තුච්ඡ සිරිධම්මගේ මාර්ග පටලැවිල්ල

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
තුච්ඡ සිරිධම්මගේ මාර්ග පටලැවිල්ල

පිටිදූවේ තුච්ඡ සිරිධම්ම ජේසුස් වහන්සේ කීවෙත් බුදුරජානන් වහන්සේ කී මාර්ගයම බව කීම



ඉහත වීඩියෝවේ යම් ක්‍රිස්තියානි බැතිමතෙක් මෙසේ අසනවා:

"අපෙ හාමුදුරුවනේ, මම ක්‍රිස්තියානි එක්කෙනෙක්. පළවෙනි වතාවට ආවෙ, මගෙ යාළුවත් එක්ක. මට පුංචි ප්‍රශ්නයක් තියෙනවා දැනගන්න. මම අවුරුදු තිස් හයක් වයස. ඒ කාලෙ පුරාවට මම ක්‍රිස්තු ධර්මය තමයි අදහාගෙන යන්නෙ. ඉතින් ඒ හරහා මම ගැළවීමේ මාර්ගය හොයමින් යනවා. ඉතිං මට ඔබ වහන්සේගේ දේශනා සමහර ඒවා අහන්න ලැබුනා. මට දැනගන්නට ඕනෑ මේ දෙක දෙකක්ද, එකක්ද?"

මේ තුච්ඡ සිරිධම්ම ඊට දෙන පිළිතුර:

"පාරවල් දෙකක් තියෙන්න බෑනෙ. එකයි. සංස්කෘති දෙකක්, එක ධර්මයක්. ගැළවීමේ එක මාර්ගයයි. ජේසුස් වහන්සේ කියපු එකම තමයි මම කියන්නෙත්. දෙකක් කියන්න බෑ, දෙකක් කියනවා නම් [ඒක] මහ බොරුවක් දෙන්නම කරලා තියෙන්නේ. මං කියන එක පැහැදිලිද? දෙන්නම එකක් කියන්නේ. එහෙම මං එකක් කියනකොට පිළිගන්ඩ එපා. මං කියන ඔක්කොම දේශනා ටික අහන්න. බයිබල් වල, පොත්පත් වල තියෙන ඔක්කොම දේවල් අධ්‍යයනය කරන්න. අධ්‍යයනය කරලා බලන්න විෂම වෙනවාද කියලා. විෂම වෙන්න බෑ. හරි නේ. ඊට පස්සෙ ත්‍රිපිටකයේ තියෙන ඒවා ඔක්කොම කියවන්න. කියවලා මේකත් අහන්න. පටලැවෙනවද කියලා බලන්න. පටලැවෙන්න බෑ, එකක් තියෙන්නේ. ඔක්කොම ශාස්තෘවරු ඒකක් කිව්වෙ."

අන්ධබාල සිරිධම්ම "ඔක්කොම ශාස්තෘවරු ඒකක් කිව්වෙ." යැයි කීවද එය එසේ නොවේ. විවිධ ශාස්තෘවරුන් විවිධ මාර්ගයන් දේශනා කොට ඇති අතර ඒ හැම මාර්ගයම එකක් නොවේ, ඒ හැම මාර්ගයම නිවන් පිණිසත් නොවේ. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ දීඝ නිකායේ මහ වග්ගයේ මහාපරිනිබ්බාන සූත්‍රයේ [ http://thripitaka.org/view/bjts/sp2/126 ] සුභද්‍ර පරිව්‍රාජක වස්තුවේ මෙසේ දැක්වෙනවා:

<quote>
එ කල්හි අනඳ තෙරණුවෝ සුභද්‍ර පිරිවැජියාට, “ඇවැත්නි, සුභද්‍රයෙනි, යන්නැ. ඔබට භාග්‍යවතුන් වහන්සේ අවසර දෙන සේකැ” යි කීහ. එවිටැ සුභද්‍ර පිරිවැජි තෙම භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ ඔබ හා සතුටු වන්නට නිසි, සිතැ රැ‍ඳෙන්නට නිසි කථා නිම කොට එක් පසෙක ඉඳ ගත්තේ ය. එක් පසෙක හිඳ ම සුභද්‍ර පිරිවැජි තෙම භගවත් බුදුරජුනට කථා කොට “භවද් ගෞතමයිනි, ශ්‍රාවක සංඝයා ඇති, සවු ගණ ඇති, ගණැදුරු වූ, ප්‍රකට වූ, යශස් ඇති බොහෝ දෙනා විසින් සාධු යැ යි සම්මත වූ, කාශ්‍යපගෝත්‍රික පුරාණ, ගෝශාලමස්කරි, කේශකම්බල දැරු අජිත, කාත්‍යායන ගෝත්‍රික පකුධ, වෛරාටිපුත්‍ර සංයත, ඥාතපුත්‍ර නිර්ග්‍රන්ථ යන ‍යම් මේ තීර්ථංකර කෙනෙක් වූහු ද, ඔහු හැම දෙනා තමන් පිළිණ කළ සේ සත්‍යය දැන ගත්තාහු ද? ඔහු හැම දෙනාම එසේ නො ම දැන ගත්තාහු ද? නො හොත් (ඔවුන් අතුරෙන්) එක්තරා කෙනෙක් දැන ගත්තාහු එක්තරා කෙනෙක් නො ම දැන ගත්තාහු දැ?” යි මෙ පැණය විචාළේ ය.

“සුභද්‍රයෙනි, එයින් වැඩෙක් නැත. ‘ඒ සියලු දෙනා තමන් පිළින කරන පරිදි සත්‍යය දැන ගත්තාහු ද? සියල්ලෝ ම නො දැන ගත්තාහු ද? නො හොත් එක්තරා කෙනෙක් දැන ගත්තාහු, එක්තරා කෙනෙක් නො දැන ගත්තාහු ද?’ යන මේ කරුණ සිටි වා (ප‍සෙකැ තැබේ වා). සුභද්‍රයෙනි, තොපට දහමක් දෙසන්නෙමි. එය අසවු, මෙනෙහි කරවු. කියන්නෙමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. “එසේ ය, වහන්සැ” යි ම සුභද්‍ර පිරිවැජි තෙම භගවත් බුදු රජුනට පිළිවදන් ඇස්වී ය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:

105. “සුභද්‍රයෙනි, යම් ධර්ම විනයයෙක (යම් සස්නෙක) අරී අටැඟි මඟ නො ලැබෙයි ද, එහි (පළමු වන) සෝවාන් මහණ ද නො ලැබේ (නො මැත), ‍ දෙවෙනි සෙදැගැමි මහණ ද එහි නැත, තෙවෙනි අනැගැමි මහණ ද එහි නැත, සතර වන රහත් මහණ ද එහි නැත. වැලි දු සුභද්‍රයෙනි, යම් සස්නෙක අරී අටැඟි මඟ ඇද්ද, එහි (පළමු) සෝවාන් මහණ ද ඇත, දෙවෙනි සෙදැගැමි මහණ ද ඇත, තෙවැනි අනගැමි මහණ ද ඇත, සතරවන රහත් මහණ ද ඇත. සුභද්‍රයෙනි, මෙ (දහම් විනය ඇති) සස්නෙහි අරී අටැඟි මඟ ඇත. සුභදුයෙනි, මෙහි ම (පළමු) සෝවාන් මහණ ද ඇත, මෙහි ම දෙවෙනි සෙදැගැමි මහණ ද ඇත, මෙහි ම තෙවෙනි අනැගැමි මහණ ද ඇත, මෙහි ම සිවු වැනි රහත් මහණ ද ඇත. මේ සතර මහණුන්ගෙන් අන්‍ය වූ පරප්‍රවාදයෝ (පර තන්ත්‍රයෝ) සත්‍යයෙන් ශුන්‍ය හ. සුභද්‍රයෙනි, මේ මහණහු ද නිසි පරිදි වසන්නාහු නම් ලොව රහතුන් ගෙන් හිස් නො වන්නේ ය.”

