අනිච්ච වරදවා ගත් මෝඩයන්ට අනිච්ච සංඥා සූත&#3530

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
අනිච්ච වරදවා ගත් මෝඩයන්ට අනිච්ච සංඥා සූත&#3530

අනිච්ච වරදවා ගත් මෝඩයන්ට අනිච්ච සංඥා සූත්‍රය.

LINK

අනිච්ච සංඥාව වඩන ආකාරය බුදු පියාණන් දේශනා කරනවා මේ සුත්‍රයේදී.

රූපය මෙසේය. රූපයේ හට ගැනීම මෙසේය , රූපයේ නැතිවීම මෙසේය යනුවෙන් අනිච්ච සංඥාව වැඩිය යුතු බවය.

මෙහි කැමැත්තට අනුව පවත්වා ගැනිමක් ගැන කතාවක් නැත. ඇතිවීම සහ නැතිවීම හෙවත් අනිත්‍ය මෙනෙහි කිරීමක්ම වෙයි.
 
Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
අනිච්ච සංඥා - Audio 2 by Dr. Ravi Koggalage

LINK

''ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ, ඉති රූපස්ස අත්ථංගමෝ''
 
Last edited:

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    අනිච්ච වරදවා ගත් මෝඩයන්ට අනිච්ච සංඥා සූත්‍රය.

    LINK

    අනිච්ච සංඥාව වඩන ආකාරය බුදු පියාණන් දේශනා කරනවා මේ සුත්‍රයේදී.

    රූපය මෙසේය. රූපයේ හට ගැනීම මෙසේය , රූපයේ නැතිවීම මෙසේය යනුවෙන් අනිච්ච සංඥාව වැඩිය යුතු බවය.

    මෙහි කැමැත්තට අනුව පවත්වා ගැනිමක් ගැන කතාවක් නැත. ඇතිවීම සහ නැතිවීම හෙවත් අනිත්‍ය මෙනෙහි කිරීමක්ම වෙයි.

    එතකොට පටිච්ච ගැන මොකද කියන්නේ?
     
    • Like
    Reactions: thelaa rox

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH

    පින්වත් Incorrect

    තව ටිකක් පැහැදිලි කරන්න ඔබේ ප්‍රශ්නය

    අනිච්ච සංඥා සූත්‍රය අහන්න වෙලාවක් ලැබුනෙ නැහැ. එහෙත් මම අහල තියෙනව එක් එක් ස්වාමින් වහන්සේලා ත්‍රිපිටකය පහදා දෙනකොට මේ විදිහට දේශණා කරනවා

    අනිච්ච =
    1 අනිත්ය
    යන්න
    2 අනිච්ඡ හෙවත් ඉච්ඡාව ඉටු නොවීම

    පටිච්ච =
    1 නිසා යන්න
    2 පටි ඉච්ඡ හෙවත් කැමැත්තෙන් බැදිම

    මේ දෙකෙන් කෝකද හරි? පහදා දෙනවට ගොඩක් පින්

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    අනිච්ච සංඥා සූත්‍රය අහන්න වෙලාවක් ලැබුනෙ නැහැ. එහෙත් මම අහල තියෙනව එක් එක් ස්වාමින් වහන්සේලා ත්‍රිපිටකය පහදා දෙනකොට මේ විදිහට දේශණා කරනවා

    අනිච්ච =
    1 අනිත්ය
    යන්න
    2 අනිච්ඡ හෙවත් ඉච්ඡාව ඉටු නොවීම

    පටිච්ච =
    1 නිසා යන්න
    2 පටි ඉච්ඡ හෙවත් කැමැත්තෙන් බැදිම

    මේ දෙකෙන් කෝකද හරි? පහදා දෙනවට ගොඩක් පින්

    පින්වත් INCORRECT

    ඔය පද නිරුක්තියෙන් බුද්ධ වචනය තෝරන ඔක්කොම අමු හොරු. ඒ අයගේ අඩු දැනුම වහගෙන, "සැඟවුන" බුද්ධ ධර්මය මතු කරලා එලිකරලා ගන්න යන අය කරන්නේ අමු බොරුවක්. බුදුන් වහන්සේගේ ධර්මයේ "සැඟවුනු දෙවල්- ගුරු මුෂ්ඨි" නැහැ.

