Rain & Flood Situation 2017 (Updating...)

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඒක හරියටම දන්නේ නෑ මචං හැබැයි ඔය වේල්ල කැඩුවොත් ඔය පැත්තම යට වෙයි නේද

    thawa wellak tiyenawa eka danata adi 2k yatin wage kiyala kiwwa hawasa 6 ta wage
    eka udin awoth nam yata wenawa..
    ah hari machan eka elawella kiyala kiwwe..
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,867
    1
    9,637
    113
    Gampaha
    මේ විඳින්නේ සැලසුමක් නොමැති ගොඩකිරීම්, නාගරීකරණය සහ පරිසර විනාශයේ ප්‍රතිඵලයි.ලංකාවේ කිසිදු දේශපාලඤයෙකුට රටේ අනාගතය ගැන දැක්මක් හෝ කැක්කුමක් නැහැ. මුදල් ලැබෙනවා නම් ඕනෑම තෙත්බිමක් ගොඩකිරීමට,
    ඕනෑම පරිසරයක් විනාශකිරීමට ඉඩදීමට ඔවුන් සූදානම්. ඒවායේ ප්‍රථිපල භුක්ති විඳින්න සිද්ද වෙන්නේ සාමාන්‍ය ජනතාවට.

    ලංකාවේ සාමාන්‍ය ජනතාව කියන උනුත් පව් නැති කාලකණ්නි පිරිසක් (බහුතරය)එහෙම කියන්න
    හේතුව අංක 01
    උඩ කියපු දේශපාලඥයන්ව පාර්ලිමේන්තුව කියන උත්තරීතර ආයතනයට යවලා ඒක කෝලම් මඩුවක් බවට පත්කරන්න උදව්කරන ප්‍රධාන සාධකය රටේ මීහරක් ජහමනයා.

    හේතුව අංක 02

    රටේ මහජනයාගේ ආකල්ප හරි නැහැ. පරිසරය ගැන උන්ටත් කැක්කුමක් නැහැ.සල්ලි ලැබෙනවා නම් දහජරා වැඩක් කිරීමට උන් සූදානම්. පරිසරයට හානියක් සිදුවන විට පක්ෂ පාට බේධයක් නැතිව එක්සත්ව පරිසරය වෙනුවෙන් පෙනී සිටින්න රටේ බහුතරය නැහැ.

    තැනක් නොතැන බලලා කෙල ගහන, ටොපිකොලේ, ෂොපින් එක වටපිට බලලා පාරටම නැත්නම් කාපු තැනම විසිකරලා දාන, මහ රෑ තමන්ගෙ ගෙදර කුණු කොහාට හරි හොරෙන් ගිහිල්ලා දාන කාලකණ්නි ඉන්න රටක් මේක.

    ශ්‍රී පාද කාලය ඉවර උනාම බැතිමත්තු කියලා ආපු කාලකණ්නි විසිකරලා දාපු පොලිතින් කන්ද දැක්කාම දෙවි කෙනෙක්වත් ශ්‍රී පාදේ ඉන්නෙ නෑ.

    දිය ඇල්ලක්, ගංගාවක්, ලස්සන පරිසරයක් තියන තැනක අපද්‍රව්‍ය, බියර් කෑන්, කුඩු කරපු බෝතල් වල නිමාවක් නෑ.

    ඉතිං එහෙව් කාලකණ්නින්ට මූණ දෙන්න වෙන්නේ උන් වපුරපු දේවල් වලම ප්‍රථිපල. හේතු සහිතවමයි ඵල ඇතිවෙන්නේ. කරුමෙ කියන්නේ රටේ ඉන්න ටික දෙනෙක් වෙච්චි හොඳ මිනිස්සුන්ටත් ඒවගේ විපාක විඳින්න වෙන එක.

    කැලෑවක් තියෙන්න දෙන්නෙ නෑ පායන කාලෙට හොරෙන් ගිනිතියලා දානවා කැලෑ මායිමේ තියන තමන්ගේ ඉඩමේ මායිම වැඩිකරගන්න.
    කන්දක් තියෙන්න දෙන්නෙ නෑ අනවසරයෙන් සුද්ද බුද්ද කරලා එලවලු හදන්න ගන්නවා. ඊට පස්සෙ වැහැල කන්ද නායගිහිල්ලා යට උනාම මොර දෙනවා “අනේ දෙයියනේ අපිට ඇයි මෙහෙම උනේ කියලා“.

    ඔයක් , ගඟක් තියෙන්න දෙන්නෙ නෑ වැලි ගන්නවා. ඔයවල් වල වතුරමට්ටම් පහල ගියාම වටේම ළිං හිඳෙනවා.ඊට පස්සෙ දෙයියන්ට දොස් කියනවා ලිං වල වතුර නෑ කියලා. ඉවුරු හූරගන වැලිගත්තාම ඊළඟ මහවැස්සෙන් ඉවුරුකඩාගන ගිහිං ඉඩමෙන් භාගයක් ගියාම ආයෙ දෙයියන්ට කියනවා.

    මේ විඳින්නේ අපිම වපුරපු දේවල් වල ප්‍රථිපල
    :(:(
     

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    Dizy ॐ‏ @Disapamok

    මාතර මහ රෝහල සහ ආශ්‍රිත කලාපය අවදානමට ලක්ව ඇති බැවින් අවශ්‍ය වුවහොත් බණ්ඩත්තර වේල්ල කඩා දැමීමට තීරණය කර ඇත. හිත්තැටිය ගොඩගම අවදානයෙ


    Updates via twitter

    yakoo hospital eka thiyenne bandaththara weellata pallehane:nerd:...weella kaduwothinnam yata wei :p
     

    dtaluthge

    Active member
  • May 1, 2009
    398
    49
    28
    Sri Lanka
    wl20170526_%2021.jpg
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)


    ඉතිහාසේ වෙන්න බෑ .. මාතර සහ ගාල්ල සමහර ප්‍රදේශ ඇතුළුව අකුරැස්ස පැත්ත ලෙසටම යට වුනා 2003 . ආයිත් මේ පාර යට වෙලා තියෙනවා ඒ පැත්තම .... එත් 2003 තරම් වතුර නැ කියලා තමා ආරංචිය .. මොකද 2003 ගොඩපිටිය හරියේ කිඹුල්ලු ඉදලා තියෙනවා ගස් උඩ .... මේ පාර තාම එච්චර නෑ
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,748
    30,760
    113
    එලකිරියෙ රත්නපුර කොල්ලො ඉන්නවනං රත්නපුර මොරගහයට හරියෙ දුර ගමන් බස් 20 විතර නවත්තලා තියනවලු යන්න තැනක් නැතුව හිරවෙලා ඒ බස්වල හිරවෙලා ඉන්න මිනිස්සුත් කන්න දෙයක් ගන්න නැතුව බඩගින්නෙලු ඉන්නෙ උබලා ඒ අවට ඉන්නවනං තියන විදිහට ඒ මිනිස්සුන්ට කන්න මොනවාහරි ගිහිං දීපල්ලා
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    allage kematta :cool:

    එතකොට මරුන සිංහල එවුනුත් අල්ලගෙ කැමැත්තද ? මේ වගේ විපතක් වෙලා තියන වෙලාවේ ඔය මගුල් අදාල ගන්න එපා: හැම ආගමකම මාරයා සිටිනවා;
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,265
    3,489
    113
    Maligawatta
    එලකිරියෙ රත්නපුර කොල්ලො ඉන්නවනං රත්නපුර මොරගහයට හරියෙ දුර ගමන් බස් 20 විතර නවත්තලා තියනවලු යන්න තැනක් නැතුව හිරවෙලා ඒ බස්වල හිරවෙලා ඉන්න මිනිස්සුත් කන්න දෙයක් ගන්න නැතුව බඩගින්නෙලු ඉන්නෙ උබලා ඒ අවට ඉන්නවනං තියන විදිහට ඒ මිනිස්සුන්ට කන්න මොනවාහරි ගිහිං දීපල්ලා

    Allah ge kemaththa thamaa ithing :yes::lol: