ගලගොඩ අත්තේ ඥානසාර, ඉත්තෑකන්දේ සද්ධාතිස්ස වැනි සිවුරු පොරවාගත් මදාවියන්ගේ කැරැට්ටුව රටම දනී. ඔවුන්ගේ හක්කේ බුදුරැස් වුණාට බොක්කේ දඩමස් බවත් අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත. මේ අය තම අවිචාරවත් අන්ධ අනුගාමික රැළ දක්කාගෙන පාරට බසින්නේ බුද්ධාගම රැක ගැනීම වෙනුවෙන් දිවි හිමියෙන් සටන් වැදීමේ දැඩි අවශ්‍යතාවක් ඇති බව මවා පෙන්වමිනි. ලොව අවිහිංසාවාදීම දුලභ දර්ශනයක් වන බුදුදහම හඳුන්වා දුන් ගෞතම බුදුන් ජීවත් වූ භාරතයේ එකිනෙකට වෙනස් ආගමික දර්ශන රැසක් පැවැතියද තම පැවැත්ම වෙනුවෙන් අන් ආගම් විනාශ කර දැමිය යුතු බවට බුදුන්වහන්සේ දායකයන් කුලප්පු කළේ නැත. එසේම, අහවල් ආගමෙන් බුද්ධාගමට තර්ජන ඇති බවටත්, එහෙයින් එය හෙළා දැකිය යුතු බවටත් කිසිදු මැසිවිල්ලක් උන්වහන්සේ නැගූ බවක් අප අසාද නැත. එහෙත් මේ සිවුරු හොරුන්ට ඒ ඇඟේ අමාරුව රතු කට්ට පනින තුරුම තිබේ. ඔවුන් ඒ සඳහා තෝරා ගන්නා මග අන්‍ය ආගමික හා වාර්ගික කණ්ඩායම් බරපතල නින්දා අපහාසවලටත්, තර්ජනවලටත් ලක් කිරීමයි. කණගාටුවට කාරණය නම් ඥානසාරලාගේ මේ අශිෂ්ටාචාරවත් හැසිරීම බුදු දහමේ මූලික ඉගැන්වීම්වලට පවා පටහැනි, බුදු දහම නිග්‍රහයට ලක් කරන සුළු එකක් බව හොඳින්ම දන්නා බෞද්ධ සමාජය පවා “හැසිරෙන විදිහ වැරැදියි, නමුත් බුද්ධාගම වෙනුවෙන් කතා කරන්නත් කවුරු හරි ඉන්න එපායැ” යන අමණ සාමාන්‍යකරණයට එළැඹීමයි. අප පිළිගන්නා පරිදි බුද්ධාගම ගැන අමුතුවෙන් කතා කරන්නට දෙයක් බුදුන්වහන්සේ ඉතුරු කොට නොමැත. කියන්නට ඕනෑ හරිය උන්වහන්සේ බෞද්ධයාට කියා දී ඇත. කළ යුත්තේ බුද්ධාගම මොඩිෆයි කිරීම හෝ රීමික්ස් කිරීම නොව අනුගමනය කිරීමය. ජාතිවාදී සුනඛයන් වහාම බැඳ නොතබා එසේ කළ හැකිද?
https://goo.gl/tBXo30
https://goo.gl/tBXo30


අදාලම නෑ මොනව කරත්.