අනාත්ම වාදීන්ට පහරක්!
අනාත්ම වාදීන්ට පහරක්!
අද වනවිට බුදු දහම බොහෝ සෙයින් වඳවී ගොස් ඇතැයි කිව්වොත් හරි. මොකද ගොඩක් අය බුදු දහම කියල හිතාගෙන අධර්මයක් අනුගමනය කරනව. මා අද ලිපියෙන් කියන්නට උත්සහ කරන්නෙ ත්රිලක්කනයෙ එන අනත්ත යන පදයේ සිංහල අර්ථය 'අනාත්ම' ලෙස ගෙන මංමුලා වී ඇති අයුරක් පෙන්වීමට.
අද ගොඩක් අය භාවනා කරල සෝවහන් වෙන්න උත්සහ කරනව. එහිදී ඔවුන් සත්කාය දිට්ඨිය නැති කර ගැනීමට බොහෝ මහන්සියක් දරනව. මම මාගේ යන දෘශ්ඨිය නැති කර ගැනීම තමයි මොවුන්ගේ අරමුණ.
නමුත් ඇත්තටම කෙනෙක් සෝවහන් වීමට හෝ සෝවහන් වූ කෙනෙක් රහත් වීමට කළ යුත්තේ මේ ශරීරයේ හෝ පිටත මම නෑ කියල මෙනෙහි කිරීමද?
ඔන්න මම අද මේකට පිළිතුරක් ගෙනාව. මම නෑ මමෙක් නෑ මගේ කියල එකක් නෑ යනුවෙන් මෙනෙහි කරන එක සම්පූර්ණයෙන්ම විකෘතියක් බව ත්‍රිපිටකයේ මජ්ජිම නිකායේ සබ්බාසව සූත්‍රයේ මෙසේ තිබෙනව.
ඒ කියන්නෙ කවදාවත් මම නෑ මම නෑ කිය කිය හිතුවට සෝවහන් වත් රහත් වත් වෙන්නෙ නෑ කියන එක පැහැදිලියි. එහෙනම් ඇත්තටම මොකක්ද අපි කරන්න ඕනෙ?? කරන්න තියෙන්නෙ මෙච්චරයි, සෝවහන්, සකෘදාගාමී, අනාගාමි, අරිහත් යන ආර්ය සංඝ රත්නයෙන් ශ්‍රී සත්ධර්මය ශ්‍රවණය කරන එක.
ශ්‍රී සත්ධර්මය කියන්නෙ කෙටියෙන් කිව්වොත් චතුර් ආර්ය සත්‍යය. එහෙමත් නැත්නම් ආශ්වාදයේ ආදීනවය දැක නිස්සරණයට පත් වීම.
ආශ්වාදය කියන්නෙ අපි එක් එක් දේවල් බලල, අහල, රස විඳල, සුවඳ බලල, අත ගාල හෝ හිතල, හිත ඇතුලෙන් සතුටු වෙන්න උත්සහ කිරීම. ආශ්වාදයේ පවතින ආදීනවය කියන්නෙ එහි පවතින අනිච්ච ස්වභාවය. ඒ කිව්වෙ ආශ්වාද මැරෙනකන් වින්ඳත් සෑහීමකට පත් වෙන්න බෑ. අපේ හිතේ කැමැත්ත ඉශ්ඨ කර ගන්න බෑ ඒවගෙන්. මොකද ඒව තුල ගන්න හරයක් නෑ. අන්තිමට වෙන්නෙ ජීවිත කාලෙම ආශ්වාද පස්සෙ ගිහින් අන්තිමට වෙහෙසට පත් වෙලා ලෙඩ වෙලා මැරෙන එක විතරයි. ලැබෙන දෙයක් නෑ. උදාහරණයක් ගත්තොත්, කෑමක් කාල ඕකෙ රස ගැන හිත හිත හිටිය කියල ලැබෙන දෙයක් නෑ අපිට. රූප බලල හිතින් ආශ්වාද විඳ විඳ හිටිය කියල කාලෙ නාස්ති වෙනව විතරයි. අන්තිමට ලැබුන දෙයක් නෑ. මේ දේවල් වල හිතින් සැරි සරමින් කොතරම් කල් හිටියත් හිත පිරෙන්නෙ නෑ. මොකද ඒ කිසිවක ආශ්වාද මාත්‍රයකුදු පවතින්නෙ නෑ. මේක තේරුම් ගත් කෙනාගෙ හිතේ සැරි සැරීම අඩු වෙනව. ඒ කියන්නෙ නිස්සරණයට පත් වෙනව. නිස්සරණයට පත් වූ කෙනා සදාකාලික සුවයකට පත් වෙනව. ඒ තමයි නිවන් සුවය.
ත්රිලක්කණය මෙතනින්: http://www.elakiri.com/forum/showthread.php?t=1793596
තවත් ලිපියක් සමගින් නැවත හමුවෙමු!

Last edited: