ගංවතුරෙන් පස්සේ පරිස්සමින්

fitnesslanka

Member
Sep 17, 2015
816
108
0
Currently based in LKA
ගංවතුරෙන් පස්සේ පරිස්සමින්

13227105_276156216067270_4267900077979785018_n.jpg

වතුර ටිකෙන් ටික බැහැලා යන නිසා ආයෙත් නිවෙසට යන්නද හදන්නෙ. මේ ටිකත් කියවලාම යන්න.

1). නිවසට ගිය ගමන් විදුලි ස්වීච පාවිච්චි කිරීමට, ඇල්ලීමට පරීක්ෂා කිරීමට යන්න එපා. ඒවායේ පරිපථ පද්ධති වල ජලය රැඳී තිබිලා අනතුරු වෙන්න පුළුවන්.

2). භූගත ජලය ටැංකි ආදිය තියෙනවා නම් ඒවායේ පාවිච්චි කරන්න එපා. ඒවා හිස් කර ඉතා හොඳින් පිරිසිදු කර නැවත පුරවන්න.

3). ගං වතුරට හසු වූ ළිං වල ජලය පාවිච්චි කරන්න එපා. ඒවා හිස්කර නැවත පිරිසිදු ජලය ඉනූ පසු ක්ලෝරීන් යොදා පිරිසිදු කර පාවිච්චියට ගන්න.

4). කුඩා දරුවන්ට ඉතිරිවී ඇති ගංවතුර ඇති ස්ථාන වලට බැස සෙල්ලම් කිරීමට ඉඩ නොදෙන්න.
ඔවුන්ගේ තුවාල තිබුණොත් ඒවායෙන් මී උණ විශබීජ වැනි භයානක රෝග වැළඳිය හැකියි.

5). කුඩා දරුවන්, දියණියන් ආරක්ෂාවකින් තොරව කඳවුරු තුල තබා යෑමෙන්, නිවෙස්වල තනි කිරීමෙන් වලකින්න. ළමා හෝ කාන්තා අපයෝජනයන් ගැන වහාම 1929ට දැනුම් දෙන්න.නොදැක්කා සේ සිටීම අපයෝජනයන්ට සහය දැක්වීමකි.

6). ඔබේ නිවස රක්ෂණය කර ඇත්නම් නිවස පිරිසිදු කිරීමට පෙර ඇතිවී ඇති තත්ත්වය ඡායාරූප ගත කරගන්න. රක්ෂණ නියෝජිතයා කැඳවා වන්දි (claim) ලබාගැනීමට වහාම ක්‍රියාත්මක වන ලෙස දන්වන්න.

7). ඔබේ ප්‍රදේශයට වැසි රහිත වුවත් උඩ පළාත ප්‍රදේශ වලට වැසි වැටිය හැකි බැවින් අවධානයෙන් සිටින්න.

8). නායයෑම් සිදුවන ප්‍රදේශවලට නැවත යාමට පෙර ග්‍රාම නිලධාරීන් හරහා ප්‍රාදේශීය ලේකම් හරහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විමසන්න. (සෘජුවම ඔවුන්ව සම්බන්ධ කර ගැනීම එම ආයතනයේ නිලධාරීන් ප්‍රතික්ෂේප කරයි.)

9). ගංවතුරට හසු වූ මෝටර් රථ ආදිය ඇත්නම් කිසිවිටකත් ඒවා එක්වර පණගැන්වීමට යාමෙන් වලකින්න. අදාල රථවාහන තාක්ෂණික සහය ආයතන වෙත යොමු කරන්න.

උපුටා ගැනීම - Copyright © HarshaSamarasekare - https://www.facebook.com/photo.php?fbid=276154069400818&set=gm.1208074589216569&type=3

Update

ගංවතුරට යට වූ ළිදක් නිවැරදිව පිරිසිදු කරන්නේ මා දන්නා ආකාරයට මෙහෙමයි.

1- ළිද සම්පූර්ණයෙන් ජලයෙන් හිස් කළ යුතුය. (ළිද ඉසිය යුතුය) ළිද ඉසින විට මුල් ජලයෙන් එහි බිත්ති සහ ඉවුරු සොදි නැවත ළිදට දැමිය යුතුය.

2- ළිදේ ජලයෙන් පිරෙන කොටසේ උස (ගැඹුර) අනුව බඹ 1කට ක්ලෝරීන් පවුඩර්/බ්ලීචින් පවුඩර් අවුන්ස 4ක් බැගින් යෙදිය යුතුය.

3- ළිද නැවත පිරුණු පසු නැවත ඉසිය යුතුය.

ළිද භාවිතා කළ හැක්කේ මෙයින් පසුවය.ළිද නැවත ඉසීමට නොහැකි නම් ක්ලෝරීන් පවුඩර් ප්‍රමාණය ජලය පිරුණු බඹ 1ට අවුන්ස 2කකට අඩු කළ යුතු අතර, එය යෙදීමෙන් පසුව අඩුම තරමේ සතියක් එහි ජලය භාවිතා නොකල යුතුය.
 
Last edited:

fitnesslanka

Member
Sep 17, 2015
816
108
0
Currently based in LKA
13239217_1078052155569544_5120666283812837593_n.png

හැමෝටම දැනගන්න.............ෂෙයා කරන්න...

ක්ලෝරීන් පුරවාපු ලොකු මේස හැන්දක් ආසන්න වශයෙන් ග්‍රෑම් 25-30ත් අතර ප්‍රමාණයක් ගන්නවා.. හදිසියට තරාදි හොයන්නයැ!

මෙහි ANSWER = ළිදේ ඇති මුළු ජල ප්‍රමාණය විය යුතුය.

උපුටා ගැන්ම මනෝරම වීරසිංහයන්ගේ wall එකෙනි

#FloodReliefLK #LKA

source - https://www.facebook.com/floodrelie...827.1076600039048089/1078052155569544/?type=3
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගංවතුරට යට වූ ළිදක් නිවැරදිව පිරිසිදු කර&#3505

    ගංවතුරට යට වූ ළිදක් නිවැරදිව පිරිසිදු කරන්නේ මා දන්නා ආකාරයට මෙහෙමයි.

    1- ළිද සම්පූර්ණයෙන් ජලයෙන් හිස් කළ යුතුය. (ළිද ඉසිය යුතුය) ළිද ඉසින විට මුල් ජලයෙන් එහි බිත්ති සහ ඉවුරු සොදි නැවත ළිදට දැමිය යුතුය.
    2- ළිදේ ජලයෙන් පිරෙන කොටසේ උස (ගැඹුර) අනුව බඹ 1කට ක්ලෝරීන් පවුඩර්/බ්ලීචින් පවුඩර් අවුන්ස 4ක් බැගින් යෙදිය යුතුය.
    3- ළිද නැවත පිරුණු පසු නැවත ඉසිය යුතුය.

    ළිද භාවිතා කළ හැක්කේ මෙයින් පසුවය.ළිද නැවත ඉසීමට නොහැකි නම් ක්ලෝරීන් පවුඩර් ප්‍රමාණය ජලය පිරුණු බඹ 1ට අවුන්ස 2කකට අඩු කළ යුතු අතර, එය යෙදීමෙන් පසුව අඩුම තරමේ සතියක් එහි ජලය භාවිතා නොකල යුතුය.
     
    • Like
    Reactions: fitnesslanka

    niyamayi!! update kara mul pituwa :)