    ඔය විකාර පස්සේ යන්න එපා පින්වත් INCORRECT

    මෙහෙම බලන්න. අනිත්‍ය සඥාව වඩන්න. වේලාම සුත්‍රයේ කියනවා අසුරු සැණක් තරම් වෙලා අනිත්‍ය සඥාව වැඩීම බුදු කෙනෙකුට දෙන දානයටත් වඩා මහත් ඵලයි, මහා නිසංසයි කියා.

    ඔබේ ඇස් ඉදිරිපිටට රූපයක් (රූප රූපයක් ) (රූප යනු: රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප..ආදී වශයෙන්) එනවා. කොස් ගහක් කියලා හිතමු. කොස් ගහ හඳුන ගන්න ඇසට බැහැ. ඇස කියන්නේ කැමරාවක් කාචයක් වගේ එකක්. එහෙනම් රූපය විදියට යම් වර්ණ සටහනක් තමයි ඇස ඉදිරියට ආවේ. චක්ඛුආයතනයත්, හිත, එහෙමත් නැත්නම් මනස, මනායතනයත් එකට එකතුවෙලා, හිතේ තියෙන යම් ගති ටිකක්, නිමිත්තක් මේ වර්ණ සටහන මත යෙදුනාට පස්සේයි කොස් ගහ හදුනා ගන්නේ. එහෙනම් අන්න රුපයේ සමුදය රූපයේ හට ගැනීම..

    එහෙනම් පින්වත් ශ්‍රාවකයා නුවනින් මෙනෙහි කරනවා මේ හිතේ යෙදුන ගති ටික, නිමිත්ත නැති වෙන විටම, නිරුද්ධ වෙන විටම, ඒ රූපයත් නිරුද්ධ වෙනවා කියා. අන්න රූපයේ නැති වීම. රුපයේ නිරුද්ධ වීම.

    අනිත් අතට හිතේ යෙදුන ගති ටික නැත්තම් කොස් ගහ නැහැ නේද කියලා නුවනින් මෙනෙහි කරන්න පුලුවන්. කොස් ගහක් හටගත්තේ මනායතනයේ යෙදුන ගති ටික නිමිත්ත නිසා හිතේම තමයි. බාහිර කොස් ගහක් තියෙනවා කියල ගන්න නිත්‍ය සඥාව මේ ආකාරයෙන් බලන විට නැතිවෙන්න ගන්නවා. කරලා බලන්න.

    බුදු සරණයි.
     
    ඉතින් පින්වත
    මම වාහනයක් එලවන් යන වෙලාවක පාර මැද්දෙ කොස් ගහක් දැකලා ඔය කියපු විදිහට කොස් ගහ නැහැ කියලා හිතලා අැරලා ගියොත් කෙලිනව නේද ගහට.

    එක දෙයක් කියන්න අමුහොරු කියන ඒවා අහන්න එපා කියන ඔබේ තත්වය තරම සහ දැ‍නුුමේ මට්ටම කුමක්ද?
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ඉතින් පින්වත
    මම වාහනයක් එලවන් යන වෙලාවක පාර මැද්දෙ කොස් ගහක් දැකලා ඔය කියපු විදිහට කොස් ගහ නැහැ කියලා හිතලා අැරලා ගියොත් කෙලිනව නේද ගහට.

    එක දෙයක් කියන්න අමුහොරු කියන ඒවා අහන්න එපා කියන ඔබේ තත්වය තරම සහ දැ‍නුුමේ මට්ටම කුමක්ද?

    පිංවත් Incorrect

    හිතෙ යෙදුන නිමිත්ත නැත්නම් කොස් ගහ නැහැ කියන එක තමයි operative word එක. සතරමහා ධාතූන්ගේ ඒකරාශී වීමෙන් හැදුන හැඩතලයක් නිසා ඇසට එන වර්ණ සටහන නැහැ කියනවා නෙවෙයි.