“සුභද්‍රයෙනි, කුසල් නම් (නිවන් මඟ නම්) කිම් දැ යි සොයනුයෙම් මම් පැවිදි වීමි යන යමක් ඇද්ද, එය වයසින් එකුන්තිසක් ඇත්තෙම් කෙළෙමි. සුභදුයෙනි, යම් කලෙක මම් පැවිදි වීම් ද, එ දා සිට මෙ දෑතුරෙහි මඳක් වැඩි පස් පනස් වසෙක් ඉකුත් විය. අරීමඟ දහමැ විවසුන් වැඩීම් වශයෙන් ඒකදේශයෙක්හි දු (එක් කොටසෙක නමුදු) පවත්නා මහණෙක් මෙ සස්නෙන් බැහැරැ නැත. පළමු මහණ ද මෙ සස්නෙන් බැහැරැ නැත. දෙවෙනි මහණ ද නැත. තෙවෙනි මහණ ද නැත. සිවුවන මහණ ද නැත. මේ සතර මහණුන්ගෙන් අන්‍ය වූ පරප්‍රවාදයෝ හිස් හ. සුභද්‍රයෙනි, මේ මහණහු නිසි පරිදි (සම්‍යක්ප්‍රතිපන්න වැ) වසන්නා හු නම්, ලොව රහතුන් ගෙන් නොසිස් වන්නේ ය.”
</quote>

මහාපරිනිබ්බාන සූත්‍රයේ සඳහන් එම කරුණු වලට අනුව ආර්ය අෂ්ඨාංගික මාර්ගය නොලැබෙන ධර්ම විනයක සෝවාන්, සකෘදාගාමී, අනාගාමී සහ අරහත් ඵල අවබෝධ කරන ශ්‍රමණයින් නැහැ. ජේසුස් වහන්සේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය දේශනා කොට තිබෙනවා යැ? ජේසුස් වහන්සේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය දේශනා කොට නැති නිසා "පාරවල් දෙකක් තියෙන්න බෑනෙ. එකයි. සංස්කෘති දෙකක්, එක ධර්මයක්. ගැළවීමේ එක මාර්ගයයි. ජේසුස් වහන්සේ කියපු එකම තමයි මම කියන්නෙත්. ... ඔක්කොම ශාස්තෘවරු ඒකක් කිව්වෙ." යැයි කීමෙන් තුච්ඡ සිරිධම්ම තමන්ගේම අන්ධබාල බව විදහා දක්වනවා.

ජේසුස් වහන්සේ කීවේ කුමක්ද? වෙනස් වෙනස් ආගමික නිකායන්ට අයත් ජේසුස් වහන්සේගේ භක්තිකයින් ජේසුස් වහන්සේ කීවේ කුමක්දැයි යන්න මේ කාලයේ විවිධ ලෙස පවසනවා. බුදුරජානන් වහන්සේ ලෝකයෙහි නෙයෙක් අය පවසනා එබඳු දෘෂ්ටීප්‍රකාශක වචන සියල්ලම ගැන විස්තර කොට තිබෙනවා. ගණනින් හැට දෙකක් වන එම දෘෂ්ටීන් ගැන ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ දීඝ නිකායේ සීලක්ඛන්ධවග්ගයේ බ්‍රහ්මජාල සූත්‍රයේ [ http://thripitaka.org/view/bjts/sp1/18 ] සඳහන්. ජේසුස් වහන්සේ මෙන් දෘෂ්ටි ඇති අය එසේ පවසන්නේ ඇයි දැයි යන්න ජේසුස් වහන්සේ ඉපදීමටත් පෙර බුදුරජානන් වහන්සේ විස්තර කර ඇති ආකාරය එම සූත්‍රයේ මෙසේ දැක්වෙනවා:

<quote>
...
44. මහණෙනි, යම් කෙනෙක් ආත්මයත් ලෝකයත් එක් කොටසක් ශාශ්වත කොට ද එක් කොටසක් අශාශ්වත කොට ද කරුණු සතරෙකින් පණවත් නම්, එසේ වූ ඒකත්‍යශාශ්වතික වූ ද ඒකත්‍යඅශාශ්වතික වූ ද ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත්තාහ.

ඒ භවත් මහණබමුණෝ කුමක් නිසා කිමෙක එල්බැ එකත්‍යශාශ්වතික ද ඒකත්‍යආශාශ්වතික ද වූවාහු (එක් කොටසක් සදාකාලික යැයි ද එක් කොටසක් සදාකාලික නොවේ යැයි ද යන දෘෂ්ටි ඇත්තාහු) ආත්මයත් ලෝකයත් එක් කොටසක් ශාශ්වත යැ යිත් එක් කොටසක් අශාශ්වතැ යිත් කියා සතර කරුණෙකින් පණවත් ද? යත්:

45. මහණෙනි, දික් කලක් ඇවෑමෙන් කිසි සමයෙක මේ ලොව නස්නේ ද, එබඳු වූ කාලයෙක් වේ ම ය. එසේ ලොව නැසෙන කල්හී සත්හු බෙහෙවින් ආභස්සර බඹලොවැ උපදින්නෝ වෙති. ඔහු එහි ධ්‍යානචිත්ත බලයෙන් උපන්නෝ වෙති, ප්‍රීතිය ම ආහාර කොට ඇත්තෝ වෙති, තුමූ ම බැබළෙන්නෝ වෙති, අහසෙහි හැසිරෙන්නෝ වෙති, සිත්කළු වස්ත්‍රාභරණ හැඳ පැළඳ සිටින්නෝ වෙති. එහි ඔහු ඉතා බොහෝ කලක් සිටිත්.

මහණෙනි, දික් කලක් ඉක්මීමෙන් යම් කිසි සමයෙක මෙලොව නැවත හටගන්නේ නම් එසේ වූ කාලයෙක් වෙයි. එසේ ලොව හට ගන්නා කල්හී හිස් බඹවිමනෙක් පහළ වෙයි. ඒ කල්හී එක්තරා සත්ත්වයෙක් ආයු ගෙවී යෑමෙන් හෝ පින් ගෙවී යෑමෙන් ආභස්සර බඹ ලොවින් සැව ඒ හිස් බඹවිමනෙහි උපදී. හෙ තෙමේ එහි ධ්‍යාන සිතින් උපන්නේ ප්‍රීතියම ආහාර කොට ඇත්තේ වෙයි. සිය සිරුරු එළියෙන් ම බබළන්නේ වෙයි, ආකාශචාරී වෙයි, සිත්කළු වස්ත්‍රාභරණ ඇති වැ සිටින්නේ වෙයි. හේ එහි ඉතා බොහෝ කලක් සිටියි. එහි ඔහු හුදකලා වැ බොහෝ කලක් වුසූ හෙයින් ‘අන් සත්හු ද මේ අත්බවට එන්නාහු නම් යෙහෙකැ’ යි ප්‍රාර්ථනාවෙක් තෘෂ්ණාවෙක් ඔහුට පහළ වෙයි. ඉක්බිති එක්තරා සත්ත්ව කෙනෙක් ද, ආයු ගෙවීමෙන් හෝ පින් ගෙවීමෙන් හෝ ආභස්සර ලොවින් සැව ඒ බඹවිමනට, ඔහුගේ සහභාවයට පැමිණෙත්. ඔහු ද එහි ධ්‍යානමනසින් උපන්නෝ ප්‍රීතිය ම ආහාර කොට ඇත්තෝ වෙත්, ස්වයම්ප්‍රභ වෙත්, ආකාශචාරී වෙත්, සිත්කළු උයන් විමන් ආදියෙහි සිටින්නෝ (නොහොත් සිත්කළු වස්ත්‍රාභරණ හැඳ පැලැඳ සිටින්නෝ) වෙත්. ඔහු එහි ඉතා දික් කලක් සිටිත්. මහණෙනි, එහි යම් සත්ත්වයෙක් පළමු වැ උපන්නේ ද, ඔහුට මෙසේ සිතෙක් වෙයි. “මම බ්‍රහ්ම වෙමි, මහා බ්‍රහ්ම වෙමි, අන් හැම මැඩ පවත්වා සිටින්නෙම් වෙමි, අනුන් විසින් නොමඩනා ලදුයෙම් වෙමි, ඒකාන්තයෙන් සියල්ල දක්නෙම් වෙමි, සියල්ලන් වශයෙහි පවත්වන්නෙම් වෙමි, ඊශ්වර වෙමි, කර්තෘ වෙමි, මවන්නා වෙමි, ලොවට උත්තම වෙමි, ලොව සකස් කරන්නා වෙමි, පුරුදු කළ වශිතා ඇත්තෙමි, උපන්නවුන්ගේ ද, උපදින්නවුන්ගේ ද පියා වෙමි. මා විසින් මේ සත්ත්වයෝ මවන ලදහ. ඒ (එසේ සිතනුයේ ) කවර හෙයින? යත්: ‘අන් සත්ත්ව කෙනෙකුත් මෙහි මේ අත්බවට එන්නාහු නම් යෙහෙකැ’යි පූර්වයෙහි මට මේ සිත පහළ විය. මෙසේ මාගේ ප්‍රාර්ථනාව ද විය. මේ සත්ත්වයෝත් මගේ ඒ ප්‍රාර්ථනාව අනු ව මේ අත්බවට ආහ” යනු යි. යම් සත්ත්ව කෙනෙක් පසුව උපන්නෝ ද ඔවුනට මේ සිත වෙයි. ‘මේ භවත් තෙමේ බ්‍රහ්ම ය, මහා බ්‍රහ්ම ය, අනුන් මැඩ පවත්වා සිටින්නා ය, අනුන් විසින් නො මැඩුණේ ය, ඒකාන්තයෙන් සියල්ල දක්නේ ය, ලොව තමා වශයෙහි පවත්වන්නේ ය, ඊශ්වර ය, කර්තෘ ය, නිර්මාතෘය, උත්තමයා ය, ලොව සකස් කරන්නා ය, පුරුදු කළ වශිතා ඇත්තා ය, උපන් උපදනා සියල්ලන්ගේ පියා ය. මේ භවත් බඹහු විසින් අප මවන ලද්දමෝ වමු. ඒ කවර හෙයින? යත්: මොහු වනාහී අපට පළමු ව මෙහි උපන්නහු අපි දුටුවමු. අපි වනාහී පසු වැ උපන්නම්හ” යනුයි.

