙ කියල. එත්කොට කිව්ව ගොඩක් කස්ටමර්ස්ලට වැරදි මැසේජ් එකක් ගිහින් තියෙන්නේ සොරි කියල. ටැමිල් ඇසෙන්ට් එකක් වගේ තිබ්බ හින්ද කෝල් එක කට් කරා කතා කරල වැඩක් නැති නිසා.

    ලොග් වෙලා බැලුව සයිකල් එක වෙනස් වෙලාද කියලා. උන් හිටපු ගමන් පිස්සු කෙලින නිසා එහෙම බැලුවෙ. අම්මටසිරි කිව්වලු 11 ට මාරු වෙලා.ගැහුව ආයේ කෝල් එකක්. ඌත් කිව්වෙ ඒ සීන් එකමයි. මැසේජ් සීන් එක කීවම කිව්ව එහෙම වෙන්න බෑ කියල. මම කීව ඊ-මේල් එක දෙන්න ස්ක්‍රීන් ශොට් එකක් දානන්ම් කියල. ටිකක් වෙලා ගිහින් කියනවා 2 වෙනි මැසේජ් එකක් දැම්මලු එකේ හරි එක. මටත් ඉතින් අම්බනක තරහ ගිය. බැනගෙන බැනගෙන ගියා ඇයි ඒක හරියට ඉන්ෆොම් කරන්න බැයිද අරකද මේකද කියල. එත්කොට කියනව බිල් එකේ තියෙනව ඒක බලන්න ඔනි සර් හරියට කියල. මම ඇහුව ඇයි වෙන වැඩ නෑ හිතුවද ඕක අකුරෙන් අකුර කියවන්න අපි අමවුන්ට් එක විතරනේ බලන්නේ කියල. ඔහොම වෙනසක් කරන්වනනන් අඩුම තරමේ වෙනම කොලේක නොටිස් කරල එවන්න එපැයි බයිල කියල බැන්න.

    හරි ඉතින්. උන්ගේ අම්ම අප්ප මතක් කර කර ගත්තා 5ඝ්ඹ්. දවස් 10ක් ඉන්නත් ඕනි නේ. හෙන පරිස්සමට ගේම් එකක් එහෙම ගහල හිටිය. හැබැයි යූසේජ් එකට ඇහැ ගහගෙන හිටියේ. ඔන්න 1 වෙනි දවසේ ඩේට හිටු කියල කැපිල ගේම් එක ගහලා. හරි කමක් නෑ දවසම ගෙදරනේ වෙන්න ඇති කියල හිත හදාගත්ත. 2 වෙනි දවසෙත් ගැහුව මැච් 3ක් විතර. ඒකට ඔන්න 1 ගිහින්. පොඩි වැඩ ටිකක් කර වෙන්න ඇති කියල හිටියා. 3 වෙනි දවසේ ඉතින් 3ක් විතර ඉතිරි. තව සෑහෙන්න දවස් තියෙනවනෙ හදිස්සියකට ඕනි වෙයි කියල, මහන්සි ගතියකුත් තිබ්බ හින්ද ලැප් එක දැම්මෙත් නෑ . ටැබ් එකේ තිබ්බ ඔන්ලියින් රොබෝ ගේම් එකක් එක ටිකක් ගහල වට්ස් ඇප් එකත්පාවිච්චි කරා. අනික් දවසේ බලද්දි අයෙ අම්බනක ඩේටා අඩු වෙලා. ගිය යූසේජ් හිස්ට්‍රියට. මෙන්න ඒක වැඩ නෑ. ඩේට යූසේජ් මීටරෙන් බලල නිකන් ඉන්නේ හැමදාම. සැකේට බල්ලන්නම ඕනි වුන ඇත්තටම කීයක් ගිහින්ද කියල. ඒක බලන්න බෑ දැන්. ඩේට් එක වෙනස් කරල රීෆ්‍රෙශ් කර කර බැලුව නෑ. ඔන්න කතා කරම ටෙක්නිකල් එකෙන් ස්ක්‍රීන් ශොට් එකක් ගහල එවන්න කීවා ඔන්න යැවුව. යවනකොට මම කියල යැවුවෙ පැරමීටර්ස් වෙනස් කරල බැලුව එත් ලෝඩ් වුනේ නෑ කියල.
    ඊලගට උන් රිප්ල්යි කරනව ඩේට් වෙනස් කරල ලෝඩ් කරන්න කියල. As i mentioned in the previous email කියල බැනලා කිව්ව එකම දේ අයේ අයේ කියන්න බෑ මම ඕක ට්‍රයි කරා කියල. ඔන්න ඒක ඩිවිෂන් එකට පාස් කරාලු.මට හෙන අවුල. ඊලග දවසෙ වට්ස් ඇප් ටිකක් යුස් කරල නිදා ගත්ත එකටත් කැපිල.
    ඊයේ උදේම ගැලෙවුව රවුටර් එක. අද උදේ වෙනකල් ඔන් වෙලත් නෑ. ඊයේ හච් එකෙන් 100 ම්න් පැකේජ් එකක් දැම්මේ. එකේ 40ම්න් කැපිල තියෙන්නේ ගේම් එකත් සෙල්ලන් කරල වට්ස් ඇප් යූස් කරල. උදේම ආපු ගමන් බැලුව. මෙන්න බොලේ අයේ කැපිලා.
    ඊයේ ගාන හරියටම ශුවර් නැති හින්ද හෙන වෙල රීෆ්‍රෙශ් කර. 10 පරක් විතර කරට පස්සෙ මෙන්න ආව රිපොට් එක. 800 mb ඉවරයි. රවුටර් එක ඕෆ් කරලත් එක්ක. හරියට ඩීටේල් එක දීලත් නැතුව එක්ස්ට්‍රා ගත්ත එකටත් ඔහොම කෙලවද්දි තරහ යන්නේ නැද්ද බන්. උදේ පාන්දර ඇරන් අමතලා කිව්ව සත 5ක් ගෙවන්නෙ නෑ මම කියල බැනල කම්ප්ලේන් එක දාල තිබ්බා.මේවට මොකුත් කරන්න බැයිද බන් අපිට? කම්ප්ලේන් කරන්න තැනක් නැද්ද?
     
    • Like
    Reactions: dilshan KASUNJITH

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    :dull::dull::dull:
    ganna wena network ekak naane oi
    Bell patta slow and signal nathuwath athi kohomath.
    Lankawe mewa complain karanna mokakwath nadda bn
    :angry::angry::angry:

    පාරිභෝගීකැ සේවා සුත්තට තමයි ඉතින්..
    වඩා හොදයි වලක් කපන් වැලලියන්
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    පලි නම් ගත්ත බන් ඒ කාලෙ මේවටත් එක්ක..
    ඒවා හිතල හිත හදාගත්ත :rofl:
    ලෝල්ස් මම දැක්කා උබ කලින් හාර්ඩ් වල ඉඩ නැතිවෙනකන් ගත්තා කියලා. :rofl:
    මොනවා උනත් slt හොදයි බන් වෙලාවකට.. :lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    ලෝල්ස් මම දැක්කා උබ කලින් හාර්ඩ් වල ඉඩ නැතිවෙනකන් ගත්තා කියලා. :rofl:
    මොනවා උනත් slt හොදයි බන් වෙලාවකට.. :lol:

    ඔව් ඉතින්..
    අවුරුදු මාසෙ මුලම data ටික 0 ට ඇරියම මල පනින්නෙ නැද්ද කිහාන් කො ඉතින්..
    වෙන මාසයක් නම් ඔහෙ අවුලකුත් නෑ

    2.gif
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ඔව් ඉතින්..
    අවුරුදු මාසෙ මුලම data ටික 0 ට ඇරියම මල පනින්නෙ නැද්ද කිහාන් කො ඉතින්..
    වෙන මාසයක් නම් ඔහෙ අවුලකුත් නෑ

