ගෙඩිය

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    ගෙඩිය

    එතකොට මට වයස අවුරුදු 4ක් විතර ඇති. අම්බලන්ගොඩ පුන්චි කෙනෙකුගේ ගෙදර ගියපු වෙලාවෙ අපි ගියා පෙරහැරක් බලන්න.

    ඔන්න ඉතිං මන් අපේ පුන්චිගෙ අතින් අල්ලගෙන පෙරහැර බලන්න පාර දිගේ ඇවිදගෙන යනවා...

    එතකොට මගෙ වයසෙම වගෙ ලස්සන කොන්ඩෙ කොටට කපපු sweet කෙල්ලෙක් එයගෙ අම්මගෙ අතින් අල්ලගෙන ඉස්සරහට ආවා. මන් දැක්කා එයා මොකද්ද ගෙඩියක් කනවා. මං ජිවිතෙට දැකපු නැති ගෙඩියක්. ඒ කෙල්ල පහුවෙද්දිම මන් දැක්කෙ එයා ඉස්සරහ දත්වලින් ඒකේ කෑල්ලක් කඩා ගන්න විදිය...

    මං පස්ස හැරි හැරි බල බල ගියා...

    "එක රතු පාට දිග ගෙඩියක්. රතුම රතු පාටයි... මටත් ඕනෙ ඒ ගෙඩියක්..." ගෙදර ආපු වෙලාවෙ ඉදං මං අම්මලාට දුන්න ෆුල් සොමියක්... හිතන්නකො අවුරුදු 4ක එකෙක් නමක් දන්නෙ නැති ගෙඩියක් ඉල්ලලා අඩද්දි කොහොමද සොමිය...

    "පුතෙ මේකද එ ගෙඩිය" අපේ පුන්ච් ජම්බු ගෙඩියක් පෙන්නලා ඇහුව...
    නෑ මේක නෙමෙයි. මට ඕනෙ අර ගෙඩිය. මං ආපහු ඇඩුවා.

    "ඔය කියන්නෙ පිනි ජම්බු වෙන්න ඇති." අපෙ සීය පත්තක ඉදං පන්ඩිත විදියට කිවුවා. පස්සෙ සීයා පිනි ජම්බු ගෙඩියක් ගෙනාවා.
    නෑ මේකත් නෙමෙයි. මට ඕනෙ අර ගෙඩිය. මං ආයෙ ඇඩුවා.

    තාත්තා හිතුවෙ මේ කියන්නෙ ලොවි කියලා... එයා ලොවි ගෙනාව. අම්ම හිතුවෙ මෙ කියන්නෙ මිදි කියලා... එයා මිදි ගෙනාවා. ආච්චි හිතුවෙ මෙ කියන්නෙ උගුරැස්ස කියලා ආච්චි ඒවා ගෙනාවා. අයියෝ මේවා නෙමෙයි, මට ඕනෙ අර ගෙඩිය...

    එයාලා කාටවත් බැරි උනා ඒ ගෙඩිය හොයා ගන්න. පවුලට තව පොඩි උන් එකතු වෙද්දි එයාලගෙ මට තිබුන අවධානය අඩු උනා. එයාලට ඒක අමතක උනා.

    ගෙඩිය නැතුවම මං ලොකු උනා...
    1f641.png
    :(

    ලොකු උනාට පස්සෙ මං නුවරඑළිය ආවා යලුවො එක්ක ට්‍රිප් එකක්. එතකොට මට 22. ඔය අබේවෙල පැත්තට යද්දි මෙන්න යකෝ අර ගෙඩිය තියනවා.
    1f603.png
    :D

    "නවත්තපන් යකෝ වාහනේ. අර ගෙඩිය" මං පාර පැන්නෙ දෙපැත්තවත් බලන්නෙ නැතුව.

    "අන්කල් මෙයින් ගෙඩියක් දෙන්න. ටක් ගාලා දෙන්න" මං ටක් ගාලා දෙන්න කිවුවෙ ගමනට පරක්කු වෙන නිසා නෙමෙයි. මේ ගෙඩිය කන්න අවුරුදු 17ක් විතර පරක්කු උන නිසා.

    මං නික්මට වගේ ඇහුවා මොකද්ද මේ ගෙඩියෙ නම කියලා.

    "තක්කාලි" කඩේ අන්කල් දීපු උත්තරෙන් මට ෆුල් අවුල් ගියා.

    යකෝ මන් අවුරුදු ගානක් හොයලා තියෙන්නෙ තක්කලි ගෙඩියක්ද...
    1f615.png
    :/

    "නෑ එපා" ඒ ගෙඩිය ගැන මට ආවෙ එපාවීමක්. ගෙඩිය ගන්නෙ නෙතුවම හැරිලා ආවා.

    ...........තවත් අවුරුදු පහකට පස්සෙ................

    දැං මට 27යි. මං මේ කතාව යාලුවෙකුට කිවුවා.

    යාලුවා : ඉතිං උබ ඒ ගෙඩිය කෑවෙ නැද්ද ?

    මම : පිස්සුද බං. මොන ලැජ්ජ නැති වැඩක්ද ජිවිතෙ අවුරුදු ගානක් තක්කලි ගෙඩියක් හෙවුවා කියන්නෙ. මගේ බල්ලවත් කන්නෙ නෑ ඔය ලබ්බෙ තක්කලි ගෙඩිය.

    යලුවා : ඔය ගෙඩිය කොයි වගේද කියපං හරියටම.

    මම : ඒක බං අර ඉස්සර බුදු පිලිම ඉස්සරහ දාන්නෙ ගැහෙන ලයිට් එකක්. අන්න ඒවගේ දිගටි රතු ගෙඩියක්.

    යාලුවා : යකෝ ඒකට මෙහේ කියන්නෙ ගස් තක්කලි කියලා. ඒ උනාට එක පලතුරක්. පට්ට රහයි.

    මට ආපහු ගෙඩිය ඕන උනා.

    හොයලා හොයලා හෝයාගත්තා යකෝ ඒ ගෙඩිය...
    2764.png
    <3

    මේ තියෙන්නෙ ඒ ගෙඩිය. සිරාවට ඒක පට්ට රහයි. හරියට නිකං මගේ ජීවිතේට තේරුමක් ලැබුනා වගේ රහයි... මං ඒ ගෙඩියම තනියම කෑවා.

    "මේ ඒක නෙමෙයි, දැන් අර කෙල්ල මොනවා කරනවද දන්නෙ නෑ නේ?"

    ගෙඩිය කාලා ලෙල්ල විසි කරන ගමන් මං මගෙන්ම ඇහුවා.


    18922086_10209952774439450_404666617851806904_n.jpg





    -Liyanado Silva
     
    • Like
    Reactions: HSW

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    ලෙල්ල පිටින් පොල් ගෙඩියක් වගේ :baffled:

    යකෝ මේක පොල් ගෙඩියක් වගේද උබට පේන්නේ? මට හිතෙන්නේ උබට ලොන්ත පෝල් වගේ. :lol::lol:
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    උබේ ජීවිතේට තේරුමක් ලැබෙන්න නම් ඒ ගෙඩිය කාපු කෙල්ලවත් හොයා ගන්න ඕනේ..?
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    oke athi rahak na ban.
    thakkali rahama thama enne

    එහෙමද , මන් නං ඕක දැකලත් නෑ කාලත් නෑ :rolleyes:

    දැන් තොට ගෙඩිය කාපු කෙල්ල ඕනෙද

    කතාව අනුව නං ඉතින් ඇත්තටම බැලුවොත් උට ඕනේ කෙල්ල :P

    ලෙල්ල පිටින් පොල් ගෙඩියක් වගේ :baffled:

    :baffled::baffled::baffled:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    අදමයි දැක්කෙ
    :dull:

    මාත් :dull:

    යකෝ මේක පොල් ගෙඩියක් වගේද උබට පේන්නේ? මට හිතෙන්නේ උබට ලොන්ත පෝල් වගේ. :lol::lol:

    :lol:

    උබේ ජීවිතේට තේරුමක් ලැබෙන්න නම් ඒ ගෙඩිය කාපු කෙල්ලවත් හොයා ගන්න ඕනේ..?

    :yes: :yes: ඒ වගේ පොඩි දෙයක් උනත් ජීවිතේට සෑහෙන්න බලපානවා :D
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    මචන් රොබින් උබ බැදලා නෑනේ. උබත් ගෙදර මිනිස්සුන්ට ඇහෙන්න හයියෙන් අඬපන් "අනේ මට ලොකු, ෆිට් එකේ තියන ගෙඩි 2ක් ඕන " කියල. :lol::lol:
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    me gediya nam adamai dekke/.

    කොල්ලයි, බල්ලයි හැම එකාටම පෙනී පෙනී තියන ගෙඩි වලට වඩා හැංගිලා හැදෙන ගෙඩි වල අමුතු මෙව්වා එකක් තියනවා සහෝ. වටිනාකමත් වැඩි. ඒක නිසා ගන්න කොට හැම එකාම බලල, අතගාල කුරුවල් කරපු ගෙඩි නැතුව හොඳ ෆ්‍රෙෂ් ගෙඩි ගන්න.