46. මහණෙනි, එහි යම් සත්ත්වයෙක් පළමු වැ උපන්නේ ද, හේ සෙස්සනට වඩා දීර්ඝායුෂ්ක වෙයි, සෙස්සනට වඩා වර්ණවත් වෙයි, සෙස්සනට වඩා මහායශස් ඇත්තේ වෙයි. යම් කෙනෙක් වනාහී පසු වැ උපන්නෝ ද ඔහු පළමු උපන්නහුට වඩා මන්දායුෂ්ක ද වෙති, ඔහුට වඩා වර්ණයෙන් හීන ද වෙති, ඔහුට වඩා අල්පයශස් ඇත්තෝ ද වෙති. මහණෙනි, යම් හෙයෙකින් ඔවුන් අතුරෙන් කිසි සත්ත්වයෙක් ඒ බ්‍රහ්මනිකායයෙන් සැව මේ මිනිසත්බවට පැමිණේ ය යන කාරණයෙක් ඇද්ද මෙය විද්‍යාමාන ය (වන එකෙක). එසේ හේ මේ මිනිසත්බවට ආයේ ම ගිහි ගෙයින් පැවිදි බිමට වදී. ගිහි ගෙයින් පැවිදි බිමට වන්නේ ම, හේ උත්සාහ වඩා වැර වඩා පුන පුනා වෑයම් කොට නොපමා බව නිසා නුවණ නිසා, යම් සමාධියෙකින් සිත මනා වැ පිහිටි කල්හි මෙයින් පෙරැ වූ ජාතිය සිහි කෙරේ ද, එයින් ඔබ්බෙහි සිහි නො කෙරේ ද, එසේ වූ චිත්තසමාධියක් ලබයි. හෙ තෙම මෙසේ කියයි: “යම් ඒ භවත් බ්‍රහ්මයෙක් මහාබ්‍රහ්ම ද, අනුන් මැඩ පවත්වන්නේ ද, ඊශ්වර ද, කාරක ද, නිර්මාපක ද, උත්තම ද, ලොව සකස් කරන්නේ ද, පුරුදු කළ වශීතා ඇත්තේ ද, උපනුන්හටත් උපදනාවුන්හටත් පීතෘ ද, යම් භවත් මහබඹක්හු විසින් අප මවන ලදුමෝ ද, ඒ මහබඹ තෙමේ නිත්‍ය ය, ධ්‍රැව ය (නො මැරෙන්නේ ය), සදාකාලික ය, නොවෙනස් වන ස්වභාව ඇත්තේ , මහාපෘථිවි ආදී ශාශ්වත වස්තූන් හා සම වැ එසේ ම නොවෙනස් වැ සිටින්නේ ය. යම් බඳු අපි ඒ භවත් බඹහු විසින් මවන ලදුමෝ ද, ඒ අපි අනිත්‍යම්හ, අධ්‍රැවයම්හ, අල්පායුෂ්කයම්හ, මැරෙන ස්වභාවය ඇත්තම්හ, එ බැවින් බඹ ලොවින් සැව මෙහි මේ මිනිසත් බවට ආම්හ” යනු යි.