    අනිත් කරුන තමයි මෙතන කියන්නේ ඇත හෝ නැත කියන දෙකෙන්ම බැහැර වීමක් මිසක් "කොස් ගහ නැහැ' කියලා දෘෂ්ටිවාදයකට වැටීම නොවෙයි. හිතේ යෙදුන නිමිති හෝ ගති නැත්නම් කොස් ගහ කියන රූපයේ ඉපදීමක් නැහැ. එහෙම නැතුව සතර මහා ධාතුවලින් නිර්මිත, ඇසට එන වර්ණ සටහන නැහැ කියල කියන්න නෙමෙයි මෙතන කියන්නේ. හිතේ ඇතිවන නිමිති ලෝකයත් එහි නො-ඉපදීමත් ඒ ආකාරයෙන්ම දැකීමයි.

    මේක ගැඹුරු දහමක්. බුදු පියාණන් පවා මේ ධර්මයේ ගැඹුර තෝරාගන්නට තරම් දක්ෂ මිනිසුන් නැතැයි සිතා ධර්මය දේශනා නොකිරීමට සිතාගත් බව අපි අසා තිබෙනවා.
    එසේවූ ගැඹුරු දහම තමන්ට නොතේරෙන විට අනිච්ච කියන්නේ අන්-ඉච්ච කියමින් කට වචාල කමට දොඩවන හිස් මිනිසුන්ට මේ ධර්මය විකෘති කරන්නට ඉඩ ලැබීමයි ලොකුම අවාසනාව.

    බුදු සරණයි.
     
    Last edited:

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,063
    788
    113
    පින්වත Harvard-Bio,

    ත්‍රිලක්‍ෂනය යනු කුමක්ද? විශේෂයෙන් කිව්වොත්, එම වචනයේ සඳහන් වී ඇති "ලක්‍ෂනය" ගලපා ඇත්තේ කුමක් සලකා ගෙනද?
     
    Last edited:

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH

    එහෙනම් පින්වත් ශ්‍රාවකයා නුවනින් මෙනෙහි කරනවා මේ හිතේ යෙදුන ගති ටික, නිමිත්ත නැති වෙන විටම, නිරුද්ධ වෙන විටම, ඒ රූපයත් නිරුද්ධ වෙනවා කියා. අන්න රූපයේ නැති වීම. රුපයේ නිරුද්ධ වීම.

    මොන පචද හලෝ. රූපය නිරුද්ද වුනත් නැතත් ඒකට මම කැමති වෙන එකේ තමයි ප්‍රශ්ණය තියෙන්නෙ. ප්‍රශ්ණය භාහිර රූප නෙවෙයි. හිතේ හදාගන්න ආශ්වාදයයි අවුල. නැත්නම් භාහිර රූප විනාශ කරන්න වෙයි නිවන් දකින්න
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    පින්වත් incorrect

    රූපයේ නිරුද්ධ වීම, සඥාවේ නිරුද්ධ වීම, වේදනාවේ නිරුද්ධ වීම,විඥානයේ නිරුධවීම නොදකින පින්වත් ශ්‍රාවකයා නිත්‍ය වූ රූපයක්, සඥාවක, වේදනාවක, විඥානයක ඇලෙයි.
    ඇලීම නිරුධ වන්නේ රූපයේ, සන්ඥාවේ, වේදනාවේ විඥානයේ, සන්ස්කාරයේ අනිත්‍ය නුවනිණ් දැකීමෙන් පමනි.
    බට-අභය වැනි මෝඝ මහනුන් මේ අනිත්‍ය වරදවා, බුද්ධ වචනය වරදවා නිරයට වැටී මහ දුකට පත් වෙයි.
    :D:D
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,063
    788
    113
    ඇලීම නිරුධ වන්නේ රූපයේ, සන්ඥාවේ, වේදනාවේ විඥානයේ, සන්ස්කාරයේ අනිත්‍ය නුවනිණ් දැකීමෙන් පමනි.
    :D:D

