Re: මේ_සතාට_පිහිට_වෙන්න
අසරණ වෙච්ච සතෙකුට හරි ජීවත් වෙන්න උදව් කරන්න කැමති උන ඒ සඳහා එකතු වෙච්ච ගොඩ දෙනෙක් 50KG සහෝදරයා ආරම්භ කරපු මේ_සතාට_පිහිට_වෙන්න කියන ත්‍රෙඩ් එකටත් මම එකේ දිගුවක් විදිහට පටන් ගත්තු මේ_සතාට_පිහිට_වෙන්න II කියන ත්‍රෙඩ් එක එක්කත් එකතු උනා. ඔය පහලින් දාල තියෙන්නේ ඒ ත්‍රෙඩ් දෙකට අදාල ලින්කු.
http://www.elakiri.com/forum/showthread.php?t=1779949
http://www.elakiri.com/forum/showthread.php?t=1780868
ඉතින් ඔය කාරණාව වෙනුවෙන් මුදල් ආධාර කරපු ගොඩක් දෙනෙක් හිටිය. ඒ වගේම ආධාර කරන්න නොහැකි උනත් වයිටි ට හොඳ වෙන්න කියල ප්‍රර්ථනා කරපු කොමෙන්ට් කරපු ගොඩක් දෙනෙකුත් හිටියා.
මේ දැනුම් දීම ඒ හැමෝටමයි.
මුලින්ම මේ වැඩේට අත ගැහුවේ 50KG සහෝදරයා. එයා තමයි වයිටිව දැකල ත්‍රෙඩ් එක දැම්මේ. ඊට පස්සේ වෙච්ච දේවල් ඔය ත්‍රෙඩ් දෙකේ තියෙනවා. ඉතින් ඒ හිත උණු වෙන අපේ එළකිරියේ සහෝදර සහෝදරියෝ ගැන ගොඩක් ආඩම්බරයි. ඉතින් වයිටිව පොල්ගස්ඕවිට නවත්තපු තැනින් මේ ත්‍රෙඩ් දෙකම අප්ඩේට් කරන එක නැවතුනා.
දැන් තත්වය මම ඉස්සෙල්ලම කියල ඉන්නම්. පොල්ගස්ඕවිට බෙස්ට් කෙයාර් හොස්පිටල් එකට වයිටිගේ භාරකරු විදිහට නම දුන්නේ අසේල සහෝදරයාගේ නම. ඉතින් ඒ නිසා මීට අදාළ සියලුම දැනුවත් කිරීම් රෝහලෙන් කෙරුනේ අසේල සහෝදරයට. ඉතින් ත්‍රෙඩ් එකේ අප්ඩේට් නොකලට අසේල සහෝදරයා එතනින් එහාට දේවල් ටිකත් වයිටි වෙනුවෙන් කරලා තිබුන අපිත් නොදැනම. ඒ කියන්නේ වයිටිව පොල්ගස්ඕවිට බෙස්ට් කෙයාර් හොස්පිටල් ඩිස්චාර්ජ් කරලා (එම්බාර්ක් එකෙන් ඒ වියදම දරල තිබ්බ කියල අසේල කිව්වා) උණවටුනේ සුදු නෝනා කෙනෙක් කරන Animal Orphanage බාර දීල තියෙනවා. ඔය විස්තරේ අසේල කිව්වේ මගේ වයිෆ් මේ ගැන අහන්න අසේලට කෝල් කලාම.
ඉතින් දැන් මේ වැඩේට එළකිරියේ අපි එකතු කරපු මුදල් ප්‍රමාණය බැංකු ගිණුමේ එහෙමම තියෙනවා.
ඒ ගැන අසේලට දැනුවත් කළා ඒ මුදල් Orphanage එකට ගෙවන්න එහෙම නැත්නම් බෙස්ට් කෙයාර් හොස්පිටල් එකට ගෙවන්න පුළුවන් කියල. ඒකට අසේල මුකුත් කියල තිබුනේ නැහැ. අවශ්‍ය උනොත් කියන්නම් කියල තමයි කිව්වේ.
ඉතින් මේ වෙනකන් මුකුත් නොකිව්ව නිසයි මේ ත්‍රෙඩ් එක දාන්න හිතුවේ.
අසේල මේ ත්‍රෙඩ් එක දැක්කොත් අවශ්‍ය මොකක්ද කියල කියයි කියල හිතනවා. සහ මේකට ආධාර කරපු අයගෙන් අහන්න ඕනේ මේ මුදල් වලට මොකක්ද කරන්නේ කියල. එක්කෝ අපිට මේ මුදල් වෙනත් සතෙකු වෙනුවෙන් යොදවන්න පුළුවන්. එහෙම නැත්නම් වයිටිගේ වියදම් වෙනුවෙන් යොදවන්න පුළුවන් (අසේල එතන තත්වේ කිව්වොත්) එහෙමත් නැත්නම් සතුන්ට දානයක් දෙන්න වගේ දෙයක් කරන්නත් පුළුවන්. බහුතරයේ කැමැත්ත ඇති දෙයක් කල යුතු නිසා ඔබගේ අදහස දැනුම් දෙන්න පුළුවන් නම් ලොකු දෙයක්,
ස්තුතියි!