මහණෙනි, යමක් නිසා යමක් ඇරැබැ ඇතැම් මහණ බමුණෝ ඒකත්‍යශාශ්වතිකත් ඒකත්‍යඅශාශ්වතිකත් වූවෝ ආත්මයත් ලෝකයත් එක් කොටසක් ශාශ්වත කොටත් එක් කොටසක් අශාශ්වත කොටත් පණවත් නම්, මේ ඒ පලමු කාරණය යි.

...
...
...
මහණෙනි, යමක් උදෙසා යමක් ඇරැබැ ඇතැම් මහණබමුණෝ ඒකත්‍යශාශ්වතික ද ඒකත්‍යඅශාශ්වතික ද වූවෝ ආත්මයත් ලෝකයත් එක් කොටසක් ශාශ්වත කොට ද එක් කොටසක් අශාශ්වත කොටද පණවත් නම්, මේ ඒ සතරවන කාරණය යි.

මහණෙනි, ඒ මහණබමුණෝ ඒකත්‍යශාශ්වතික ද ඒකත්‍යආශාශ්වතික ද වූවෝ මේ සතර කරුණින් ආත්මයත් ලෝකයත් එක් කොටසක් ශාශ්වත ද එක් කොටසක් අශාශ්වත ද කොට පණවත්.

මහණෙනි, යම් මහණකෙනෙක් හෝ යම් බමුණුකෙනෙක් හෝ ඒකත්‍යශාශ්වතික ද ඒකත්‍යඅශාශ්වතික ද වූවෝ ආත්මයත් ලෝකයත් එක් කොටසක් ශාශ්වත ද එක් කොටසක් අශාශ්වත ද කොට පණවත් නම්, ඒ සියල්ලෝ මේ සතර කරුණින් ම හෝ මොවුන් අතුරෙන් එක් කරුණෙකින් හෝ එසේ පණවත්. මෙයින් පිටත් අන් කරුණක් නැත.

50. මහණෙනි, ‘මේ දෘෂ්ටිකාරණයෝ මෙසේ ගන්නා ලද්දෝ, මෙසේ පරාමර්ශනය කරන ලද්දෝ මෙබඳු නිරයාදී විපාකගති ඇත්තෝ වෙත්, මෙබඳු පරලොව් ඇතියෝ වෙත් යැ’ යි මේ සතර දෘෂ්ටිගතය ම තථාගත තෙමේ දන්නේ ය. තථාගත තෙමේ එය ද එයින් මත්‍තෙහි වූ සියල්ල ද දනී. එය දන්නේ, ‘මෙය මම් දනිමි’ යි ඒ දැන්ම තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් පරාමර්ශනය නො කෙරෙ යි. එය පරාමර්ශනය නො කරන්නා වූ ඔහු විසින් ම තමාගේ කෙලෙස් නිවීම දන්නා ලද්දේ ය. (සුව ඇති තැන් පතපතා අන්‍යතීර්ථකයෝ නානාදෘෂ්ටිගහනයට පිවිසෙත් නම්) තථාගත තෙමේ ඒ වේදනාවන්ගේ උපත ද නැස්ම ද රසය ද දොස ද නික්මුම ද ඇති සැටි දැන උපාදාන රහිතව මිදුණේ වෙයි.

51. මහණෙනි, තථාගත බුදුරජ යම් ධර්ම කෙනෙකුන් තෙමේ ම විශිෂ්ට ඥාණයෙන් දැන පසක් කොට පවසා නම්, තථාගත බුදුහුගේ ඇති පරිදි වූ ම ගුණ කියන්නට තැත් කරන්නෝ යම් ධර්ම කෙනෙකුන් කරණ කොට ගෙන කියන්නෝ නම්, මේ වනාහී ගැඹුරු වූ දූර්දර්ශී වූ දුරනුබෝධ වූ ශාන්ත වූ ප්‍රණීත වූ අතර්කාවචර වූ සියුම් වූ පණ්ඩිතවේදනීය වූ ඒ ධර්මයෝ ය.
...
</quote>