    - ඇළීම නිරුද්ධ කිරීම පහසු වේද දරුණු මිනිසෙකුගේ රුව අනිත්‍ය බව වටහා ගහත් කල?
    - ලෝකයට ඇලීම අඩුවෙද පැවැත්ම අනිත්‍ය ලෙස "නුවනිණ්" දැක්විට?
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    දරුනු මිනිසෙක් යන්න අනාත්ම වූ සතර මහා රූපයන්ගෙන් සැදුන වර්න සටහනක්. "දරුනු" මිනිසෙක් යනු "සුකොමල" යුවතියක් වැනිමවු සතරමහා රූපයන්ගෙන් සැදුන වර්න සටහනකට සම්මා දිට්ට්ය නැති නිසා , අනාත්ම ලක්ෂනය නොදැනීම නිසා යෙදෙන සම්මුතියක්. දරුනු , සුකොමල ආදී සිතේ යෙදෙන ගති මිරිඟුවක් බඳු වූ "ආත්ම සඥාව " නිසා ඇතිවන ප්‍රපංචයක් පමනයි.
    අනාත්ම ලක්ෂනය අවබෝද කරගත් නැණවත් ශ්‍රාවකයා, සිතේ ඇතිවන ආත්ම ලක්ෂනය බැහැර කරයි.

    රූපය මෙසේය, රූපයේ හටගැනීම මෙයයි, රූපයේ නිරුද්ධ වීම මෙයයි යනුවෙන් අනිච්ච සඥාව වඩයි.

    බට-අභය පසු පස යන පෙර පින් නැති අශෘතවත් අණුවන ශ්‍රාවකයා අනිත්‍ය, අනාත්ම වරදවාගෙන මහා පව් පුරවාගෙන නිරයේ වැටී අනන්ත වූ දුකට පත් වෙයි.

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,063
    788
    113
    යමෙක් අරිය අෂ්ටාන්ග මාර්ගයට එලඹ්න්නේ සම්මා දිට්ටිය උපදවා ගෙනයි.

    එමනිසා අරිය අෂ්ටාන්ග මාර්ගය වඩන කෙනාට ඔය කියන ආත්මවාදය ඇත්තේ නැත.

    යෝනිසෝමනසිකාරයෙන් ජිවත් වන ආරීය පුග්ගලයා "දරුනු මිනිසා" හෝ "සුකොමල යුවතිය" විග්‍රහ කරන්නේ ත්‍රිලක්සනය කෝන කරගෙනය.

    නමුත් ආත්මවාදය සම්මා දිට්‌ටියෙන් දූරුවු නිසා ත්‍රිලක්සනයෙන් එකක් දැන් අතිරික්තයක්‌ වී ඇත්ද?

    දෙලක්‌සනය වඩන අරිය අෂ්ටාන්ග මාර්ගයක්‌ බූද්ද ධර්මයේ කොහෙවත් සටහන් වී තිබේද?
     
    Last edited:

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,063
    788
    113
    අනික්කා වත සංකාරා

    මෙම පාලි වචනයේ ප්රතිවිරුද්ධය සංස්කෘතයට පරිවර්තනය වී ඇත්තේ "කැමැත්ත" ලෙසය.

    इच्छा iccha wish -> මෙතන කියවන්න

    ඒ කියන්නේ මේ වචනයේ අරුත විව්කුර්ති වී ඇත්තේ මේ ලග කාල වකවානුවකදීය.

    තිලක්සනය වටහා ගත යුත්තේ මේ ආකාරයටය

    අනික්ක - මේ ලෝකේ කිසිම දෙයක් අපට කැමති සේ තබා ගත නොහැක
    අනන්ත - කිසිම අර්තයක් නැති මේ ලොව අපව අනාත කරවන්නකි
    දුක්ක - මේ නිසා ජීවිතය නිමා වන තෙක් දුක කන්දරාව වැඩි වීමක් මිස අඩු වීමක් සිදු නොවේ.

    මේ ලක්ෂනය දකින නැණවත් තැනැත්තා ආරිය අස්ටන්ග මාර්ගයට පිවිසී නිවන් සුව ලබා ගනී.

    නමෝ බුද්දාය
     
    Last edited:
    • Like
    Reactions: ruwantheekshana