    2.gif
    එකනම් ඇත්ත. :dull:
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    :dull::dull::dull:
    ganna wena network ekak naane oi
    Bell patta slow and signal nathuwath athi kohomath.
    Lankawe mewa complain karanna mokakwath nadda bn
    :angry::angry::angry:

    mama nam bell 4g. downspped eka 800-900KBps wage yanawa. mata nam oye case mukuth ne signaluth shape. hebey ape gedara ekama eka place ekakata witharay thiyenne. e place eken mulu gedarama cover wenawa. e nisa mama nam bell 4g routers 2kma use karanawa
     
    • Like
    Reactions: lk-maare

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    mama nam bell 4g. downspped eka 800-900KBps wage yanawa. mata nam oye case mukuth ne signaluth shape. hebey ape gedara ekama eka place ekakata witharay thiyenne. e place eken mulu gedarama cover wenawa. e nisa mama nam bell 4g routers 2kma use karanawa

    මෙහෙටත් සිග්නල් නෑ..
    සෙට් උන ගමන් මේ රෙද්ද අයින් කරල ගන්නව බෙල්
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,254
    1,977
    113
    මහනුවර
    mama nam bell 4g. downspped eka 800-900KBps wage yanawa. mata nam oye case mukuth ne signaluth shape. hebey ape gedara ekama eka place ekakata witharay thiyenne. e place eken mulu gedarama cover wenawa. e nisa mama nam bell 4g routers 2kma use karanawa

    ape laga paatha bell coverage tower ekak na bn.town eke idan patha kandak meha paththe inna hinda sure signal na.naththan gannawa bn. patta labai anika. oya speed ekatth athi. ping eka case da danne na echcharai awulakta thiyenne.

    :(:(:(
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    උබට හරියටම යුසෙජ් බලන්න නම්
    ඩේටා රිසෙට් වෙන දවසෙ ඉදන් දවස් 2-3 ක් ඔන් නොකර ඉදල බලපන් බලන්න. අන්න එහෙමත් අඩු වෙලා නම් අනිවා උබට ගේම අදින්න පුලුවන්න් කිසි බයක් නැතිව. උබේ ඩේටා රීල් ටයිම් අප්ඩේට් වෙන්නෙ නෑ මචන්. අනික උන්ගේ ඩේටා බ්ලොක් එක 300 ක් ලු. ඉතින් උබ යුස් කරන අතර තුර ඩෙටා යුසෙජ් බලන්න ආමාරුයි. අර කියපු විදියට බලල කියපන් බලන්න අනිවා මමත් අයින් කරනව. මටත් ඔක බලන්න ඔන ඒත් මම ගෙදර නෑ. රිසෙට් වෙන දවසේ ඉදල හරි, රෞටර් එක ඔෆ් කරල දවස් 3ක් විතර නොදා බලපන්​
     
    • Like
    Reactions: lk-maare

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,254
    1,977
    113
    මහනුවර
    උබට හරියටම යුසෙජ් බලන්න නම්
    ඩේටා රිසෙට් වෙන දවසෙ ඉදන් දවස් 2-3 ක් ඔන් නොකර ඉදල බලපන් බලන්න. අන්න එහෙමත් අඩු වෙලා නම් අනිවා උබට ගේම අදින්න පුලුවන්න් කිසි බයක් නැතිව. උබේ ඩේටා රීල් ටයිම් අප්ඩේට් වෙන්නෙ නෑ මචන්. අනික උන්ගේ ඩේටා බ්ලොක් එක 300 ක් ලු. ඉතින් උබ යුස් කරන අතර තුර ඩෙටා යුසෙජ් බලන්න ආමාරුයි. අර කියපු විදියට බලල කියපන් බලන්න අනිවා මමත් අයින් කරනව. මටත් ඔක බලන්න ඔන ඒත් මම ගෙදර නෑ. රිසෙට් වෙන දවසේ ඉදල හරි, රෞටර් එක ඔෆ් කරල දවස් 3ක් විතර නොදා බලපන්​

    machan 1 wenida idan e dawas 5ta echchara loku , e kiyanne 4GB iwara wenna tharan mama mokuth kale na. anika eeye ude 7.30 idan thama router eka on karala na. 300 nan 300 block ekak kiyamuko.ehenan eeye dawasata 800k kohomada bn kapenne? aduma ehenan kapenna oni 300 yane kalin dawase ekath e dawasata update wunanan