බුදුරජානන් වහන්සේ ජේසුස් වහන්සේ මෙන් ආත්මයත් ලෝකයත් එක් කොටසක් සදාකාලික කොට ද, එක් කොටසක් සදාකාලික නොවන කොට ද පණවා නැහැ. පැණවීම් කරන්නන් ආකාර හතරකින් ආත්මයත් ලෝකයත් එක් කොටසක් සදාකාලික කොට ද, එක් කොටසක් සදාකාලික නොවන කොට ද පණවන බව සහ එම ආකාර හතරම නිවැරදි නොවන්නේ ඇයි දැයි යන්න බුදුරජානන් වහන්සේ විස්තර ඇතිව පවසා ඇති අයුරු බ්‍රහ්මජාල සූත්‍රයේ දැක්වෙනවා. බ්‍රහ්මජාල සූත්‍රයේ සඳහන් එම කරුණු වලට අනුවත් බුදුරජානන් වහන්සේගේ පැවසූ ධර්මය ජේසුස් වහන්සේ පැවසූ ධර්මයම නොවන බව දැකිය හැකියි. බුදු දහමේ කියැවෙන ගැළවීමේ මාර්ගය "දෙවියන් වහන්සේ සමඟ එක් වීම", "ස්වර්ග රාජ්‍යයට ඇතුළු වීම" ආදී දෑ අවසන් කොට ඇති මාර්ගයක් නොවෙයි. බ්‍රහ්මජාල සූත්‍රයට අනුවත් "පාරවල් දෙකක් තියෙන්න බෑනෙ. එකයි. සංස්කෘති දෙකක්, එක ධර්මයක්. ගැළවීමේ එක මාර්ගයයි. ජේසුස් වහන්සේ කියපු එකම තමයි මම කියන්නෙත්. ... ඔක්කොම ශාස්තෘවරු ඒකක් කිව්වෙ." යැයි කීමෙන් තුච්ඡ සිරිධම්ම තමන්ගේම අන්ධබාල බව විදහා දක්වනවා.

පෙර දක්වන ලද මහාපරිනිබ්බාන සූත්‍රයට අනුවත්, බ්‍රහ්මජාල සූත්‍රයට අනුවත් පිටිදූවේ තුච්ඡ සිරිධම්ම පවසන්නේ බුදු දහම නොව අන්ධබාල කථාවක් බව දැකිය හැකියි. මහාපරිනිබ්බාන සූත්‍රයට අනුව ආර්ය අෂ්ඨාංගික මාර්ගය නොලැබෙන ධර්ම විනයකින් රහත් වීම සිදුවන්නේ නැහැ. ආර්ය අෂ්ඨාංගික මාර්ගය නොලැබෙන ජේසුස් වහන්සේ පැවසූ ධර්ම මාර්ගය බුදුරජානන් වහන්සේ පැවසූ ධර්ම මාර්ගයම බව පවසන පිටිදූවේ තුච්ඡ සිරිධම්ම ආර්ය අෂ්ඨාංගික මාර්ගය යනු කුමක් දැයි හරි හැටි වටහා ගෙන නැහැ. මාර්ග සත්‍ය අවබෝධ නොකර ඇති නිසා පිටිදූවේ තුච්ඡ සිරිධම්ම යනු රහත් බවින් තොර හිස් පූද්ගලයෙක්. අන් පුද්ගලයින් මෝඩයින් යැයි හඳුන්වන තුච්ඡ සිරිධම්මම මෝඩයින්ගේ ගණයට යනවා.

Skylark
 
Jul 5, 2012
1,773
265
0
මහාපරිනිබ්බාන සූත්‍රයේ සඳහන් එම කරුණු වලට අනුව ආර්ය අෂ්ඨාංගික මාර්ගය නොලැබෙන ධර්ම විනයක සෝවාන්, සකෘදාගාමී, අනාගාමී සහ අරහත් ඵල අවබෝධ කරන ශ්‍රමණයින් නැහැ. ජේසුස් වහන්සේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය දේශනා කොට තිබෙනවා යැ? ජේසුස් වහන්සේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය දේශනා කොට නැති නිසා "පාරවල් දෙකක් තියෙන්න බෑනෙ. එකයි. සංස්කෘති දෙකක්, එක ධර්මයක්. ගැළවීමේ එක මාර්ගයයි. ජේසුස් වහන්සේ කියපු එකම තමයි මම කියන්නෙත්. ... ඔක්කොම ශාස්තෘවරු ඒකක් කිව්වෙ." යැයි කීමෙන් තුච්ඡ සිරිධම්ම තමන්ගේම අන්ධබාල බව විදහා දක්වනවා.


පිංවත් ස්කයිලාක්
මේ සිරිදම්මට පිස්සු. යම් අවස්ථාවක මානසික ව්‍යාදියක් ඇතිවෙලා, නමුත් අපේ රටේ බුද්ධිමත් ජනතාව නේ ඉන්නේ, බුදුන් උපන්නේ ලංකාවේ කිව්වත් පිලිගන්න ජාතියේ බුද්ධිමත් කට්ටියනේ, මෙයා දොස්තර කෙනෙක් ගාවට ගෙනියනව වෙනුවට රහත් කියලා ඔලුව උඩ තියාගෙන ඉන්න්වා. ඇත්තටම මේ පුද්ගලයාට මානසික ප්‍රතිකාරයක් අවශ්‍යයි, ඒකම තමයි එතුමාත් මහ හඬින් කෑ ගගහා ඉල්ලන්නේ- මට උදව් කරපල්ලා කියා නොකියා කියනවා.
:D:D
 
Last edited:

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
සාදු සාදු පින්වත් ස්කයිලාක්,

ඔබ මනා කොට කරුනු දක්වා නිරවුල් ලෙසම සමන්ත බද්‍රයන්ගේ අඥාණ කම, නොහික්මුනු කම සහ අහන්කාරය එලිදරව් කර තිබෙනවා!
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,444
    22,101
    113
    Gotland
    එතකොට අල්ලා කිව්වෙත් බුදුහාමුදුරුවෝ කියපු දේ ?
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ගොඩක් ධර්ම දැනුම තියෙන හාමුදුරු කෙනෙක්. වටේ යන්නේ නැතුව බුද්ධ දේශනාවේ කරුණු ඒ විදියටම දේශණා කළ හාමුදුරු කෙනෙක්. මටනම් හිතෙන්නේ මාර වසඟයට අහු වෙලා කියල.
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    පිටිදූවේ සිරිධම්ම හාමුදුරුවන්ගේ සමහර හැසිරීම් කතාබහ ආදිය අනුමත කල නොහැකි උවත් උන්වහන්සේගෙ ධර්මදේශනා වලිනුත් ගත හැකි ගත යුතු බොහෝ දේවල් තියෙන බවයි මටනම් හැඟෙන්නෙ.
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    මෙම ත්‍රෙඩ් එකේ ආරම්භක ලිපියේ දක්වන ලද YouTube වීඩියෝව ඉවත් කොට ඇත. වීඩියෝවේ දක්නට හැකි වූ අදාළ සංවාද කොටස නැරඹීමට මෙතැනට පිවිසෙන්න:

    පිටිදූවේ තුච්ඡ සිරිධම්ම ජේසුස් වහන්සේ කීවෙත් බුදුරජානන් වහන්සේ කී මාර්ගයම බව කීම

    http://www.trekmentor.com/si/content/book/947

    Skylark
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    වැඩේ කියන්නේ මිනිස්සු දැන දැනම වලේ වැටෙන්න පස්සෙන් යන එකනේ ..නියම ශ්‍රී සද්ධර්මය අහන්න ලැබෙන්නත් කර්මානුරූපීව පින තියෙන්න ඕන වගේම මේ කුණු කන්දල් වලින් හරි දේ වෙන් කරගන්නත් කර්මානුරූපීව ප්‍රඥඥාව ලැබිලා තියෙන්න ඕන...මේවා අහන මිනිස්සු ගැන හරිම දුකයි..
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,622
    5,475
    113
    ගොඩක් ධර්ම දැනුම තියෙන හාමුදුරු කෙනෙක්. වටේ යන්නේ නැතුව බුද්ධ දේශනාවේ කරුණු ඒ විදියටම දේශණා කළ හාමුදුරු කෙනෙක්. මටනම් හිතෙන්නේ මාර වසඟයට අහු වෙලා කියල.
    :yes: